lakbima.lk

පාස්කු ඉරිදා විපතට පත් ජනතාවට ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් අත්වැලක්

පාස්කු ඉරිදා දින දේවස්ථාන ඉලක්ක කර ගනිමින් සිදුවූ බෝම්බ ප‍්‍රහාරයෙන් විපතට පත් ජනතාවගේ විවිධ අවශ්‍යතා ඉටුකරදීම සදහා අත්වැලක්  සැපයීමට ජාතික ඉතිරිකිරීමේ බැංකුව පියවර ගනී.

මේ අනුව ජාතික ඉතිරිකිරීමේ බැංකුව මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් සංවිධාන කර තිබූ වෙසක් බැති ගී සහ එයට අදාළ වැඩසටහන් වෙනුවෙන් වෙන්කළ ප‍්‍රතිපාදන සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සමස්ත සේවක ප‍්‍රජාවම නියෝජනය කරමින් ලබාදුන් දායකත්වය, කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්වහන්සේ වෙත භාරදීම සිදුවිය.

මෙම අවස්ථාවට ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ගරු සභාපති ජයරාජ චන්ද්‍රසේකර, සාමාන්‍යාධිකාරී සහ ප‍්‍රධාන විධායක නිලධාරී ධම්මික නිහාල් පෙරේරා, ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ජගත් ගමනායක, බෞද්ධ සංගමයේ සභාපතිනිය වන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී ජීවනී ගුණසේකර, ක‍්‍රිස්තියානි සංගමයේ සභාපතිනිය වන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී ක‍්‍රිස්ටීන් ජේසුදියන්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) ලාල් කරුණාතිලක, ප‍්‍රධාන සුබසාධන කලමණාකරු රංජිත් ගුුණතිලක, සහ සියලූම වෘත්තීය සමිති නියෝජනය කරමින් සාමාජිකයන් පිරිසක් එක් වූහ.

මෙහිදී අදහස් දැක්වූ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්වහන්සේ මෙම සත්කාර්යය ඇගයුමට ලක් කළ අතර, ආර්ථික වශයෙන් මෙන්ම මානසික වශයෙන් ද විපතට පත් ජනතාව යළි ගොඩනැංවීම අත්‍යවශ්‍ය බව අවධාරණය කළේය.

 

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.