Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube
lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

watercut1කෝට්ටේ අවට ප්‍රදේශ කිහිපයකට ජූලි 09 වන ඉරිදා පස්වරු 2 සිට සඳුදා අළුයම 2 දක්වා පැය 12 ක කාලයක් ජල  සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

 ඒ අනුව මොරගස්මුල්ල, රාජගිරිය,  ඔබේසේකරපුර,  බණ්ඩාරනායකපුර, කොස්වත්ත සහ කෝට්ටේ ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත. 

එමෙන්ම රාජගිරියේ සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධ සියලු අතුරු මාර්ග රාජගිරිය ලේක් ඩ‍්‍රයිව් සහ ලේක් ගාර්ඩ්න් ප්‍රදේශවලට ද මෙම ජල කප්පාදුව බලපානු ඇත.

 

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විදේශගත වන්නේ නම් එම කරුණ සම්බන්ධයෙන් ඊට සති 3 කට පෙර තමන්ට දන්වා සිටින ලෙස පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සියළුම එජාප මන්ත්‍රීවරුන්ට දන්වා තිබේ.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ විදේශ ගමන් අත්‍යාවශ්‍ය කරුණු මත පමණක් පදනම් විය යුතු බවත් එසේ නොවුවහොත් රජයේ කාර්යක්ෂම සහ ප්‍රමුඛතා කටයුතු වලට බාධා පැමැණ විය හැකි බවත් අග්‍රාමාත්‍යවරයා දැනුම් දී තිබේ.

 

ඊයේ (06) සිදුවූ  මහඔය, සෙවනගල සහ කිරිබත්ගොඩ දී සිදුවූ මාර්ග අනතුරු තුනකින් තිදෙනෙක් මරණයට පත්වී ඇත.

ඊයේ (06) රාත්‍රී මහඔය පොලිස් වසමේ අරලගංවිල මාර්ගයේ කිලෝමීටර් 16 හා 17 කණුව අතර අරලගංවිල දෙසට ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් ගත් ගවයෙකුගේ ගැටීමෙන් යතුරුපැදිකරු බරපතල ‍තුවාල ලබා ඔහඔය රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් ඇත.

මියගොස් ඇත්තේ 39 හැවිරිදි ඉහළ වැව, පොලොන්නරුව ලිපිනයේ පදිංචි සක්කරපේඩිගේ වීරසිංහ යන අයයි. මෘත  ශරීරය මහඔය මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇත. පශ්චාත් මරණ පරීක්ෂණය අද (07) සිදුකිරීමට නියමිතය. මහඔය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

ඊයේ (06) පස්වරුවේ සෙවනගල දළුක්කැටිය, වටරවුම්පාර අතුරු මාර්ගයේ සුසාන භූමිය අසලදී දළුක්කැටිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් වේගය පාලනය කර ගත නොහැකිව එම දිශාවටම ඉදිරියෙන් ගමන් ගත් ට්‍රැක්ටර් රථයක පිටුපස ට්‍රේලරයේ ගැටී යතුරුපැදිකරු බරපතල තුවාල ලබා දන්ඩුම රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.

මියගොස් ඇත්තේ 38 හැවිරිදි ලස්සනගම, දළුක්කැටියේ පදිංචි විජේසිංහගේ තිලකසිරි නම් අයෙකි. පශ්චාත් මරණ පරීක්ෂණය අද (07) සිදුකිරීමට නියමිතය. අනතුර සම්බන්ධයෙන් ට්‍රැක්ටර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සෙවනගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඊයේ (06) පස්වරුවේ කිරිබත්ගොඩ කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ ගාල හංදිය අසලදී මහනුවර දෙසට මුහුණලා මාර්ගයේ වම් පස අයිනේ නවතා තිබූ කාර් රථයක රියදුරු අසුනේ දොර ඇරීමේදී කොළඹ දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ යතුරුපැදියක් කාර් රථයේ දොරේ ගැටී පෙරළී එම දිශාවටම ධාවනය වූ ලොරි රථයක ගැටී අනතුරින් යතුරුපැදි කරු හා පසුපැදිකාරිය බරපතල තුවාල ලබා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පසුපැදිකාරිය මියගොස් ඇත.

26 හැවිරිදි බෙම්මුල්ල ප්‍රදේශයේ පදිංචි නැලිගමගේ නීෂා ගමගේ යන අය මෙසේ අනතුරින් මියගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (07) සිදුකිරීමට නියමිතය. අනතුර සම්බන්ධයෙන් කාර් රථයේ රියදුරු සහ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. කිරිබත්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

 

පසුගිය මැයි 26  වනදා මිරිගම කොමර්ෂල් බැංකුවට යුතුරුපැදියකින් පැමිණි අවි සහිත නාදුනන කොල්ලකරුවන්  දෙදෙනෙකු බැංකුවට ඇතුළු වී අවි පෙන්වා බිය ගන්වා රුපියල් 18,78100 -ක මුදලක් කොල්ලකා පලා යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පෑලියකගොඩ  දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ දීර්ඟ විමර්ශනයකින් පසු සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු  ඊයේ (06) පස්වරුවේ අතුරුගිරිය පන්නිපිටිය හෝමාගම  යන ප්‍රදේශවලදී ටී 56 ගිනි අවි 01ක්, එම මැගසින් 01ක් සමඟ උණ්ඩ 30ක්,කොල්ලකන ලද යතුරුපැදියක්,  රුපියල් 140,000 ක,ජංගම දුරරථන 05ක් හා සිම් පත් 08 සමග අත්අඩංගුවට ගෙන ඇත. 

මෙම සැකකරුවන් 41,44,49 යන වයස්වල පසුවන හෝමාගම අතුරුගිරිය හා පන්නිපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර මොවුන් අද(07)  මීරිගම පොලිසිය මගින් අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

ඛනිජ තෙල් වෘත්ය සමිති එකමුතුව විසින් ඉදිරිපත් කරන ඉල්ලීම් සඳහා නිසි විසඳුමක් ලබා ගැනීමේ අරමුණින්  ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (07) උදෑසන 09.30ට පැවැත්වීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡාවක් නොලැබීම හේතුවෙන් ඊයේ (06) සියලු වෘත්තිය සමිති එක්ව අඛණ්ඩ වැඩවර්ජනයක් සඳහා දින නියම කිරීම සඳහා රැස්වූහ.

ඛනිජ තෙල් වෘත්ය සමිති එකමුතුව විසින් ඉදිරිපත් කරන ඉල්ලීම් සඳහා නිසි විසඳුමක් ලබා ගැනීමේ අරමුණින් හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (07) උදෑසන 09.30 පැවැත්වීමට නියමිතය.

එම අවස්ථාවේදී විෂයභාර අමාත්‍යවරයා විසින් සිය ඉල්ලීම් සම්බන්ධව කරුණු දැක්වීම පිණිස අද (07) දිනයේ දී සාච්ඡාවක්  සඳහා කැඳවා ඇති බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී. ජේ. රාජකරුණා මහතා පැවසීය. එමෙන්ම අද දිනයේ පැවැත්වෙන සාකච්ඡාවෙන් නිසි විසඳුමකට පැමිණීමට නොහැකි වුවහොත් නැවත වරක් අඛණ්ඩ වැඩවර්ජනයක් පවත්වන බවද ඒ මහතා පැවසීය.

ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි ඉන්දියාවට ලබා නොදීම, හම්බන්තොට වරායේ තෙල් ටැංකි ඛනිජතෙල් සංස්ථාවට පවරාගැනීම, සපුගස්කද තෙල්පිරිපහදුව නවීකරණය කිරීම ඔවුන්ගේ ඉල්ලීම් බවද හෙතම පැවසීය.

ප්‍රසාදිකා ජයවර්ධන

 

දැනට රටේ සංහිඳියාවට බාධාවන අකාරයට සිදුවන කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා සත්‍ය ගවේෂණ කොමිෂන් සභාවක් කඩිනමින් පත් කිරීමට ත්‍රෛනිකායික මහානාහිමිවරුන් කළ ඉල්ලීම ඉටු කිරීමට ජනාධිපතිවරයා එකඟවූ බව අස්ගිරි පාර්ශ්වයේ ‍ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමියෝ පැවැසූහ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ඇතුළු මහා  සංඝරත්නය මහනුවර ජනාධිපති මන්දිරයේදී විශේෂ සාකච්ඡාවක් සිදු කළහ.

ගයා වන්නිආරච්චි

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ආණ්ඩුව පැහැදිලි ප්‍රකාශයක් රටට ඉදිරිපත් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
ෙතේ‍රනිකායික මහ නායක හිමිවරුන් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මතයක් ඉදිරිපත් කර තිබෙන බවත්, උන්වහන්සේලාට ව්‍යවස්ථාව ප්‍රශ්නයක් වී තිබෙන්නේ මෙම ව්‍යවස්ථාව සම්පාදනය කිරිමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා හෝ සමාජයේ විවිධ පාර්ශව සමඟ පැහැදිලි සාකච්ඡාවක් හෝ දැනුවත් කිරිමක් හෝ කර නොතිබිම බව ද එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය.
ආණ්ඩුවෙන් මේ සම්බන්ධව පැහැදිලි කිරිමක් නැති නිසාම ජාතිවාදි, ආගම්වාදි කණ්ඩායම් ව්‍යවස්ථාව ගැන විවිධ මත හදන බවත් එසේම බුද්ධාගමට තිබෙන තැන අහිමි කිරිමට යන බවට මතයක් ද මේ අතර වන බව ද පැවසූ ඒ මහතා  බුද්ධාගමට තිබෙන තැන අහිමි කළ යුතුයි කියා දේශපාලන හෝ ආගමික නායකයින් කරන ලද ප්‍රකාශයක් හෝ වාක්‍ය 5 ක ලියැවිල්ලක් තිබෙන්නේ කොහෙද කියා පෙන්වන ලෙසට තමන් අභියෝග කරන බව ද කීය.
ෙතේ‍රනිකායික මහ නායක හිමිවරුන්ට මෙන්ම ඕනෑම කෙනෙකුට ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මතයක් ප්‍රකාශ කළ හැකි යැයි ද පැවසු ඒ මහතා නමුත් වත්මන් ආණ්ඩුවට ජනවාරි 8 සහ අගෝස්තු 17 ලැබුණු ජනවරමක් නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන්නට තිබෙන බව ද පෙන්වා දුන්නේ ය.
එසේම 2010 සහ 2005 මැතිවරණවලින් පවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිමට ජනවරමක් ලැබි ඇතැයිද, ඒ නිසා ආණ්ඩුව නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විවිධ සමාජ බලවේග දැනුවත් කළ යුතුව ඇතැයි ද ඒ මහතා කීය.
මහනායක හිමිවරුන්ගේ අදහසත් සැලකිල්ලට ගනිමින්, ජනවරම ක්‍රියාත්මක කිරිමට කටයුතු කළ යුතුව තිබෙන බව ද සඳහන් කළ ඒ මහතා මහනායක හිමිවරුන් ජනතාවට අහිතකර දේවල් ප්‍රකාශ කරන්නේ නැති බවත් නමුත් එක්ක් කියා තවත් එකක් කරන බොරුකාරයින් රැලක් රට පාලනය කරන විට නංගි පෙන්වා අක්කා දෙනවා වැනි වැඩ කරයි කියා උන්වහන්සේලාට සැකැයක් තිබෙන බව ද කීය.
කෙසේ වුව ද රටේ ඇතැම් කරුණු සම්බන්ධයෙන් විවිධ ආගමික නායකයින් විවිධ අදහස් පළකරන බවත් යුද්ධය තිබියදි ඇතැම් ආගමික නායකයින් යුද්දය කළ යුතුයි කිව්වා වගේම යුද්ධය කරන්නට එපා යැයි කියු අය, සටන් විරාම ගිවිසුම අත්සන් කරන්න කියු අය ද සිටි බව කීය.
සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගන්නා විට මෙම මහනායක හිමිවරුන් සිව්නමම එයට විරුද්ධ වූ බවත්, ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරු ධුරයෙන් පහකරන්න එපා, බාර් වහන්න, දුෂිත දේශපාලඥයින් අත්අඩංගුවට ගන්න, දළදා මාලිගාව ඉදිරිපිට නයිට් රේස් පදින්න එපා ආදි මෙවැනි දේ කියා තිබූ බව ද එහෙත් එවැනි ප්‍රකාශ කරද්දි දේශපාලඥයෝ කටයුතු කළ ආකාරයක් තිබූ බව ද ඒ මහතා සිහිපත් ක‍ලේ ය.
නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය නොවන බවට ෙතේ‍රනිකායික මහ නාහිමිවරුන් කර තිබු ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජවිපෙ ස්ථාවරය කෙබඳුද යන්න පිලිබඳව මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේ ය.
 
පද්මිණි මාතරගේ

බස්නාහිර පළාත තුළ තිබෙන සියලුම පන්සල්  ඩෙංගු මදුරුවන් විනාශ කිරීම සඳහා  පරික්ෂා කිරීමේ විශේෂ වැඩ පිළිවෙලක් ආරම්භ කිරීමට තීරණය කල බව බස්නාහිර පළාත් නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් සමරණායක මහතා සඳහන් කළේය.
දහම් පාසැල් තුල දරුන් ඉරිදා දිනය තුළදී ලක්ෂ ගණනාවක් අධ්‍යාපනය ලබන බැවින් ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා මෙම වැඩ පිළිවෙල ආරම්භ කල බව හෙතෙම පැවසීය.
මේ පිළිබඳව බස්නාහිර පළාතේ සියලුම පන්සල් නියෝජනය කරමින් ස්වාමීන් වහන්සේලා, පූජා භූමී සංවර්ධන නිලධාරීන්, සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල නිලධාරීන් හා පන්සල් නියෝජනය කරමින් දායක දායිකාවන් පිරිසක්ද මෙම සාකච්ඡාවට සහභාගි වූ බවද වෛද්‍ය සමරණායක මහතා කීය.
ඩෙංගු රෝගීන් වැඩිම පිරිස බස්නාහිර පළාත තුලින් වාර්තා වී ඇති බැවින් ද ඒ අතර ළමුන් විශාල පිරිසක් සිටින බවද හෙතෙම කීය.
 
ශ්‍රියානි විජේසිංහ

ලබන වර්ෂයේ ජනවාරි මස පසුවන තුරු රට තුල හාල් හිඟයක් කිසිසේත් නොතිබියදි පිටරටින් හාල් ගෙන්වන්නේ ඇයි දැයි ආණ්ඩුවෙන් විමසා සිටින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් කරුණාරත්න මහතා පවසයි.

යල කන්නයේ වී අස්වනු නොතකා සිටියද, කිසිදු හාල් හිඟයක් නැති බව සහතික කර කියා සිටින අතර, එසේ හාල් හිඟයක් නොමැති බව ඔප්පු කර  පෙන්වීමට ආණ්ඩුවේ ඕනෑම ඇමැතිවරයෙකු සමඟ විවෘත අභියෝගයකට සූදානම් යැයි ද ඒ මහතා පැවසීය.

එසේම මෙසේ පිටරටින් ගෙනෙන හාල් වස සහිත ඒවා බවත්, එහි කාල පරාසය වර්ෂ 02 ක් ලෙස දක්වා තිබෙන බවත් පැවසු ඒ මහතා සාමන්‍යයෙන් හාල් මාස 3 කට වඩා තියා ගැනීමට නොහැකි යැයි ද පැවසීය.

එසේ මාස 3 ඉක්මවා ගිය පසු සහල් ඇටය දිර යන බවත්, එහෙත් මෙම සහල් දීර්ඝ කාලයක් තබා ගැනීම සඳහා ඊට කිසියම් රසායනික ද්‍රව්‍යයක් එකතු කර තිබෙන බව ද ඒ මහතා කීය.

මේ අනුව බැලුවිට ආණ්ඩුව මේ කරන්නේ වස සහිත හාල් ජනතාවට කැවීමට කටයුතු කිරිමක් යැයි ද චෝදනා කළ ඒ මහතා විශාල විදේශ විනිමයක් දී රටට වස සහිත හාල් ගෙන ඒම බරපතල කාරණයක් යැයි ද කීය.

ආණ්ඩුව නාඩු හාල් කිලෝව රුපියල් 80 ටත්, සම්බා කිලෝව රුපියල් 90 ලෙසටත් හාල්වලට පාලන මිළක් දමා තිබෙන බවත්, එහෙත් එම පාලන මිලට වඩා අඩුවෙන් හාල් ජනතාවට ලබා දීමට හැකියාවක් තිබෙන බව ද ඒ මහතා පෙන්වා දුන්නේ ය.

මේ වන විට වෙළඳ‍පොලට එන හාල් 2015 අගෝස්තු සැප්තැම්බර් යල කන්නයේ සහ 2015- 2016 මහ කන්නයේ නෙළා ගත් වී අස්වනුවලින් සකස් කළ සහල් බව ද ඒ මහතා කීය.

මෙහිදි නාඩු වී කිලෝව රුපියල් 35 ත් වඩා අඩු මිළට ගෙන තිබෙන බවත්, රුපියල් 35 ට නාඩු කිලෝව ගත්තා යැයි සැලකුවහොත් නාඩු සහල් කිලෝවක් රුපියල් 64 ට තොග වශයෙන් සහ රුපියල් 68 ට සිල්ලර මිළට ලබා දිය හැකි යැයි ද ඒ මහතා පැවසීය.

රට තුල හාල් හිඟයක් නොමැති බව හාල් සම්බන්ධයෙන් රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවේ කෝප් සභාවට ඉදිරිපත් කර ඇති වාර්තාවෙන් පවා පැහැදිලි වෙන බව ද සඳහන් කළ ඒ මහතා එම වාර්තාවේ දක්වා ඇති පරිදි 2017 වර්ෂය ආරම්භ වන විට රට තුල හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ 16 ක් ඇතැයි පෙන්වා දි තිබෙන බව ද කීය.

මෙම 2017 වර්ෂයේ මාර්තු, අප්‍රේල් මහ කන්න වී අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ 16 ක් පමණ වූ බවත්, එය සහල් බවට පත්කළ පසු මෙට්‍රික් ටොන් ලක්ෂ 10 ක සහල් ප්‍රමාණයක් වූ බවත් පැවසූ ඒ මහතා මේ අතර තවත් මෙට්‍රික් ටොන් ලක්ෂ 2 ක් පමණ පිටරටින් ගෙනා බව ද කීය.

මෙවර යල කන්නයේ වී අස්වනු නොතකා හිටියත්, මේ සියල්ල එකතු කළ විට මෙට්‍රික් ටොන් ලක්ෂ 27 ක සහල් ප්‍රමාණයක් රට තුල ඇතැයි ද ඔහු පැවසීය.

එක් මාසයකට පමණක් මෙට්‍රික් ටොන් ලක්ෂ 2 ක් පරිභෝජනය කරන අතර එය අවුරුද්දකට ලක්ෂ 24 කි. යල කන්නයේ වී ඇටයක් නැතැත් රට තුල සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 27 ක් තිබෙන බවත් එසේ තිබියදි පිටරටින් හාල් මෙසේ ගෙන්වන්නේ ඇයි දැයි ආණ්ඩුවෙන් විමසා සිටින බව ද ඒ මහතා කීය.


පද්මිණි මාතරගේ
 

2015 ජනවාරි 08 වනදා තමා මේ රටෙන් අවසන් කර දමන ලද්දේ ඒකාධිපති සහ මිලිටරි පාලනයක් වන අතර එවන් පාලනයකට නැවත රට තුළ ඉඩක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

වෙස්මුහුණු බැඳගනිමින් ජනතාවට සුන්දර ලෝකයක් පෙන්වා යළිත් බලයට ඒමට ඇතැමුන් කරන කුමන්ත‍්‍රණ පිළිබඳ අද රටේ ජනතාවට අවබෝධයක් තිබෙන බව ද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ  අද (06) පෙරවරුවේ ගල්ගමුව වාරිමාර්ග අභ්‍යාස ආයතනයේ පැවති උත්සවයක් අමතමිනි.

වත්මන් රජය වැඩ බැරි, අසාර්ථක රජයක් ලෙස පෙන්වා සංවර්ධනය පිළිබඳසුරංගනා කතා කියන පිරිස එදා සංවර්ධනයට මුවා වී සිදු කළ සියලූ වංචා හා දූෂණ මේ රටේ ජනතාවට හෙළි කිරීමට ඉදිරියේදී රජය සූදානම් බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

2015 ජනවාරි 07 වනදා එනම් ජනාධිපතිවරණයට පෙර දින කිසිදු රාජ්‍ය ආයතනයක් වැඩ නොකළ දිනක ගිං නිල්වලා ගඟ ව්‍යාපෘතිය සඳහා කෝටි ගණනක චෙක්පතක් නිකුත් කිරීමේ සිදුවීම පිළිබඳකළ ප‍්‍රකාශයට අභියෝග කරමින් වංචාවක් තිබේ නම් හෙළි කරන ලෙස පැවසුවත් එම වංචාව පිළිබඳකරුණු මේ වන විට තහවුරු වී තිබෙන  බවත් එම මුදල්වලට සිදු වුයේ කුමක්දැයි ළඟදීම ජනතාවට අනාවරණය කළහැකි බවත් ජනාධිපතිවරයා කියා සිටී.

නිසි ශක්‍යතා අධ්‍යයනයකින් තොරව දේශපාලන තීන්දු මත ඉතා දූෂිත අන්දමින් ආරම්භ කළ උමා ඔය ව්‍යාපෘතිය රටට කර තිබෙන විනාශය ද සුළු පටු නොවන අතර ඒ පිළිබඳව නිවැරදි තොරුතුරු මේ වන විට සිදු කෙරෙන පර්යේෂණවලින් අනාවරණය වෙමින් තිබෙන බව ද ඔහු ප‍්‍රකාශ කළේය.

තවත් මේ රටේ ජනතාව මුලා කරන්නට උත්සාහ කරන බලලෝභී දේශපාලන කුමන්ත‍්‍රණ පරාජය කිරීමට සියලූදෙනා එක් විය යුතු බවද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා ආණ්ඩු පෙරළන්නට නොව රටත් ජනතාවත් දුගී භාවයෙන් නිදහස් කර ගනිමින් පසුගිය රජය රටට උරුම කළ කෝටි ගණනක ණය බරින් රට නිදහස් කර, රට සංවර්ධනය කරා ගෙන යන්නට සියලූදෙනා එක්විය යුතු බවද සඳහන් කළේය.

මාධ්‍යයට අද නිදහසේ රජය විවේචනය කිරීමටත්,  ඕනෑම අයෙකුට නිදහසේ උද්ඝෝෂණ සහ පෙළපාලි යාමටත් නිදහස ලබාදීමට හැකිවීම පිළිබඳතමා නිහතමානීව සතුටු වන බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

වයඹට අවශ්‍ය ජලය පිළිබඳව ගෙවීගිය දශක කිහිපය තුළ දේශපාලන වේදිකාවේ සියලූ දේශපාලන පක්ෂ කතා කළ ද ඒ සඳහා නිසි විසදුමක් ලැබුණේ වත්මන් රජය ආරම්භ කළ මොරගහකන්ද ව්‍යාපෘතිය තුළින් පමණක් බවද මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා මොරගහකන්ද ජලාශයේ ප‍්‍රතිඵලයක් ලෙස කි‍්‍රයාත්මක කෙරෙන වයඹ ඇළ ව්‍යාපෘතිය තුළින් කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ වැව් අමුණු 300 කට වැඩි ප‍්‍රමාණයක් ප‍්‍රතිසංස්කරණය කෙරෙන අතර ඒ තුළින් දිස්ති‍්‍රක්කයේ කෘෂි සහ වාරි ක්ෂේත‍්‍රයේ මෙන්ම ගොවි ජන ජීවිතයේ ද විශාල පරිවර්තනයක් සිදු වනු ඇති  බව කියා සිටියේය.

ගල්ගමුව වාරිමාර්ග අභ්‍යාස ආයතනයේ පරිපාලන ගොඩනැගිල්ල අද ජනාධිපතිවරයා අතින් විවෘත කෙරුණු අතර සමරු ඵලකය නිරාවරණය කර නව ගොඩනැගිල්ල විවෘත කළ ඔහු ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

අභ්‍යාස ආයතනය වෙත නව සිසුන් ඇතුළත්කර ගැනීම සංකේතවත් කරමින් සිසුන් තිදෙනෙකු ලියාපදිංචි කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු විය.

ඩිප්ලෝමාධාරීන් වෙත සහතිකපත් ප‍්‍රදානය කිරීම ද සිදු කෙරිණි.

අමාත්‍ය ගාමිණි විජිත් විජිතමුණි ද සොයිසා මහතා විසින් ජනාධිපතිවරයා වෙත ද විශේෂ සමරු තිළිණයක්  පිළිගැන්වීය.

අමාත්‍ය දයාසිරි ජයසේකර, විජේදාස රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර, ටී.බී. ඒකානයක, නියෝජ්‍ය අමාත්‍ය තාරානාත් බස්නායක, ඉන්දික බණ්ඩාරනායක, වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, පළාත් අමාත්‍ය ලක්ෂ්මන් වෙඬරුව, ශාන්ත බණ්ඩාර, ගල්ගමුව ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක මොහාන් පෙරේරා යන මහත්වරුන් ඇතුළුදේශපාලන නියෝජිතයින් සහ වාරිමාර්ග අභ්‍යාස ආයතනයේ අධ්‍යක්ෂ ඉංජිනේරු කේ.බී.වී. ඉන්ද්‍රපාල මහතා ඇතුළුපිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.


දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා කර්මාන්තශාලා 24ක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කරඇති අතර ඉන් කර්මාන්තශාලා තුනක් මේ වන විටත් ඉදිකර අවසන් බව ජාතික ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය සයුර සමරසිංහ මහතා සඳහන් කරයි.

වසර 2020දී මෙරටට අවශ්‍ය ඖෂධවලින් සියයට 80ක ප්‍රමාණයක් නිෂ්පාදනය කර ගැනීමට මෙමගින් බලා‍පොරොත්තු වන අතර ඉන් සියයට 50ක ප්‍රමාණයක් වසර 2019වන විට සපුරා ගත හැකි බව හෙතෙම පැවසීය.

මේ වන විට මහනුවර ඉදිකළ ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව විවෘත කර තිබේ. හොරණ සහ කළුතර ඉදිවෙන කර්මාන්තශාලාවන්ද මේ වසර තුළදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත කිරීමට නියමිත බවද සභාපතිවරයා කීය.

මෙම ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලා තුල බෙහෙත් පෙති සහ කරල් වලට අමතරව එන්නත් වර්ග, ගෝස්, බැන්ඩේජ්, වැනි ශල්‍ය ද්‍රව්‍යද නිෂ්පාදනය කිරීමට කටයුතු කරන බවද වෛද්‍ය සමරසිංහ මහතා පැවසීය.

මෙම කර්මාන්ත ශාලා විවෘත වීම හේතුවෙන් රැකියා අවස්ථා 2000ක් පමණ විසදෙන බවද සභාපතිවරයා කීය.

මෙරට ඖෂධ නිෂ්පාදනය කිරීම තුළින් වසරකට ඖෂධ සඳහා පිටරටට ඇදී යන රුපියල් බිලියන 65ක මුදල මෙරට ඉතිරි කර ගැනීමට හැකි වනු ඇතැයිද පැවසේ.

ශ්‍රීයානි විජේසිංහ

IMAGE

බත් පත බෙදාගන්නට මට සිටියේ ඔබ පමණි

IMAGE 2017 Oct 19 20:52
මිනිසත් බව ලැබිමට තමන් රැස් කළ කුසල් හේතුවන බව බෞද්ධ ඉගැන්වීමේ සඳහන් වේ. ආත්ම ගණනක්...
Views - 761

සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට ලිංගික 'ස්ප්‍රේ' විදලා

IMAGE 2017 Oct 19 10:56
දඹුල්ල ප්‍රදේශයේ පාසලක අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට එම...
Views - 1477

සරණාගත කඳවුරු වල කතුන් ලිංගික අතවර වලට

IMAGE 2017 Oct 18 13:35
ආපදා තත්වයන් යටතේ අවතැන්වන කාන්තාවන් හා ගැහැණු දරුවන්ට අනාරක්ෂිතම ස්ථානයක් වන්නේ සරණාගත...
Views - 1321

මගේ පෙම්වතිය රඟපාන්න කැමති නෑ - සජිත අනුත්තර

IMAGE 2017 Oct 17 12:52
ඔබට නළුකමට එන්නට පියා ලොකු ආලෝකයක් වුණා අනිවාර්යයෙන්ම ඔව්. ගෙදර කලා පසුබිමක් ඇති වන්නට මුල්...
Views - 1300

ලංකාවේ පළමු මෝටර් සයිකල් ලයිසන්කාරිය විමල නයනා

IMAGE 2017 Oct 17 00:21
ඇමෙරිකානුවෙක වූ නීල් ආම්ස්ටේ‍රා්න් සඳ තරණය කළ දා මුළු ලොවම ඒ සඳට ගිය මිනිසා ගැන කතා කරමින්...
Views - 1774

රවීන් දැක්කාම “බුදු අම්මෝ” කියලා ඔළුවේ අත ගහ ගත්තා

IMAGE 2017 Oct 15 18:43
හිමාලි සයුරංගි කියන ඔබ “සතුට” හා “දුක” කියන අත්දැකීම් දෙකට මුහුණ දෙන්නේ මොන විදියටද? ...
Views - 2781

Please publish modules in offcanvas position.