lakbima.lk

කොමර්ෂල් බැංකුව ‘ගෙදරට තෑගි 3’ වැඩසටහන අරඹයි


පිට පිටම තුන්වැනි වසර සඳහාත් කොමර්ෂල් බැංකුවේ ‘ගෙදරට තෑගි’ ප‍්‍රවර්ධන වැඩසටහන 2019 දී ආරම්භ කර තිබෙන අතර මෙහිදී බැංකුවේ පේ‍්‍රෂණ ගනුදෙනුකරුවන් 109 දෙනෙකු සඳහා මෝටර් රථයක්, ස්කූටර් තුනක්, ගේදොර උපකරණ 30 ක් සහ හැම්පර් ඇතුළු රුපියල් මිලියන 06 කට අධික ත්‍යාග ලබාදීමට බැංකුව තීරණය කර තිබේ.

මේ අනුව, ඉදිරි මාස 09 තුළදී කොමර්ෂල් බැංකුව මගින් පේ‍්‍රෂණ ගෙන්වා ගන්නා පුද්ගලයන්ට එක් කාර්තුවකට එකක් රුපියල් 15,000 ක් වටිනා හැම්පර් 25 ක් සහ අවසන් මහා දිනුම් ඇදීමේදී තවත් ත්‍යාග 34 ක් දිනාගැනීමේ අවස්ථාව හිමිවේ.

සුපිරි ත්‍යාග වන හයුන්ඩායි ග‍්‍රෑන්ඞ් i10 මෝටර් රථය සහ ස්කූටර් තුනට අමතරව කොමර්ෂල් බැංකුව විසින් මෙම ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ ස්මාර්ට් රූපවාහිනී 10 ක්, රෙදි සෝදන යන්ත‍්‍ර 10 ක්, මුළුතැන්ගෙයි උපකරණ 10 ක්ද අවසන් මහා දිනුම් ඇදීමේදී ප‍්‍රදානය කරනු ඇත.  

කාර්තුමය දිනුම් ඇදීම්වලදී ප‍්‍රදානය කරන හැම්පර් 75 සඳහා රුපියල් 1,125,000 ක් වැයකරන බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි. එසේම, මෙම කාර්තුමය දිනුම් ඇදීම් සඳහා සුදුසුකම් ලැබීමට දිනුම් ඇදීම සිදුකිරීමට පෙර මාස තුන තුළදී පේ‍්‍රෂණ මුදල් කොමර්ෂල් බැංකුව මගින් ගෙන්වාගෙන තිබිය යුතුය.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.