lakbima.lk

රැකියා දෙරණ ගිවිසුම් අත්සන් කරයි

රැකියා විරහිතභාවය තුරන් කරමින් දේශීය විදේශීය රැකියා සිහිනය සැබෑ කරන  රැකියා දෙරණ සංකල්පය පුද්ගලික ක්ෂේත්‍රය තුළින් ඇරඹීමට ගිවිසුම් අත්සන් කරයි

රැකියා විරහිත තරුණ තරුණියන්ගේ දේශීය - විදේශීය රැකියා සිහිනය සැබෑ කරමින් රැකියා දෙරණ වැඩසටහන ආරම්භ කිරීම සදහා වන මූලික අවබෝධතා ගිවිසුමට කැපිටල් වන් හෝල්ඩිං සමාගම සහ ඕ ටූ සොෆ්ට්වෙයාර් සමාගම අත්සන් තැබුවේය.

ඇමරිකානු ඩොලර් මිලියන 1.3 මුදල් රැකියා දෙරණ වැඩසටහන සදහා මූලික වශයෙන් ආයෝජනය කිරීමට නියමිත අතර මෙම වැඩසටහන හරහා රැකියා අපේක්ෂිතයින්ගේ දත්ත බැංකුවක් සකස් කෙරේ. රැකියා අපේක්ෂිත දත්ත බැංකුව හරහා රැකියා ලබාදෙන ආයතන හා රැකියා අපේක්ෂිතයින් සම්බන්ධ කරන අතර රැකියා අපේක්ෂිතයින්ට අවශ්‍ය සුදුසුකම් හා පුහුණුව ලබාගැනීම සදහා ද විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.