lakbima.lk

ග්ලෝරියස් රෙසිඩන්සීස් විවෘත වේ

දශක දෙකකට වැඩි කාලයක් පුරා ගොඩනැගිලි ද්‍රව්‍ය ව්‍යාපාරයෙහි යෙදෙමින් ජනතා විශ්වාසය දිනා සිටින ආරියරත්න ටේ‍්‍රඞ් සෙන්ටර් (පුද්ගලික) සමාගමට අනුබද්ධිත A&D ප්‍රොපර්ටි ඩිවලොපර්ස් (පුද්ගලික) සමාගමේ නවතම ව්‍යාපෘතිය වන ‘‘ග්ලෝරියස් රෙසිඩන්සීස්’’ අධි සුඛෝපභෝගී නිවාස සහ වෙළෙඳ සංකීර්ණය වැඩ නිමවීමෙන් අනතුරුව ගැනුම්කරුවන් වෙත නිල වශයෙන් බාරදීමේ උත්සවය විශාල පිරිසකගේ සහභාගිත්වයෙන්  උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. මහල් 13 කින් සමන්විත වන පරිදි ඉදිකර තිබෙන ‘‘ග්ලෝරියස් රෙසිඩන්සීස්’’ නිවාස සහ වෙළෙඳ සංකීර්ණය ආමර් වීදියට නුදුරුව කොළඹ 12, ශ‍්‍රීමත් බණ්ඩාරනායක මාවතේ, අංක 167 දරන ස්ථානයේ පිහිටි ‘‘උඩුගහවලව්ව වත්ත’’ භූමියෙහි පිහිටා තිබේ.

කාමර දෙක, තුන සහ හතර ආදී වශයෙන් වර්ග අඩි 870 සිට 2135 දක්වා වන නිවාස එ්කක 82 කින් සැදුම් ලත් ‘‘ග්ලෝරියස් රෙසිඩන්සීස්’’ අධි සුඛෝපභෝගී නිවාස සංකීර්ණය ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලත් මිශ‍්‍ර සංවර්ධන ව්‍යාපෘතියකි. සුපිරිතම පහසුකම්වලින් සමන්විත නිවසක් හිමිකර ගැනීමට සිහින මව අය උදෙසාම ලොව අතිනවීන නිවාස සංකල්පවලට අනුව ඉදිකෙරෙන Penthouse 7 ක් සඳහාද ‘‘ග්ලෝරියස් රෙසිඩන්සීස්’’ හි ඉහළම මහලේ ඉඩකඩ වෙන්කර තිබේ.

 ‘‘ග්ලෝරියස් රෙසිඩන්සීස්’’ හි ඇතුළත් නිවාස එ්කක 64 ක් මේ වන විට ගැනුම්කරුවන් විසින් මිලදී ගෙන ඇති අතර, ඉතිරි නිවාස එ්කක අතරින් මුල්ම නිවාස 10 වෙන් කරවා ගන්නා ගැනුම්කරුවන් සඳහා 10% - 15% අතර සුවිශේෂී වට්ටම් පිරිනැමීමට A&D ප්‍රොපර්ටි ඩිවලොපර්ස් (පුද්ගලික) සමාගම කටයුතු යොදා ඇති බවද මෙම උත්සව සභාවේදී ප‍්‍රකාශයට පත්කෙරිණි. ග්ලෝරියස් රෙසිඩන්සීස් නිවාස සහ වෙළෙඳ සංකීර්ණය පිළිබඳ සියලූ විමසීම් සඳහා 0768225060, 0779007777 යන ක්ෂණික ඇමතුම් අංකයද විවෘත කර තිබේ.

මෙහිදී උත්සව සභාව ඇමතූ A&D ප්‍රොපර්ටි ඩිවලොපර්ස්   (පුද්ගලික) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ලයනල් ආරියරත්න මහතා පැවැසුවේ ග්ලෝරියස් රෙසිඩන්සීස් හි නිවාස සහ වෙළෙඳ සංකීර්ණය පොරොන්දු වූ පරිදි නියමිත කාලසීමාව තුළ වැඩ නිම කොට ගැනුම්කරුවන් වෙත බාරදීමට හැකිවීම පිළිබඳ තමන් ඉතා සතුටට පත්වන බවය.

‘‘කොළඹ නගරයේ වෙළෙඳ කේන්ද්‍රස්ථානයක පිහිටි ‘‘උඩුගහවලව්ව වත්ත’’ නමැති පෞරාණික වටිනාකමකින් යුත් භූමියෙහි ඉදිකර තිබෙන් ‘‘ග්ලෝරියස් රෙසිඩන්සීස්’’ අධි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයෙන් ඉඩකඩක් වෙන්කර ගැනිමට ලැබීම  ඕනෑම කෙනෙකුට තම ජීවිතයේදී ලැබෙන ඉතා අගනා අවස්ථාවක්.

මෙරට ප‍්‍රමුඛ පෙළේ ඉදිකිරීම් සමාගමක් වන International Construction Consortium (ICC) සමාගමේ අධීක්ෂණය මත, උසස්ම ප‍්‍රමිතියේ අමුද්‍රව්‍ය පමණක් භාවිත කරමිනුයි ‘‘ග්ලෝරියස් රෙසිඩන්සීස්’’ ගොඩ නගනු ලැබුවේ. එමනිසා මෙහි නිවාස හිමිකරුවන්ට කිසිදු බියකින් හෝ සැකයකින් තොරව සැහැල්ලූවෙන් තමන්ගේ නව ජීවිතය ආරම්භ කිරීමට අද අවස්ථාව උදාවී තිබෙනවා. නිවාස වෙන්කරවා ගැනීම සඳහා මුල සිටම ඉතා ඉහළ ඉල්ලූමක් පැවැති නිසා, මේ වන විට තවත් ඉතිරිව තිබෙන්නේ සීමිත නිවාස සංඛ්‍යාවක් පමණයි. එබැවින් නොපමාව තමන්ගේ සිහින නිවස ‘‘ග්ලෝරියස් රෙසිඩන්සීස්’’ වෙතින් වෙන් කරවාගෙන සුඛෝපභෝගී දිවි පෙවෙතක සැබෑ අත්දැකීම් විඳගන්නා මෙන් මම සැමට ආරාධනා කර සිටිනවා’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

සුපිරි වෙළෙඳ සලක්, කාර්යාලයීය පහසුකම්, ආපන ශාලා පහසුකම්, කායවර්ධන ශාලාවක්, 200 කට අධික පිරිසක් සඳහා ඉඩකඩ පහසුකම් සහිත උත්සව ශාලාවක් ආදී පහසුකම් රැසකින් ‘‘ග්ලෝරියස් රෙසිඩන්සීස්’’ පරිපූර්ණ වී තිබේ. වැඩිහිටියන් සහ කුඩා දරුවන් සඳහා වෙන වෙනම පිහිනුම් තටාක එහි පියැසි මහලෙහි ඉදිකර ඇත. යට මහල, පළමු මහල සහ දෙවැනි මහලෙහි වාහන 104 ක් ගාල් කිරීම සඳහා ඉඩ පහසුකම් සපයා දී ඇති අතර වාහන ගෙනයාම සඳහා නවීන විදුලි සෝපාන 2 ක් සහ අධිවේගී මගී සෝපාන 2 ක් මෙහි අන්තර්ගත වේ. ආරක්ෂිත කැමරා මගින්ද නිරන්තරයෙන් පරීක්ෂාවට ලක්වෙන, පැය 24 පුරා ක‍්‍රියාත්මක ආරක්ෂක සේවය ‘‘ග්ලෝරියස් රෙසිඩන්සීස්’’ අධි සුඛෝපභෝගී නිවාස සහ වෙළෙඳ සංකීර්ණයේ නිවැසියන්ගේ සුඛෝපභෝගී දිවි පෙවෙතට අවශ්‍ය සුරක්ෂිත බව තහවුරු කරයි.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.