lakbima.lk
2017-01-16 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.148.09 , විකුණුම් මිල රු.151.84 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.177.44 , විකුණුම් මිල රු.183.57 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.156.31 , විකුණුම් මිල රු.162.31 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.145.62 , විකුණුම් මිල රු.151.44 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.04 , විකුණුම් මිල රු.116.49 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.109.83 , විකුණුම් මිල රු.114.78 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.103.16 , විකුණුම් මිල රු.106.97 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2905 , විකුණුම් මිල රු.1.3395 |

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පොලිස්  මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අද (10) අත්අඩංගුවට ගෙන තිබේ.  අද (10) උදෑසන වීරවංශ මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා පොලිස්  මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණියා. එහිදී ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් වීරවංශ මහතා අත්අඩංගුවට ගත් බව ආරංචි මාර්ග සදහන් කරයි. අද(10) ඔහු  කොටුව මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. 

දිස්ත්‍රික්කය තුළ ලොතරැයි අලෙවිය තුන් ගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයකින් අඩු වී ඇති හෙයින් මතෛක් ලොතරැයි අලෙවි කොට ජීවිතය ගැට ගසාගත් බොහෝ අය ලොතරැයි අලෙවි කිරීම අතහැර වෙනත් රැකියාවලට යොමු වීමට පටන්ගෙන ඇතැයි ගාලු දිස්ත්‍රික්කයේ ලොතරැයි අලෙවි නියෝජිත සුබසාධක සංගමයේ සාමාජික පිරිසක් ‘ලක්බිමට’ පැවසූහ.
වෙනදා මම දිනකට ලොතරැයි 7500ක් විතර ප්‍රාදේශීය කාර්යාලයෙන් අරගෙන එනවා. දැන් 2500ක් ගෙනැල්ලත් ඒක විකුණා ගන්න බැහැ යැයි නාගොඩ ප්‍රදේශයේ අලෙවි නියෝජිතයකු පැවසූ අතර උඩුගම ප්‍රදේශයේ ලොතරැයි අලෙවිකරුවකු පැවසුයේ වෙනදා ටිකට්පත් 1500 - 1700 අතර ප්‍රමාණයක් විකුණු තමන්ට දැන් ටිකට් 500ක් වත් විකුණාගත නොහැකි බවය.
ටිකට් මිලදී ගන්නා බහුතරයකට සිදුවන්නෙ පත්තරේ බලලා ටිකට් පත විසිකර දැමීමටයි. ඒක නිසා මිනිස්සු ටිකට් මිලදී ගන්නේ නැහැ. අනිත් එක අපිට කොමිසන් එක වැඩි කරලා තියෙන්නේ සත 50යි. හරියට නම් 1.75ක් වැඩි විය යුතුයි.
මේ අතර සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පසුගිය දිනෙක කළ ප්‍රකාශයකට විරෝධයපෑමක් හැටියට ‘නීරෝගා’ නමැති ටිකට්පත විකිණීම අත්හිටුවීමටද ලොතරැයි අලෙවි කරන්නන් තීරණය කර ඇතැයි එක් අලෙවිකරුවෙක් පැවසීය. එහෙත් මේ පිළිබඳව සංගමය අවසන් තීරණයක් ගෙන නැතැයි එහි ‍ලේකම් නිමල් මහතා පැවසීය. කෙසේ වෙතත් අලෙවි කුටිවල එම ටිකට්පත දක්නට නැත.


ආරියසෝම නාගොඩවිතාන - තවලම

කළුතර සිට ඊයේ උදය මීගමුව බලා ධාවනය වූ දුම්රියක ගමන්ගත් පුද්ගලයෙකු වාද්දුව පල්ලියමංකඩ ප්‍රදේශයේදී දුම්රිය මාර්ගය අද්දර කණුවක වැදී වැටී මියගොස් ඇතැයි වාද්දුව ‍පොලීසිය කියයි.
ඊයේ උදේ 7.30ට පමණ අංක 326 දරන දුම්රියේ ගමන් කරද්දී මෙසේ අනතුරට මුහුණ පා ඇත්තේ වාද්දුව මොල්ලිගොඩ පෙරේරා මාවතේ ලලිත් ප්‍රියන්ත කුමාර (50) නමැත්තෙකි.
වාද්දුව ‍පොලීසිය ඒ සිදුවීම පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

වස්කඩුව රූපි සුසෙව්හේවා

මිතුරියගේ කේ‍රඩිට් කාඩ්පත සොරාගෙන රුපියල් ලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුතු රන්මාලයක් සාදවාගත් ‍පොලිස් සැරයන්වරයෙකුගේ බිරිඳක් ණය කාඩ්පතේ මාසික ගිණුම් ප්‍රකාශය පැමිණීමෙන් අනතුරුව සිදුකළ වංචාව හෙළිවීමේ පුවතක් අනුරාධපුරයෙන් වාර්තා විය.
සැකකාරිය අනුරාධපුර හිදෝගම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි දෙදරු මවක වන අතර අනුරාධපුර කාර්මික පෙදෙසේ පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික සමාගමක කාර්යාල සේවිකාවක වශයෙන් කටයුතු කර තිබේ. මීට දින කිහිපයකට ඉහතදී ඇය කාර්යාලයේ සේවය කරන සිය හොඳම මිතුරියගේ අත් බෑගයෙන් ඇයට අයත්ව තිබූ ණය කාඩ්පත සොරාගෙන රන් ආභරණ අලෙවි කරන ආයතනයට ගොස් රුපියල් 89,000ක් පමණ වටිනා රන් මාලයක් සාදවාගෙන ඇත.
ස්වර්ණාභරණ ආයතනයට ගොස් රන්මාලය සාදවා ගැනීමෙන් පසුව ඇය සොරාගත් ණය කාඩ්පතෙන් ගෙවීම සිදුකර ඇත. රන් භාණ්ඩ ආයතනයේ සේවකයන්ද සැකකාරියගේ අනන්‍යතාව පිළිබඳව කිසිදු විමසීමක් නොකර රන්මාලය අලෙවිකර බිල්පත් අගය ගෙවීම කාඩ්පතින් ලබාගෙන තිබෙන බවද වාර්තා විය.
සැකකාරිය රන් භාණ්ඩය මිලදී ගැනීමෙන් පසුව කාඩ්පත් හිමිකාරියට ණය කාඩ්පතේ මාසික බිල්පත ලැබි ඇති අතර එහි රුපියල් 89,000ක රන් භාණ්ඩ ලබා ගැනීමක් පිළිබඳව සටහන් වීම නිසා කාඩ්පත සොරකම් කර කිසිවෙකු ගනුදෙනුවක් සිදුකර තිබෙන බවට ඇය තහවුරු කරගෙන තිබේ. ආයතනයේදී අත් බෑගයේ තිබූ කාඩ්පත සොරා ගත්තේ කවුරුන්ද යන්න අනාවරණය කරගැනීමට ඒ පිළිබඳව ආයතන කළමනාකාරීත්වයට දැනුම්දීමට ඇය කටයුතු කර ඇත.
පසුව හොරකම අනාවරණය කර ගැනීමට සේවා ස්ථානයේ ආරක්ෂිත කැමරා පද්ධතිය පරීක්ෂා කිරීමේදී ‍පොලිස් සැරයන්වරියගේ බිරිඳ අදාළ කාඩ්පත සොරා ගැනීම සිදුකර ඇති බවට තහවුරු කරගෙන ඒ පිළිබඳව ඇයගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී කාඩ්පත සොරාගෙන රන්මාලයක් සාදවාගත් බව පවසා තිබේ.
බිරිඳ සිය සමීපතම මිතුරියට වංචාවක් සිදුකර ඇති බව ‍පොලිස් සැරයන්වරයාට දැන්වීමට ආයතන කළමනාකාරීත්වය කටයුතු කර ‍පොලීසියට පැමිණිලි ඉදිරිපත් නොකර කාඩ්පතේ හිමිකාරියට අලාභ මුදල ගෙවන ලෙස දන්වා තිබේ. අනතුරුව සැකකාරිය කාඩ්පත සොරාගෙන සාදවාගත් රන්මාලය ඇයට ලබාදී සිදුකළ සොරකමට සමාව දෙන ලෙස ඉල්ලා ඇත.
ආයතනයේ ගරුත්වයට හානි සිදුවන අයුරින් කටයුතු කිරීමේ චෝදනාව මත ඇය වහාම ආයතනයෙන් ඉවත්කර දැමීමට පියවර ගෙන තිබූ බව වාර්තා විය.


අනුරාධපුර - බුද්ධික මහේෂ් විජේසූරිය

කාන්තාවක හෝටල් කාමරයකට රැගෙන ගොස් එහි බිල ගෙවීමට මස්සිනාගෙන් ලබාගත් ණය මුදල පියවීම සඳහා වෙළෙඳසලක් කොල්ලකා පලායෑමට උත්සහ කළ පුද්ගලයෙකු ප්‍රදේශයේ තරුණයන් අල්ලාගෙන පහරදී අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියේ අපරාධ විමර්ශන අංශයට බාරදී තිබේ.
සැකකරු විවිධ අපරාධ සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන ‍පොලීසිය මගින් මීට පෙර අවස්ථා කිහිපයකදීම අත්අඩංගුවට ගෙන ඇති අතර අනුරාධපුර පුබුදුපුර ප්‍රදේශයේ කාන්තාවක් පවත්වාගෙන යන කුඩා වෙළෙඳසලකට බලහත්කාරයෙන් ඇතුළු වී එහි තිබූ රුපියල් 7500ක පමණ මුදලක් කොල්ලකා පලායාමට උත්සහ කිරීමේදී තරුණයන්ගේ ග්‍රහණයට හසුවිය.
මොහු මුදල් කොල්ලකා තාප්පයකින් පැන පලායාමට උත්සහකරත් පිම්ම වැරදි තාප්පයේ බිමට වැටී පාදයක් ආබාධයට ලක්වීම නිසා තරුණයන් ඔහුව අල්ලාගෙන දරුණු ලෙස පහරදී තිබෙන බව ‍පොලීසිය පැවැසුවේය. ප්‍රහාරයෙන් ඔහුගේ අත්පාවලට තුවාල සිදුවී ඇති අතර මස්සිනාගෙන් ලබාගත් රුපියල් 2000ක මුදල පියවීමට කොල්ලකෑම සිදුකර ඇති බව ‍පොලීසිය කියයි.
අනුරාධපුර දහයියාගම හංදියේදී කාන්තාවක සමග මිතුරු වී හෝටලයකට ගොස් කාලය ගත කළ බවත්, ඇයට රුපියල් 1000ක මුදලක් හා හෝටල් කාමරයට රුපියල් 1000ක් ලබාදීමට සිය මස්සිනාගෙන් රුපියල් 2000ක් ණයට ඉල්ලා ගත් බව සැකකරු ‍පොලීසියට පවසා තිබුණි.
පසුව එම මුදල ගෙවීමට කොල්ලකෑම සිදුකළත් කොල්ලය වැරදුණු බව ‍පොලීසියට පවසා තිබුණු අතර සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී විජයපුර ප්‍රදේශයේ නිවසක ඉදිරිපිට නවතා තිබූ රුපියල් 200000ක් පමණ වටිනා යතුරු පැදියක් සොරකම් කළ බවද ඔහු ‍පොලීසියට පවසා තිබුණි.
අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක එම්.එස්. කුමාරසේන මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

අනුරාධපුර - බුද්ධික මහේෂ් විජේසූරිය

ප්‍රකාශයක් ලබා දීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයකට කැදවා ඇත.
රජයේ වාහන අවභාවිතාව සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා බව වාර්තා වේ.

නව වසරට අදාළ වෛද්‍ය ස්ථාන මාරුවීම් ‍ලේඛණය මතෛක් නිකුත් නොකිරීමට හේතුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඇඟිලි ගැසීම් බව සෞඛ්‍ය අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට බලපෑම් කරමින්, අදාළ ‍ලේඛණය සකස් කිරීමට නොහැකි තත්ත්වයක් මතුකර ඇති බවටද තොරතුරු වාර්තා වේ.
දැනට වසා දමා ඇති ග්‍රාමීය හා පර්යන්ත රෝහල් 40ක් යළි විවෘත කිරීම සඳහා වෛද්‍යවරුන් යොමුකරලීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එම රෝහල් යළි විවෘත කිරීම සඳහා වෛද්‍යවරුන් යොමුකිරීමට මැලිකමක් දක්වන බව, අමාත්‍යාංශ වාර්තා සඳහන් කරයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රෝහල්වල වෛද්‍ය හිඟයක් ඇති බව ප්‍රකාශ කළත් රෝහල්වල පවතින එම හිඟයට හේතුව වී ඇත්තේ ද නවක වෛද්‍යවරුන් මේ වන විට පුහුණුවීම්වල නිරතවීම වන බවත්, අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
 
පැතුම් වික්‍රමරත්න

අහංගම ශාරිපුත්‍ර මහා විදුහ‍ලේ පළමු වැනි ශ්‍රේණියට ළමයෙකු ඇතුළුකර ගැනීම සඳහා එම ළමයාගේ පියාගෙන් රුපියල් විසි දහසක අල්ලසක් ගැනීම සම්බන්ධයෙන් එම විද්‍යාලයේ විදුහල්පතිවරයා  අල්ලස් හෝ දූෂණ කොමිසමේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ළමයා ශාරිපුත්‍ර විදුහ‍ලේ පළමු වැනි ශ්‍රේණියට ඇතුළුකර ගැනීම සඳහා දික්කුඹුර ප්‍රදේශයේ වෙළෙඳ ආයතනයකට රුපියල් විසි දහසක් ලබාදී එම කුවිතාන්සිය ගෙනවිත් ඉදිරිපත් කරන ලෙස විදුහල්පතිවරයා ළමයාගේ පියාට දන්වා ඇත.
ඊට පසු ළමයාගේ පියා අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිලි කිරීමෙන් පසුව එම නිලධාරීන්ද සමග ගොස් ළමයාගේ පියා එම වෙළෙඳ ආයතනයේ රුපියල් විසි දහසක මුදල තැන්පත් කර ඇත. ඊට පසු අල්ලස් කොමිසමේ නිලධාරීන් එම රිසිට්පත රැගෙනවිත්
ළමයාගේ පියා වෙනුවෙන් අල්ලස් හෝ දූෂණ කොමිසමේ නිලධාරියෙකු විසින් විදුහල්පතිවරයාට රුපියල් විසි දහසේ රිසිට් පත දෙන විටම සෙසු නිලධාරීන් විසින් විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර විදුහල්පතිවරයා අධිකරණය  වෙත ඉදිරිපත් කෙරුණි.
 
කමල් විජේහේවා

මැතිවරණ සීමා නිර්ණ කමිටු නිර්දේශ යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 225 සිට 240 දක්වා මන්ත්‍රීධුර 15 කින් වැඩි කිරිමට යෝජනා කර තිබේ.ඊට අමතරව මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශිය සභා ඇතුළත් පළාත් පාලන ආයතනවල දැනට පත්වන 4250 ක් වන සභික සංඛ්‍යාව 8500 දක්වා වැඩි කිරීමට ද ඉහත වාර්තාවෙන් යෝජනා කෙර තිබෙන බවද කමිටු ආරංචි මාර්ග සඳහන් කරයි.
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් මැතිවරණ සීමා නිර්ණය හා ඡන්ද ක්‍රමය සකස් කිරීම සඳහා පත් කෙරුනු අශෝක පිරිස් කමිටු වාර්තාව මගින් ඉහත යෝජනා ඉදිරිපත් කර තිබේ.
මේ වාර්තාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හා පක්ෂ නායකයින්ට භාර දීමට පියවර ගෙන ඇත.දැනට සිටින පාර්ලිමේන්තු මෙන්ම පළාත් පාලන ආයතන නියෝජිත සංඛ්‍යාව පිළිබඳ රට තුළ ප්‍රශ්නකාරි තත්ත්වයක් තිබෙන බැවින් පළාත් පාලන සභික සංඛ්‍යාව දෙගුණයකට වඩා වැඩි කිරීම අර්බුදයක් බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
 
ලසන්ත  වීරකුලසූරිය

මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීමට එරෙහිව මෝටර් රථ ආඥා පනතේ කිසිදු දඩ මුදලක් සඳහන් වී නොමැති බවත් ඒ නිසා මත් ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීමට එරෙහිව රුපියල් 50000ක පමණ දඩ මුදලක් අය කිරීමට මෝටර් රථ ආඥා පනතට සංශෝධනයක් ඇතුළත් කළ යුතු බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවැසීය.
මරදානේ පිහිටි සමාජීය හා සාමූහික කේන්ද්‍රයේදී එම සංගමය විසින් පැවැත්වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ගැමුණු විජේරත්න මහතා මෙම අදහස් පැවැසීය.
රථවාහන වැරදි 7ක් සඳහා රුපියල් 25000ක දඩ මුදලක් නියම කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡා පැවැත්වෙන මෙම කාලය තුළ ඊට අදාළව මෝටර් රථ ආඥා පනත ද සංශෝධනය වෙමින් තිබෙන බව විජේරත්න මහතා පැවැසීය. ඒ නිසා එලෙස සංශෝධනය මෝටර් රථ ආඥා පනතට මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීමට එරෙහිව ද දඩයක් නියම කළ යුතු බව ඒ මහතා පැවැසීය.
මහා මාර්ගයේ වාර්තාවන රිය අනතුරු සලකා බැලීමේදී මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන පුද්ගලයින් නිසා ද මාරාන්තික අනතුරු සිදුවන බව විජේරත්න මහතා පැහැදිලි කළේය. විශේෂයෙන් ඇතැම් රියැදුරන්ට රථවාහන පැදවීමේදී නින්ද යාමටද මත්ද්‍රව්‍ය භාවිතය හේතුවක් විය හැකි බව හෙතෙම කීය. මීට අමතරව දක්ෂිණ අධිවේගී මාර්ගයේ පෞද්ගලික බස් රථ ධාවනය කිරීම ද අද වන විට මහා ජාවාරමක් බවට පත්ව ඇති බව මෙහිදී පැවැසූ ගැමුණු විජේරත්න මහතා මේ නිසා රජයට හිමිවිය යුතු විශාල මුදලක් ද අහිමිවී ගොස් ඇති බව පැවැසීය. ඒ නිසා ඉතා කඩිනමින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පෞද්ගලික බස් රථ ධාවන බලපත්‍ර ලබාදීමට ටෙන්ඩර් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ යුතු බවද ඒ මහතා පැවැසීය.
 
පානුක රාජපක්ෂ
ලක්බිම ගොසිප්

වයස 169 ක අයෙක් ලංකාවේ ?

IMAGE 2017 Jan 05 13:45
වැඩිහිටි හැඳුනුම්පතේ දෝෂයෙන් වයස අවුරුදු 169ක් වූ අයෙකු ගලහ දෙල්තොට ප්‍රදේශයේ ජීවත් වන බව...
Views - 2540

‍පෝරකයට නියමවූවෙක් උපාධියක් ලබයි

IMAGE 2017 Jan 05 10:00
මරණීය දණ්ඩනය නියමවූවෙකු මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට  අද (05) ශ්‍රාස්තවේදී උපාධිධාරියෙකු ලෙස...
Views - 3445

බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයාට ගෙදරයන්න සැලැස් වූ ලාංකිකයා

IMAGE 2017 Jan 04 12:14
එක්දහස් අටසිය දහඅටේ උඩරට ගිවිසුම ප්‍රකාර රටේ පාලනය හා ස්වාමීත්වය කොන්දේසි සහිතව භාරගත්...
Views - 3316

ලංකාවේ දේශපාලන වේදිකාවට ආ හිට්ලර්ගේ සිහින මෝටර් රිය

IMAGE 2017 Jan 04 11:15
මලලසේකර ශබ්දකෝෂයේ Bettle යන වදනට සපයා ඇති සරල සිංහල තේරුම වනුයේ 'කුරුමිණියා' යන්නයි. එහෙත්...
Views - 3925

9 වරක් විවාහවී 99 වසරක් ජීවත් වූ හොලිවුඩ් නිළි “සා සා...

IMAGE 2017 Jan 04 09:58
හොලිවුඩ් චිත්‍රපට හා ටෙලි නාට්‍ය හැටක රඟපෑ රූමත් නිළි සා සා ගේබර් ජනප්‍රිය වූයේ සිනමාවේ හා...
Views - 4567

සෝරත ‍පොඩිනමගේ චරිතය සාමණේර භික්ෂුවට අපහාසයක් - හෑගොඩ...

IMAGE 2017 Jan 04 09:03
දෙරණ නාලිකාවේ විකාශය වන සිඳු ටෙලිනාට්‍යයේ ජනප්‍රියතාවයට ප්‍රධානතම හේතුව සාමණේර චරිතයයි....
Views - 9781

Please publish modules in offcanvas position.