lakbima.lk

CBL සිංගප්පූරුවේ දී රන් සම්මානයෙන් පිදුම් ලබයි

මන්චි ඇතුළු ජනප්‍රිය ආහාර නිෂ්පාදන රැසක් නිපදවන ශ්‍රී ලංකාවේ විශාලතම සමාගම් සමූහයක් වන සිලෝන් බිස්කට්ස් ලිමිටඩ් (CBL) සිංගප්පූරුවේ පැවති 43 වන තත්ත්ව පාලන කව පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනයේදී (ICQCC) රන් සම්මානයකින් පිදුම් ලැබිමට සමත් විය.

සිංගප්පුරුවේ Resorts World Sentosa Convention Centre හිදී පැවති ICQCC සම්මේලනය සිංගප්පූරුවේ ඵලදායිතා සංගමය විසින් සංවිධානය කරන ලදි. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන අත්දැකීම බහුල ජාත්‍යන්තර විනිසුරුවන්ගෙන් සමන්විත ස්වාධීන මණ්ඩලයක් වෙත විවිධ ආයතන වල නවෝත්පාදන හා ඵලදායිතාවය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති ඉදිරිපත් කරමින් ජාත්‍යන්තර ඇගයීමට පාත්‍ර කෙරෙන ප්‍රධානතම ජාත්‍යන්තර සම්මේලනය මෙය වෙයි.  මෙවර ලොව පුරා රාජ්‍යයන් 13ක කණ්ඩායම් 475ක් නියෝජනය කරමින් 2,000කට අධික පිරිසක් මීට සහභාගී විය.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.