lakbima.lk

ඇ.ඩො.මි. 450ක ආයෝජනයක් සිදුකරමින් Belluna Co. Japan සිය හැකියාවන් පෙන්වයි

තෝරාගැනීම් රැසක් ඇති වෙළඳ පසුබිමක් සහ ශීඝ්‍රයෙන් විශාලනය වන පාරිභෝගික පිරිසකගෙන් සැදුම්ලත් වර්තමාන වෙළඳපළ තුළ පුළුල් පරාසයක විහිදී ඇති පුද්ගල අවශ්‍යතා තෘප්තිමත් කරමින් ශක්තිමත් මූල්‍ය පසුබිමක් සහිතව ගොඩනැඟෙන අති සුඛෝපභෝගී නිර්මාණයකට ඉහළ අගයක් පවතී. එකිනෙකට වෙනස් වූ සෑම පරාමිතියකම පරිසාධන මට්ටමේ ඉහළම අගය සටහන් කරමින් අති සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක් කොළඹ නගරය තුළ ඉදිවෙනු ඇතැයි අපේක්ෂා කරන පාරිභෝගිකයන්ගේ අපේක්ෂාව සංතෘප්ත කිරීමට 447 Luna Tower ගොඩනැඟිල්ලට හැකියාව ඇතිබව ඒකාන්තයෙන්ම කිව යුතුය. පරිපූර්ණ විශ්වාසනීයත්වය පෙන්නුම් කරන මෙම අති සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීමට අනුබලය දෙන්නේ Belluna Co. Ltd. Japan සහ Asia Capital PLCආයතන වේ. Belluna Coආයතනය ජපාන කොටස් වෙළඳපළෙහි (පළමු පන්තියේ) ආයතනයක් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ලොස්ඇන්ජලීස් නගරය, මියන්මාරය ආදී රටවල් ගණනාවක ව්‍යාපෘති ව්‍යාප්ත කළ ලෝක දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ජපන් නාමය ඉහළට එසවූ දැවැන්තයෙකි. ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන සියලු ව්‍යාපෘති සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 450ක දැවැන්ත ආයෝජනයක් සිදුකරමින් ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දිගු කාලීනව රැඳී සිටිම උදෙසා ඔවුන්ගේ කැපවීම මෙම ජපන් දැවැතන්තයා විසින් අපට ඔප්පුකර ඇත.447 Luna Towerගොඩනැඟිල්ල ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වනBelluna Co ආයතනයෙහි ප්‍රථම අතිසුඛෝපභෝගී නිවාස ඉදිකිරීම් ව්‍යාපෘතිය වන අතර මෙතෙක් තමන් උපයාගත් කීර්තිනාමයෙහි පදනම මෙම නිර්මාණය තුළින් ශ්‍රී ලංකාවේ ජනතාව වෙත පිළිබිඹු කිරීමට ඔවුන් කටයුතු කරයි. ජපාන ඉදිකිරීම් ලෝකයේ දැවැන්තයෙකු වන මොවුන් ජපානයටම ආවේණිකඋසස් නිමාව සහ ප්‍රශස්ත බවෙහි බලපරාක්‍රමය තම සියලු නිර්මාණ ආශ්‍රිතව රඳවාගැනීමට වෙහෙසෙයි.මෙම ව්‍යාපෘතියට පෙර ආයතනය විසින් ඉදිකිරීම් ඇරඹි අනෙක් ව්‍යාපෘති අතර කොළඹ 03, මෙරීන් ඩ්‍රයිව් පාරට යාබදව කාමර තුනකින් යුතු නාගරික හෝටලයක් ඉදිකිරීම, 2018 අගෝස්තු මාසයේදී විවෘත වූ අතිශයින්ම අධිසුඛෝපභෝගී කාමර 57කින් සමන්විත ගාල්ලේ Le-grand රිසෝට්, 2018 ඔක්තොම්බර් විලා 70කින් සමන්විතවMarriott International ආයතනය, මාලදිවයිනේ ආරම්භ කළ සිය ප්‍රථම හෝටල් ව්‍යාපාරය වන —Westin Maldives Miriandhoo Resort˜සහ දැනටමත් ඉදිවෙමින් පවතින බේරේ වැවේ ඉවුරු ගොඩනැංවීමේ ව්‍යාපෘතිය ආදී ව්‍යාපෘති ඇතුළත් වේ.

2020 වසරේ සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන 447 Luna Towerගොඩනැඟිල්ල රටේ ප්‍රධාන වාණිජ මධ්‍යස්ථානවලට ආසන්නව, ප්‍රධාන පාසල්වලට ආසන්නව, සුපිරි වෙළඳසැල් සහ රෝහල්වලට ආසන්නව කොළඹ නගර මධ්‍යයේ යුනියන් පෙදෙසේ ස්ථාපනය වී ඇත.මෙහි නිවාස මිලදී ගන්නන්ට තමන් සිදුකරන ආයෝජනයේ විශ්වසනීයත්වය තවත් වැඩිකිරීම උදෙසා ඉහළ වෘත්තීය භාවයක් ප්‍රදර්ශනය කළ පාර්ශව ගණනාවකගේ දායකත්වය ලබාගැනීමටBelluna Co ආයතනය කටයුතු කරතිබේ. අවමතා සංකල්පයේ නිවාස ආකෘති නිර්මාණය සහ උසස් සමාජ තලයන්ට ගැළපෙන හෝටල් පෙළක් නිර්මාණය කරමින් නමක් දිනාගෙන ඇතිPhilip Weeraratne Associates ආයතනය ප්‍රධාන ගෘහ නිර්මාණකරුවා ලෙසත් නිර්මාණශීලීත්වයට ලෝක මට්ටමේ ගැඹුරක් සහ මහල් නිවාස සංකීර්ණ ආකෘති තාක්ෂණය පිළිබඳ අසමසම විශේෂඥ දැනුමක් ඇති මෙන්ම ආකෘති ඉංජිනේරුකරණය පිළිබඳ ලෝකයේ ඉහළ පිළිගැනීමක් ඇති Arup and Ong & Ong ආයතනය මෙහි ආකෘති නිර්මාණකරු ලෙසත් එකට එකතුවී ඉදිකිරීමේ මහේශාඛ්‍ය බව වැඩිකිරීමට සිය සංකල්පමය දායකත්වය ලබාදෙයි. මහද්වීප 3ක රටවල් 12ක ව්‍යාප්ත වී ඇති Ong & Ongසිංගප්පූරුවේ මව් ශාඛාව පිහිටා තිබෙන නිර්මාණ ආයතනයක් වන අතර ඒකාබද්ධ නිර්මාණ ආකෘති විසඳුම් සහ ආකෘතීන්ගේ අන්තර් සම්බන්ධතා අතර ගොඩනැංවීමේ සංකල්පගත කිරීම පිළිබඳ ඉහළ නමක් දිනාගත් ආයතනයකි.

ව්‍යාපෘතියේ නිවාස මිලදී ගන්නන් වෙත සැබෑ මුල්‍ය ප්‍රතිලාභ අත්වන අයුරින් මෙහි මිලදී ගැනීමේ ක්‍රියාවලිය සකස් වී තිබේ. කොළඹ මධ්‍යයේ ඇති අනෙක් නිවාස ඉදිකිරීම් ඇමරිකානු ඩොලර් වලින් තම නිවාස වල මිලගණන්  සටහන් කර තිබියදී 447 Luna Towerමහල් නිවාස සංකීර්ණයේ සියලු නිවාස ශ්‍රී ලංකා රුපියල් වලින් මිලගණන් සටහන් කරඇති අතර එසේ කිරීමට හේතුව වන්නේ දැනට ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වීම නිසා රුපියල් වලින් ස්ථාවර මිලගණන් සටහන් කරඇති නිවසක් මිලදීගැනීමට අපේක්ෂා කරන විට මිලදී ගන්නාට මූලික ප්‍රාග්ධන කැපකිරීම අවමවීමත් සම්පූර්ණ වූ ව්‍යාපෘතියේ අගය වර්ධනය වීම ශ්‍රී ලංකා රුපියල් වලින් සිදුවීමත් නිසාය. මේ හේතුවෙන් අතිසුඛෝපභෝගී ජීවන තත්ත්වයන් උරුම කරගැනීමේ අපේක්ෂාව සාධාරණ අගයක් සහිතව සාක්ෂාත් කරගැනීමේ අවස්ථාව පවතී.මෙයට අමතරව අනාගතයේදීAsia Capital ආයතනය නිවාස මිලදී ගන්නන්ට නිවැරදි මූල්‍ය සුවපහසුව සැපයීම උදෙසා මහල් නිවාස කළමනාකරණ සේවාවක් හඳුන්වාදීමට අපේක්ෂා කරන අතර මෙම කළමනාකරණ අංශය විසින් නිවාස මිලදී ගන්නන්ගේ ආයෝජනය කළමනාකරණය කිරීමට උපදේශන සේවා සපයන බැවින් දේශීය, විදේශීය නිවාස මිලදී ගන්නන්ට කිසිම අපහසුතාවයකින් තොරව තමන්ගේ ආයෝජනයේ ප්‍රතිලාභ අත්විඳීමේ සුවපහසුව අත්වේ.

වැඩිදුරටත් සලකා බැලීමේදී, 447 Luna Tower ගොඩනැඟිල්ල කලාත්මක ගෘහ නිර්මාණ ශිල්පයේ අග්‍රගණ්‍ය ඵලයක් ලෙස සැළකිය හැක. මෙම නිර්මාණය විසින් ගෙනඑන පරිපූර්ණ හැඟීම සහ එහි ඇති උසස් නිමාව සුඛෝපභෝගීත්වයේ සැබෑ ගුණය මනාව පිළිඹිබු කරයි. තට්ටු 45ක් සහිත මෙම ගොඩනැඟිල්ලෙහි අතිසුඛෝපභෝගී නිවාස 190 ක් ඇතුළත්කර ඇත. නිදන කාමර 2ක් සහිත වර්ග අඩි 842 ක අවකාශයක් ඇති නිවාස ඒකකයක සිට නිදන කාමර 4ක් ඇතුළත් වර්ග අඩි 2283 ක අවකාශයක් සහිත විසල් නිවාස ඒකකයක් දක්වා නිවාස මිලදීගන්නන්ගේ අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි පැතිරුණු තෝරාගැනීම් රැසක් මෙහි ඇතුළත් වී තිබේ. විශාල සාමාජිකයන් සංඛ්‍යාවක් සිටින පවුලකට හෝ ස්වාධීන වෘත්තිකයකුගේ අවශ්‍යතාවයට වඩාත්ම ගැළපෙන අයුරින් තෝරාගැනීම් රැසක් සහිතව නිවාස ඒකක නිර්මාණය කරතිබේ.

447 Luna Tower ගොඩනැඟිල්ලේ සම්පූර්ණ ආකෘතිය දෙස බැලීමේදී මෙම තට්ටු නිවාස සංකීර්ණය චතුරස්‍රාකාර හැඩතල සහිත සංකල්පයකට අනුව නිමවා ඇති අතර එහි ඉදිරිපස ප්‍රධාන පීටිකාව මතුපිටට නෙරා ආ චතුරස්‍රාකාරයක් වැනි කොටසකින් සමන්විතය. එම චතුරස්‍රාකාර කොටස ආලින්දයක් සහ එයටම යාබදව ඇති අමුත්තන් පැමිණෙන ආලින්දයක්,උත්සව ශාලාවක්,කළමනාකරණ පරිපාලන මධ්‍යස්ථානයක්, ආරක්ෂක කාර්යාලයක් සහ තට්ටු 07ක රථගාලක් ආදියෙන් සමන්විත වේ. ගොඩනැඟිල්ලෙන් ඉදිරියට මතුව ඇති චතුරස්‍රාකාර කොටසේ විනෝදාස්වාදය ලබාදෙන මහලකින් සමන්විත වන අතර ශරීර සුවතා මධ්‍යස්ථානයක්, විවෘත සඳැල්ලක්, බහුකාර්ය කාමර, කුඩා ළමුන්ගේ නාන තටාකයක් සහ හරිත උද්‍යානයක් පිහිටා ඇත. මෙම චතුරස්‍රාකාර ගොඩනැඟිල්ල සම්පූර්ණ447 Luna Tower ගොඩනැඟිල්ලේ ප්‍රධානම කොටස ලෙස හැඳින්විය හැකි අතර එහි අභ්‍යන්තරික ගෘහ නිර්මාණ ලක්ෂණ සුවිශේෂී මුහුණුවරක් ගනී. මෙහි සඳළුතලයෙහි වීදුරු වලින් නිමැවූ පොකුණක් මෙන්ම අරලිය ගස් සිටුවා කලාත්මකව හැඩකළ මනස්කාන්ත අවකාශයක් නිර්මාණය කරතිබේ. හරිත නිර්මාණ සංකල්පයට අනුව යමින් ගොඩනැඟිල්ලේ සියලු අභ්‍යන්තරික ගොඩනැංවීම් ගස්වැල් වැඩිපුර භාවිතා කරමින් විවෘත අවකාශයක සුන්දරත්වය මතුවන පරිදි සහ සැබෑ නාගරික බවේ චමත්කාරය ඔප්නැංවෙන ලෙස ගොඩනඟා ඇත.‘සැනසිල්ල සහ සතුට’ යන තේමාව තවදුරටත් වර්ධනය කරමින් 45 වැනි ඉහළම මහලේ rooftopඑකමත වැඩිපිරිසකට එකතුවී සතුටු සාමිචියේ යෙදිය හැකි club houseඑකක්, පිහිනුම් තටාකයක් සහ වැඩිපිරිසකට රැඳී සිටිය හැකි තටාක වේදිකාවක්නිර්මාණය කරතිබේ.මෙම ඉදිකිරීම නිසා කොළඹ අහස්සීමාව සහ ඉන්දියන් සාගරයේ චමත්කාරය හොඳින් නරඹමින් අතිසුඛෝපභෝගීත්වයේ සැබෑ නිදහස අත්විඳීමේ අවස්ථාව හිමිවේ. කොළඹ නගරයේ තදබදයෙන් මිදී නිස්කලංක සහ තමන්ටම වෙන්වූ ස්වාධීන සීමාවක කාලය ගත කිරීමට කැමති සියලු දෙනාටම මෙය මහඟු අවස්ථාවකි.

447 Luna Tower ගොඩනැඟිල්ලේ සියලුම අංගෝපාංගයන් මනා නිමාවකින්, ඉතා ඉහළ වටිනාකමක් සහ මහේශාඛ්‍ය බව ඔප්නැංවෙන පරිදි නිර්මාණය කරඇත. පොළොවට අගනා Marazziටයිල්, නාන කාමරවලට Hansgroheසහ Duravitසන්නාමය යටතේ එන උසස් තත්ත්වයේ උපාංග, පැන්ට්‍රිය සඳහා මෘදු නිමාවක් සහ වැඩි කල්පැවැත්මක් ඇති Hafeleසහ සන්නාමයේSEA Bauformat ගෘහ උපකරණ, ඉහළ පැළැන්තියේ ප්‍රභූ හැඟීමක ආඩ්‍ය මතුකරන බුරුම තේක්ක යෙදූ පොළව සහ කොළඹ නාගරික අහසේ චමත්කාරය නැරඹිය හැකි මනා නිමාවකින් යුත් සඳළුතල සහ උසස් තත්ත්වයේ ඔපදැමූ වීදුරු සවිකළ ජනේල යොදා සර්ව සම්පූර්ණ නිවසක චමත්කාරය ගොඩනඟා ඇත. පෞද්ගලිකත්වයඉහළින් ආරක්ෂා කරගැනීම උදෙසා මෙම නිවාස තුළ ඇති සියලු නිදන කාමර විසිත්ත කාමරයට විවෘත නොවන පරිදි සැලසුම් කර තිබේ.

වර්තමානයේදී කොළඹ නගරය තුළ ඉතා සීඝ්‍රයෙන් නාගරීකරණය සිදුවෙමින් යටිතල පහසුකම් සංවර්ධනය වෙමින් පවතින අතර කොළඹ ජාත්‍යන්තර වාණිජ නගරය ක්‍රමයෙන් ඉදිවෙමින් පවතී. මේ හේතුවෙන් අධි සුඛෝපභෝගී ජීවන රටාවක් අපේක්ෂා කරන සැමගේ ඉහළ ඉල්ලීම් අරමුණු කොට ගනිමින් උසස් තත්ත්වයේ මහල් නිවාස සංකීර්ණ ඉදිවනු ඇත. විවිධ වෘත්තීයවේදීන් ඉහළ ජීවන තත්ත්වයක් අපේක්ෂාවෙන් නගරය කරා අ‍ැඳෙනු ඇති අතර කොළඹ නගරයේ වටපිටාව සහ නිදහස් ජීවන තත්ත්වයට ආසක්ත විදේශිකයන් පවා මෙහි පදිංචිවීම සඳහා පැමිණෙනු ඇත. ඉහළජීවන අවකාශයක් සඳහා මෙවන් දැඩි ඉල්ලුමක් නිර්මාණය වෙමින් පවතින අවධියක සාධනීය ප්‍රතිලාභ රැසක් බිහිවන ඉතාම අගනා ආයෝජනයක් ලෙස 447 Luna Towerමහල් ගොඩනැඟිල්ල හඳුන්වාදිය හැක. මෙම ව්‍යාපෘතිය තුළින් ඔබ ආයෝජනය කරන මුදලට වඩා වැඩි ප්‍රතිලාභයක් නිර්මාණය කරගැනීමේ හැකියාව හිමිවන අතර අධි සුඛෝපභෝගී නාගරික ජීවිතයක උසස් හැඟීම ජනිත කරයි.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.