lakbima.lk

සෙලාන් 30 වසර සමරා 100%ක බෝනස්


ශ‍්‍රී ලංකාවේ බැංකු ක්ෂේත‍්‍රයේ පළමු වතාවට 100%ක බෝනස් පොළියක් හඳුන්වා දීමට සෙලාන් බැංකුව කටයුතු කර තිබේ. තවත් ප‍්‍රතිලාභ රැුසක් ද මෙම දීමනාව සමගින් ලබාදීමට සෙලාන් බැංකුව පියවර ගෙන ඇත්තේ සිය 30වැනි සංවත්සරය වෙනුවෙනි.

නව ප‍්‍රවර්ධන වැඩසටහන මගින් සෙලාන් ඉතුරුම් ගිණුම් හිමියන්ට 2018 ඔක්තෝබර් 01 වැනිදා සිට 2018 දෙසැම්බර් 31 දක්වා මාස 3ක කාලයක් 100%ක බෝනස් පොළියක් හිමි වනු ඇත. මේ සඳහා ඔවුන්
කළ යුතු වන්නේ තම ඉතුරුම් ගිණුමේ වැඩි වැඩියෙන් මුදල් තැන්පත් කිරීම හෝ නව ඉතුරුම් ගිණුමක් ආරම්භ කිරීම පමණි. 100% බෝනස් පොළී වැඩසටහනට අමතරව තම ඉතුරුම් ගිණුම්වල මාස 12කට වැඩි කාලයක් රු. 20,000/-කට වැඩි ශේෂයක් පවත්වා ගන්නා ගිණුම් හිමියෝ ‘සෙලාන් ෂුවර්’ ප‍්‍රතිලාභ ක‍්‍රමයට සුදුසුකම් ලබති.

එහි දී ඔවුන්ට සිය ගිණුම් ශේෂය අනුව විවාහයක දී, දරු උපතක දී, දසවන විවාහ සංවත්සරයක
දී, 60 වන උපන්දින සැමරුමක දී, ශිෂ්‍යත්ව හෝ අධ්‍යාපනික ජයග‍්‍රහණ වැනි දිවි ගමන ආලෝකමත් කරවන අවස්ථාවන්වල දී රු. 50,000/-ක් දක්වා මුදල් ප‍්‍රතිලාභ හිමිවන අතර සැත්කමක දී රු. 200,000/- දක්වා වැය වූ මුදල් ප‍්‍රතිපූරණයක් හිමි වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පාරිභෝගික බැංකු සේවා) ටිලාන් විජයසේකර මහතා මෙසේ පැවසී ය. ‘‘සුහද හදක් ඇති දේශීය බැංකුව ලෙස අප ඉදිරි පියවරක් ලෙස අපගේ 30 වන සංවත්සරය වෙනුවෙන් 100%ක බෝනස් පොළී දීමනාවක් හඳුන්වා දීමට අප කටයුතු කළා. මෙය ඔවුන්ට තමන් දකින ඇතැම් සිහින යථාර්ථයක් බවට පත් කරගැනීමට මහඟු අත්වැලක් වේවි.”

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.