lakbima.lk

ඇමෙරිකානු ඩොලර් මිලියන 327.8 ක ත්‍යාගය ජෝන් සහ ලීසා රොබින්සන්ට

ලෝකයේ වැඩිම මුදලක් ලබා දෙන ලොතරැයිය තමයි ඇමෙරිකාවේ පවර් බෝල් ජැක්පොට් ලොතරැයිය. 2016 අවුරුද්දේ ජනවාරි 13 වැනිදා ටෙනසීවල ජීවත් වන ජෝන් සහ ලීසා රොබින්සන් දෙන්නා මේ ලොතරැයියෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 327.8 ක් වුණු පළමු ත්‍යාගය දිනා ගත්තා.

මේ දිනුම ලැබුණු ගමන්ම කූරියර් සමාගමක සේවය කළ ජෝන් සහ වේටර්වරියක වුණු ලීසා කළේ රැකියාවලින් තාවකාලිකව ඉවත් වෙන එකයි. ඉන් පස්සේ අක්කර 320 ක ඉඩමක ඉදි කර තිබුණු නිදන කාමර 10 ක් සහිත විශාල නිවසක් ඔවුන් මිලදී ගත්තා.

පෞද්ගලික සිනමා තියටර් එකක්, පිහිණුම් තටාගයක් වගේම දිය ඇල්ලකුත් එයට ඇතුළත්. ඩොලර් මිලියන 6.2 ක් මේ වැඬේට වැය වුණා. මාස දෙකක් පුරා විනෝදයෙන් සංචාරවල යෙදෙමින් කාලය ගත කළ ඔවුන් මාස දෙක අවසානයේ නැවතත් රැකියාවට ගියා.

ඒ වෙද්දී ජෝන්ගේ රැකියාව නැති වෙලා තිබුණත් ලීසාට වේටර් රස්සාව දිගටම කරන්න පුළුවන් වුණා. නමුත් ඇය රැකියාව කළේ සති 3 ක් විතරයි. ඒකට හේතුව ඇගේ මිතුරු මිතුරියන් අතමාරු ඉල්ලාගෙන ඇයව හමුවෙන්න එන්න පටන් ගත්තු නිසා ඇයට හරියට රැකියාව කරගන්නවත් හැකියාවක් නොමැති වීමයි.

අද වෙද්දී ඔවුන් අර විශාල මන්දිරයට වෙලා කිසිදු ඥාතී මිත‍්‍රාදියෙකු නොමැතිව බොහෝම නිහඩ ජීවිතයක් ගත කරනවා.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.