lakbima.lk
2017-06-15 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.8400 , විකුණුම් මිල රු.154.6400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.5800 , විකුණුම් මිල රු.198.1100 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.168.2300, විකුණුම් මිල රු.174.5900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.154.3400 , විකුණුම් මිල රු.160.4500 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.2400 , විකුණුම් මිල රු.117.7200 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.7400 , විකුණුම් මිල රු.118.8200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.109.0900 , විකුණුම් මිල රු.113.1000 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3701, විකුණුම් මිල රු.1.4216 |

ඩෙංගු මැඩලීමේ ජනාධිපති කාර්යසාධක බලකාය හා සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශයට පත්කරනු ලැබු ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන පිරිසිදු කිරීම වෙනුවෙන් වෙන්කළ පැයක කාලය අද දින සිට ආරම්භ විය. අද සිට සතියේ සෑම සිකුරාදා දිනයකම  පෙරවරු 9.30 සිට 10.30 දක්වා එය ක්‍රියාත්මක වනු ඇත. එම කාලය තුළ නිවාස,පෞද්ගලික ව්‍යාපාරික ස්ථාන,ඇතුළු සියළුම ස්ථාන පිරිසිදු කිරීම කළ යුතු වන අතර එම  කාර්යය  පරික්ෂා කිරීම සදහා ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් හා සෞඛ්‍ය අංශයේ නිලධාරීන් යොදවන බව සෞඛ්‍ය අමාත්‍යංශය දන්වා සිටියි.

සෞදි අරාබියේ දුම්වැටි ඇතුළු සිසිල්බීම වර්ග කිහිපයක මිල පෙරේදා සිට සියයට සියයකින් ඉහළ දමා ඇති බව සෞදි අරාබි රජය පුවත්පත් ඇතුළු අනිකුත් මාධ්‍ය මගින් ප්‍රකාශ කර සිටියි.විශේෂයෙන්ම සියලුම වර්ගයේ සිගරට් මිල සියයට සියයකින් ඉහළ දමා ඇති අතර ශක්ති ජනක බීම (ENERGY DRINK)100%කින්ද ඉහළදමා ඇති අතර සාමාන්‍ය සිසිල් බීම(SOFT DRINK) 50%කින්ද ඉහළ දමා ඇත.කෙසේ වුවද මෙම මිල ගණන් ඉහළ දැමීම සෞදි අරාබිය ඇතුළු ගල්ෆ් කලාපයේ අනිකුත් රටවලද එකගතාවය මත සිදුවන්නක් බවද සෞදි මාධය පවසයි.

ලලිත් ප්‍රේමලාල්
සෞදි අරාබිය

පසුගිය මැයි මස 09 පිළියන්දල ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරියෙකු හා කුඩා දැරියක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඊයේ (15) මැදිරිගිරියේ දී පොලිස් අත්අඩංගුවට පත්විය.

අදාල සැකකරු කුරුන්ද පාර, මීගම දර්ගා නගරයෙහි පදිංචි 27 හැවිරිදි අයෙකි. අත්අඩංගුවට පත්වන විට ඔහු  සන්තකයේ තිබූ හෙරොයින් ග්‍රෑම් 10 ක් පොලිසිය විසින් සොයාගෙන ඇති අතර අද (16) මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Idamඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙසට සම්පත් සුභසිංහ ආරච්චි මහතා බත්තරමුල්ල, කොස්වත්තේ පිහිටි කොමිෂන් සභා පරිශ‍්‍රයේ දී අභිනවයෙන් වැඩ භාරගන්නා ලදි.
ආර්ථික විද්‍යාව පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් මූලික උපාධිය ලැබූ  සම්පත් සුභසිංහ මහතා කැලණිය විශ්වවිද්‍යාලයෙන් එම විෂය පිළිබඳව විද්‍යාපති උපාධිය ලබා ඇත. ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ බැංකුකරණය පිළිබඳව ඩිප්ලෝමාධාරියෙකු වන මොහු ආර්ථික විද්‍යා විෂය සම්බන්ධ ලේඛකයෙකු ලෙසට ද කටයුතු කරයි. එමෙන් ම කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙසට කටයුතු කර ඇති සම්පත් සුභසිංහ ආරච්චි මහතා දීර්ඝ කාලයක් බැංකු ක්ෂේත‍්‍රයේ විධායක නිලධාරියෙකු ලෙස ට ද සේවය කළ විෂය පිළිබඳ හසල දැනුමක් ඇති අයෙකි.

ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව දේශ දේශාන්තරව කීර්තිමත් නමක් දිනා ඇති මොහු ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති ධූරය භාර ගැනීමට පෙර 2015 වසරේ සිට ජාතික චිත‍්‍රපට සංස්ථාවේ ක‍්‍රීයාකාරී අධ්‍යක්ෂ ධූරය හොබවන ලදි.

ලක්‍ෂ්මන් කදිරගාමර් ආයතනය ජාතික හා ජාත්‍යන්තර වශයෙන්, දැනුම පදනම් කර ගත්  කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ තිබු,වැරදි ප්‍රතිරූපය නිවැරදි කරමින් ශ්‍රී ලංකාව ලෝකය තුළ ඔසවා තැබීම සඳහා දිවංගත ලක්‍ෂ්මන් කදිරගාමර් මහතා ගත් ප්‍රයත්නය ප්‍රසංශනීය බවයි.

කොළඔ 07ලක්‍ෂ්මන් කදිරගාමර් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

හිටපු විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ද, මෙම ආයතනය ශක්තිමත්ව පවත්වාගෙන යාමට පියවර ගත් බව සඳහන් කළ අමාත්‍ය රවී කරුණානායක මහතා, රට ඉදිරියට ගෙන යෑම සඳහා අළුත් සංකල්ප අවශ්‍ය බවද කීය. ඒ අනුව නව අදහස් තුළින් රට ඉදිරියට ගෙන යෑමේ සැලසුම් මෙම ආයතනය තුළින් නිර්මාණය කිරිමට හැකි බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ලොව සියලු රාජ්‍යයන් සමග විනිවිද භාවයෙන් කටයුතු කිරිම මගින් ශ්‍රී ලංකාව සියලු අංශයන්ගෙන් ඉදිරියට ගෙන යෑම ජනාධිපතිතුමාගෙත් අග්‍රාමාත්‍යතුමාගෙත් අපේක්ෂාව වන බවද අමාත්‍ය රවී කරුණානායක මහතා වැඩි දුරටත් පැවසීය.

 

කැලණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර ආශ්‍රිතව උණ රෝගය හා පාචනය පැතිරයාම හේතුවෙන් අද (16) දහවල් 12.00 සිට ජුනි මස 27 වන දා දක්වා සිසුන් සඳහා විශ්වවිද්‍යාලය වසා තැබීමට පාලන අධිකාරිය තීරණය කර ඇත.

මේ පිළිබඳව ලක්බිම ඔන්ලයින් කළ විමසීමක දී කැලණිය විශ්වවිද්‍යාලයේ නි‍යෝජ්‍ය උපකුලපතිවරයා සඳහන් කර සිටියේ අද (16) පැවති පීඨාධිපති රැස්වීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවත් නේවාසිකාගාරවල සිසුන් ජූනි මස 26 වන දා නැවත වාර්තා කළ යුතු බවත් 27 වන දා සිට අධ්‍යයන කටයුතු ආරම්භ කරන බවය.

 

 

ජනාධිපතිතුමා මගේ කැබිනට් ඇමැතිකම වෙනස් කරන්න කැමති වෙලා හිටියත් අගමැතිතුමා මට වෙනස් කරන්න දුන්නේ නැහැ යැයි විදුලි සන්දේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.ඊයේ පෙරේදා ඇමැති මාරුවක් වූ අවස්ථාවේ තමාටත් මාරුවක් ලැබුණේ නම් හොඳ බව හිතුණේ බදුල්‍ලේ තමා වෙනුවෙන් සිටිනා මිනිස්සු වෙනුවෙන් බවත් එසේ නම් බොහෝ අයට රැකියා ලබාදෙන්න හැකිව තිබූ බවද අමාත්‍යවරයා පවසයි.
තම අමාත්‍ය ධුරය වෙනස් නොවීමෙන් සිතට තරහක් පැමිණියද නමුත් ඊළඟ ඡන්දය පරාද වුවත් ලංකාවේ ළමුන්ගේ හිතන දකින විදිහ වෙනස් කළ යුතු බව තේරුම් ගියා යැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.අමාත්‍යවරුයා මේ බව සඳහන් කර සිටියේ බදුල්‍ලේ පැවැති උත්සවයකදීය.

සුලක්ෂ පියතිස්ස - බදුල්ල

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය ඩී.වී. විග්නේෂ්වරන් ධුරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලමින් උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් 21 දෙනෙකු ගේ අත්සනින් යුත් විශ්වාසභංග යෝජනාවක් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා වෙත භාරදී ඇත.
උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය ටී. කුරුකුලරාණි මහතාට සහ උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍ය පී. අයින්කරනේෂන් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා නියෝග කිරීමත් සමග මේ තත්ත්වය උද්ගත වී ඇත.
එමෙන්ම පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා වූ පී. සත්‍යලිංගම් මහතාගෙ හා ප්‍රවාහන හා ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පී. ඩෙනිෂ්වරන් මහතාගේ ද  අමාත්‍ය ධුර මසක කාලයක් අත්හිටුවන ලෙසද ඩී.වී. විග්නේෂ්වරන් මහතා විසින් නියෝග කර ඇත.
මෙම විශ්වාසභංගය ආණ්ඩු පක්ෂයේ  හා විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා වෙත ලබාදී ඇත. එමෙන්ම උතුරු පළාතේ මීළඟ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස පළාත් සභාවේ වත්මන් සභාපති ඩී.වී.කේ. සිවඥාණම් පත්කරන ලෙසද එම මන්ත්‍රී කණ්ඩායම යෝජනා කර ඇත.

ප්‍රසාදිකා ජයවර්ධන

නානුඔය පොලිසියේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ පොලිස් පරික‍ෂක එස්. ප්‍රියන්ත අමරසේකර මහතා ඇතුලූ රථ වාහන අංශයේ  නිළධාරින් රැසක් තාවකාලිකව නුවරඑළිය මුලස්ථාන පොලිසිය වෙත අනුයුක්ත කළ බව  නුවරඑළිය පොලිස් අධිකාරි මහින්ද දසනායක මහතා පැවසුවා. මධ්‍යම පළාත නියෝජ්‍ය ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි මෙම තාවකාලික මාරුවිම ලබාදුන් බවයි එම නිළධාරියා පැවසුවේ. නුවරඑළියේ සිට හැටන් දක්වා ධාවනය වු ටිපර් රථයක් නානුඔය නගරයේදි පාසල් දැරියක් ගැටි ජිවිතක‍ෂයට පත්විමෙන් ඇති වු කළහාකාරි තත්ත්වයෙන් අනතුරුවයි මෙම මාරුවිම සිදුකර ඇත්තේ.

මෙම අනතුරෙන් මියගියේ නානුඔය රදැල්ල ප්‍රදේශයේ පදිංචි දෙවිමිණී ආකාර්ෂා (06) හැවරදිි දැරියකිි. මෙම අනතුරෙන් පසුව ප්‍රදේශවාසින් රියදුරාට පහර දි ටිපර් රථයට ගිණී තබා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට අද (15.06) පස්වරු 2.00 දක්වා බාධා පමුණුවා තිබුණා. පසුව මෙම නොසන්සුන්කාරි තත්ත්වය පාලනය කිරිමට පොලිස් කණ්ඩායමි කිහිපයක් හා පොලිස් විශේෂ කාර්ය ය බලකායේ නිළධාරින් රැසක් රාජකාරියේ යොදවා තිබුණා. කළහාකාරිව හැසුරුණු නානුඔය ප්‍රදේශයේ වතුකමිකරුවන් පිරිසක් මුලින් මෙම අනතුර සිදුකළ පොලිස් භාරයේ සිටි සැකකරුව ඉල්ලා සිටි අතර පසුව පොලිසිය එම සැකකරු ලබා දිම ප්‍රතික‍ෂ්ප කිරිමෙන් පසු නානුඔය පොලිසියේ ස්ථානාධිපතිවරා ඇතුලූ රථ වාහන අංශයේ නිළධාරින් මාරුකරන බවට ලිඛිත පොරොන්දුවක් ලබා දෙන්නේ නමි අනතුරෙන් ජිවිතක‍ෂයට පත් දැරියගේ සිරුර සහ රථ වාහන ගමනා ගමනයට මාර්ගය විවෘත කරන බවයි.

පසුව නුවරඑළිය ප්‍රදේශයේ උසස් නිළධාරියෙකු නානුඔය පොලිස් ස්ථානාධිපතිවරයා මාරුකර යවන බවට ලිඛිත පොරොන්දුවක් ලබා දිමෙන් පසු මියගිය දැරියගේ සිරුර පශ්චාත් මරණ පරික‍ෂණය සදහා නුවරඑළිය මුලික රෝහල වෙත යැවිමටත් රථ වාහන ගමනා ගමනය යථා තත්ත්වයට පත් කිරිමටත් අවස්ථාව ලබා දි තිබුණා. සැකපිට අත්අඩංගුවට ගත් ලොරි රථයේ රියදුරු නුවරඑළිය දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ඉන්දික රුවන්ද සිල්වා මහතා වෙත ඉදිරිපති කිරිමෙන් අනතුරුව එම සැකකරු මේ මස (28.06) වන දින දක්වා රක‍ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කළා. මෙසේ රක‍ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ බලංගොඩ වෙලේකුඔුරේ පදිංචි කේ.එමි උත්සුක (26) යන අයයි.

හැටන් රංජිත් රාජපක‍ෂ

ඖෂධ, වෛද්‍ය උපකරණ සහ සීමාස්ථ නිෂ්පාදන ලියාපදිංචි කිරීමේ දී අය කරන ගාස්තු ජාතික ඖෂධ නියාමන අධිකාරිය වසර 08 කට පසු ඊයේ (14) මධ්‍යම රාත්‍රි සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කළ බව සෞඛ්‍ය, පෝෂණ හා  දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ඒ අනුව අදාල ගැසට් පත්‍රයට සෞඛ්‍ය අමාත්‍යවරයා අත්සන් තබා ඇත.ලියාපදිංචි කිරීමේ ගාස්තු මීට පෙර අවසාන වරට සංශෝධනය කර ඇත්තේ 2009 වසරේ දීය. ගුණාත්මක හා කාර්යක්ෂම සේවාවක් ඉටු කිරීමේ අරමුණින් ලියාපදිංචි  කිරීමේ ගාස්තු මෙසේ සංශෝධනය කිරීමට පියවර ගෙන ඇත.

ඖෂධ, වෛද්‍ය උපකරණ සහ සීමාස්ථ නිෂ්පාදන ලියාපදිංචි කිරීමේ ඉල්ලුම් පත්‍රය ලැබීමෙන් පසු එය ලියාපදිංචි කිරීමේ සහතිකය නිකුත් කරන තුරු අය කරන ගාස්තු මෙහිදී සංශෝධනය කර ඇති අතර, බාහිර පාර්ශ්ව වලින් විශේෂඥ දැනුම ලබාගැනිමේ දී ගෙවීමට සිදුවන වියදම් ද ඊට ඇතුලත් කර ඇත.
ඖෂධ සහ වෛද්‍ය උපකරණ නිෂ්පාදන දේශිය සහ විදේශීය සමාගම් අදාල ගාස්තු ඇමරිකානු ඩොලර් වලින් හෝ ඊට අනුරූප ශ්‍රී ලංකා මුදල් වලින් ගෙවිය යුතුය.
 
අදාල ගාස්තු සංශෝධනය පිළිබඳව 0112695173 යන දුරකථන අංකය ඔස්සේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය  අමතා තොරතුරු ලබාගත හැක. 

හෙට (16) සිට  සෑම සතියකම සිකුරාදා දින උදෑසන 9.30සිට 10.30 දක්වා පැයක කාලයක් නිවාස, රාජ්‍ය ආයතන, සියළුම පෞද්ගලික ආයතන පිරිසිදු කිරීමේ පැය ලෙස ජනාධිපති ඩෙංගු කාර්ය සාධක බලකාය සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් හඳුන්වා දී තිබේ.

එම කාලය තුළ නිවාස සහ රාජ්‍ය ආයතන පිරිසිදු කළ යුතු බවත්, ඒවා නිරීක්ෂණය කිරිම සඳහා සෞඛ්‍ය කණ්ඩායම් සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් පැමිණෙන බවත්, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

එම පරික්ෂා කිරිම් වලදී ඩෙංගු මදුරු කීටයින් හමුවන පරිශ්‍ර ධූමානය කිරිම ද සිදුකෙරෙන අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත තුන් මාසික ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් ද ක්‍රියාත්මක කෙරේ.

මෙම වැඩසටහනට සමගාමීව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහන හෙට (16) පෙරවරු 9.30ට ආරම්භ කෙරෙන අතර ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියළුම ආයතන ප්‍රධානීන් සහ සේවක සේවිකාවන් එක්වන බව වැඩබලන සෞඛ්‍ය ලේකම් වී.ජී.එස් ගුණතිලක මහත්මිය ප්‍රකාශ කරයි.

 

 
IMAGE

බුද්ධි-බූඩි අළුත් වැඩක

IMAGE 2017 Jun 26 13:47
ශ්‍රී ලාංකිය සිනමාව නව මගකට යොමුකළ බුද්ධි කිර්තිසේන හා බූඩි කිර්තිසේන පිය පුතු දෙපළ සිනමා...
Views - 576

ලංකාවේ අවංකම බස් කොන්දොස්තර කුරුණෑගලින්?

IMAGE 2017 Jun 26 10:49
කුරුණෑගල මහ රෝහල ඉදිරිපිට බස් නැවතුම නිතර ජනයාගේන් පිරී පවතින්නකි. විශේෂයෙන් රෝහලේ රෝගීන්...
Views - 1294

සෙල්ෆි ගැසීම මානසික රෝගයක් නොවේ

IMAGE 2017 Jun 26 09:57
තමාගේම ඡායාරූපයක් තම ජංගම දුරකථනයෙන් ගැනීම හෙවත් සෙල්ෆි ගැනීමට ගිය කීපදෙනෙකු අවාසනාවන්ත ලෙස...
Views - 472

නතාෂා රට හැර යාමට සැරසෙයි

IMAGE 2017 Jun 25 19:41
නතාෂා පෙරේරා ගැන අමුතුවෙන් හැඳින්වීම් මොකටද? ඇය රටේම ආදරය දිනා ගත්තේ පුංචිම පුංචි...
Views - 2043

අපේ හොර වැඩවලට උදව් කරන්නේ මාලනී නැන්දා

IMAGE 2017 Jun 25 19:26
මාලනී ෆොන්සේකා පරම්පරා දෙකක පිරිසක් කලාවට කැඳවාගෙන ආවා. ඒ දෙවැනි පරපුරේ බාලම පුරුක තමයි...
Views - 2081

ජීවිතයේ මුල්වරට කෝච්චියේ අධිවේගයේ ගිය කෙවිලියාමඩුවේ...

IMAGE 2017 Jun 25 11:18
කෙවිලියාමඩුව ගමේ දරුවෝ හරියට “හෝ ගාන ‍පොකුණ” චිත්‍රපටයේ හුන් දරුවන් මෙන් යැයි මට සිතුණේ...
Views - 926

Please publish modules in offcanvas position.