lakbima.lk

ඩිජිටල් ත්‍රෛභාෂා බැංකුකරණ ඇප් සේවාව කොමර්ෂල් බැංකුවේ Flash



ශ‍්‍රී ලංකාවේ පළමු ත්‍රෛභාෂා බැංකුකරණ ඇප් සේවාව බවට පත්වෙමින් කොමර්ෂල් බැංකුවේ ‘Flash’ ඩිජිටල් බැංකු ගිණුම හඳුන්වාදී වසරක් ගත වෙන්නටත් පෙර සිංහල සහ දෙමළ භාෂාවෙන් ද හඳුන්වා දීමට බැංකුව කටයුතු කර තිබේ.

සිංගප්පූරුවේ Kashmi සමාගම සමග ඒකාබද්ධව සංවර්ධනය කළ ‘Flash’ මගින් භාවිත කරන්නන්ට තමන්ගේ ජංගම සන්නිවේදනය උපකරණ භාවිත කරමින් බැංකු ගිණුමක් නිර්මාණය කිරීමට අවස්ථාව ලබාදී තිබෙන අතර එමගින් ගෙවීම්, ඉතිරිකිරීම්, ආයෝජනය කිරීම් ඇතුළු සේවා ගණනාවක් ලබාගැනීමේ අවස්ථාව ලබාදී ඇත.

මෙම ඩිජිටල් බැංකු ගිණුම මගින් මෙරට පාරිභෝගිකයින් කිසිදා අත්විඳ නොතිබූ පුද්ගලික මූල්‍ය කළමනාකරණ උපකරණ මාලාවක් ලබාදී තිබෙන අතර එමගින් ගිණුම් හිමියන්ට  තමන්ගේ මූල්‍ය කටයුතු හොඳින් සිදුකරමින් වියදම් කිරීමේදී සහ ඉතිරි කිරීමේදී බුද්ධිමත් තීරණයක් ගැනීමට දිරියක් සහ ශක්තියක් ලබාදෙයි.

මෙමගින් තමන්ගේ ගිණුමේ තිබෙන මුදල් පිළිබඳවත් ඒවා වියදම් කරන ආකාරයත් ඒ මොහොතේම දැකගත හැකි නිසා තම මුදල් ඉතාමත් නිවැරදිව වගකීමෙන් වියදම් කිරීමට අවස්ථාව සලසමින් ගිණුම් හිමියන්ගේ මූල්‍ය ශක්තිය වර්ධනය කිරීමට මෙම ගිණුම මගින් සහයෝගය ලබාදෙයි.

මෙම බැංකු ගිණුමේ ඉංග‍්‍රීසි ඇප් සේවාව සඳහා පසුගිය මාස කිහිපය තුළදී සමස්ත ශ‍්‍රී ලංකාවෙන්ම විශාල ප‍්‍රතිචාරයක් හිමිවීමෙන් පසුව එය සිංහල සහ දෙමළ භාෂාවලින් ද හඳුන්වාදෙන බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි. මේ ආකාරයෙන් සිංහල සහ දෙමළ භාෂාවන් හඳුන්වාදීම මගින් කොමර්ෂල් බැංකුව බලාපොරොත්තු වන්නේ ඩිජිටල් බැංකුකරණ කටයුතු සඳහා ඇතුළු වන මෙරට ග‍්‍රාමීය සහ සාම්ප‍්‍රදායික අංශය තුළ ඩිජිටල් බැංකුකරණ කටයුතු වඩාත් ප‍්‍රවර්ධනය කිරීමටයි.

මේ ආකාරයෙන් භාෂා ත‍්‍රිත්වයෙන්ම ලබාගත හැකිවීමත් බැංකුවක් තරම්ම ආරක්ෂාවක් ලබාදීමත් හේතුවෙන් Flash ජංගම දුරකතන ඇප් සේවාව මගින් මූල්‍ය සේවා මාලාවක් විශාල පාරිභෝගිකයින් කණ්ඩායමක් වෙත ලබාදීමේ හැකියාව ලැබී ඇත.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.