lakbima.lk

තෙල් නැතිව ආහාර පිසීමට සිංගර් මයික්‍රොවේව්


අප වයස අවුරුදු 35 ඉක්ම වූ සැනින් ආහාර පිළිබඳ විශේෂයෙන් සැලකිළිමත් විය යුතුය. එහෙත් කෙතරම් ව්‍යායාම කළ ද ආහාර ගැනීමේදී ප‍්‍රවේශම් නොවුණහොත් රෝගාබාධවලට ලක්වීම වැළැක්විය නොහැකි වනු ඇත.

සිංගර් සමාගම ද මෙම සංකල්පයට උරදෙමින් ශී‍්‍ර ලාංකික ජනතාව නිරෝගිමත් කිරීමේ අරමුණින් අවම තෙල් භාවිතයෙන් ආහාර පිළියෙල කර ගැනීම ප‍්‍රචලිත කිරීමට පෙරමුණ ගෙන සිටී.

මෙහි පළමුවැන්න ලෙස පසුගියදා සිංගර් මයික්‍රොවේව් භාවිතයෙන් තෙල් රහිතව ආහාර පිළියෙළ කර ගැනීම පිළිබඳ දැනුවත් කිරීමක් කොළඹ දී සිදු කරන ලදී, මෙම ප‍්‍රදර්ශනාත්මක වැඩසටහනේදී සිංගර් මයික්‍රොවේව් උදුන භාවිතයෙන් විවිධ ආහාර පිළියෙල කරගන්නා ආකාරය එහි පැමිණ සිටි පාරිභෝගිකයන් හට සජීවීව අත්විඳීමට අවස්ථාව ලැබිණි.

මෙම වැඩසටහන පිළිබඳ අදහස් දැක්වූ සිංගර් ශී‍්‍ර ලංකා සමාගමේ අලෙවි අධ්‍යක්ෂ කුමාර සමරසිංහ මහතා පැවැසුවේ ‘සිංගර්’ ශී‍්‍ර ලාංකිකයන්ගේ ජනපි‍්‍රයතම වෙළෙඳ නාමය බැවින් පාරිභෝගික සුබසිද්ධිය උදෙසා බොහෝ සමාජ සත්කාරක වැඩසටහන් කි‍්‍රයාත්මක කරන බවත් ඔවුනට සිය කෘතවේදීත්වය මේ ආකාරයෙන් පිරිනැමීමට හැකිවීම ද සතුටක් බවයි.

එමෙන්ම මෙහි සාර්ථකත්වය සහ සහභාගි වූවන්ගේ ඉහළ ප‍්‍රතිචාර මත ඉදිරියේදී දිවයිනේ අනෙකුත් නගරවලටත් සිංගර් මයික්‍රොවේව් ඉවුම් පිහුම් වැඩසටහන දියත් කරන බව ද එ් මහතා වැඩිදුරටත් පැවැසීය. 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.