lakbima.lk
2017-01-16 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.148.09 , විකුණුම් මිල රු.151.84 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.177.44 , විකුණුම් මිල රු.183.57 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.156.31 , විකුණුම් මිල රු.162.31 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.145.62 , විකුණුම් මිල රු.151.44 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.04 , විකුණුම් මිල රු.116.49 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.109.83 , විකුණුම් මිල රු.114.78 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.103.16 , විකුණුම් මිල රු.106.97 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2905 , විකුණුම් මිල රු.1.3395 |

SIG1ඩුබායි සිට නීති විරෝධිව මෙරටට  ගෙන්වන ලද සිගරට් 70,000 ක් අඩංගු  බෑග් 350 සමග වැන් රථයක් හා සැකකරුවන් දෙදෙනකු දඹුල්ල පොලිසිය මගින් දඹුල්ල පන්නම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසියට ලද තොරතුරක් මත පන්නම්පිටිය ප්‍රදේශයේ ආනයනික භාණ්ඩ නිෂ්කාසනය කරන ස්ථානයක් ඉදිරිපිටදී වැන් රථයක් පරික්ෂා කිරීමේදී මෙම සිගරට් තොගය සොයා ගෙන් ඇත.

කුඩා ළමුන්ගේ ත්‍යාග භාන්ඩ ලෙස හගවා අදාල සිගරට් තොගය රුපියල් 2000 කට ආසන්න රෙගු ගාස්තුවක් ගෙවා රේගුවෙන් නිදහස් කර ගෙන ඇති බව පොලිසිය සිදුකළ මුලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

සැකකරුවන් දෙදෙනා කෑගල්ල ,අරනායක ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

 

දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන සිදු කරයි.

 

අශෝක ඒරමිණිගම්මන - දඹුල්ල

SIG3

SIG2

MSදැනට පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා ඉදිරියේදී අැතිවිය  හැකි නියං තත්ත්වයට රජයක් ලෙස මුහුණදෙමින් පීඩාවට පත්වන ජනතාවට සහන සැළසීමට ජනාධිපති කාර්ය සාධන බලකායක් පත් කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා උපදෙස් ලබා දී තිබේ. පීඩාවට පත්වන ජනතාවට පානීය ජලය බෙදාදීම, මතුවිය හැකි සෞඛ්‍ය ගැටලු සඳහා විසඳුම් ලබාදීම, ආහාර ඇතුළු අනෙකුත් අවශ්‍යතා සපුරාලීම, විදුලිබල උත්පාදන අභියෝග ජය ගැනීම ආදි කරුණු පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය. පීඩාවට පත්වන ජනතාවට පානීය ජලය බෙදාදීම සඳහා දිස්ති‍්‍රක් ලේකම්වරුන්, ප‍්‍රාදේශීය ලේකම්වරුන් සහ ති‍්‍රවිධ හමුදාව එක්ව වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමට නියමිත අතර අවශ්‍ය ජල බවුසර් හා ජල ටැංකි සපයා ගැනීමේදී තානාපති කාර්යාලවල සහ ජාත්‍යන්තර සංවිධානවල සහය ලබාගැනීමේ හැකියාව පෙන්වා දුන් ජනාධිපතිතුමා අවශ්‍යනම් ආපදා කළමණාකරණ අමාත්‍යාංශය හරහා ජල බවුසර් මිලදී ගැනීමට ද උපදෙස් දුන්නේය.

නියඟය පවතින ප‍්‍රදේශ හඳුනාගෙන එම ප‍්‍රදේශවල භූගෝලීය තත්ත්වයන් සොයා බැලීමටද මෙහිදී අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන් ජනාධිපතිතුමා පිරිසිදු පානීය ජලය ලබා ගැනිම සඳහා ජල මුලාශ‍්‍ර හඳුනා ගැනීමට සහ නළ ලිං, ජල පොම්පාගාර අලුත් වැඩියා කිරිමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට ද ජල සම්පාදන මණ්ඩලයට උපදෙස් දුන්නේය. 

සෑම කුලී ත්‍රීරෝද රථයකයම සියලු අවස්ථාවල දී ක්‍රියාත්මකව පවතින ටැක්සි මීටරයක් සවිකර තිබිය යුතු බවට මෝටර් වාහන පනත යටතේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ගමනාන්තයේදී පාරිභෝගිකයින් හට ගාස්තු ගෙවීමෙන් පසු ඒ වෙනුවෙන් රිසිට් පතක් නිකුත් කිරීම ද ත්‍රී රෝද රථ රියැදුරාගේ වගකීමක් බවද 2017 ජනවාරි 09වැනි දින ප්‍රසිද්ධ කරන ලද අංක 2001/2දරන අතිවිශේෂ ගැසට් නිවේදනයහි සඳහන් කර ඇත.

එසේම ත්‍රී රෝද රථයේ ලියා පදිංචි අංකය, රියැදුරාගේ ඡායාරූපයක් හා නම, රියදුරු බලපත් අංකය රථය ලියා පදිංචි කර ඇති පොලිස් වසමද මගීන්ට පැහැදිළිව පෙනෙන පරිදි ප්‍රදර්ශනය කල යුතුය. ත්‍රී රෝද රථයේ පසුපස දකුණුපස දොරටුව ඇතුල්වීමට හෝ පිටවීමට නොහැකි පරිදි වසා දැමිය යුතු අතර ගමන් වාරය අතර තුර දුම් බීමද රියදුරාට තහනම්ය.
 
 
 

පාසැල් අධ්‍යාපනයේ නව සංකල්පයක් වන ක ‘සුහුරු පන්ති කාමර’(Smart Class Room) ලංකාවේ පාසැල් තුලද ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
වෙනස් වෙමින් පවතින නවීන ලෝකය සමග අධ්‍යාපන ක්‍රමය යාවත්කාලීන කිරීමේ අභියෝගයට මුහුණ දීම සඳහා පාසල් ශිෂ්‍ය ප්‍රජාව සවිබල ගැන්වීම වෙනුවෙන් නියමු ව්‍යාපෘතියක් ලෙස තෝරාගත් පාසල් 25 ක ‘සුහුරු පන්ති කාමර’(Smart Class Room) ආරම්භ කිරීමට නියමිතය.
මෙහි පළමු ව්‍යාපෘතිය ලෙස අද (13) පෙරවරුවේ ජයවර්ධනපුර (පිරිමි)  මහා විද්‍යාලයේ පැවති ආදර්ශ සුහුරු පන්ති කාමරය විවෘත කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.





 

හෙට (14)  යෙදි ඇති තෛපොංගල් දිනය වෙනුවෙන් වතුකරයේ ප්‍රධාන නගර සියල්ලක්ම හින්දු ජනතාවගෙන් අද (13) දින පිරි තිබුණා තෛපොංගල් දිනයේ නිවසට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇදුම් පැළඳුම් සහ පළතුරු  නැවුම් මුට්ටි මිළදි ගන්නා ආකාරයක් අපට දක්නට ලැබුණා. තෛපොංගල් දිනයට අත්‍යවශ්‍ය භාණ්ඩ මිළදි ගැනිමට නගරයට පැමිණෙන පාරිභෝගියන්  වෙනුවෙන් විශේෂ පොලිස් ආරක්‍ෂාවක්ද යොදවා තිබුණු අතර විශේෂ ප‍්‍රවහාන සේවාවක්ද යොදවා තිබුණා.




හැටන් රංජිත් රාජපක්‍ෂ     


    

ඓතිහාසික බදුල්ල මුතියංගන රාජමහාවිහාරයේ වාර්ෂික කිරි පිඩු දාන පූජා අද(13)අළුයම සිදුවිය. ජනාධිපතිතුමාට,රජයට,රටට සහ රට වැසියන්ට සෙත්පතා වාර්ෂිකව මෙම කිරිපිඩු පූජාව පැවැත්වේ. ඊයේ රාත්‍රියේ සිට අද(13) අළුයම පහන් වන තුරු හේවිසි නාද මධ්‍යයේ ඉපැරණි සිරිත්වලට අනුකූලව මෙම කිරිපිඩු දානය සකස්කිරීමද මෙහි විශේෂත්වයකි.  අස්ගිරිපාර්ශ්වයේ මහානායක මුතියංගන විහාරස්ථානයේ විහාරාධිපති වරකාගොඩ ශ්‍රී ඤානරතන නාහිමිගේ සහ මුතියංගන විහාරස්ථානයේ භාරකාර අස්ගිරි පාර්ශ්වයේ ජේ‍යෂ්ඨ කාරක සංඝසභික මුරුද්දෙනියේ ධම්මරතන හිමි යන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව මෙම කිරි පිඩු පූජා පිංකම සංවිධානයකර ඇත.





සුලක්ෂ පියතිස්ස - බදුල්ල
 

සියළු නීති රීති සහ අනපනත් උල්ලංඝනය කරමින් කිසියම් පිරිසක් විසින් මහා පරිමානයෙන් ගොඩ කරමින් පවතින මුතුරාජවෙල තෙත්බිමට අයත් ජා ඇල දඬුගම දර්ශන බේකර්ස් පිටුපස ‍බිම් කොටසේ ගොඩ කළ පස් සියල්ල ඉවත් කොට එය නැවත තෙත්බිමක් බවට පත් කිරීමේ කටයුතු තම සංස්ථාව මගින් ඉදිරි දිනවල සිදුකරන බව ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සභාපති අසේල ඉද්දවල මහතා පවසයි. එහෙත් සංවිධානාත්මක කල්ලි යොදමින් එම තෙත් බිම ගොඩ කිරීමට සම්බන්ධ වූ පිරිස් පවසන්නේ සංස්ථා සභාපතිවරයා තබා ජනාධිපතිවරයා ඉදිරිපත් වුවද තමන් ගොඩ කළ පස් නැවත ඉවත් කිරීමට ඉඩ නොදෙන බවය. ඔවුන් එලෙස තොරතුරු පතුරුවා හැර ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
නීතිවිරෝධී අයුරින් තෙත්බිම ගොඩ කරන බවට ජනාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් පසුගිය ජනවාරි හතර වෙනිදා මෙම තෙත්බිම නිරීක්ෂණය කරන ලදී.
එහිදී එසේ තෙත් බිම ගොඩ කරමින් සිටි පුද්ගලයන් සහ ඒ සඳහා යොදවා තිබූ යන්ත්‍ර සූත්‍ර කිසිවක් පොලිස් භාරයට ගෙන අධිකරණය හමුවට පත් කිරීමට ජා ඇල පොලිසියේ නිලධාරීන් කටයුතු නොකිරීම පිළිබඳව ප්‍රදේශ වාසීහු විස්මය පළ කරති. පසුව ජනපති නියමයෙන් පසුගිය ජනවාරි 10 දා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරුන් ඇතළු නිලධාරීන් මෙම පරිශ්‍රයට පැමිණිය ද ඔවුන්ට ඊට ඇතුල් වීමට පවා අනවසර ඉඩම් ගොඩ කරන්නෝ බාධා කළහ.  එහිදී එම පිරිසේ සමහරුන් කියා සිටියේ මෙම සභාපතිවරුන්ට තබා ජනාධිපතිටවත් එම ගොඩකරන ඉඩමට පිවිසීමට ඉඩ දිය නොහැකි බවය.  මෙය ප්‍රසිද්ධියේම තැළෑ නීතිය රජ වීමක් බව ප්‍රදේශවාසීහු කියති.
ඒ කෙසේ හෝ ඊට පසුදින එනම් ජනවාරි 11 දා කළ විමසුමක දී එම ඉඩමේ හිමිකරු වශයෙන් පෙනී සිටි පුද්ගලයාට එහි නීත්‍යානුකූල අයිතිය තහවුරු කිරීමට නොහැකි වූ බව පවසන ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපතිවරයා තව දින කිහිපයක් තුළ එම තෙත් බිම යළි පෙර තිබූ තත්ත්වයට පත්කරන බව කියයි. එහෙත් කුමන නීතිමය තත්ත්වයක් යටතේ වුව ඔහුට එසේ කිරීමට ඉඩ නොදෙන බව එම අනවසර ඉඩම් ගොඩකරන්නවුන් ප්‍රදේශවාසීන් අතර දිගින් දිගටම පතුරුවා හරින බව වාර්තාවෙයි. මෙවන් පසුබිමක් යටතේ ජා ඇල පොලිසිය ඒ සම්බන්ධ පැමිණිලි පවා භාර නොගෙන නිහඬව සිටීම ද බරපතල ලෙස සැකයකට තුඩු දෙන්නකැයි ප්‍රදේශවාසීහු කියති.
 
ප්‍රසංග පෙරේරා - ජා ඇල

කටාන ‍පොලීසියේ නිලධාරියෙකුගේ ගිනි අවිය උදුරාගෙන ‍පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වෙඩි තැබිමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වෙඩි තබා පළායන්නට යතුරුපැදියක් සොරකම් කරගෙන ගොස් ඇති බවට පෙරේදා (11) කටාන ‍පොලීසිය මීගමුව අධිකරණයේ චෝදනාවක් ගොනු කළේය.
‍පොලිස් නිලධාරීන්ට වෙඩි තැබිම රිවොල්වරය උදුරාගෙන යාම සහ මංකොල්ල කෑම් රැසකට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගතව සිටින 113/ඒ සියඹලාගොඩ ‍පොල්ගස්ඕවිට පදිංචි හල්පනේ දර්ශන කුමාර යන අයට පෙරේදා (11) මීගමුව බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මැද අධිකරණයට ඉදිරිපත් කළේය.
මේ තැනැත්තා කටාන ‍පොලීසියේ රාජකාරියේ යෙදී සිටි ‍පොලිස් නිලධාරියෙකු සතු රාජකාරි ගිනි අවිය උදුරා ගෙන ‍පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වෙඩි තබා පලා යන විට නිවසක් ඉදිරිපිට තිබූ දෙලක්ෂ විසිදාහක් පමණ වටිනා යතුරු පැදියක් ද සොරකම් කර ගෙන ගොස් ඇතැයි කටාන ‍පොලීසියේ සැරයන් (24838) ප්‍රියන්ත මහතා “බි” වාර්තාවක් මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
සැකකරු ගිනිඅවි නඩුවට මෙම මස 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අතර එදින දක්වාම මෙම යතුරු පැදි නඩුව සඳහද සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අතිරේක මහේස්ත්‍රාත් කපිල දුෂ්‍යන්ත එපිටවල මහතා නියෝග කළේය.

රේමන් අ‍පෝන්සු - මීගමුව

වී අලෙවි මණ්ඩලය සතු රතු හා සුදු කැකුළු වී තොග සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව (සතොස) හරහා ලබාගෙන ඒවා සහල් කොට අඩු මිලට ලක් සතොස මගින් පාරිභෝගිකයාට ලබාදීමේ වැඩපිළිවෙළ අද (13) සිට ආරම්භ කිරීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව රතු හා සුදු කැකුළු සහල් කිලෝග්‍රෑමය රුපියල් 76 මිලකට ලක් සතොස හරහා ලබාගැනීමට හැකියාව ලැබෙන බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.
වෙළෙඳපළේ සහල් මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා මෙම පියවර ගත් බව එම අමාත්‍යාංශය පවසයි.
මේ අතර සහල් පිටරටින් ආනයනය කිරීම සඳහා ඉදිරිපත් වන ලෙස ආනයනකරුවන්ගෙන් ටෙන්ඩර කැඳවා ඇති බවත් ඉදිරිපත් වන ටෙන්ඩර ඉල්ලීම් මත ඉදිරියේදී එය ක්‍රියාත්මක වනු ඇති බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ගයාත්‍රි ගීගනආරච්චි

අධිකරණයේ නඩු විභාගයක් පවත්වමින් තිබියදී ඊට අදාළ බි වාර්තාව “වබේ සයිට්” වල පළවන්නේ කෙසේදැයි අපහසුවෙන් ප්‍රශ්න කරන බව ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික මොහොමඩ් මුසම්මිල් මහතා පැවැසීය.
ඒ මහතා මෙසේ පැවැසුවේ ඊයේ (12) ජාතික නිදහස් පක්ෂ කාර්යාලයේ පැවැති ජනමාධ්‍ය හමුවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය. විමල් වීරවංශ මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීම දේශපාලන වුවමනාව මත සිදුවූවක් විදියටයි අපි දකින්නේ. 2017 පටන්ගන්න විටම ආණ්ඩුව දැවැන්ත දේශපාලන අර්බුදයකට මුහුණ දුන්නා. ආණ්ඩුව අස්ථාවරයි, ආණ්ඩුව ඇද වැටෙනවා කියන දේ මුළු මහත් සමාජයේම බලා‍පොරොත්තුවක් වුණා වගේම හිටපු ජනාධිපතිවරයාත් මේ වසරේ ආණ්ඩුව වෙනස් කරන බව කිව්වා. ඒ අනුව සමාජය තුළ ආණ්ඩුව තුළ දැවැන්ත අනාරක්ෂිත බවක් ඇතිවුණ නිසා ආණ්ඩුව සුපුරුදු ලෙසම තමන්ගේ දේශපාලන දඩයම පටන් ගත්තා.
අද ආණ්ඩුව දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දීලා ජන මනස තුළ ඇතිවෙලා තියෙන ආණ්ඩු විරෝධයන් ඒ නිසා ඇතිවූ අනාරක්ෂිත බවත් නිසා ආණ්ඩුව නැවත දේශපාලන දඩයමක නිරත වෙන්න වෙලා. මේ අත්අඩංගුවට ගැනීම ජාතික බලවේගවලට එල්ල කරන ප්‍රහාරයක්. හිරේ විලංගුවේ දාලා හරි ජාතික බලවේග මර්දනය කරන බවයි මෙහි පණිවුඩය.
ජනසෙවණ ආකාර හතකින් ක්‍රියාත්මක වූ දැවැන්ත ව්‍යාපෘතියකි. දැවැන්ත කළමනාකරණයක් තුළින් රුපියල් මිලියන 170ට වැඩි අරමුදලක් නිවාස අමාත්‍යාංශය සතු කරලයි ඔහු අමාත්‍යාංශයෙන් ගියේ.
අජිත් පී. පෙරේරා ඇමැතිවරයා ඥාතීන් කිහිප දෙනෙක්ගේ නම් කිව්වත් ඊට වැඩිය ඥාතීන් හිටියා. ඔවුන් හිටියේ සිය ගණනක් ස්වෙච්ඡා සේවකයන් අතර. කොළඹින් පිට වැඩ කරද්දී ඔවුන්ට රාජකාරියට ප්‍රවාහන පහසුකම් දුන්නේ. ව්‍යාපෘතිය ගැන හෙළි නොකර ඥාතීන් ඉන්නවා කියලා කළ අත්අඩංගුවට ගැනීම සාධාරණීකරණය කිරීම අපි හෙළ දකිනවා. මාධ්‍යවේදීන්, ස්වාමින් වහන්සේ ඇතුළු පිරිස්වලට ඒ ඒ ව්‍යාපෘතියේ අවශ්‍යතාවය වෙනුවෙනුයි මේ පහසුකම් දුන්නේ. නඩු විභාගය යද්දී ලිඛිත සාක්ෂි ඉදිරිපත් කළේ නැහැ. හිටපු සභාපති, වත්මන් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ නාමික සාක්ෂි මතයි අත්අඩංගුවට ගත්තේ. අවභාවිතයක් කළා නම් පළමුව අත්අඩංගුවට ගත යුත්තේ එජාප මන්ත්‍රී ආශු මාරසිංහයි. ඒ වෙනුවට කිසිදු ලිඛිත සාක්ෂියක් නැතිවයි විමල් වීරවංශ මහතාව අත්අඩංගුවට ගත්තේ.
නඩු විභාගය අවසන් වෙලා 4.15ට විමල් වීරවංශ මහතාව උසාවියෙන් එළියට ගෙනාවේ. ඒත් චම්පික මහත්තයා උදව් කරන වබේ සයිට් එකක 3.39ට බි වාර්තාව පලවුණේ. කොහොමද කියලා අපි ආණ්ඩුවෙන් අහනවා. මේක තමයි ආණ්ඩුවේ දේශපාලන දඩයම.
අගමැතිවරයා ප්‍රමුඛ දේශපාලන කණ්ඩායම විමල් වීරවංශ අත්අඩංගුවට ගන්න තීන්දු තීරණ ගැනීම අනුවයි එෆ්.අයි.ඩී කටයුතු කළේ.

රන්මලී සෝමසිරි

ඇමෙරිකානු ඩොලර් ලක්ෂ තුනකට වැඩි ආයෝජනයක් තනි පුද්ගල ආයෝජනයක් ලෙස ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කරන ඕනෑම විදේශීය ජාතිකයෙකුට වසර 5ක උපරිම කාලයක් සඳහා තාවකාලික වීසා ලබාදීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පැවැසීය.
ඒ අනුව වසර දෙකේ සිට උපරිම වසර 5 දක්වා කාලය තුළ මෙම තාවකාලික වීසා ලබාදීමට නියමිතව ඇත.කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේය.එමෙන්ම විදේශ රටවල ආයෝජනය කර ඇති නීතිවිරෝධී නොවන මුදල් මෙරටට ගෙන ඒමට හැකි බවත්, ඒවා ලංකාවේ ආයෝජනය කිරීම සඳහා අවශ්‍ය නීති සකසන බවත්, රවි කරුණානායක මහතා මෙහිදී පැවැසීය.එම මුදල් කොටස් වෙළෙඳපළ, බැංකු සහ මහ බැංකු බැඳුම්කරවල ආයෝජනය කළ හැකි බවද අමාත්‍ය රවි කරුණානායක මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
 
ගයාත්‍රි ගීගනආරච්චි
ලක්බිම ගොසිප්

වයස 169 ක අයෙක් ලංකාවේ ?

IMAGE 2017 Jan 05 13:45
වැඩිහිටි හැඳුනුම්පතේ දෝෂයෙන් වයස අවුරුදු 169ක් වූ අයෙකු ගලහ දෙල්තොට ප්‍රදේශයේ ජීවත් වන බව...
Views - 2540

‍පෝරකයට නියමවූවෙක් උපාධියක් ලබයි

IMAGE 2017 Jan 05 10:00
මරණීය දණ්ඩනය නියමවූවෙකු මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට  අද (05) ශ්‍රාස්තවේදී උපාධිධාරියෙකු ලෙස...
Views - 3445

බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයාට ගෙදරයන්න සැලැස් වූ ලාංකිකයා

IMAGE 2017 Jan 04 12:14
එක්දහස් අටසිය දහඅටේ උඩරට ගිවිසුම ප්‍රකාර රටේ පාලනය හා ස්වාමීත්වය කොන්දේසි සහිතව භාරගත්...
Views - 3316

ලංකාවේ දේශපාලන වේදිකාවට ආ හිට්ලර්ගේ සිහින මෝටර් රිය

IMAGE 2017 Jan 04 11:15
මලලසේකර ශබ්දකෝෂයේ Bettle යන වදනට සපයා ඇති සරල සිංහල තේරුම වනුයේ 'කුරුමිණියා' යන්නයි. එහෙත්...
Views - 3925

9 වරක් විවාහවී 99 වසරක් ජීවත් වූ හොලිවුඩ් නිළි “සා සා...

IMAGE 2017 Jan 04 09:58
හොලිවුඩ් චිත්‍රපට හා ටෙලි නාට්‍ය හැටක රඟපෑ රූමත් නිළි සා සා ගේබර් ජනප්‍රිය වූයේ සිනමාවේ හා...
Views - 4567

සෝරත ‍පොඩිනමගේ චරිතය සාමණේර භික්ෂුවට අපහාසයක් - හෑගොඩ...

IMAGE 2017 Jan 04 09:03
දෙරණ නාලිකාවේ විකාශය වන සිඳු ටෙලිනාට්‍යයේ ජනප්‍රියතාවයට ප්‍රධානතම හේතුව සාමණේර චරිතයයි....
Views - 9781

Please publish modules in offcanvas position.