lakbima.lk

සුපිරි වෙළෙඳසල්වලට සීමාවූ ‘‘මැක්කරි’’ දැන් සිල්ලර වෙළෙඳ සල්වලින්

 

දශක තුනකට වැඩි කාලයක් පුරා මෙරට ගෘහණියන්ගේ විශ්වසනීයම කුළුබඩු නිෂ්පාදන නාමය බවට පත්ව තිබෙන ‘‘මැක්කරි’’ වෙළෙඳ නාමය හිමි ලංකා ස්පයිස් (පුද්ගලික) සමාගම සිය නිෂ්පාදන සිල්ලර වෙළෙඳපොළ කරාද ව්‍යාප්ත කිරීමට තීරණය කර ඇත. එ් අනුව පාරිභෝගිකයන්ට ‘‘මැක්කරි’’ නිෂ්පාදන ළඟම පිහිටි සිල්ලර වෙළෙඳ සල්වලින්ද දැන් මිලදී ගත හැකිය.

‘‘මැක්කරි’’ නිෂ්පාදන මෙතෙක් දිවයින පුරා පිහිටි ප‍්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳ සල් සහ ‘‘මැක්කරි’’ අලෙවි ප‍්‍රදර්ශනාගාරවලින් මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දී තිබූ අතර, පාරිභෝගික ඉල්ලීම්ද සැලකිල්ලට ගනිමින් වසර 35 කට පසු ‘‘මැක්කරි’’ නිෂ්පාදන සිල්ලර වෙළෙඳපොළ වෙත බෙදාහැරීම ආරම්භ කිරීමට ලංකා ස්පයිස් (පුද්ගලික) සමාගම පියවර ගෙන තිබේ.

ලංකා ස්පයිස් (පුද්ගලික) සමාගම සිය නිෂ්පාදන බෙදාහැරීම තවදුරටත් ව්‍යාප්ත කර ඇත්තේ දිවයිනේ ප‍්‍රධාන පෙළේ ව්‍යාපාර සමූහයක් වන TSL හෝල්ඩිංග්ස් සමගින් අත්වැල් බැඳ ගනිමිනි. මෙම සහයෝගිතාවයත් සමග ‘‘මැක්කරි’’ නිෂ්පාදන සිල්ලර වෙළෙඳපොළ වෙත බෙදාහැරීම නිල වශයෙන් ආරම්භ කිරීම සනිටුහන් කරමින් උත්සවයක් බොරලැස්ගමුවේ පිහිටි TSL හෝල්ඩිංග්ස් ප‍්‍රධාන කාර්යාලයේදී පසුගියදා පැවැත්විණි. ලංකා ස්පයිස් (පුද්ගලික) සමාගමේ සභාපති නලින් පැතිකිරිකෝරලේ, අධ්‍යක්ෂ මිකෙල් පැතිකිරිකෝරලේ, සාමාන්‍යාධිකාරිනී රෝසි වීරසිංහ, අලෙවි අංශ ප‍්‍රධානී චමින්ද විජේරත්න, උපදේශක මංජු ආරියරත්න යන මහත්ම මහත්මීන් සහ TSL හෝල්ඩිංග්ස් (පුද්ගලික) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අසෝක කරුණාරත්න මහතා ඇතුළු එම සමාගමේ ඉහළ කළමනාකාරීත්වයද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

’‘වඩාත් විශ්වාසදායී සැපයුම්කරුවන්ගෙන් ලබාගන්නා උසස්ම තත්ත්වයේ අමුද්‍රව්‍ය නිෂ්පාදන කටයුතු සඳහා යොදාගැනීම මැක්කරිහි මූලික දර්ශනයෙහි අංගයක්. එ් සමග වසර ගණනාවක් පුරා සුපිරි වෙළෙඳ සල් හරහා පාරිභෝගිකයන් වෙත ළඟාවෙමින් මෙරට උසස්ම ප‍්‍රමිතියේ කුළුබඩු සන්නාමය බවට මැක්කරි පත්කිරීමට අපට හැකියාව ලැබුණා. දිවයින පුරා ව්‍යාප්ත සුපිරි වෙළෙඳසල් හරහා මැක්කරි නිෂ්පාදන සඳහා හිමිවූ පාරිභෝගික ඉල්ලූම ශීඝ‍්‍රයෙන් ඉහළ යාමත් සමග එය සිල්ලර වෙළෙඳ පොළ කරා ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතාව මතුවුණා. එ් අනුව මැක්කරි නිෂ්පාදන පාරිභෝගිකයන්ගේ නිවෙස් අසලටම ගෙනයාම සඳහා අත්දැකීම් බහුල, දිවයිනේ ප‍්‍රමුඛ පෙළේ බෙදාහරින්නකු වන TSL හෝල්ඩිංග්ස් සමග අත්වැල් බැඳගත්තා ” යනුවෙන් ලංකා ස්පයිස් (පුද්ගලික) සමාගමේ සභාපති නලින් පැතිකිරිකෝරලේ මහතා පැවැසීය.

වසර 35 ක කාලයක් තිස්සේ ‘‘මැක්කරි’’ නිෂ්පාදන අත්පත් කරගෙන සිටින ඉහළ සාර්ථකත්වයේ ප‍්‍රධානම රහස වන්නේ එහි ඇති උසස් ප‍්‍රමිතිය බවත්, ප‍්‍රමිතිය ඉහළම මට්ටමක පවත්වා ගැනීම සඳහා ‘‘මැක්කරි’’ නිෂ්පාදන ක‍්‍රියාවලියේදී උසස්ම තත්ත්වයේ අමුද්‍රව්‍ය පමණක් භාවිත කරන බවත් මෙහිදී අදහස් දැක්වූ ලංකා ස්පයිස් (පුද්ගලික) සමාගමේ සාමාන්‍යාධිකාරිනී රෝසි වීරසිංහ මහත්මිය පැවැසුවාය. ශරීරයට අහිතකර කෘති‍්‍රම රසකාරක කිසිවක් ‘‘මැක්කරි’’ නිෂ්පාදනවල අඩංගු නොවන බව පැවැසූ ඇය වැඩිදුරටත් කියා සිටියේ ශක්තිමත් බෙදාහැරීමේ අංශයක් හා එක්ව සිල්ලර වෙළෙඳපොළට පිවිසීමත් සමග මෙතෙක් ‘‘මැක්කරි’’ නිෂ්පාදනවල විශිෂ්ටත්වය අත් නොවිඳි පාරිභෝගිකයන් වෙතද එය ඉක්මණින්ම සමීප කරවීමට හැකිවනු ඇති බවය.

දේශීය කුළුබඩු නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ කීර්තිමත් ආයතනයක් වන ලංකා ස්පයිස් (පුද්ගලික) සමාගම ‘‘මැක්කරි’’ වෙළෙඳ නාමය යටතේ නිෂ්පාදන 200 කට අධික සංඛ්‍යාවක් මේ වන විට වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ. සියලූම වර්ගයේ කුළුබඩු, චට්නි වර්ග, අච්චාරු වර්ග, සෝස් වර්ග, සම්බෝල වර්ග, බැදුම් වර්ග සහ පිළියෙල කරන ලද මසාලා වර්ග ඇතුළුව පුළුල් විවිධත්වයකින් යුත් නිෂ්පාදන පෙළක් ඊට ඇතුළත් වේ.

මේ වනවිට ජාත්‍යන්තර වෙළෙඳපොළද ජයගෙන සිටින ‘‘මැක්කරි’’  ඕස්ටේ‍්‍රලියාව, මාලදිවයින, කැනඩාව, ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපය සහ මැදපෙරදිග ඇතුළු ලෝකයේ රටවල් රැසකද ජනප‍්‍රිය කුළුබඩු නාමයකි. සියලූම ‘‘මැක්කරි’’ නිෂ්පාදන ආහාර සුරක්ෂිතතාවය සඳහා වන ISO 22000 : 2005 සහ FSSC 22000 යන ප‍්‍රමිති සහතිකවලින් පිදුම් ලබා ඇත.

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.