Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube

lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

විජයදාස හා ෆයිසර්ටත් විශ්වාසභංග - ආණ්ඩුව තවත් අවුලක?

අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂට සහ පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපාට විරුද්ධව විශ්වාසභංග යෝජනා දෙකක් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේම මන්ත්‍රීවරු පිරිසක් සූදානමින් සිටින බවට දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.
එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමේ මන්ත්‍රීවරු පිරිසක් විශ්වාසභංග යෝජනාව අත්සන් කිරීමට අදාළ කටයුතු ආරම්භ කර තිබෙන බවද ආරංචි මාර්ග පවසයි.
කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩකිරීම, දූෂණ වංචාවලට අදාළ විමර්ශන කටයුතු යට ගැසීම ඇතුළු චෝදනා කිහිපයකට විජයදාස රාජපක්ෂ ඇමැතිවරයාටද පළාත් සභා හා පළාත් පාලන ඡන්දය කල් දැමීම හේතු කොටගෙන ෆයිසර් මුස්තාපා ඇමැතිවරයාටද විරුද්ධව විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කිරීමට නියමිත බව, විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක් පැවැසීය.ඒ අනුව ඉදිරි දින කිහිපය තුළදී විශ්වාසභංග යෝජනාවට  අදාළ අත්සන් ලබාගැනීම ආරම්භ කරන බවද එම මන්ත්‍රීවරයා පැවැසුවේය.

 සංජය නල්ලපෙරුම

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

පිරිමින්ට වඩා කාන්තාවන්ට වේදනා දරා ගන්න පුළුවන්ද?

IMAGE 2017 Sep 26 10:26
අපි හිතාගෙන ඉන්නෙ පිරිමි අය ශක්තිමත් නිසා මානසික සහ කායික වේදනාවන් කාන්තාවන්ට වඩා වැඩියෙන්...
Views - 244

ඔබේ ගෙවත්තෙත් සමනල උයනකට ඉඩ සලසමු

IMAGE 2017 Sep 25 13:51
ඔබේ ගෙවත්තත් සමනල උයනක් කරගන්න කැමතිද කියලා ඇහුවොත් කිසිම කෙනෙක් අකමැති වෙන එකක් නැහැ. ඒ ඒක...
Views - 872

කතුන්ගේ කොණ්ඩය කැපිය යුතු විදිහ කියා දෙන ආණ්ඩුවක්

IMAGE 2017 Sep 25 12:03
කොරියාවේ රැකියාවකට යෑම අද බොහෝ තරුණයන් අතර ඇති සිහිනයකි. එසේ යන සියල්ලෝම පාහේ අතමිට සරු කර...
Views - 1135

මම කිසිම දවසක මං වෙනුවෙන් මනාප පාවිච්චි කරලා නැහැ

IMAGE 2017 Sep 25 11:47
පසුගිය 20 වැනිදා සන්ධ්‍යාවේ පැවැති 22 වැනි සුමති ටෙලි සම්මාන උළෙලෙහිදී කාවිංග පෙරේරා ජනප්‍රිය...
Views - 791

කාමරංකා කන්න එපා

IMAGE 2017 Sep 24 13:10
වකුගඩු ආසාදන ශ්‍රී ලංකාවේ බරපතළ සෞඛ්‍ය තර්ජනයකි. කිහිප ආකාරයක වකුගඩු ආසාදන ශ්‍රී ලංකාවේ...
Views - 7173

ඔය කියන නිරුවත් ඡායාරූපවල ඉන්නේ මම ‍නෙවෙයි

IMAGE 2017 Sep 24 12:18
ගයාත්‍රි ඩයස් දැන් අන්තර්ජාලයේ පුවත් මවන්නියක් බවට පත් වෙලා. ඒ විදියට ඇය ගැන පැතිර ගිය එක්...
Views - 3346

Please publish modules in offcanvas position.