lakbima.lk

ලොව ප්‍රථම පන්ච් ස්ක්‍රීන් ජංගම දුරකථනයවන NOVA 4 වෙළඳපලට

ශ්‍රී ලාංකේය පාරිභෝගික ජනතාව වෙනුවෙන් ලොව ප්‍රථම පන්ච් ස්ක්‍රීන් ජංගම දුරකථනය මිලදී ගැනීමේ අවස්ථාව හිමිකර දෙමින් HUAWEI සමාගම HUAWEI NOVA 4 නවත ම ජංගම දුරකථනය මෙරටට හඳුන්වා දුන්නේය. මෙහි ඇති දර්ශන තිරයේ සැකැස්ම අනුව තවදුරටත් notch එකක අවශ්‍යතාවක් පැන නොනගින අතර ඒ අනුව උපරිම දර්ශන අත්දැකීමක් හිමිකර ගැනීමට පාරිභෝගිකයන්ට හැකිවේ.

පසුපස කැමරා පද්ධතිය කැමරා ත්‍රිත්ත්වයකින් සමන්විත වන අතර දර්ශන තිරය සහ සැකැස්ම අතර ප්‍රතිශතය 91.8% වේ. HUAWEI සමාගම මෙම දුරකථනය සඳහා පුළුල් අඟල් 6.4IPS LCD පැනලයක් සහ edge-to-edge දර්ශන තිරයක් භාවිත කර ඇත. මෙම දර්ශනීය දර්ශනය තිරය 4.0 ඇඟිලි සලකුණු තාක්ෂණයෙන් ද සමන්විත වේ.

මෙහි පසුපස Ultra Wide angle, Super Night Mode, AI Video මෙන්ම ඉදිරිපස 25MP Selfie Superstar කැමරාව ද නිසා NOVA 4 පාරිභෝගිකයන් හට අසමසම ඡායාරූපකරණ අත්දැකීමක් හිමිකර ගත හැකිය. 20MP+16MP+2MP පසුපස කැමරා පද්ධතිය මගින් අංශක 117 ක වපසරියක ඡායාරූප ලබාගත හැකිය.

Kirin 970 තාක්ෂණය, 8GB RAM සහ 128GB දත්ත ගබඩාකිරීමේ පහසුකම මගින් මෙම ජංගම දුරකථනයේ ක්‍රියාවලිය තවදුරටත් වැඩිදියුණු කර ඇත. නවත ම EMUI 9.0 මෙහෙයුම් පද්ධතිය AI Stabilizer, HDR Pro, AI Video ඇතුළු පහසුකම් රැසකින් අනූනය. NOVA 4 ජංගම දුරකථනයේ ඇති HiVision කෘත්‍රිම බුද්ධිමය තාක්ෂණය හරහා AI Shopping, AI Calories ආදී පහසුකම් රැසක් අත්විඳිය හැකිය. උපරිම ජංගම දුරකථන ක්‍රීඩා ක්‍රියාවලියක් ලබාදීම සඳහා ජංගම දුරකථනය 2.0 GPU Turbo පහසුකමින් සහ 3,750mAh බැටරියකින් සහ 18W fast charging තාක්ෂණයෙන් ද සමන්විත වේ.

අනුක්‍රමික කළු සහ නිල් යන වර්ණවලින් වෙළඳපලට පිවිසෙන NOVA 4 ජංගම දුරකථනය වසරක වගකීමක් සහිතව සියලු ම HUAWEI Experience මධ්‍යස්ථාන සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත ම ජංගම දුරකථන අලෙවිකරුවන සිංගර් ශ්‍රී ලංකා අලෙවි ජාලයෙන් ද මිලදී ගත හැකිය. තවද, තෝරාගත් ඩයලොග් සහ මොබිටෙල් මධ්‍යස්ථාන වලදී ද මෙම ජංගම දුරකථනය මිලදී ගත හැකිය.

මෑතකදී නිකුත් කරන ලද GfK වාර්තාවට අනුව මෙරට ස්මාර්ට් ජංගම දුරකථන අලෙවිය අතින් අංක 1 ස්ථානය හිමිකර ගැනීමට Huawei සමත්ව සිටී. ශ්‍රී ලාංකේය ජනතාවගේ පළමු තේරීම බවට පත්ව ඇති ස්මාර්ට් ජංගම දුරකථන නාමය ලෙස Huawei ඉහළ ම ප්‍රමිතියෙන් සහ නවීන තාක්ෂණයෙන් යුතු ස්මාර්ට් ජංගම දුරකථන ආකර්ෂණීය මිලකට ලබා දීම සඳහා කැපවෙයි. 2020 වන විට දිවයින පුරා Experience ප්‍රදර්ශනාගාර 25 දක්වා වර්ධනය කිරීමට Huawei සමාගම අපේක්ෂා කරයි.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.