lakbima.lk

ලංකා හොස්පිට්ල්ස් වෙතින් නේවාසික රෝගීන්ට WiFi


ජාත්‍යන්තරව විවිධ වූ සම්මානයන්ගෙන් පිදුම් ලත්, මෙරට ප‍්‍රමුඛතම සෞඛ්‍ය සේවා ආයතනයක් වන ලංකා හොස්පිට්ල්ස්, තම සේවාවන් අතරට නවතම සේවාවක් එක් කරමින් සියලූ ම නේවාසික රෝගීන් සඳහා නොමිලේ WiFi  සේවා සබඳතා ලබා දීමට ද යොමු විය. ලංකා හොස්පිට්ල්ස් හි නේවාසික රෝගීන් සඳහා නවතම අත්දැකීමක් ලබා දෙමින්, දිනයේ පැය 24 අවරණය වන පරිදි සතියේ දින 07 පුරාම ක‍්‍රියාත්මක මෙම අන්තර්ජාල සේවා සම්බන්ධතාව, රෝගීන් හට සිය පවුලේ සාමාජිකයන් සහ මිතුරන් සමඟ ඍජු සබඳතාවක් තබා ගැනීමට මනා අවකාශයක් නිර්මාණය කිරීමකි.

ලංකා හොස්පිට්ල්ස් යනු සිය නේවාසික රෝගීන් සදහා නොමිලේ WiFi සේවා සබඳතාවක් හඳුන්වා දෙනු ලැබූ දේශීය පළමු රෝහලයි. මෙම සේවාව ඉතා කාර්යක්‍ෂම අයුරින් ලබා ගැනීම සදහා ‘ලංකා හොස්පිට්ල්ස් ජංගම දුරකථන මෘදුකාංගය’ (Lanka Hospital'smobile app) බාගත කිරීමෙන් හෝ රෝහලේ නිල වෙබ් අඩවියට පිවිස රෝහලේ අනෙකුත් පහසුකම් සහ සේවා වෙත පිවිසිය යුතු ය.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.