lakbima.lk

මහජන බැංකුවේ නව සභාපතිනිය ලෙස සුජාතා කුරේ පත්වෙයි

මහජන බැංකුවේ නව සභාපතිනිය ලෙස, රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වන සුජාතා කුරේ මහත්මිය මහජන බැංකු ප‍්‍රධාන කාර්යාලයේ දී පසුගිය නොවැම්බර් 21  වන දින වැඩ භාරගන්නා ලදී.  සුජාතා කුරේ මහත්මිය ශී‍්‍ර ලංකා ක‍්‍රම සම්පාදන සේවයේ  පළමු ශ්‍රේණියේ නිලධාරිනියකි.  කොළඹ විශ්වවිද්‍යාලයේ දර්ශන සහ ශාස්ත‍්‍රවේ දී  උපාධිධාරිනියක වන ඇය නෙදර්ලන්තයේ හේග් හි සමාජ  අධ්‍යයන ආයතනයෙන් (ISS) සංවර්ධන ආර්ථික විද්‍යාව  පිළිබදව ශාස්ත‍්‍රපති උපාධිය හිමි කරගෙන ඇත.  වසර තිහකට අධික සිය රාජ්‍ය සේවා පරිචය තුළ සුජාතා කුරේ මහත්මිය වරාය සහ  මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් ලෙස සේවය කළ අතර, මුදල් අමාත්‍යංශ භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් සහ විදේශ සම්පත් දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය වශයෙන් ඉහළ තනතුරු හෙබවිය. 

මීට අමතරව ඇය රාජ්‍ය සහ පුද්ගලික බැංකු කිහිපයක, ශී‍්‍ර ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ, රක්ෂණ මණ්ඩලයේ, ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලයේ සහ ශී‍්‍ර ලංකා සංචාරක මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක් ලෙස ද කටයුතු කර ඇත. සුජාතා කුරේ මහත්මිය ලෝක බැංකුවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, ආසියානු සංවර්ධන බැංකුවේ සහ ආසියා පැසිෆික් ආර්ථික සහ සමාජ කොමිසමේ  වාර්ෂික  සැසි සහ ජාත්‍යන්තර සමුඵ සදහා ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් සහභාගී වී ඇත.  
මේ වන විට ඇය ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ සාමාජිකාවක් ලෙස ද කටයුතු කරයි.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.