lakbima.lk

පන්නිපිටිය පෞද්ගලික රෝහලින් නිවසටම ගොස් වෛද්‍ය ප‍්‍රතිකාර


ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහලක් වන පන්නිපිටිය (පෞද්ගලික) රෝහල තවත් පියවරක් ඉදිරියට තබමින් ජංගම වෛද්‍ය සේවා සහ ජංගම රසායනාගාර සේවා පහසුකම් පැය 24 පුරාම ලබාදීමට පියවර ගෙන තිබේ.

රෝ ගීන්ට රෝහල වෙත පැමිණීමට අපහසු සහ හදිසි අවස්ථාවලදී ඔවුනට සහනයක් සැලසීමේ අරමුණින් දියත් කර ඇති මෙම පහසුකම් ලබාගැනීම සඳහා රෝගියාට අමතරව වැය කිරීමට සිදුවන්නේ ප‍්‍රවාහන වියදම් පමණක් බව පන්නිපිටිය (පෞද්ගලික) රෝහලේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද කුරුප්පුආරච්චි මහතා පවසයි.

එ් අනුව යම් රෝගියකුට ජංගම වෛද්‍ය ප‍්‍රතිකාර අවශ්‍ය බව පන්නිපිටිය (පෞද්ගලික) රෝහල වෙත දැනුම් දුන් විට පළපුරුදු වෛද්‍යවරයකු සහ හෙදියන් දෙදෙනකු රැුගත් ගිලන් රථයක් රෝගියාගේ නිවසටම යැවීමට රෝහල පියවර ගනී.

රෝහල අවට වෙසෙන රෝගීන්ගේ රසායනාගාර සාම්පල නිවසටම ගොස් ලබාගෙන පරීක්ෂණ ප‍්‍රතිඵල ලබාදීම සඳහා කිසිදු අමතර මුදලක් අය නොකිරීම ද පන්නිපිටිය (පෞද්ගලික) රෝහල ලබාදෙන තවත් සේවාවකි.
රසායනාගාර පරීක්ෂණ වාර්තා අවශ්‍ය නම් ඊ-මේල් හරහා එම වාර්තා ක්ෂණිකව රෝගීන් වෙත යැවීමට ද පහසුකම් සලසා දී ඇත.

‘‘යම් රෝගියකුට වෛද්‍ය ප‍්‍රතිකාර හෝ රසායනාගාර සේවා පහසුකම් ලබාගැනීමට රෝහලක් වෙත යාමට අපහසු අවස්ථාවකදී ඔහු හෝ ඇය ඉතා අසරණ තත්ත්වයකට පත්වෙනවා. මෙවැනි අවස්ථාවක රෝ ගීන් පත්වන අපහසුතාවන් ගැන සැලකිලිමත් වෙමිනුයි අමතර මුදලක් ලෙස ප‍්‍රවාහන වියදම පමණක් අයකරගෙන ජංගම වෛද්‍ය සේවා සහ රසායනාගාර සේවා පහසුකම් හඳුන්වා දීමට අප රෝහල තීරණය කළේ. යනුවෙන් පන්නිපිටිය (පෞද්ගලික) රෝහලේ සභාපති සහ කළ-මනාකාර අධ්‍යක්ෂ ආනන්ද කුරුප්පුආරච්චි මහතා පැවැසීය.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.