lakbima.lk

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට දත් සිටුවීම පිළිබඳ අන්තර්ජාතික සමුළුවක්

මෙරට දන්ත වෛද්‍ය ක්ෂේත‍්‍රයේ නව පිටුවක් පෙරළමින් ල ශී‍්‍ර ලංකාවේ පළමු වරට දත් සිටුවීමේ ක‍්‍රමවේදය ‘ඉම්ප්ලාන්ට්’ Implant පිළිබඳ අන්තර්ජාතික සමුළුවක් (1st International Dental Implant Symposium) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේදී පසුගියදා (2) අති සාර්ථක ලෙස පැවැත්විණි. දන්ත වෛද්‍ය සේවාවන් සපයන ලොව ප‍්‍රමුඛ පෙළේ ආයතනයක් වන NucleOSS Dental Implants සහ ශ‍්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ මහනුවර ශාඛාව එක්ව සංවිධානය කරන ලද මෙම සමුළුව සඳහා අදාළ ක්ෂේත‍්‍රය පිළිබඳ අත්දැකීම් බහුල විදෙස් රටවල් රැසක කීර්තිමත් දේශකයෝ රැසක්ද ල දන්ත වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරයා සහ ක්ෂේත‍්‍රයේ නම් දරා සිටින කීර්තිමත් දන්ත ශල්‍ය වෛද්‍යවරුද එක්ව සිටියහ.

අහිමි වූ දතක් වෙනුවට ස්වභාවික දතකට බොහෝ දුරට සමාන කෘත‍්‍රිම දතක් සවි කිරීම සඳහා යොදාගන්නා Dental Implant ක‍්‍රමවේදය දන්ත වෛද්‍ය විද්‍යාවේදී  ලොව පුරා රටවල්වල දශක ගණනාවක් භාවිතා කරන්නක් වුවද එය මෙරටට හඳුන්වා දෙන ලද්දේ මෑතකදීය. මෙම ක‍්‍රමවේදය ශ‍්‍රී ලංකාවෙහි භාවිත කිරීම ආරම්භ වීමත් සමග මෙරට දන්ත වෛද්‍ය ක්ෂේත‍්‍රයේ නව පෙරළියක් ඇතිවූ බව මෙම සමුළුවේදී ප‍්‍රකාශ කෙරිණි. Dental Implant දන්තවේදයේ නව ප‍්‍රවණතාද ආවරණය කරමින් Implantology විෂයට අදාළව විවිධ වූ මාතෘකා යටතේ මෙහිදී දේශකයෝ සිය දැනුම බෙදා දුන්හ.

දත් සිටුවීම (Dental Implant) සඳහා පුළුල් පරාසයක පැතිරුණු ක‍්‍රමවේදයන් හඳුන්වා දෙමින් 2013 වසරේ සිට ශ‍්‍රී ලංකාවේ දන්ත වෛද්‍ය ක්ෂේත‍්‍රය සමගින් එක්ව කටයුතු කරන NucleOSS Dental Implants, සිය අධ්‍යාපන හා ගවේෂණ විද්‍යා පීඨය වන TFI -(Together for Implantology) සහ NucleOSS Study Club හරහා මෙරට දන්ත ශල්‍ය වෛද්‍යවරු රැුසක් පුහුණු කර ඇති අතර මේ වනවිටද අඛණ්ඩව එම කාර්යයෙහි නිරතව සිටියි.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.