lakbima.lk
2017-06-15 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.8400 , විකුණුම් මිල රු.154.6400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.5800 , විකුණුම් මිල රු.198.1100 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.168.2300, විකුණුම් මිල රු.174.5900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.154.3400 , විකුණුම් මිල රු.160.4500 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.2400 , විකුණුම් මිල රු.117.7200 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.7400 , විකුණුම් මිල රු.118.8200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.109.0900 , විකුණුම් මිල රු.113.1000 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3701, විකුණුම් මිල රු.1.4216 |

පාකිස්ථානයෙන් ආනයනය කරන ලද බාස්මතී සහල්වල ප්ලාස්ටික් අංශු අඩංගු බවට සමාජ ජාල වෙබ් අඩවි වලින් ප්‍රචාරයන් ගෙන ගිය පුද්ගලයන්ට  එරෙහිව ලබන සතිය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බව සතොස සභාපති ටී. එම්. කේ. බි. තෙන්නකෝන් මහතා පැවසී ය.

එම ප්‍රකාශ හේතුවෙන් පසුගිය දිනවල රට තුළ විශාල ආන්දෝලනයක් හටගත් අතර පාරිභෝගිකයන්ගෙන් ඒ සම්බන්ධයෙන් පැමිණිලි රාශියක් පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත ලැබි තිබිණි.

ඒ තත්ත්වය මත අදාළ සහල් තොගය සම්බන්ධයෙන් නියමිත පර්යේෂණ අවසන් වන තුරු එම සහල් අලෙවි කිරීම තාවකාලිකව නැවැත්වීමට ද එම අධිකාරිය පියවර ගෙන තිබිණි. ඒ අනුව මෙරට සියලු ම සතොස අලෙවි සැල්වලින් ලබා ගන්නා ලද එම සහල් සාම්පල කාර්මික තාක්ෂණ ආයතනයේ සහ බත‍ලේගොඩ සහල් පර්යේෂණ ආයතනය තුළ පරීක්ෂා කර බැලූ බවත්, සහල්වල ප්ලාස්ටික් අඩංගු නොමැති බව එම පර්යේෂණ වලින් අනාවරණය වී ඇති බවත්, සතොස සභාපතිවරයා කීය.

එබැවින් මෙවැනි අසත්‍ය ප්‍රචාර ගෙන ගිය පුද්ගලයන්ට එරෙහිව, අදාළ වාර්තාවල කරුණු ද පදනම් කරගනිමින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට තීරණය කර ඇති බව ද සභාපති ටී. එම්. කේ. බී. තෙන්නකෝන් මහතා පැවසී ය.

ගයාත්‍රි ගීගනආරච්චි

කුරුණෑගල, මල්ලවපිටිය මුස්ලිම් දේවස්ථානයකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා බොදුබල සේනාවේ ක්‍රියාකාරීන් ලෙස කටයුතු කරන පුද්ගලයින් දෙදෙනෙකු අද (15) අත්අඩංගුවට ගෙන තිබේ. 
 
මෙම බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කුරුණෑගල ‍පොලිස් ස්ථානයේ විමර්ශන කණ්ඩායමක් විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කෙරිණි. මේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ‍පොලීසිය විමර්ශන කටයුතු පවත්වන අතර ඔවුන් දැනට ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව ගොස් ඇති බව ‍පොලීසිය පවසයි.
 
කොළඹ සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් කණ්ඩායමක් විසින් කුරුණෑගල කොස්කැ‍ලේ ප්‍රදෙශයේදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට  ගැනීමට යාමේදී ඇති වූ සිද්ධියෙන් පසුව මල්ලවපිටිය මුස්ලිම් දේවස්ථානයට මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කරන ලද බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
 
කමණී හෙට්ටිආරච්චි

අරණායක රහල බටහිර ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අම්බලකන්දේ ශාසන සෝභිත හිමියන් හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් හදිසි ශල්‍ය කර්මයකට භාජනය කිරීමට සිදු වී ඇත.
කොළඹ පෞද්ගලික රෝහලක විශේෂඥ වෛද්‍ය මුදිත් එන්. ලන්සක්කාර මහතා එකී හදිසි ශල්‍ය කර්මය ජූලි 23ට පෙර කළ යුතු බවට නිර්දේශ කර ඇති අතර ඊට රුපියල් ලක්ෂ අටක මුදලක් වැය වේ. මේ සඳහා දායකවීමට කැමැති අයෙක් වේ නම් අරණායක ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගිණුම් අංක 1-721-01-1208-9 දරන ගිණුමට බැර කළ හැකිය. වැඩි විස්තර සඳහා 0353951451 හෝ  0776134767 අමතන්න.

නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් බොදුබල සේනා සංවිධානයේ ගලබොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට අද (15) අධිකරණය විසින් වරෙන්තු නිකුත්කර ඇත.

උන්වසන්සේට එරෙහිව ගොනුකර ඇති කුරාණයට අපහාස කිරීම පිළිබඳ නඩුවට අද ඉදිරිපත්නොවීම හේතුවෙන් කොළඹ කොටුව මහේස්ත්රා ත් ලංකා ජයරත්න මෙනෙවිය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට මෙසේ වරෙන්තු නිකුත් කලාය. මීට පෙර අවස්ථාවකදීද මෙම නඩුවට ඥානසාර හිමි ඉදිරිපත් නොවීය.

අද (15) උදෑසන 9.00 සිට පෙරවරු 10.30 දක්වා වෙළද ව්‍යපාරිකයන් හා ප්‍රදේශවාසින් විසින් පැවැතු වූ උද්ඝෝෂණය සාර්ථකව අවසන් විය. 
උද්ඝෝෂණයන් හමුවට පැමිණී ලංකා කමිකරු කොංග්‍රසයේ මහාලේකමි හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුමුගමි තොන්ඩමන් මහතා දැනට හැටන් නගරයේ එක්රැස්වි ඇති කැළි කසල අද (15) දිනයේ ඇතුළත නුවරඑළිය ප්‍රාදේශීය සභාව මගින් දිඹුල ප්‍රදේශ පවත්වාගෙන යන කැළි කසල ප්‍රතිශක්ති කරන මධ්‍යස්ථානය වෙත බැහැර කරන ලෙස හැටන් දික්ඔය නගර සභාවේ ලේකම්වරියට උපදෙස් ලබා දිමත් සමග මෙම හර්තාල් ව්‍යපාරය හා උද්ඝෝෂණය නතර කරනු ලැබීය.
හැටන් දික්ඔය නගර සභාවට කැළි කසල බැහැර කිරිමට අක්කර පහක ඉඩමක් ලබා දෙන බවටද තොන්ඩමන් මහතා මෙම උද්ඝෝෂකයන් හමුවේ පොරොන්දු විය. 
 
ඒ අනුව උද්ඝෝෂණය අවසන් කළ ව්‍යපාරිකයන් යළිත් වෙළදසැල් විවෘත කළේය. 
 
 
හැටන් නගරයේ වෙළදසැල් වසාදමා ව්‍යපාරිකයන් උද්ඝෝෂණයක

හැටන් නගරයේ සියලූම වෙළදසැල් අද (15) දින වසා දමා ව්‍යපාරික ප්‍රජාව හැටන් ඔරලොර්සු කණුව ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යපාරයක් ආරම්භ කර තිබේ. 
මාස ගණනාවක සිට හැටන් නගරයේ එකතුවන කැළි කසල නගර සභාව මගින් ඉවත් නොකර එම කැළි කසල නගර මධ්‍යයේ රථගාල් වල හා මහජන පොළ භූමියේ එක්රැස්වි තිබිම හේතුවෙන් ප්‍රදේශය පුරා දැඩි දුගන්ධයක් හා පරිසර හානියක් සිදුවි ඇති බව පවසමින් මෙම උද්ඝෝෂණය ආරමිභ කර තිබේ.
හැටන් දික්ඔය නගර සභාවේ වසර ගණනාවක් සිට එකතුවන කැළි කසල හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කුඩාඔය ප්‍රදේශයට බැහැර කළ අතර එම ස්ථානයට පැන වු අධිකරණ නියෝගයක් මත කැළි කසල බැහැර කිරිමට ඉඩමක් නොමැති නිසා මෙම තත්ත්වය උද්ගත වි ඇත.
විකල්ප ඉඩමක් දැනට හදුනා ගෙන ඇති බවත් එම ඉඩම නගර සභාවට පවරා ගන්නා තෙක් මෙම ගැටලූව පවතින බව නගර සභා නිළධාරින් කියා සිටියි.
මෙම උද්ඝෝෂණය හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට ද බාධා පැමිණ තිඛෙනවා. 

හැටන් රංජිත් රාජපක‍ෂ

නුවරඑළිය සිට හැටන් දක්වා ධාවනය වු ටිපර් රථයකට නානුඔය නගරයේදි කහඉර මතින් පාර මැරුවු පාසල් දැරියක් යටවි මියගොස් තිබේ. 
අද (15) උදෑසන 7.00 ට පමණ මෙම අනතුර සිදුවි ඇත්තේ නානුඔය හැටන් ප්‍රධාන මාර්ගයේ නානුඔය දුමිරිය පාලම අසලදිය. අනතුරෙන් එම දැරිය එම ස්ථානයේම මියගොස් ඇත. ප්‍රදේශවාසින් එක්ව ටිපර් රථයට ගිණී තැබිම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණහිට තිබුණි.
අනතුර සිදුකළ ටිපර් රථයේ රියදුරාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම අනතුරත් සමග පොලිසිය හා ප්‍රදේශවාසින් අතර දැඩි උණුසුම් තත්ත්වයක්ද මතුවි තිබේ.
මේ වන විට පොලිසිය මගින් උණූසුම් තත්ත්වය පාලනය කර ඇති අතර එම මාර්ගයේ ගමනා ගමන කටයුතුද‍ මේ වන විට යථා තත්ත්වයට පත්වි තිබේ. 
 

හැටන් රංජිත් රාජපක‍ෂ

ඊයේ අළුයම හටගත් ගින්නකින් මුළු මනින්ම දැවී ගිය ලන්ඩනයේ කෙන්සින්ටන් හි මහල් 24කින් යුත් ග්‍රැන්ෆෙල් ගොඩනැගිල්ලෙන් මෙතෙක් හමු  නොවු මළ සිරුරු යම් ප්‍රමාණයක් තිබිය හැකි යැයි බලධාරීහු නිවේදනය කරති.

මේ වන විට මෙම අනතුරෙන් 12 දෙනෙකු මිය ගිය බව වාර්තා වී ඇති අතර 74 දෙනෙකු රෝගල් ගත කර ඇතැයි ද වාර්තා වේ.

නිවාස ඒකක 120කින් යුතු මෙම ගොඩනැගිල්ලේ ලොව විවිධ ජාතීන්ට අයත් 400ත් 600ත් අතර පිරිසක් වාසය කොට ඇති අතර ඔවුන් බෙහෝ දෙනෙකු පිළිබඳ තොරතුරු සොයා ගැනීම පවා අවිනිශ්චිත වී තිබේ.

මේ අතර මේ ගින්නෙන් බේරා ගැනුණු බෙහෝ දෙනෙක් මේ වන විට සහන සේවා කණ්ඩායම් භාරයේ පසුවෙති.

මෙම ගින්න එම ගොඩනැගිල්ලේ හතර වෙනි මහලෙන් පැතිර ගිය අතර එය ත්‍රස්ත ක්‍රියාවත් යැයි අනුමාන කෙරෙන නමුත් ඒ සඳහා නිශ්චිත සාක්ෂි මෙතෙක් ලැබී නැත.

ඕනෑම ආගමකට ජන වර්ගයකට විරුද්ධව ක්‍රියාකරනවා නම් ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදෙනවා නම් ඔවුන් පිළිබඳව විභාග කොට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (14) ප්‍රකාශ කළේය.
අරලියගහ මන්දිරයේදී මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා මෙසේද කීය.
යම්කිසි ජන වර්ගයකට, ආගමකට විරුද්ධව ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදෙන පිරිස, එමෙන්ම වෛරය පැතිර වීමට ක්‍රියාකරන අයට විරුද්ධව නීතිව අනුව පියවර ගැනීම සඳහා ‍පොලීසියට උපදෙස් දීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා.
මෙම ක්‍රියාව අපේ ප්‍රතිපත්තිය යළිත් තහවුරු කිරීමක් පමණයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා 2015 ජනවාරි 8 වැනිදා දිවුරුම් දුන්නේ මෙරට ප්‍රධානියා ලෙස සංහිඳියාව ස්ථාපිත කිරීමටයි. එමෙන්ම ජාතික එකඟතාවය ඇති කිරීමටයි. වසර 30ක යුද්ධයක පැටලී සිටි අපට ඉන් පසුව මෙරට ජනතාව එකතු කර ඉදිරි ගමනක් යාමට තීරණය කර තිබෙනවා. අප සිංහලයකු, බෞද්ධයකු වීම පිළිබඳව ආඩම්බරයි. එමෙන්ම ශ්‍රී ලාංකිකයකු වීම පිළිබඳවත් ආඩම්බරයි. ශ්‍රී ලාංකිකයකු ලෙස මා සෑම ආගමකටම ගරු කරනවා. එමෙන්ම සෑම සංස්කෘතියකටම ගරු කරනවා. වෙනත් සංස්කෘතීන් වෙනත් ආගම් හෙළා දකිනවා නම් ඔහු සැබෑ ශ්‍රී ලාංකිකයෙකු වීමට හැකියාවක් නැහැ. යහපාලන රජය මෙරට සියලුම ශ්‍රී ලාංකිකයන්ට එක සමාන අයිතීන් සමග සාමයෙන් ජීවත් වීමට අවස්ථාව ලබාදෙනවා.
මුස්ලිම් ව්‍යාපාර සහ දෙවස්ථාන කිහිපයකට පහරදීම නිසා ඇති වූ තත්ත්වය පිළිබඳව පුළුල් විමර්ශනයක් කිරීමට ‍පොලීසියට භාරදී තිබෙනවා. ඒ ගැන ක්‍රියාකොට තත්ත්වය සමථයකට පත් කරාවි.
ඕනෑම ආගමකට, ජන වර්ගයකට විරුද්ධව ක්‍රියාකරනවා නම්, ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදෙනවා නම් ඔවුන් පිළිබඳව විභාගකොට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. ඒ කටයුතු ‍පොලීසිය විසින් විභාග කරනවා. ඇතැම් අවස්ථාවල නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. එම එක් කාරණයක්වත් අතහැර නොමැති බව මෙහිදී ප්‍රකාශ කළ යුතුයි.
2014 වසරේ වූ ආගමික භේද හමුවේ ඇති වූ හානිය අප සියලුම දෙනා අත්දැක තිබෙනවා. එම ගැටුම්වලින් අප රටේ එකමුතු බවට හානියක් ඇති වුණා. එමෙන්ම රටේ කීර්තිනාමයට හානියක් වුණා. නැවත ඒ තැනට ගමන් කිරීමට අප සූදානම් නැහැ. අපට එවැනි පහත් තත්ත්වයකට වැටීමට වුවමනාවක් නැහැ. එවැනි දේ කරන්නට ඉඩ දෙන්නෙත් නැහැ. එම නිසා ‍පොලීසිය මෙන්ම අනෙකුත් අදාළ ආයතන සියල්ලකටම නීතිය සහ සාමය ආරක්ෂා කිරීම සඳහා දැනුම් දී තිබෙනවා. අවශ්‍ය නම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට නව නීති සම්පාදනය කරගැනීමටද හැකියාව තිබෙනවා.

ලසන්ත වීරකුලසූරිය

ව්‍යාජ අංක තහඩු සහිත වාහනයක් භාවිතා කිරීම හා අනවසරයෙන් චැසි අංක වෙනස් කළ වාහනයක් භාවිත කිරීම යන චෝදනා යටතේ කම්කරු රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතාට හා ඔහුගේ ‍ලේකම්වරයකු යැයි කියන කේ.ජී. පාලිත නමැත්තාට එරෙහිව සංශෝධිත පැමිණිල්ලක් ගොනු කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (14) බොරැල්ල ‍පොලීසියට නියෝග කළේය.
එම සංශෝධිත පැමිණිල්ල ලබන ජූලි 19 වැනිදා ගොනු කරන ලෙසටද එහිදී වැඩිදුරටත් නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා ඇතුළු සැකකරුවන්ට නියෝග කළේය.
2009 වසරේදී ලැබුණු පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පැවැත්වූ බොරැල්ල ‍පොලීසිය ගොනුකර තිබූ පැමිණිල්ල ක් සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.
බොරැල්ල ‍පොලීසිය සැකකරුවන්ට එරෙහිව අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනුකර ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහයේ නිසි වගන්ති යටතේ නොවන බැවින් සැකකරුවන් මුදාහරින ලෙසට විත්තියේ නීතිඥවරුන් පෙර නඩු දිනයේදී අධිකරණයෙන් ඉල්ලීමක් කොට තිබුණි.
විත්තියේ එම ඉල්ලීම කෙරෙහි අවධානය යොමු කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා පළමුවැනි සැකකාර රාජ්‍ය ඇමැතිවරයා 2009 අංක 9 දරන මෝටර් රථ ප්‍රවාහන පනතේ 2 ආ සහ උ යන වගන්ති කඩකිරීමෙන් දඬුවම් ලැබිය හැකි වැරදි සිදුකර ඇති බව අධිකරණයට පෙනී යන බැවින් ව්‍යාජ අංක තහඩුවක් භාවිත කිරීම සහ නිසි අවසරයකින් තොරව පැති අංක වෙනස් කිරීම යන චෝදනා දෙක යටතේ වෙන්වෙන්ව සංශෝධිත පැමිණිල්ලක් ගොනුකරන ලෙසට බොරැල්ල ‍පොලීසියට වැඩිදුරටත් නියෝග කළේය.
දවෛනි සැකකරුට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 389 වන වගන්තිය යටතේ සංශෝධිත පැමිණිල්ල ගොනුකරන ලෙසටද අතිරේක මහේස්ත්‍රාත්වරයා ‍පොලීසියට වැඩිදුරටත් නියෝග කළේය.

නිශාන්ති රාමනායක - කොළඹ අධිකරණ

හුංගම හා මහරගම ප්‍රදේශවලදී සිදුවූ මුස්ලිම් ජාතිකයින්ට අයත් ව්‍යාපාරික ස්ථානවලට ගිනි තැබිමේ සිද්ධිවලට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරු සමග සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයින් කිහිපදෙනකු හා ස්වාමීන් වහන්සේලා කිහිප නමකගෙන් ඉදිරියේදී ප්‍රශ්න කිරීමට නියමිතය.
මේ වන විට අත්අඩංගුවේ සිටින සැකකරු රැඳවුම් නියෝග මත රඳවාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට පියවර ගෙන තිබේ.
මෙම සැකකරු වයස අවුරුදු 32 ක් වන අවිවාහක තැනැත්තෙකු වන අතර ඔහුගේ පියා වෛද්‍යවරයෙකු වේ. මොහු වසර දෙකක කාලයක් ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කළ අයෙකි. දැනට දෙහිවල ප්‍රදේශයේ අවන්හලක අරක්කැමියෙකු ලෙස සේවය කරයි.
මෙම සැකකරු 2014 සිට බොදුබල සේනා සංවිධානයේ ක්‍රියාකාරියෙකු ලෙස කටයුතු කර ඇති අතර පසුගිය කාලයේ බොදුබල සේනා සංවිධානය ක්‍රියාත්මක කළ වැඩසටහන් රැසකට සම්බන්ධ වූ අයෙකු බව මතෛක් කළ විමර්ශනවලදී හෙළි වී තිබේ.

කමණී හෙට්ටිආරච්චි

ඊශ්‍රායලයේ රැකියා සඳහා ගොස් සිය සේවා කාලය අවසන් වීමෙන් පසු, එරට රැඳී සිටින ශ්‍රමිකයන්ට වහා යළි දිවයිනට පැමිණෙන ලෙසටත්, ඔවුන් එසේ නොපැමිණ තවදුරටත් එහි රැඳී සිටින්නේ නම් ඔවුන් එරටට යාමට පෙර ඔවුන්ගේ ඇපකරවලට ඉදිරිපත් වූ අයට නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සලකා බලන බව විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය පැවැසුවාය.
එරටට රැකියා සඳහා ගොස් තමන්ට නියමිත රැකියා ගිවිසුම් කාලය අවසන් වීමෙන් පසු දිවයිනට පැමිණෙන ලෙසත්, එමගින් තවත් ශ්‍රී ලාංකිකයකුගේ ඊශ්‍රායල් රැකියා අවස්ථාවක් සුරක්ෂිත වන බවත් ඇමැතිනිය පෙන්වා දෙයි.
මේ වන විට ඊශ්‍රායල් රැකියා සඳහා ගොස් සිටින ලාංකික ශ්‍රමිකයන් 59 දෙනකු නීති විරෝධී ලෙස එරට රැඳී සිටින අතර, ඔවුන් වෙනුවෙන් ඉදිරියේදී අවශ්‍ය නීතිමය කටයුතු කිරීමට නියමිත බවද ඇමැතිනිය සඳහන් කළාය.
මෙම වර්ෂයේ ජනවාරි සිට මේ දක්වා ශ්‍රී ලාංකිකයන් 201 දෙනකු ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ. 2016 වර්ෂයේදී ලාංකිකයන් 369 දෙනකු එහි කෘෂිකාර්මික රැකියා සඳහා පිටව ගොස් ඇති අතර 2015 වර්ෂයේ එම ප්‍රමාණය 85 කි. ඊශ්‍රායල් රැකියා සඳහා බඳවා ගැනීම් සිදුකරනු ලබන්නේ ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනය විසිනි.
මේ අතර ඊශ්‍රායල් රාජ්‍යයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා ලාභීන් සඳහා අවශ්‍ය ගුවන් ටිකට් පත ප්‍රදානය කිරීම ඇමැතිනිය විසින් පෙරේදා (12) සිදුකරනු ලැබූ අතර මෙහිදී රැකියා ලාභීන් 22 දෙනකු සඳහා ගුවන් ටිකට්පත් හිමිවිය.
ඇමැතිනිය එරටේ කළ සංචාරයක් අතරතුරදී එහි ඉහළ පෙළේ නායකයන් සමග කළ සාකච්ඡාවලින් අනතුරුව වැඩි වශයෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බඳවා ගැනීමට ඔවුන් එකඟතාව පළකර තිබෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස 2015 වර්ෂයට සාපේක්ෂව මෙසේ වැඩි පිරිසක් ඊශ්‍රායලයට රැකියා සඳහා පිටත් කිරීමට හැකිවී තිබෙන බවද කාර්යාංශය පෙන්වා දෙයි.
එසේම ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවන් බඳවා ගැනීම සඳහාද අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබෙන අතර එහි පළමු කණ්ඩායම ලෙස සාත්තු සේවිකාවන් 8 දෙනකු පසුගියදා දිවයිනෙන් පිටත්ව ගොස් ඇත.

පද්මිණී මාතරගේ

 
IMAGE

බුද්ධි-බූඩි අළුත් වැඩක

IMAGE 2017 Jun 26 13:47
ශ්‍රී ලාංකිය සිනමාව නව මගකට යොමුකළ බුද්ධි කිර්තිසේන හා බූඩි කිර්තිසේන පිය පුතු දෙපළ සිනමා...
Views - 577

ලංකාවේ අවංකම බස් කොන්දොස්තර කුරුණෑගලින්?

IMAGE 2017 Jun 26 10:49
කුරුණෑගල මහ රෝහල ඉදිරිපිට බස් නැවතුම නිතර ජනයාගේන් පිරී පවතින්නකි. විශේෂයෙන් රෝහලේ රෝගීන්...
Views - 1294

සෙල්ෆි ගැසීම මානසික රෝගයක් නොවේ

IMAGE 2017 Jun 26 09:57
තමාගේම ඡායාරූපයක් තම ජංගම දුරකථනයෙන් ගැනීම හෙවත් සෙල්ෆි ගැනීමට ගිය කීපදෙනෙකු අවාසනාවන්ත ලෙස...
Views - 472

නතාෂා රට හැර යාමට සැරසෙයි

IMAGE 2017 Jun 25 19:41
නතාෂා පෙරේරා ගැන අමුතුවෙන් හැඳින්වීම් මොකටද? ඇය රටේම ආදරය දිනා ගත්තේ පුංචිම පුංචි...
Views - 2043

අපේ හොර වැඩවලට උදව් කරන්නේ මාලනී නැන්දා

IMAGE 2017 Jun 25 19:26
මාලනී ෆොන්සේකා පරම්පරා දෙකක පිරිසක් කලාවට කැඳවාගෙන ආවා. ඒ දෙවැනි පරපුරේ බාලම පුරුක තමයි...
Views - 2081

ජීවිතයේ මුල්වරට කෝච්චියේ අධිවේගයේ ගිය කෙවිලියාමඩුවේ...

IMAGE 2017 Jun 25 11:18
කෙවිලියාමඩුව ගමේ දරුවෝ හරියට “හෝ ගාන ‍පොකුණ” චිත්‍රපටයේ හුන් දරුවන් මෙන් යැයි මට සිතුණේ...
Views - 926

Please publish modules in offcanvas position.