lakbima.lk

www.di.lk වෙබ් අඩවියට සම්මාන ද්විත්වයක්

Ceylon Leather Products සමාගමේ නව්‍යකරනය වූ නිල වෙබ් අඩවිය වන www.di.lk වෙබ් අඩවිය පසුගියදා පැවති දෙවැනි වාර්ෂික SLT ZeroOne සම්මාන උළෙලේදී සම්මාන ද්විත්වයක් දිනා ගැනීමට සමත් විය. ඒ අනුව 'හොදම වෙබ් අඩවිය හෝ ක්ෂුද්‍ර අඩවිය - පාරිභෝගික අංශයේ ' ප්‍රථම ස්ථානයට හිමි සම්මානයද , 'හොදම වෙබ් අඩවිය හෝ ක්ෂුද්‍ර අඩවිය - නිෂ්පාදන, ගමනාගමන, ගබඩා කිරිම සහ ලොජිස්ටික් අංශයේ දෙවන ස්ථානයට හිමි සම්මානයද ලබා ගැනීමට ඔවුනට හැකි විය. DI වෙබ් අඩවිය මෑතකදී නැවත ප්‍රතිස්ථාපනය කල අතර එය ශ්‍රී ලාංකීය ඩිජිටල් ඒජන්සියක් වන Digibrush ආයතනය මගින් නිර්මාණය කරන ලද්දකි.

මෙම ජයග්‍රහණය පිළිබද අදහස් දැක්වූ Ceylon Leather Products සමාගමේ ප්‍රධාන කළමනාකාර - මෙහෙයුම් රනිල් ජනක මහතා කියා සිටියේ "නැවත වරක් අපගේ නිල වෙබ් අඩවිය සදහා ලබා ගත් සම්මාන ද්විත්වය පිළිබද අප මහත් සතුටට පත් වනවා. පාරිභෝගිකයන් හට අපගේ නිෂ්පාදනයන් පිළිබද පුළුල් අවබෝධයක් ලබා ගැනීමට මෙම වෙබ් අඩවිය මනාවට උපකාරී වනවා වගේම එමගින් අපගේ නිෂ්පාදනයන් හි පෞර්ශත්වය ඔප් නංවනවා. මෙම සම්මානයන් අප කුඩා කාලයක් තුල ලබා ගත් සාර්ථකත්වය මනින මිනුම් දණ්ඩක් වන බව අප විශ්වාස කරන අතරම එම කාල සිමාව තුල අපගේ වසර 80ක් පමණ පැරණි සන්නාමය අදට සරිලන පරිදි පරිවර්තනය කරගැනීමට අප සමත්ව තිබෙනවා" යනුවෙනි. 

www.di.lk වෙබ් අඩවියේ නිර්මාණකරු වන Digibrush ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි/ සම-නිර්මාතෘ හිශාම් සුල්ෆිකර් මහතා සදහන් කලේ " ගෙවීගිය 2018 වසර අපට වඩාත් වැදගත් වසරක් වුවා. එහිදී වෙබ් සංවර්ධනය  සහ ඩිජිටල් මාධ්‍යකරනය හරහා අංශ රැසකින් සම්මාන 5ක් දින ගැනීමට අප සමාගම සමත් වුනා. මෙම ජයග්‍රහණයන් අප ආයතනය සතු ඩිජිටල් උපාය විශිෂ්ටයන්, කලා අධ්‍යක්ෂවරුන්, දත්ත විශේෂඥයන්, මෝස්‌තර නිර්මාණකරුවන් සහ වෙබ් අඩවි නිර්මාණකරුවන් ගේ සාමුහික ප්‍රයත්නයක ප්‍රතිඵලයන් වනවා" යනුවෙනි.

1939 වර්ෂයේදී එවකට පැවති බ්‍රිතාන්‍ය රජය විසින් මෙරටදී ආරම්භ කරන ලද Ceylon Leather Products සමාගම එසමයේ පැවති බ්‍රිතාන්‍ය හමුදාංකයන්  සදහා බුට් සපත්තු, සාමාන්‍ය සපත්තු සහ අනෙකුත් සම් ඇගලුම් නිෂ්පාදන සැකසීම සදහා පිහිටුවන ලද්දකි. පසු කලෙක එම සමාගම Dankotuwa Porcelain PLC, South Asia Textile Industries (Pvt) Ltd., Colombo City Holdings PLC, Royal Fernwood Porcelain Limited, Taprobane Capital Plus Limited සහ Millennium Information Technologies වැනි ආයතනයන් හි  මව් සමගම වන Ambeon Holdings පුද්ගලික සමාගම යටතේ පරිපාලනය වන ආයතනයක් බවට පත් විය.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.