lakbima.lk

ජීවක හර්බල් ප්‍රොඩක්ට්ස් නව නිවහනකට

දශක ගණනාවක් පුරා ජනතාවගේ විශ්වාසය දිනා සිටින ‘‘ජීවක’’ ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය කර වෙළෙඳපොළට බෙදාහරින ජීවක හර්බල් ප්‍රොඩක්ට්ස් (පෞද්ගලික) සමාගම සිය ඖෂධ නිෂ්පාදනාගාරය සහ  ප්‍රධාන කාර්යාලය වැඩි ඉඩකඩකින් යුත් නව නිවහනකට පසුගියදා රැගෙන ගියේය. වඩාත් කාර්යක්ෂම ලෙස ඖෂධ නිෂ්පාදනය කළ හැකි අති නවීන යන්ත්‍රෝපකරණ ඇතුළු සියලූ පහසුකම්වලින් සමන්විත මෙම නව නිවහන අංක 252/1, කොස්කඳවල, යක්කල දරන ලිපිනයේ පිහිටා ඇත.

‘‘ජීවක ආයුර්වේද ඖෂධ නිෂ්පාදන දැන් දිවයිනේ  ඕනෑම ප්‍රදේශයකින් මිලදී ගන්න පුළුවන්. එපමණක් නොවෙයි, මේ වන විට අපට විදෙස් රටවලින්ද විශාල වශයෙන් ඖෂධ සඳහා ඇණවුම් ලැබෙනවා. දිනෙන් දින ඉහළ යන මෙම ඉල්ලූමට සමගාමීව නිෂ්පාදන කටයුතුද තවදුරටත් පුළුල් කිරීමෙන් ලෙඩ රෝගවලින් පීඩා විඳින තවත් වැඩි පිරිසකට සහනය සැලසීමට හැකියාව ලැබෙන බව අපට වැටහුණා.  ඒනිසා තමයි  ඕනෑම කෙනෙකුට පහසුවෙන් ළඟාවිය හැකි, වැඩි පහසුකම්වලින් යුත් ස්ථානයකට අපේ ඖෂධ නිෂ්පාදනාගාරය රැගෙන ගියේ. මෙම පහසුකම් සමගින්, මේ වනවිට වෙළෙඳපොළේ නැති නවතම ඖෂධීය නිෂ්පාදන පෙළක්ද ළඟදීම වෙළෙඳපොළට හඳුන්වා දීමට කටයුතු සූදානම් කර තිබෙනවා’’ යනුවෙන් ජීවක හර්බල් ප්‍රොඩක්ට්ස් (පෞද්ගලික) සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ, ආයුර්වේද වෛද්‍ය සමන්ත චන්ද්‍රප්‍රිය මහතා පැවැසීය.

සන්ධි රෝග සඳහා පූර්ණ සුවය ලබාදෙන ඖෂධීය නිෂ්පාදන පෙළක් ලෙස ජනතාවගේ විශ්වාසය දිනා ඇති ජීවක වාත පත්තුව, ජීවක වාත තෛලය සහ ජීවක වාතලේපය ජීවක හර්බල් ප්‍රොඩක්ට්ස් (පෞද්ගලික) සමාගම මේ වන විට වෙළෙඳ පොළට හඳුන්වා දී තිබෙන නිෂ්පාදන අතර ප්‍රධාන වේ. ජීවක ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය කරනු ලබන්නේ දශක ගණනාවක් පුරා ලක්ෂ සංඛ්‍යාත රෝගීන්ට සුවය සහ සහනය ලබාදුන් කොස්කඳවල වෙද පරම්පරාවට අයත් ඖෂධ වට්ටෝරු උපයෝගී කරගනිමිනි. සිය පිය පාර්ශ්වයේ උරුමයෙන් කොස්කඳවල වෙද පරපුරේ ඉපැරණි ඖෂධ වට්ටෝරුවලට හිමිකම් කියන ආයුර්වේද වෛද්‍ය සමන්ත චන්ද්‍රප්‍රිය මහතා එහි විස්මිත ඖෂධීය ගුණයන් වත්මන් පරපුරටද දායාද කිරීමේ අරමුණින් එම ඖෂධීය නිෂ්පාදන ‘‘ජීවක හර්බල් ප්‍රොඩක්ට්ස්’’ නාමය යටතේ වෙළෙඳපොළට හඳුන්වා දීමට කටයුතු කරයි.

ජීවක ආයුර්වේද ඖෂධීය නිෂ්පාදන දිවයින පුරා පිහිටි ආයුර්වේද වෙළෙඳසල්, ෆාමසි, ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳසල් මෙන්ම සිල්ලර වෙළෙඳසල්වලින්ද මිලදී ගත හැකිය.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.