lakbima.lk

කොමර්ෂල් බැංකුව අන්තර්ජාල ගනුදෙනුකරුවන් දිනවයි

අන්තර්ජාල බැංකුකරණය ව්‍යාප්ත කිරීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව විසින් සිදුකළ ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ 2018 සැප්තැම්බර් සිට දෙසැම්බර් මාසය දක්වා බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ පද්ධතිය භාවිත කරමින් පුද්ගලික බැංකු ගනුදෙනු සිදුකළ බැංකුවේ අන්තර්ජාල ගනුදෙනුකරුවන් 12 දෙනෙකු රුපියල් 100,000 බැගින් දිනා ගැනීමට පසු ගියදා සමත්විය.

මීට පෙර, මෙම ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ තවත් බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ ගනුදෙනුකරුවන් 09 දෙනෙකු මුදල් ත්‍යාග දිනා ගත්තේය. මොවුන් සියලූමදෙනා 2018 ජුනි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා කාල සීමාව තුළ ගනුදෙනු කටයුතු සිදුකළ පාරිභෝගිකයන් වේ.     

සේයාරුවෙන් දැක්වෙන්නේ 2018 සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා පැවැත්වූ දිනුම් ඇදීම්වලදී මුදල් ත්‍යාග දිනාගත් වාසනාවන්ත ජයග‍්‍රාහකයන් අතුරින් කිහිප දෙනෙකු කොමර්ෂල් බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී සනත් මනතුංග මහතා (වමේ සිට පස්වැන්නා) සහ ඩිජිටල් බැංකුකරණ අංශයේ ප‍්‍රධානී ප‍්‍රදීප් බන්දුවංශ මහතා (වමේ කෙළවරේම) සමග සිටින ආකාරයයි.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.