lakbima.lk

AIA Walk for Life වැඩසටහනට එක්වී රෝගී හදවත් සුවකරන්න

ලොව විශාලතම ජීවිත රක්ෂකයා වන AIA  ශ‍්‍රී ලංකා හදවත් සංගමය වෙනුවෙන් සිදු කිරීමට නියමිත AIA Walk for Life සමාජ සත්කාරක වැඩසටහන සමගින් එක්වන ලෙස සියළු ශ‍්‍රී ලාංකිකයින් වෙත සාදරයෙන් ආරධනා කර සිටියි. AIA සමූහයට වසර 100 ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කර ඇති මෙම වැඩසටහනට සහභාගී වන සෑම පුද්ගලයෙක් වෙනුවෙන්ම රු.1000/- ක මුදලක් ශ‍්‍රී ලංකා හදවත් සංගමය වෙත පරිත්‍යාග කිරීමට AIA රක්ෂණ සමාගම බලාපොරොත්තු වෙයි.

ජනතාවගේ සෞඛ්‍ය සහ ශුභ සිද්ධිය සමගින් සමාජයට ගුණාත්මක වෙනසක් ඇති කිරීම ප‍්‍රමුඛත්වයේ ලා සලකන සමාගමක් ලෙස අපගේ මෙම සියවස් සැමරුම සමාජයට වඩාත් වැඩදායක වන වැඩසටහනක් හා සම්බන්ධ වෙමින් සිදු කිරීමට අපි අදහස් කළා. වසරකට මෙරට සිදුවන මරණ වලින් 25‍ කටම හේතු වන්නේ හෘද රෝග බව සමීක්ෂණ වලින් හෙළිවී තිබෙනවා.

ඔහු තවදුරටත් අදහස් දක්වමින් ”සමාගමක් ලෙස අපගේ සන්නාම ප‍්‍රතිඥාව වන්නේ සෑම ශ‍්‍රී ලාංකිකයෙකුටම සුවපත්, සැපවත් දිගුකල් ජීවිතයක් ලබා ගැනීමට සහය වෙමින් ඒ සඳහා කැපවී කටයුතු කිරීමයි.  මෙම වැඩසටහ අපගේ එම අරමුණ  සමගින් ඉතා හොදින් ගැලපෙනවා. අප ආ ගමන්මග සනිටුහන් කිරීමට, අප සමාගමට 100 වසක් පිරීම සැමරීමට AIA Walk for Life වැඩසටහන සමගින් එක්වී අපගේ අධාරය අවශ්‍ය රෝගී හදවත් ඇති ජීවිතවලට වෙනසක් ඇතිකිරීමට සහය වනලෙස අප ඔබට ආරාධනා කර සිටිනවා.”

ශ‍්‍රී ලංකා හදවත් සංගමයේ සභාපති  වෛද්‍ය දුමින්ද සමරසිංහ මහතා AIA රක්ෂණ සමාගම වෙත සිය ප‍්‍රණාමය පුද කරමින් කියා සිටියේ, ”ජාත්‍යන්තර රක්ෂණ සම්පාදකයෙක් ලෙස AIA රක්ෂණ සමාගම ශ‍්‍රී ලාංකිකයන්ගේ ශුභ සිද්ධිය වෙනුවෙන් ක‍්‍රියා කරමින්, මෙරට සහ ජනතාව මුහුණ දෙන්නා වූ ප‍්‍රමුඛතම ප‍්‍රශ්ණයක් වන හදවත් රෝග සඳහා මෙසේ ඉදිරිපත් වීම ප‍්‍රශන්සාත්මකයි.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.