lakbima.lk

කොළඹ නගරයට ඇ.ඩො.මි. 1850 සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතියක්

කොළඹ නගරය හා ඒ ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලෙස සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතියක් (LRT) ස්ථාපනය කිරීම මෙම වසර තුළ ආරම්භ කිරීමට නියමිත අතර ඒ සඳහා වැයවන ඇ.ඩො.මි. 1850 ක ණය ආධාර ලබාදීමට ජපානය එකඟතාවය පළකර තිබේ.

කොළඹ කොටුව සිට මාලඹේ දක්වා දුම්රිය ස්ථාන 16 කින් සමන්විත කි.මී. 17  ක් පමණ දිගින් යුක්ත මෙම දුම්රිය මාර්ග ව්‍යාපෘතියට මූල්‍ය හා තාක්ෂණික ආධාර සැපයීමට ජපානයේ ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (ජයිකා) ඉදිරිපත් වී ඇත.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මෙම ණය ආධාර ලබාගැනීම පිණිස ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. ඒ අනුව, ජයිකා ආයතනය විසින් 2018 – 2024 කාලය තුළ අදියර 6 කින් මෙම ණය මුදල ලබාදීමට නියමිත වන අතර මෙහි පළමු අදියර යටතේ ඇ.ඩො.මි. 260 ක් ලබාදීමට නියමිතයි. ඒ සඳහා ජයිකා ආයතනය සමඟ ගිවිසුමකට එළඹීමට අමාත්‍ය මංගල සමරවීර මහතා කරන ලද නිර්දේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

ජපාන රජය විසින් 0.1% ක ඉතා අඩු සහන වාර්ෂික පොලී මත ලබාදෙන මෙම ණය මුදල අවු. 12 ක සහන කාලයක් සහිතව වසර 40 කින් ආපසු ගෙවීමට නියමිතය.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජිත අතර එහි වැඩකටයුතු මෙම වසර තුළ ආරම්භ කරනු ඇත.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.