lakbima.lk

IIHS සිසු කණ්ඩායමක් SMART සෞඛ්‍ය වෘත්තිකයින් ලෙස උපාධි ලබයි

වසර16කට අධික කාලයක් පුරා මෙරට අධ්‍යාපන  ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනයක් ලෙස කීර්තිනාමයකට හිමිකම් කියන International Institute of Health Science (IIHS) ආයතනයේ සිසුන් ගණනාවක් මෑතකදී හෙද, භෞතචිකිත්සක, ජීවවෛද්‍ය විද්‍යා, සෞඛ්‍ය පරිපාලන යනාදී ක්ෂේත්‍රයන්හි ඩිප්ලෝමා සහ උපාධි හිමිකර ගන්නා ලදී.

ශ්‍රාස්ත්‍රීය අධ්‍යාපනය ලබාදීමටම සීමා නොවී සෑම අංශයකින්ම විශිෂ්ටයින් වීම සඳහා අවශ්‍ය කරන ආත්මවිශ්වාසය හා කුසලතා තරුණ හා වැඩිහිටි ශිෂ්‍යයින්ගෙන් සැදුම්ලත් තම සිසු පරපුර වෙත ලබාදීමට ක්‍රියා කරන IIHS හි කීර්තිනාමය ශ්‍රී ලංකාවේ පමණක් නොව දකුණු ආසියාවෙම ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතියි. ලෝකයේ ඉහළම පිළිගැනීමක් ඇති විශ්වවිද්‍යාල වෙත IIHS හරහා ලබාදෙන අන්දමේ ප්‍රවේශයක් ලබාදෙන තවත් පෞද්ගලික අධ්‍යාපන ආයතන ඇත්නම් ඒ අතලොස්සක් පමණි. එසේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තියකට ඇතුළත්වීම සඳහා ඉතා ශීඝ්‍ර මංපෙත් තම සිසුන්ට උදාකර දීමට ද IIHS සමත්වී තිබීම මේ කීර්ති නාමයට හේතු වී තිබේ. ශාස්ත්‍රීය ලෝකයේ ජය කෙහෙළි නංවන්නට සමත්වූ, දැඩි කැපවීමකින් යුතු, දක්ෂතාවයෙන් පරිපූර්ණ, දියුණුවීමට සිත් යොමුකළ සිසු කැලකට මග පෙන්වන්නට ලැබීම IIHS භාග්‍යයක් කොට සලකයි.

'2018 වර්ෂයේදී අපි බොහෝ අධ්‍යන සහ අධ්‍යයනමය නොවන ජයග්‍රහණ ලැබුවා. IIHS හි ප්‍රාරම්භකයින් ගේ දැක්ම අනුව යමින් බදුල්ලේ, මහනුවර, ගාල්ලේ සහ අනුරාධපුර අපගේ මධ්‍යස්ථාන විවෘත කර සමස්ථ ලංකාවටම අප ආයතනවල ඉගෙනුම ලැබීමේ දොරටු විවෘත කරන්නට අපට හැකි වූවා. සියළුදෙනාට ප්‍රවේශ වියහැකි හා දැරිය හැකි අන්දමින් අධ්‍යාපනය ලබාදීම අප තදින් විශ්වාස කරනවා. 2020 වනවිට මෙම කළාපයේ ඉගෙනුම් කේන්ද්‍රස්ථානයක් වන්නට අපි අපේක්ෂා කරනවා.'   යනුවෙන් IIHS හි සම ආරම්භක, ප්‍රධාන විධායක නිලධාරී/ අධ්‍යක්ෂ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා සඳහන් කළේ ය.

තවදුරටත් අදහස් පලකළ වෛද්‍ය එදිරිසිංහ මහතා මෙසේ පැවසීය: 'හවුල්කාරීත්ව සම්බන්ධයෙන් IIHS ඉතාමත් සාර්ථක වර්ෂයක් ගතකළ බව සඳහන් කළ හැකියි. අපගේ නවතම අධ්‍යයන වැඩසටහන්වලට University of Aberdeen, Coventry University, Deakin University, Helsinki Metropolia University of Applied Sciences සහ Open University of Malaysia යන විශ්වවිද්‍යාල සම්බන්ධ වනවා. එළඹෙන වර්ෂවලදී තම වැඩසටහන් කළාපීය මට්ටමට යාවත්කාලීන  කිරීමටත් මෙම ක්ෂේත්‍රයේ එසේ කරන පළමුවැන්නා වීමටත් අදහස් කරගෙන සිටිනවා. පොදුරාජ්‍ය මණ්ඩලීය සම්මානයෙන් පිදුම්ලත් අපගේ සිසු කළමනාකරණ පද්ධතිය වන (Learner Management System) හරහා සහ ප්‍රජාව සමගින් සම්බන්ධවීම හරහා ලෝකයට අවශ්‍ය කරන අන්දමේ සාකල්‍ය සෞඛ්‍ය සේවා නායකයින් බිහිකිරීම අප ඉදිරියටත් කරගෙන යනවා."

පීඨාධිපති සහ IIHS සභාපති වෛද්‍ය නිහාල් සිල්වා මහතා මෙසේ සඳහන් කළේය: 'තවත් IIHS විශිෂ්ටයින් පිරිසක ගේ උපාධි ප්‍රදානයකට සම්බන්ධවන්නට ලැබීම මා ලැබූ භාග්‍යයක් වනවා. පසුගිය 15වසර තුළ උපාධිධාරීන් 700කට අධික සංඛ්‍යාවක් ඇති කිරීමට IIHS සමත් වී තිබෙනවා. අපේ උපාධිධාරීන් තමන්ගේ වෘත්තීන්හි ජය කෙහෙළි නංවා තිබෙන අතර අපගේ මෙම උපාධිධරයින් IIHS හි ජයග්‍රහණ සඳහා සාක්ෂි දරනවා. බොහෝ දෙනා නුහුරු නුපුරුදු රටවලට ගොස් පවා ඉතාමත් විශිෂ්ට ලෙස තම වෘත්තීන්හි යෙදෙනවා. ඔවුන් අප ආයතනයට පමණක් නොව ශ්‍රී ලංකාවටම ආඩම්බරයක් වනවා.

IIHS හි ජාත්‍යන්තර හවුල්කරුවන් නියෝජනය කරමින් අදහස් දැක්වූ මැලේසියා විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ටන් ශ්‍රී අහමඩ් සයිදි මහතා මෙසේ පැවසීය: 'IIHS හවුල්කාරීත්වය දැන් වසර පහකට අධික කාලයක් තිස්සේ තිබෙන්නක්. මෙතරම් සිසුන් සංඛ්‍යාවක් IIHS හරහා උපාධි ලැබීම දකින්නට ලැබීම අප සතුටට පත් කරවනවා. IIHS හි ජයග්‍රහන හා එයින් පිටවූ සිසුන් දෙස බලන කල මේ සිසුන් සියළු දෙනා කැපවීමෙන් අධ්‍යාපනය ලබා ගෝලීය මට්ටමේ පිළිගැනීමක් ලබමින් තම අධ්‍යයන කටයුතු සම්පූර්ණ කිරීම පිළිබඳව අපට සතුටුවන්නට පිළිවන්.'

IIHS හි දේශීය හවුල්කරුවන් වෙනුවෙන් අදහස් පල කළ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය රිස්වි ශෙරිෆ් මහතා පලකල අදහස් මෙසේය: ' IIHS හි 2018 උපාධි ප්‍රදානෝත්සවයට සහභාගිවන්නට ලැබීම මා ලැබූ ගෞරවයක් වනවා. හෙද, භෞතචිකිත්සක, ජීවවෛද්‍යවිද්‍යා සහ සෞඛ්‍ය කළමනාකරණ ක්ෂේත්‍රවල අතිවිශිෂ්ට තරුණ දක්ෂයින් IIHS හි සෑම උපාධි ප්‍රදානෝත්සවයකදීම අපට දැකගත හැකියි. IIHS හි ලබාදෙන අධ්‍යාපනය ඉහළම තත්වයේ අධ්යාපනයක් වන බවත් IIHS හා සමකළ හැකි මට්ටමින් සෞඛ්‍ය සේවා සම්බන්ධ අධ්‍යාපනයය ලබාදෙන තරඟකාරී අධ්‍යයන ආයතන ශ්‍රී ලංකාවේ තවත් නොමැති බවත් මා සඳහන් කරන්නේ ආඩම්බරයෙන්. ශ්‍රී ලංකාවේ වෘත්තීය හෙද නිලධාරීන්ගේ වෘත්තීය තත්වය ඉහළ නංවාලන්නට IIHS සමත්වී තිබෙනවා. IIHS ජාතික හා ජාත්‍යන්තර මට්ටම්වලදී පරිපූර්ණ වෘත්තිකයින් ඇති කිරීමේ පුරෝගාමියකු වන බව ඉතා පැහැදිලියි.'

මෙයට තවත් යමක් එක් කළ ආසිරි රෝහල් සමූහයේ මෙහෙයුම් අධ්‍යක්ෂිකා වෛද්‍ය සමන්ති ද සිල්වා මහත්මිය මෙසේ පැවසුවාය: 'IIHS සමගින් ආසිරි සමූහය ඇතිකරගත් සායනික හවුල්කාරීත්වය අනුව අප IIHS හි සෞඛ්‍ය සේවා අධ්‍යාපනය ලබන සිසුන්ට අපගේ රෝහල්වල පුහුණු පත්වීම් ලබාදෙනවා. මෙම උපාධිධරයින්ට තම අනාගත කටයුතු සඳහා මාගේ සුබපැතුම් පිරිනමන්නට කැමතියි. අධ්‍යාපනයෙන් ඔවුන් ලැබූ පදනම මත තවත් විශිෂ්ට දෑ රාශියක් සාක්ෂාත් කරගැනීමට ඔවුන්ට අවස්ථාව තිබෙනවා. සෞඛ්‍ය සේවයේ කාර්යමණ්ඩලය බඳවාගැනීමේදී සාකල්‍ය වෘත්තිකයින් බඳවාගැනීම ඉතාමත් වැදගත්. තමන්ගේ මෘදු කුසලතා වර්ධනය කරගන්නා අතරම අනලස්ව තම අධ්‍යාපනික කටයුතු ද ඉදිරියට කරගෙනයාමට යොමුවන මෙන් මම උපාධිධාරීන්ට පවනවා.'

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ඉගෙනුම් මධ්‍යස්ථානයක් (IULC) වන IIHS ආයතනය වසර 16ක් පුරා සහතික පත්‍ර පාඨමාලාවල සිට ආචාර්ය උපාධි දක්වා පාඨමාලා පිරිනමා ඇත. කීර්තිමත් නාමයකට හිමික කියන විශ්වවිද්‍යාල ඉගෙනුම් අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස IIHS ආයතනය ලොව ප්‍රකට විශ්වවිද්‍යාල සමගින් අත්වැල් බැඳගනිමින් උපාධි පිරිනමන අතර එම සවිමත් සබඳතාව නිසාම සිසුන්හට ජාත්‍යන්තර මට්ටමේ අවස්ථා රැසක් ද හිමි වේ. ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් මෙන්ම නියත රැකියා අවස්ථා ද අවම මුදලකට හිමිකර ගනීමට හැකිවීම IIHS විශිෂ්ටත්වයයි.

ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයේ ඇති වැදගත්කම මැනවින් අවබෝධ කරගෙන සිටින IIHS ආයතනය සිසුන්හට සුවපහසු ඉගෙනුම් පරිසරයක් ගොඩනගා ඇත. ගුරු කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයට වඩා ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය කොව පුරා පිළිගැනීමට ලක්ව තිබේ. පුළුල් පරාසයක විහිදුණු සුදුසුකම්වලින් පරිපූර්ණව සිසුන් නූතන ප්‍රවණතා සහ ඉගෙනුම් ක්‍රමවේදවලය අනුකූල කිරීමේ හැකියාවෙන් යුතු තරුණ කාර්යමණ්ඩල සාමාජිකයින් පිරිසකගෙන් IIHS ආයතනය සමන්විතය.

SMART ඉගෙනුම් පරිසරය අගය කරමින් තම හවුල්කරුවන්ගෙන් ලැබෙන අදහස් මෙන්ම ජාත්‍යන්තරයේ නවතම නැඹුරුතා සැලකිල්ලට ගනිමින් නිතරම අළුත්කරන විෂයමාලාවක් IIHS හි අධ්‍යයන පාඨමාලා සඳහා භාවිතා වේ. එපමණක් නොව සිසුන්ට තමන් ලබන ඉගෙනුම් අත්දැකීමේ හිමිකාරත්වය ලබා දෙන්නා වූ ඉගෙනුම් ක්‍රමයක් වන Collaborative Teaching ක්‍රමය සඳහා අවශ්‍ය පරිසරය තම අධ්යාපන මධ්‍යස්ථානය තුළ මුලින්ම ඇති කළ දකුණු ආසියාවේ ප්‍රථම ආයතනය වන්නේ ද IIHS ය. පර්යේෂණ, සාක්ෂි පදනම් කරගත් ව්‍යවහාර සහ ආවර්ජනාත්මක පුහුණුව වැනි අංශවල ඒංක එකට නම්දරා සිටින IIHS එතුළින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නවමු හා සුවිශේෂී නැබුරු අවබෝධ කරගැනීමට අවශ්‍ය කුසලතා තම සිසුන්ට ලබාදෙයි. තවද, තමන් IIHS ඉගෙනුම ලබන කාලයේදී සිසුන් විවිධ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිවලට ද සම්බන්ධ වන හෙයින් තම රටේ මෙන්ම ජාත්‍යන්තරවද ප්‍රජා මට්ටමින් පවතින සෞඛ්‍ය ගැටළු පිළිබඳ අවබෝධය මෙන්ම ඒ පිළිබඳ සංවේදීතාවය ද සිසුන්ට ලැබේ.

ජාත්‍යන්තරයේ සාර්ථකව කටයුතු කරගෙන යාමට සිසුවකුට හැකියාව ලබාදෙන අන්දමේ විවිධ පැතිකඩ ගණනාවක් හඳුනාගෙන ඒවා ඉගෙනුම් ක්‍රියාවලියට ඒකාබද්ධ කිරීමට IIHS  විසින් කටයුතු කර තිබේ. පෞර්ෂ වර්ධනය, මෘදු/ මානසික කුසලතා සංවර්ධනය යනාදී අංශවල විශේෂ කුසලතා ලබන අතරේම සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමවේද හරහා මෙන්ම වර්චුවල් නොහොත් අතථ්‍ය අධ්‍යාපන ක්‍රමවේද යොදාගනිමින් විෂයකරුණු ඉගෙනුම මේ අතරේ විශේෂ වේ.

IIHS උපාධි පාඨමාලා සම්බන්ධයෙන් සහ වැඩසටහන්වලට ලියාපදිංචිවීම සම්බන්ධයෙන් වැඩිදුර විස්තර ලබාගැනීමට 0114651144/0766568353 හෝ nadeeka@iihsciences.edu.lk  හරහා නදීකා සමගින් සම්බන්ධ වන්න.

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.