lakbima.lk

ලොව ප්‍රථම Under-Display කැමරාව සහිත NOVA 4 ජංගම දුරකථනය HUAWEI වෙතින්

අතිශය සාර්ථක වසරක් සමාප්ත කරමින් HUAWEI සමාගම NOVA මාදිලි පෙළෙහි නවත ම මාදිලිය වන NOVA 4 ජංගම දුරකථනය දෙසැම්බර් මස 17 වනදා ජාත්‍යන්තර වෙළඳපලට හඳුන්වා දුන්නේය. ජංගම දුරකථන විශ්ලේෂකයන්ගේ විශේලේෂණ අනුව මෙම මාදිලියෙහි ඇති සුවිශේෂී පහසුකම් ලොව ජංගම දුරකථන ක්ෂේත්‍රය තුළ තවත් හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරනු ඇතැයි අපේක්ෂිතය.

ලොව ප්‍රථම Under-Display කැමරා තාක්ෂණයෙන් යුතු HUAWEI NOVA 4 මාදිලිය ලොව කුඩා ම 25MP in-display සෙල්ෆි කැමරාවෙන් ද සමන්විත වේ. මෙම නවමු තාක්ෂණික වැඩිදියුණුකිරීම් නිසාම දර්ශන අනුපාතය තවත් පුළුල් කිරීමට NOVA 4 මාදිලියට හැකිවී ඇත. 86.3%Screen-to-body අනුපාතයකින් සමන්විත වුව ද කැමරාවෙහි ඇති විශිෂ්ටත්වය එලෙසින් ම රැක ගැනීමට ගැනීමට මෙය සමත්ව සිටී.

Ultra-Wide Angle පහසුකම සහිත ත්‍රිත්ත්ව පසුපස කැමරා පද්ධතිය මෙහි ඇති තවත් සුවිශේෂීතාවකි. සිය නිල Weibo ගිණුම තුළ HUAWEI සමාගම සිය Ultra-Wide Angle පහසුකම පිළිබඳ විශේෂ අවධානයක් යොමුකර ඇති අතර 48MP, 16MP සහ 2MP කැමරා මගින් අංශක 117ක් දක්වා විහිදුණු ඡායාරූප ලබා ගැනීමේ පහසුකම ලබාදෙයි.

දැවැන්ත අඟල් 6.4IPS LCD fllview edge-to-edge දර්ශන තිරය NOVA4 මාදිලියෙහි ඇති තවත් කැපී පෙනෙන තාක්ෂණයකි. Kirin 970 තාක්ෂණයෙන් මෙන්ම 8GB RAM සහ දැවැන්ත 128GM දත්ත ගබඩා කිරීමේ පහසුකමින් ද ද මෙම මාදිලිය සමන්විතය. උපරිම ජංගම දුරකථන ක්‍රීඩා අත්දැකීමක් හිමිකර දීම සඳහා GPU Turbo තාක්ෂණයෙන් සමන්විත NOVA4 ජංගම දුරකථනය 3,750mAh බැටරියකින් මෙන්ම 18W Fast Charging පහසුකමින් ද යුතුවේ.

HUAWEI සමාගමේ නවත ම මෙහෙයුම් සංස්කරණය වන EMUI 9.0 මෙහෙයුම් පද්ධතිය ඇතුළත් කර ඇති මෙම ජංගම දුරකථනය AI stabilizer, HDR Pro, AI Video Recording, තමන්ට ම සුවිශේෂී Caller ID සහ සජීවී ඡායාරූප අලංකරණ පහසුකමින් ද යුතුවේ. NOVA4 සතු HiVision තාක්ෂණය නිසා AI Shopping, AI Calories සහ තවත් නවීන පහසුකම් රැසක් හිමිකර ගැනීමට පාරිභෝගිකයන්ට හැකිවෙයි.

මෑතකදී නිකුත් කරන ලද GfK වාර්තාවට අනුව මෙරට ස්මාර්ට් ජංගම දුරකථන අලෙවිය අතින් අංක 1 ස්ථානය හිමිකර ගැනීමට Huawei සමත්ව සිටී. ශ්‍රී ලාංකේය ජනතාවගේ පළමු තේරීම බවට පත්ව ඇති ස්මාර්ට් ජංගම දුරකථන නාමය ලෙස Huawei ඉහළ ම ප්‍රමිතියෙන් සහ නවීන තාක්ෂණයෙන් යුතු ස්මාර්ට් ජංගම දුරකථන ආකර්ෂණීය මිලකට ලබා දීම සඳහා කැපවෙයි. 2020 වන විට දිවයින පුරා Experience ප්‍රදර්ශනාගාර 25 දක්වා වර්ධනය කිරීමට Huawei සමාගම අපේක්ෂා කරයි.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.