lakbima.lk
2017-03-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.1100 , විකුණුම් මිල රු153.9600 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.187.8700 , විකුණුම් මිල රු194.3400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.0600, විකුණුම් මිල රු.168.2900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.151.3300 , විකුණුම් මිල රු.157.4000 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.111.4800 , විකුණුම් මිල රු.115.9300 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.4500 , විකුණුම් මිල රු.118.5800 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3504 , විකුණුම් මිල රු.1.4021 |

නරක් වු දියර කිරි දසදහසක් කාසල්රි ජලාශයට මුදාහරි

හැටන් දික්ඔය දරවල ප‍්‍රදේශයේ පෞද්ගලික දියර කිරි එකතු කර බෙදා හරින මධ්‍යස්ථානයක නරක් වු දියර කිරි ලීටර් දසදහසක් කාසල්රි ජලාශයට හැටන් සිට ප‍්‍රධාන වශයෙන් ජලය ගලා බසින දික්ඔය ඇළට මුදාහැරිම නිසා එම ඇළ මාර්ගය දිගේ කාසල්රි ජලාශයට නරක් වු දියර කිරි මිශ‍්‍ර ජලය ගලා බැසිම නිසා ප‍්‍රදේශයේ දැඩි දුගන්ධයක් මෙන්ම විශාල පරිසර හානියක් සිදුවි තිබෙනවා.

මෙම කිරි එකතු කිරිමේ මධ්‍යස්ථානය මගින් පැලවත්ත ප‍්‍රදේශයේ කිරි පිටි නිෂ්පාදන සමාගමකට ලබා දුන් කිරි ලීටර් දසදහසක් නරක් වි ඇති නිසා එම දියර කිරි ආපසු එම කිරි එකතු කිරිමේ මධ්‍යස්ථානයටම නැවත හරවා එවිමෙන් පසු එම දියර කිරි ලීටර් දස දහස එම දියර කිරි එකතු කිරිමේ මධ්‍යස්ථානයට ආසන්නව තිබෙන දික්ඔය ඇළට මුදාහැර ඇති බවයි ප‍්‍රදේශවාසින් පවසන්නේ.

එම කිරි එකතු කිරිමේ මධ්‍යස්ථානයේ සිට කාසල්රි ජලාශයට කිලෝ මිටර් දෙකක් පමණ ජලය ගලා බසින දික්ඔය ඇළ මාර්ගය අද  උදැසන සිට කිරි පැහැයෙන් ගලා බසිනවා.මේ දිනවල මධ්‍යම කදුකරයේ පවතින දැඩි වියළි කාළගුණ තත්ත්වයත් සමගම ඇළ මාර්ගයේ ජලය අඩුවිම නිසා මුදාහැර ඇති නරක් වු දියර කිරි සෙමින් කාසල්රි ජලාශයට ගලා බසිමින් පවතිනවා.මේ සමිබන්ධයෙන් එම කිරි එකතු කිරිමේ මධ්‍යස්ථානයේ  සේවකයන් හා නිළධාරින්ගෙන් අප කල විමසුමකට ඔවුන් මෙම සිද්ධිය සමිබන්ධයෙන් පරස් පර අදහස් ප‍්‍රකාශ කරනවා. එහි සේවකයෙකු පවසන්නේ එකතු කර තිබු දියර කිරි ලීටර් පන්දහසක් සහිත ටැංකියක් පෙරලි යෑමෙන් දික්ඔය ඇළට දියර කිරි මුසුවි ඇති බවයි.

එම කිරි එකතු කිරිමේ මධ්‍යස්ථානයේ කළමණාකාරවරයා පවසන්නේ තම මධ්‍යස්ථානයේ එක්රැස් කළ කිරි බවුසරයට පොම්ප කිරිමේ දි ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් නළයක් පුපුරා දියර කිරි ජලාශයට මුසුවු බවයි. මෙම පරිසර විනාශය සමිබන්ධයෙන් හැටන් පොලිසිය මගින් එම කිරි එකතු කිරිමේ මධ්‍යස්ථානයේ කළමණාකාරවරයාව සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරුව අද හැටන් මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන බවයි හැටන් පොලිසිය පැවසුවේ.

හැටන් රංජිත් රාජපක්‍ෂ

Comments  

+2 #1 සල් 2017-02-17 14:58
මුළු රටම ගඳ ගැහුවත් කමක් නැහැ, තමන් ඉන්න තැන විතරක් හොඳට තිබුනහම ඇති කියල හිතන උන් ඉන්නකල් මේවා දිගටම වෙයි. සිංගප්පුරුවේ වගේ කෙල ගැහුවත් දඩ ගහන විදිය තමයි හරි යන්නේ
Quote
0 #2 jagath 2017-02-18 17:18
අහන්ඩ දෙයක් නෑ පර දෙමල හැත්ත ඉන්න පළාත නේ. උන් තමා ඔය වගේ ජරා වැඩ කරන්නේ
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

බිග් මැච් තහනම ඇවිලෙන ගින්නක් පිදුරු වලින් වහනවා වගේ!

IMAGE 2017 Mar 28 15:52
ශ්‍රී ලංකාවේ දරුවන් විභාග සමත් වීමේදී ඉදිරියෙන් සිටියත් ඔවුන්ගේ විනය පිළිබඳව සතුටුවිය...
Views - 385

සිංහල අලුත් අවුරුද්ද අපට මෙතරම් රහ වැටෙන්නේ ඇයි?

IMAGE 2017 Mar 28 10:26
’සිංහල අලූත් අවුරුද්ද’ යන වදන අසන්නට හෝ කියවන්නට ලැබුණු සැණින් ඔබගේ සිත තුළ ජනිත වන හැඟීම...
Views - 484

සුද්දන් දෙකට පැලූ 'මීයන් ඇල්ලේ' කතාව

IMAGE 2017 Mar 27 16:59
වර්ෂ 1815දී අප රටේ පාලනය මුළුමනින්ම සිය’තට ගත් ඉංග්‍රීසි ජාතිකයන් එය නැවත අප අතට පත් කරන ලද්දේ...
Views - 1123

මැතිනිය බක්කි කරත්තෙන් ඉස්කෝ‍ලේ ගිය හැටි

IMAGE 2017 Mar 27 11:07
ඒ වර්ෂ 1923 ජූලි මස 9 බ්‍රහස්පතින්දායි. රත්නපුර දඹවින්න වලව්වෙන් පිටත් වූ බක්කි කරත්තය නගරයේ...
Views - 2007

සමහර සාස්තර බලාගෙන හිටියා වගේ කියැවෙන්නේ කොහොමද?

IMAGE 2017 Mar 27 10:43
ගතවූ වසර විසිඅටක කාලය තුළ මම වරින්වර ‘බලා සිටියාක් මෙන් සත්‍ය පවසෙතැ’යි බොහෝ දෙනකු කී...
Views - 2114

සමහරු සල්ලි මත්තේ නැහෙද්දී තාත්තා වින්දනය සොයමින්...

IMAGE 2017 Mar 26 14:43
සිංහල වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය විජයග්‍රහණය කළ චරිතාංග නළුවකු වශයෙන් ජයලත් මනෝරත්නයන්...
Views - 7540

Please publish modules in offcanvas position.