lakbima.lk

නොකළ වරදකට අදටත් බැණුම් අහන සඳනි

 
මගේ Facebook ගිණුමේ ඉන්නේ 1000ක විතර ප්‍රමාණයක මිතුරු පිරිසක්. ඒ අය හැමෝම මම පෞද්ගලිකව දන්නා හඳුනන අයයි. ඔවුන්ගෙන් නම් කිසිමදාක මට කිසිම ප්‍රශ්නයක් ඇතිවෙලා නැහැ. මගේ Fanpage  එක පවත්වාගෙන යන්නත් මගේ හිතවතුන් තුන්දෙනෙක්. ඒ හින්දා මගේ Facebook එක කිසිම දවසක මට ප්‍රශ්නයක් වෙලා නැහැ. 
 
හැබැයි ඉතින් මගේ නමින් පවත්වාගෙන යන ව්‍යාජ ගිණුම් හින්දා නම් මම අපහසුතාවට පත්වූ අවස්ථා හුඟක් තියෙනවා. ඒ බොරු Facebookගිණුම පවත්වාගෙන යන්නේ කවුද කියලා මම දන්නේ නැහැ. හැබැයි මේ වෙද්දී ඒ වගේ ව්‍යාජ ගිණුම් 10කට වැඩි සංඛ්‍යාවක් තියෙන බව නම් මම දන්නවා. 
 
එක දවසක් කෙනෙක් මට කිව්වා මම අලුත් තරුණ තරුණියන්ට රඟපාන්නයි, Modeling කරන්නයි අවස්ථාව හොයලා දෙනවා කියන්නේ ඇත්තද කියලා. ඒක ඇහුවම මට පුදුම හිතුනා. මම කිසිමදාක කිසිකෙනෙකුට ඒ වගේ ‍පොරොන්දුවක් දීලා නැහැ. ඒ නිසා මේක ව්‍යාජ ගිණුමක් හරහා සිදුවූ දෙයක් බව මට තේරුණා. ඊට පස්සේ මම මගේ සැබෑ ගිණුමේ Post එකක් පළ කළා නවක ශිල්පීන්ට රඟපාන්නයි, Modeling කරන්නයි අවස්ථාව ලබාදෙන බවට මගේ නමින් පවත්වාගෙන යන ව්‍යාජ ගිණුමකින් බොරු ප්‍රචාරණයක් පැතිර යනවා. 
 
ඒකට රැවටෙන්න එපා කියලා. ඊට පස්සේ හුඟක් අය මට Screen Shots  එවලා තිබුණා අර ව්‍යාජ ගිණුමේ හිමිකෙනා එක්ක Chat කළ කෙටි පණිවුඩ. ඒවායේ හැටියට මම ඒ අය එක්ක Chat කරලා.
 
ඔවුන්ට කලාවට එන්න අවස්ථාව ලබාදීමට පවා ‍පොරොන්දු දීලා. ඒ පිරිස අර ව්‍යාජ කෙනා එක්ක චැට් කරලා තියෙන විදිහට තේරෙනවා ඒ අය ඒ ව්‍යාජ ගිණුම හිමි කෙනා කොයිතරම් විශ්වාස කරලා තියෙනවාද කියලා. ඊට පස්සේ මම ඒ ව්‍යාජ ගිණුමට එරෙහිව නිසි පියවර අරගෙන එය වසා දමන්නට කටයුතු කළා. ඊට ටික දවසක පස්සේ මෙන්න මට නාඳුනන ගෑනු ළමයකුගෙන් ඇමැතුමක් එනවා.
 
අක්කේ..... මම ගොඩාක් අමාරුවෙන් තමයි ඔයාගේ නම්බර් එක හොයාගත්තේ. ඔයා මාත් එක්ක කොයි තරම් Chat කළාද? මට  Modelingකරන්න අවස්ථා දෙන්න කොයි තරම් ‍පොරොන්දු වුණාද? ඇයි ඒ හැම Massage එකක්ම ඩිලීට් කළේ....
 
ඒ ළමයා මගෙන් එහෙම අහනවා. මම අර ව්‍යාජ ගිණුමට විරුද්ධව කටයුතු කරලා ඒ ගිණුම වහලා දැම්මනේ. ඒත් එක්කම ඒ ගිණුමෙන් චැට් කරපු ඒවා මැකිලා යනවා. මේ ගෑනු ළමයත් අර ව්‍යාජ ගිණුමට රැවටුණු කෙනෙක්. එයාගේ Massager  වලත් අර ගිණුම එක්ක Chat කරපු ඒවා මැකිලා ගිහින් තියෙන්නේ. ඒ හින්දා මම එයාට ඒ ටික පැහැදිලි කළා. ඒත් ඒ ළමයා ඒක තේරුම් ගන්නෙම නෑ. 
 
ඒ වෙලාවේ නම් මම ගොඩක් අසරණ වුණා.
 
මේ මෑතකදී හරි අපූරු වැඩක් වුණා. හිරු නාලිකාවේ මගේ හිතවත් කෙනෙක් මට කතා කරලා ඇහුවා මම වැරදි ධඵබ එකක් පළ කරලා තියෙනවාද කියලා?. ඒ ආරංචිය ඇහුව මමත් ඒ ගැන හොයලා බැලුවා.
 
මොකක්ද දන්නවද වෙලා තියෙන්නේ. පහුගිය කා‍ලේ මම හිරු මෙගා ස්ටාර් වැඩසටහනට සම්බන්ධ වුණානේ. මගේ නමින් ව්‍යාජ ගිණුමක් පවත්වාගෙන යන කෙනෙක් ඒ ගිණුමේ  Photos දාලා. එයා ඒකේ සඳහන් කරලා තියෙන්නේ. 
 
මෙන්න මම හිරු මෙගා බ්ලාස්ට්වලට සහභාගි වූ අවස්ථා කියලා. ඒක යටින් ගොඩක් අය Comment දාලා. ඒ අතරින් බහුතරයක් මට බැණලා දාපු Comment. දැන් කා‍ලේ නිළියෝ තමන් ඉන්න වැඩසටහනේ නමක්වත් දන්නේ නෑ කියලා සමහරු දාලා තිබුණා. ඒ වෙලාවෙත් මම ගොඩක් අසරණ වුණා.
 
මොකද මට බැහැනේ වෙන කෙනෙක් කරන ගිණුමක දාපු වැරදි ‍පෝස්ට් එකක් අයින් කරන්න. ඒ හින්දා නොකළ වරදකට චෝදනා ලබමින් ලැජ්ජාවට පත්වෙන්න මට සිදුවුණා.
 
ආරියවංශ කුලතිලක

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.