lakbima.lk

ප‍්‍රීමා සිලෝන් 40 වසරක අභිමානය සමරයි

ප‍්‍රීමා සමූහයට අයත් ප‍්‍රමුඛතම සමාගමක් වන ප‍්‍රීමා සිලෝන් සමාගම 40 වසරක් පුරා දේශයේ සංවර්ධනයට උර දෙමින් මෙරට ආර්ථික හා ව්‍යාපාර ලොව තුළ ඉටු කළ මෙහෙවර පසු ගියදා උත්කර්ෂවත්ව සමරනු ලැබිණ. එම සැමරුම පැවැත්වූයේ එකම වහළක් යටතේ නිර්මාණය වූ ලොව විශාලතම පිටි ඇඹරුම්හල් අතුරින් එකක් වශයෙන් වාර්තා ගත ත‍්‍රිකුණාමලයේ පිහිටි ප‍්‍රීමා පිටි නිෂ්පාදනාගාර සංකීර්ණයේදීය.

1977 දී ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම සෘජු විදේශ ආයෝජනය ලෙසින් සැලකෙන ප‍්‍රීමා සිලෝන් හි ප‍්‍රධානතම ව්‍යාපාරය වන්නේ තිරි`ගු පිටි නිෂ්පාදනය හා බෙදාහැරීමයි.

දශක 4ක් පුරා ශ‍්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවල සහ ඒ ආශ‍්‍රිත කර්මාන්ත සවිබල ගැන්වීම සදහා ප‍්‍රීමා අද්විතීය කාර්යය භාරයක් ඉටු කර ඇතග ”ඔබේ සංවර්ධනයට විසදුම් අපි පිරිනමන්නෙමු” යන අරමුණ පෙරදැරිව ප‍්‍රීමා මෙරට ආර්ථික සංවර්ධනය සදහා මහගු පිටු බලයක් ලබා දී ඇත.

සිය 40 වැනි සංවත්සරය නිමිත්තෙන් ප‍්‍රීමා සිලෝන් සමාගම දිවයින පුරා විසිර සිටින ආහාර නිෂ්පාදන ක්ෂේත‍්‍රය නව්‍යකරණයට ලක් කරමින් විශිෂ්ටතා දැක් වූ ව්‍යවසායකයින්ට උපහාර පිදීමේ වැඩ පිළිවෙලක් දියත් කිරීමට සැලසුම් කොට ඇත.

”ඔබේ ප‍්‍රගතිය අපේ අභිමානයයි” යන තේමාව පෙරදැරිව නිර්මාණය වූ මෙම වැඩ සටහන හරහා ඉකුත් හතළිස් වසරක් පුරා මෙරට සාර්ථක ව්‍යාපාරිකයන් සිදු කළ කැප කිරීම, රැකියා අවස්ථා නිර්මාණය කිරීම, දේශීය ආර්ථික වර්ධනයට දායක වීමල දේශයේ ප‍්‍රජාවන්ට සහය වීම සහ නව සොයාගැනීම් වැනි ඵලදායී දායකත්වයන් සැලකිල්ලට ගනිමින් උපහාර දක්වනු ඇත.

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.