lakbima.lk
2017-04-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.5100 , විකුණුම් මිල රු.154.3100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.9300 , විකුණුම් මිල රු.198.4400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.3000, විකුණුම් මිල රු.166.4200 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.6900 , විකුණුම් මිල රු.155.6300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.9600 , විකුණුම් මිල රු.115.3500 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.112.2600 , විකුණුම් මිල රු.117.3100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1400 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3712, විකුණුම් මිල රු.1.4229 |

කැළි කසළ වලින් මුතුරාජවෙල වැනසීම අරඹති(UPDATE)

ලොරි රථ වලින් ගෙනෙන ලද කැළි කසළ මේ වන විට අදාල ඉඩම වෙත බැහැර කෙරෙමින් පවතී. දැඩි පොලිස් ආරක්ෂාවක් මධ්‍යයේ සිදුකෙරෙන මෙම ක්‍රියාව කෙරෙහි විරෝධය පළ කරනු වෙනුවට ප්‍රදේශවාසීහු මේ වන විටත් යාඥා මෙහෙයක යෙදී සිටති.



----------------------------------------------------------------------------------------------------------------------------------------
මීට මද වේලාවකට පෙර කොළඹ දෙස සිට විකල්ප මාර්ගයකින් පැමිණි ටිපර් රථ දහයක තිබූ කුණු මිශ්‍ර පස් වලින් එම ඉඩමට යාම සඳහා තාවකාලික මාර්ගයක් සකස් කොට ඇත. ප්‍රදේශයේ කිතුනු පූජක තුමන්ලාගේ ඇතුළු ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය මත සිදු කෙරෙන මෙම ක්‍රියාවට ආරක්ෂාව ලබාදීම පිණිස පොලිසියේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ භට පිරිස් සෑහෙන පිරිසක් මෙහි ගෙන්වා තිබේ.

අවසානයේ මෙම පස් පිරවීීම සිදුකෙරෙන අතරේ එහි රැස්ව සිටින කිතුනු පූජකවරුන් සහ ජනතාව ඒ ආසන්න ස්ථානයක දෙවියන් යැදීමක යෙදී සිටිනු දැකිය හැක විය.

ඒ අනුව සියළු විරෝධතා මැද මුතුරාජවෙල අභයභූමි සීමාවේ පිහිටි මෙම ඉඩම වෙත සපුරාම නීති විරෝධී ලෙස අද දිනය තුළ කැළි කසල බැහැර කෙරෙණු ඇතැයි  ප්‍රදේශවාසීහු කියති.

---------------------------------------------------------------------------------------------------------------------------------------

කොළඹ නාගරික සීමාවේ කැළි කසළ විශාල ප්‍රමාණයක් කොළඹ කටුනායක අධිවේගී මාර්ගය අද්දර පිහිටි ජා ඇල දෑලතුර ඇලවේල්ල ප්‍රදේශයේ තෙත්බිමකට මුදාහැර පසුව එය පස්වලින් වසා එම තෙත්බිම ගොඩ කිරීමේ කූට උත්සාහයකට පාර්ශව කිහිපයක් සැරසෙන බවට ජා ඇල ප්‍රදේශවාසීහු චෝදනා කරති.

මුතුරාජවෙල අභයභූමි සීමාව තුළ පිහිටි එම ඉඩම සඳහා නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් දරන පුද්ගලයකු මේවනවිට හිමිකම් කියන බව ප්‍රදේශවාසීහු කියති. ඔහු ප්‍රදේශයේ තිබූ ‘මුතුරාජවෙල අභය භූමිය’ යන නම සඳහන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු නාම පුවරු ගලවා දැමීමේ වරදට පසුගිය දිනවල රිමාන්ඩ් භාරයේ පසුවූවකු බවද ප්‍රදේශවාසීහු කියති. මේ වනවිට එම ඉඩමේ “පෞද්ගලික සමාගමක් සතු ඉඩමකි ඇතුල්වීම තහනම්” යනුවෙන් පුවරුවක් සවිකොට ඇත. නමුත් එම සමාගම කුමක් දැයි එහි සඳහන් නොවේ.

වත්තල ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මෙම තෙත් බිමට කසළ හෙළීම ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ දේශපාලන බලවතුන් කිහිප දෙනෙකු ගේද සහායෙන් කරන හවුල් ජාවාරමක් බව මේ වනවිට අනාවරණය වී ඇතැයි පවසන ජා ඇල ප්‍රදේශවාසීන් කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා ඇල පිවිසුම අද්දර පිහිටි එම භූමි භාගය එම පුද්ගලයා විසින් අත්පත් කර ගෙන ඇත්තේ එහි ඇති අධික මූල්‍ය වටිනාකම නිසා යැයි කියති.

පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට ලක්වූ දිවුලපිටියේ අකරගමින් ගෙනෙන ලද පස්වලින් පුරවන ලද මුතුරාජවෙල තෙත් බිමට අයත් දඬුගම ඉඩමේ හිමිකරු වශයෙන් පෙනී සිට ඇත්තේ ද මේ පුද්ගලයාම යැයි කියනු ලැබේ. කෙසේ හෝ කොළඹ කැලිකසල මෙම ඉඩමට මුදා හළ පසු එය හැකි ඉක්මනින් පස්වලින් වසා දැමීමේ මුවාවෙන් කෙරෙන මෙම තෙත්බිම් කොල්ලය දෙස තමන් විමසුම් සහගතව බලා හිඳින බව ජා ඇල ප්‍රදේශවාසීහු ලක්බිම ඔන්ලයින් වෙත කීහ.

ප්‍රසංග පෙරේරා  - ජා ඇල

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 2625

ගම්පහ ටියුෂන් ලිංගික උප සංස්කෘතිය කුරුණෑගලත්?

IMAGE 2017 Apr 25 11:46
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයෙන් ප්‍රතිකාර ගන්නා පිරිසෙන් යම්...
Views - 1069

ප්ලාස්ටික් සැත්කම් උන්මාදනී මෙලොව හැරයයි

IMAGE 2017 Apr 25 10:17
සිය සිරුර් අගපසග උලුප්පා පෙනෙන ආකාරයෙන් ප්ලාස්ටික් සැත්කම් කර ගැනීමේ උන්මාදයකින් පෙළුණු...
Views - 8830

මිනිපිරියගේ උපන්දිනේට බෙන්ස් එකක් දුන් හිටපු ඇමති සීයා

IMAGE 2017 Apr 24 15:39
හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගේ දියණියගේ දියණිය වන ජොවීන්‍යා (Jovinya) මාරසිංහ පසුගිය දා...
Views - 3896

අඩ නිරුවත් විලාසිතා ලිංගික අපරාධ වලට මුලක් නොවේ

IMAGE 2017 Apr 24 12:36
කාන්තා අඩ නිරුවත් විලාසිතා නිසා ලිංගික අපරාධ වැඩි විය හැකි බවට සමාජය පුරා පැතිරයන මතය කිසිදු...
Views - 1454

ආබාධිත රණවිරු තාත්තා කියන සංවේදී කතාවක්

IMAGE 2017 Apr 24 10:27
උතුරේ තිබුණු බිහිසුණු යුද්ධය කොයිතරම් විනාශකාරී අවාසනාවන්ත එකක්ද කියන එක අපි අමුතුවෙන් මතක්...
Views - 1225

Please publish modules in offcanvas position.