lakbima.lk
2017-03-17 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.32 , විකුණුම් මිල රු154.17 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.184.90 , විකුණුම් මිල රු191.29 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.89 , විකුණුම් මිල රු.167.08 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.89 , විකුණුම් මිල රු.155.90 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.23 , විකුණුම් මිල රු.116.68 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.35 , විකුණුම් මිල රු.119.49 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.67 , විකුණුම් මිල රු.110.61 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3185 , විකුණුම් මිල රු.1.3688 |

ත්‍රිකුණාමළය පුරා මේ දිනවල පැතිර යන ඩෙංගු උණ වසංගතය මේ වනවිට කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් පිට අනෙක් ප්‍රා.ලේකම් කොට්ඨාශ වලටද පැතිර යන්නට පටන් ගෙන ඇත.වෙරුගල් ප්‍රා/ලේකම් කොට්ඨාශයේ ඊච්චලම් පත්තු ප්‍රාදේශයේදී ඩෙංගු රෝගීන් කීප දෙනෙකු හමුවී ඇති අතර පැතිරීම වැලැක්වීම සඳහා මුළු දවස පුරාම ඊච්චලම්පත්තු ලංකා පටුන පුලිගල්අඩි දේප්‍ර්ශවල වෙරුගල් ප්‍රා.ලේකම් එස්.දයාබරන් මහතාගේ මූලිකත්වයෙන් මහජන සෞඛ්‍ය සේවා කාර්යාලය පොළිසිය හමුදාව සිවිල් ආරක්ෂක හමදාව ග්‍රාම නිළධාරින් ඇතුළු ස්වේච්ඡා සංවිදාන වල සහභාගිත්වයෙන් ඩෙංගු මර්ධන වැඩ සටහනක් ක්‍රියාත්මක විය.

කන්තලේ රුක්මල් වනසිංහ

සීගිරිය චිත්‍ර ගුහාව අසළදි විදේශිකයෙකු හදිසියේම රෝගාතුරව අද(17) දහවල් සීගිරිය රෝහලට ඇතුළත් කරන විට මියගොස් ඇත .ජර්මන් ජාතික ඔිස්ට්‍රියානු පුරවැසියකු වන ඔහු කැකිරාවේ සිටින මිතුරන් සමග සිගිරිය නැරඹීමට ගොස් ඇත.  මිය ගිය අයගේ වයස 72ක් වන අතර dirkmorrer යන අය  මෙසේ මියගොස්  ඇත. පරික්ෂණ සඳහා දේහය මාතලේ රෝහලට යවා ඇත.

ප්‍රවීන පුවත්පත් මාධ්‍යවේදියකු වූ සුනිල් මාධව ප්‍රේමතිලක මහතා අසනීප තත්ත්වයෙන් පසුවේ. ඒ මහතාගේ සුවදුක් බැළීම සඳහා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඔහු පදිංචිව සිටින කොස්වත්ත පිහිටි නිවස වෙත ගියේය. සුවදුක් විමසීමෙන් අනතුරුව ඒ මහතා වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ ඇමති ගයන්ත විසින් ඔහුගේ ප්‍රතිකාර කටයුතු සඳහා  මූල්‍යමය ආධාරයක් ද පිරිනැමීය.

 

මිනිපේ 3, 4 පියවරවල වී කිලෝවේ ගැනුම් මිල මේ වනවිට රුපියල් 30/-ක් දක්වා පහත බැස ඇත.රාජ්‍ය අංශය මගින් වී මිලදී ගැනීමේ මේ දක්වා ක්‍රියාත්මක නොකිරිම වී මිල පහත වැටීමට බලපා තිබේ. 2016/ 17 මහ කන්නයේ වී අස්වැන්න කැපීම ආරම්භ කිරීමත් සමග වී කිලෝවේ මිල පහත දමා පෞද්ගලික ජාවාරම්කරුවන් ගොවියා ගසා කෑමේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇති බව විල්ගමුව ගොවීහු පවසති. වී අලෙවි මණ්ඩලය හෝ මිලදී ගැනීමේ රාජ්‍ය යාන්ත්‍රණය මතෛක් ක්‍රියාත්මක නොකිරීම  තමන් ජාවාරම්කරුවාගේ සූරාකෑමට ලක්වීමට බලපා ඇති බව විල්ගමුව මිනිපේ 3, 4 ව්‍යාපාරවල වී ගොවීහු පවසති. 15 දා වනවිටත් වී මිලදී ගැනීමේ රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක නොකිරීමත් නිසා 15 දා වනවිට විල්ගමුව කොටසේ වී කිලෝවක ගැනුම් මිල රුපියල් 30/- ක් දක්වා පහත බැස තිබුණු බව ගොවීහු පෙන්වා දෙයි.
පෞද්ගලික  වෙළෙඳ මාෆියාව හමුවෙ ගොවියා සූරාකෑමේ අවදානමක ඇති බැවින් වි මිලදී ගැනීමේ රාජ්‍ය යාන්ත්‍රණය  කඩිනමින් ක්‍රියාත්මක කර දෙන ලෙස ගොවීහු මාත‍ලේ මහ දිසාපතිවරයාගෙන් ඉල්ලා තිබේ.   වී කිලෝවක ගැනුම් මිල රුපියල් 30/- ක් දක්වා පහත දමා ඇති වෙළෙඳුන් සහල් කිලෝවේ මිල ඊට සමගාමීව පහත දැමිමට කටයුතු නොකිරීම පිළිබඳව පාරිභෝගිකයෝද මැසිවිලි නගති.

හේවා පී. කරුණාරත්න - මාත‍ලේ දිස්ත්‍රික්

ශ්‍රී ලාංකික නාවිකයන් 8 දෙනෙකුද සමග පැහැර ගන්නා ලද තෙල් ප්‍රවාහන ඒරීස් 13 නෞකාව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් මුදාහැර තිබෙනවා.සෝමාලියානු වෙරළාරක්ෂක නිලධාරින් හා සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් අතර  පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම නෞකාව මුදාහැර තිබේ.

ශ්‍රී ලාංකික නාවිකයන් 8 දෙනෙකුද රැගත් අරීස් 13 නෞකාව පැහැරගත් සෝමාලියානු කොල්ලකරුවන් හා එරට නාවික ආරක්ෂක හමුදා අතර වෙඩි හුවමාරුවක් සිදුව ඇති බව තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.
නෞකාව, නැංගුරම්ලා ඇති සෝමාලියාවේ අලුලා වරාය අසල මුහුදු සීමාවේදී මෙම වෙඩි හුවමාරුව සිදුව ඇති බව වාර්තා වේ.
නෞකාවේ කොල්ලකරුවන් භාණ්ඩ ප්‍රවාහනය කළ කුඩා, බෝට්ටුවක්, අත්අඩංගුවට ගැනීමට තම ආරක්ෂක අංශ උත්සාහ  කළ බවත්, එහිදී නෞකාවේ සිටි  කොල්කරුවන්, තම පිරිසට වෙඩි ප්‍රහාර එල්ල කළ බවත්, සෝමාලියානු, නාවික ආරක්ෂක ඒකකයේ, ප්‍රකාශකයෙකු ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.
මෙහිදී සෝමාලියානු ආරක්ෂක අංශද පෙරළා, කොල්ලකරුවන්ට වෙඩි ප්‍රහාර එල්ල කර ඇති නමුත්, කොල්ලකරුවන්ට අයත් කුඩා බෝට්ටුවද මෙහිදී පලාගොස් ඇති බව වාර්තා වේ.නෞකාව අසලට යාමට සෝමාලියානු ආරක්ෂක අංශ දැරූ උත්සාහයක්ද මෙතෙක් වාර්තාව ඇති බව වාර්තා වේ.

පැතුම් වික්‍රමරත්න

දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන එන බොහෝ එළවළුවල තොග කිලෝවක මිල ඉතිහාසයේ කිසිදු දිනක නොවූ විරූ අන්දමින් රුපියල් 5- 20ක් අතර මිලකට පහත වැටී තිබේ.වම්බටු, එළබටු, ගෝවා, ලීක්ස්, කැරට්, දඹල, රාබු ආදී එළවළු වර්ගවල මිල මෙසේ පහත වැටී ඇත.
එබැවින් එම එළවළු තොග වෙනත් අලෙවි මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් අලෙවි කිරීමේ වැඩපිළිවෙළක් වහාම ඇතිකර එළවළු ගොවියා ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස මාත‍ලේ ඒකාබද්ධ ගොවි පදනමේ සභාපති සුනිල් රණවීර මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.
මෙම එළවළු වර්ගයන් හි තොග සැපයුම ඉහළ යාම නිසා මෙසේ මිල ගණන් පහත වැටී ඇති බව පෙන්වා දෙන සභාපතිවරයා එම එළවළු තොග වෙනත් අලෙවි මධ්‍යස්ථානය කරා රැගෙන යාමට ක්‍රමවේදයක් සකස් කිරීම තුළ සාමාන්‍ය පාරිභෝගිකයාට සහනදායී මිලකට එළවළු මිලදී ගැනීමට හැකිවනු ඇතැයිද කියයි.  මෙම අතිරික්ත එළවළු තොග එසේ අලෙවි කරගත නොහැකි වුවහොත් ඉවත දැමීමට සිදුවීමෙන් ගොවියාගේ ආර්ථිකයට විශාල බලපෑමක් වනු ඇතැයිද ඒ මහතා කීය. 

අශෝක එරමිනිගම්මන, දඹුල්ල

පාර්ලිමේන්තුව මේ වන විටත් නියෝජනය කරන මන්ත්‍රීවරුන් 27 දෙනකු තීරු බදු රහිත වාහන බලපත්‍ර විකුණා අයුතු ලාභ උපයා ගැනීම සම්බන්ධයෙන් ලැබි ඇති පැමිණිල්ල පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමට පියවර ගන්නා බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අගවිනිසුරුවරයා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලට දැනුම් දුන්නේය.
තීරු බදු රහිත වාහන බලපත්‍ර අලෙවි කොට අයුතු ලාභ ලැබූ මන්ත්‍රීවරුන් 27 දෙනකුට එරෙහිව තමා විසින් කරන ලද පැමිණිල්ල විමර්ශනය කිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට නියෝගයක් කරන ලෙස ඉල්ලා නීතිඥ නාගහලන්ද කොඩිතුවක්කු මහතා විසින් ගොනුකර තිබූ පෙත්සම කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම ඒ බව දැනුම් දුන්නේය. එම පෙත්සම අගවිනිසුරු ප්‍රියසාද් ඩෙෆ්, සිසිර ද ආබෘෘ හා ප්‍රියන්ත ජයවර්ධන යන විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි.
ඒ බව දැනුම් දුන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම ඉල්ලා අස්කර ගන්නා ලෙසට පැමිණිලිකාර නීතිඥවරයාගෙන් ඉල්ලා සිටියේය. වගඋත්තරකාර අල්ලස් කොමිෂන් සභාව විසින් ලබාදෙන එම ‍පොරොන්දුව කෙරෙහි විශ්වාසය තබා පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට තමා සූදානම් නොමැති බව පැමිණිලිකාර නීතිඥවරයා පෙන්වා දීම නිසා එම පෙත්සම සලකා බැලීම සඳහා ලබන මැයි 09 වැනිදා කැඳවන ලෙසට විනිසුරු මඬුල්ල නියෝග
කළේය.
2014 වසරෙදී තමා එම පැමිණිල්ල කරනවිට මන්ත්‍රීවරුන් 24 දෙනකු ඔවුන්ට ලබාදී තිබූ තීරු බදු රහිත වාහන බලපත්‍ර අලෙවි කොට ඇති බවට තොරතුරු අනාවරණය වූ නමුත් මේ වන විට එලෙස වාහන බලපත්‍ර අලෙවි කළ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 45 දක්වා ඉහළ නැග ඇති බවත් තමා ඒ සියලු තොරතුරු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බවත් පෙත්සම්කාර නීතිඥ නාගහලන්ද කොඩිතුවක්කු මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.
එමගින් රජයට රුපියල් මිලියන 6කට අධික පාඩුවක් සිදුවි ඇතැයි ද නීතිඥවරයා එහිදි අධිකරණයට පෙන්වා දුන්නේය.

නිශාන්ති රාමනායක - කොළඹ අධිකරණ

මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාගෙන් රුපියල් බිලියන දෙකක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා ඇතැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටි බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍ය ඉදිරියේ ව්‍යාජ කරුණු ප්‍රකාශ නොකරන ලෙස එම කොමිසම ලබා දුන් අවවාදය සම්බන්ධයෙන් රවි කරුණානායක මහතා මාධ්‍යයට සිදු කළ ප්‍රකාශයකයට එරෙහිව එවන ලද එන්තරවාසියට පිළිතුරු වශයෙන් මෙසේ එන්තරවාසි යැවූ බව මුදල් ඇමැතිවරයා පවසයිි.
මාධ්‍යයට ප්‍රකාශ කළ අදාළ කරුණු සමග පමණක් තමා එකඟවන අතරම බන්දුල ගුණවර්ධන මහතා විසින් එවා ඇති එන්තරවාසියේ සඳහන් අනෙකුත් සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව සිය එන්තරවාසිය මගින් රවි කරුණානායක මහතා බන්දුල ගුණවර්ධන මහතාට එන්තරවාසිය මගින් දන්වා ඇත.
මෙම සිදුවීමට අදාළව රවි කරුණානායක මහතා මාධ්‍යයට කරන ලද ප්‍රකාශවල බන්දුල ගුණවර්ධන මහතා සම්බන්ධයෙන් කිසිදු අපහාසාත්මක හෝ ද්වේශසහගත ප්‍රකාශයක් සිදු නොකර ඇති බවත්, එම එන්තරවාසියේ සඳහන් වෙන බව මුදල් අමාත්‍යාංශය පෙන්වාදේ.
ඒ අනුව බන්දුල ගුණවර්ධන මහතා රවි කරුණානායක මහතාට විරුද්ධව රුපියල් මිලියන 300ක වන්දියක් ඉල්ලන්නේ නම් ඊට එරෙහිව රුපියල් මිලියන 2000ක වන්දියක් ඉල්ලා නඩු පවරන බව රවි කරුණානායක මහතා එන්තරවාසියේ වැඩි දුරටත් සඳහන් කර තිබේ.

ශ්‍රියානි විජේසිංහ

හිතකර කාලගුණ තත්ත්වයක් නොතිබිම හේතුවෙන් ඉකුත් වසරේදී වී වගා කිරීම සෘන (-) 31ක පසුබෑමක් පෙන්නුම් කරන බව ජන‍ලේඛන හා සංඛ්‍යා‍ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ඊට අමතවර තේ වගාව (-) 11.2කින්ද, රබර් වගාව (-) 10.7කින්ද, වී හැර අනෙකුත් ධාන්‍ය වගා කිරීම (-) 10.5කින්ද පහළ බැස ඇතැයි එම දෙපාර්තමේන්තුව අනාවරණය කරයි.
මේ අතර පලතුරු වගාව -3.7කින් පහළ බැස ඇති අතර එළවළු වගාවද -2.1කින් පහළ බැස ඇත.
ඉකුත් වර්ෂය මැද භාගයේ පැවැති ගංවතුර තත්ත්වයෙන් අනෙකුත් මාසවල පැවැති නියං තත්ත්වයත් හේතුවෙන් මෙලෙස කෘෂි බෝග වගාව පහළ බැස ඇතැයි එම දෙපාර්තමේන්තුව අනාවරණය කරයි.

ගයාත්‍රි ගීගනආරච්චි

2017 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය යෞවනයාට  හිමි සම්මානය ශ්‍රී ලංකික තරුණියවන  ක්‍රිස්ටල් රීඩ් හට හිමිව ඇත . ඇය ආබාධ සහිත පුද්ගලයින් සඳහා සහය දැක්වීමට ආරම්භ කරන ලද “එනබල් ලංකා“ පදනමේ ක්‍රියාවලිය අගයමින් මෙම සම්මානය හිමිව ඇති බව වාර්තා වෙයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ සම්මාන උළෙල අද (16 ) එංගලන්තයේ ලන්ඩන් නුවර පෙදු රාජ්‍ය මණ්ඩලීය මූලස්ථානයේදී පවත්වනු ලැබීය.
එහිදී ආබාධිත තරුණ පුද්ගලයින්ට උදව් කිරීම, ඔවුන්ගේ රැකියා අවස්ථා සුරක්ෂිත කිරීම, ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබාදීම , ආබාධිත පුද්ගලයින් දිරිමත් කිරීම ඇතුළු කරුණු රැසක් සැලකිල්ලට ගනිමින් එම සම්මානය ක්‍රිස්ටල් රීඩ් ට  පිරිනමා ඇති බව වාර්තා වෙයි.
ආබාධිත පුද්ගලයින් මැතිවරණ ක්‍රියාවලිය සඳහා යොමු කිරීමට පළමුවරට ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාරයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද ඇයව ඇගයීමට ලක්ව තිබේ.

පැතුම් වික්‍රමරත්න

IMAGE

සමහරු සල්ලි මත්තේ නැහෙද්දී තාත්තා වින්දනය සොයමින්...

IMAGE 2017 Mar 26 14:43
සිංහල වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය විජයග්‍රහණය කළ චරිතාංග නළුවකු වශයෙන් ජයලත් මනෝරත්නයන්...
Views - 3484

රන්ජන් එක්ක ගත්ත මංගල ඡායාරූපය නිසා මට ප්‍රශ්න පිට...

IMAGE 2017 Mar 26 14:30
ජනප්‍රිය නළු නිළියන් දෙ‍පොළක් වූ රන්ජන් රාමනායක සහ අනූෂා දමයන්ති පෙනී සිටි මංගල ඡායාරූපය...
Views - 2136

හෘද රෝගීන් අනියම් සබඳතා පවත්වන්නේ බලාගෙනයි!

IMAGE 2017 Mar 24 13:39
හදවත් රෝග ලක්ෂණ ඇත්තවුන් සහ හදවත් රෝග වැළදුන පුද්ගලයන් තුළ තම ලිංගික ජීවිතය සම්බන්ධයෙන්...
Views - 4361

ගම්පහ ටියුෂන් පෙම්වතුන්ගේ roomshare පොළකට ගියෙමු

IMAGE 2017 Mar 24 10:45
තිර‍යකින් බෙදා වෙන් කරන ලද එකම ලැඟුම්හල් කාමරය ගම්පහ ටියුෂන් අධ්‍යාපනයේ යෙදෙන පෙම්වතුන්...
Views - 3731

රජිනිකාන්ත් යාපන සහ වවුනියා සංචාරයක

IMAGE 2017 Mar 23 16:40
උතුරේ ජනතාව වෙනුවෙන් ඉදිකරන ලද 150 කින් යුත් නව නිවාස ව්‍යාපෘති දෙකක් විවෘත කිරීම පිණිස දකුණු...
Views - 2136

කූඹියෙක් කෑවත් මැරෙන්න පුළුවන්?

IMAGE 2017 Mar 22 16:01
කුහුඹුවකු කෑම හඳුන්වන්නේ ඉතා සුළු සිදුවීමක් ලෙසයි. නමුත් කුහුඹුවකු කෑ පසු වුව සම කැසීමට අමතරව...
Views - 4136

Please publish modules in offcanvas position.