lakbima.lk
2017-03-17 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.32 , විකුණුම් මිල රු154.17 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.184.90 , විකුණුම් මිල රු191.29 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.89 , විකුණුම් මිල රු.167.08 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.89 , විකුණුම් මිල රු.155.90 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.23 , විකුණුම් මිල රු.116.68 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.35 , විකුණුම් මිල රු.119.49 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.67 , විකුණුම් මිල රු.110.61 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3185 , විකුණුම් මිල රු.1.3688 |

ගබඩාවල වී තොග කල් තබා ගැනීම සදහා වී ගබඩා කරන ප්‍රධාන වී ගබඩාවලට අධි සැර විෂ කෘෂි රසායන ද්‍රව්‍ය ඉසීම හේතුවෙන් එම සහල් පරිභෝජනය කරන මිනිසුන් නිරපරාදේ අකාලයේ මියයන බවත් මෙම ගබඩා පරික්ෂා කර බැලීම සදහා ක්‍රමවත් අඛණ්ඩ වැඩපිළිවෙලක් යෙදිය යුතු බවත් පොලොන්නරුව දිස්ත්‍රික් වකුගඩු රෝග නිවාරණ ඒකකයේ ප්‍රධන වෛද්‍ය නිළධාරි වෛද්‍ය මලින් මෙත්තසූරිය මහතා පවසයි.
වෛද්‍යවරයා මේ බව පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික් කෘෂිකර්ම කමි‍ටු ‍රැස්වීම ඊයේ (21) පොලොන්නරුව මහ දිසාපති රංජිත් ආරියරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවති අවස්ථාවේ දී ය.
එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ වෛද්‍ය මලින් නෙත්තසූරිය මහතා මෙසේ ද කීය.
"පොලොන්නරුව දිස්තිර්ක්කයේ වකුගඩු රෝගීන් 5306ක් වාර්තාවෙනවා. ඒ වගේම අලුතෙන් මසකට රෝගීන් 100ක් පමණ වාර්තා වෙනවා. විශේෂයෙන් ම කියන්න ඕන. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් ගෙන් සියයට 10 ක් පමණ වකුගඩු රෝග වැළදීමේ අවදානමේ සිටිනවා. අපි ජංගම සායනවලදී සිදු කළ මුත්‍රා පරික්ෂනවල දී මේ පාසල් ළමුන් ගෙන් සියයට 10 ක පමණ "ඇල්බියුමින්"තිබෙනවා. ඒවා පාසල් ළමුන්ගේ  මුත්‍රාවල කොහෙත්ම තියෙන්න විදිහක් නෑ. නමුත් මේක භයානක තත්ත්වයක්. අපි හරියටම දන්නේ නෑ කුමණ හේතුව නිසා ද මෙහෙම වෙන්නේ කියලා. දිගින් දිගටම පරික්ෂා කළ යුතුයි. දැන් හෙලිවී තිබෙනවා විෂ කෘෂි රසායන ද්‍රව්‍ය නිසා වකුගඩු රෝගය ඇතිවන බව. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පමණක් නෙමෙයි විශාල පරිමාණයේ වී තොග ගබඩා කර තිබෙන වී මෝල් වල එම ගබඩාවල වී තොග කල් තබා ගන්න උග්‍ර විෂ සහිත එහෙම නැත්නම් අධිසැර කෘෂි රසායන ද්‍රව්‍ය භාවිත කරනවා කියලා අපට තොරතුරු ලැබිලා තිබෙනවා. මේ නිසා කිසිම කෘමි හානියක් නැතිව වී තොග අවුරුදු  හතරක් පහක් කල් තබා ගන්න පුළුවන්. මේ සහල් පරිභෝජනය කරන මිනිස්සු නිරපරාදේ මැරිලා යනවා. ඒ නිසා මේවා පරික්ෂා කරන්න ක්‍රමවත් අඛණ්ඩ වැඩපිළිවෙලක් අවශ්‍යයි. නැත්නම් නිරපරාදේ මිනිස්සු මැරිලා යනවා."
මෙහි දී ගොවි සංගම් නියෝජිතයින් පෙන්වා දුන්නේ දැන් ඈත ගම් දනව් වල පවා සීග්‍රයෙන් කසිප්පු හා ගංජා උවදුර පැතිරයමින් පවතින බවයි.
 
ප්‍රියන්ත බණ්ඩාර-පොලොන්නරුව දිස්ත්‍රික්

සුව සැරිය ඉන්දීය හදිසි ගිලන් රථ සේවයට ගත වු මාස 08 ක් තුළ දී දුරකතන ඇමතුම් 192000 වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති බව ඉන්දිය ගිලන් රථ සේවා මාධ්‍යස්ථානයේ වැඩසටහන් කළමනාකරු ගයාන් චතුරංග මහතා පැවසීය.
දැනට දකුණු පළාතේ සහ බස්නාහිර පළාතේ පමණක් ක‍්‍රියාත්මක ගිලන් රථ සේවාවට දෛනිකව දුරකතන ඇමතුම් 750 කට වැඩි සංඛ්‍යාවක් ලැබෙන බවත්,  ඕනැම අනතුරකදී  ඉන් පුද්ගලයන් මුදවා ගැනිමට අවශ්‍ය උපකරණ ද ගිලන් රථය තුළ ඇති බව පැවසීය.
පස් කන්දකට යටවු පුද්ගලයන් මුදවා ගැනීමට, වාහන අනතුරකදී වාහනය තුළ සිරවී සිටින පුද්ගලයන් ආරක්ෂිතව මුදවා ගැනීම ඇතුලූ අනෙකුත්  ඕනැම හදිසි අවස්ථාවකදී අනතුරට ලක්වු පුද්ගලයන් ආරක්ෂිතව මුදාව ගැනීමට අවශ්‍ය අපකරණ සියල්ල ද මෙම ගිලන්රථය තුළ තිබෙ. ගිලන් රථ සේවාව මගින්  ඕනැම රෝගියෙකුට අවශ්‍ය සියලූම ප‍්‍රතිකාර ලබා දෙමින් ළ`ගම පිහිටි රජයේ රෝහලකය රෝගියා ඉක්මනින් රැුගෙන යෑමට කටයුතු කරන මෙම ගිලන් රථය තුළ සේවය කිරීම සඳහා පුහුණුව ලත් හෙද නිලධාරිණියක් ද සිටින බව පැවසීය.
දැනට දකුණු පළාතේ සහ බස්නාහිර පළාතේ ගිලන් රථ 88 ක් සේවයේ නිරත වන අතර එකී ගිලන් රථ සියල්ල පළාත් දෙකෙහි පොලිස් ස්ථාන වල නතර කර තිබේ. නොමිලේ ක‍්‍රියාත්මක සේවාවක් වන මෙම සේවාව 1990 ඇමතිමෙන් පැය 24 පුරා ලබාගත හැකිය. ඉදිරියේදි මෙම සේවාව දිවයින පුරා ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සාකච්ඡුා කරමින සිටින බව පැවසීය. හදිසි අවශ්‍යතාවකදී දුරකතන ඇමතුමක් ලබා දුන් විට ඉක්මනින් ගිලන් රථ අදාළ ස්ථානයකට ඉතා ඉක්මනින් පැමිණෙන බව සේවා ලබා ගත් ජනතාව කියයි. එහි සේවයේ නියුතු හෙද නිලධාරිනියන්ගේ කාරුණක බව ජනතාව අගයන කරමින් කතා කරයි.
මේ  සේවාවට සමාගාමිව ගාල්ල නාගොඩ පොලිසියේ ඇති ගිලන් රථයේ සේවකයන් 06 දෙනෙකු සේවය කරයි. එහිදී එක් හෙද නිලධාරිණියක් සේවයේ සිටි.

අනුර ලියනගේ-හබරාදුව

බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල වතුයායේ පදිංචිව සිටි තිදරු පියෙකුගේ සිරුරක් ඊයේ (21) පස්වරුවේ බගවන්තලාව කොටියාගල වතුයායේ තේ කර්මාන්ත ශාලාව අභියස ලදු කැලෑවක තිබි හමුවු බව බගවන්තලාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික‍ෂක කේ.සි ධර්මප්‍රිය මහතා පැවසිය.

මෙම සිරුර බගවන්තලාව කොටියාගල වතුයායේ පදිංචි මුනියාන්ඩි සංඛර් යන අයගේ බවට හදුනා ගෙන තිබේ.

මිමැස්මොර රෝගයෙන් පෙලෙන මියගිය අය මීට දින දහයකට ප්‍රථම අතුරුදහන්වි ඇති බවට බගවන්තලාව පොලිසියටද පැමිණිල්ලක් ලැබි තිබුණි.

මියගිය අයගේ බිරිද ගෘහ සේවය සදහා විදේශ ගතවි ඇති අතර මොහු අතුරුදහන්ව සිටි දින සිට එම වතුයායේ වතුකමිකරුවන් එම වතුයාය පුරා මෙහෙයුමක්ද සිදුකර තිබුණා. මෙම සිද්ධිය පිළිබදව බගවන්තලාව පොලිසිය පරික‍ෂණ ආරමිභ කර තිබුණා.

හැටන් රංජිත් රාජපක‍ෂ

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට ගෙන විත් ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ ඇමෝනියා පැකට් 4205 ක් සමග සැකකරුවන් දෙදෙනෙකුව උඩප්පුව පොලිස් මුර පොලේ නිලධාරීන් නාවුක හමුදාවේද සහාය ඇතිව අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (21) රාත්‍රීයේ මුන්දලම පොලිස් වසමේ සින්නපාඩුව ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

ග්‍රෑම් 100 බැගින් වන ඇමෝනියා පැකට් 4205 පොලිතින් මළු 15 ක බහා තිබී ඇත. බෝටුවකින් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවේ සිට ගෙනවිත් ඇති ඇමෝනියා තොගය කොළඹ හෝ වෙනත් ස්ථානයකට රැගෙන යමින් සිට ඇති බවට විශ්වාස  කරන්නේ යැයි පොලීසිය කියයි.

ඇමෝනියා තොගය සමග අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 42 සහ 21 වියේ  පසුවන පිය - පුතු දෙපලකි. ඔවුන් කල්පිටියේ පදිංචිකරුවන් බව විමර්ශණ කටයුතු කරන නිලධාරීන් විසින් හෙලි කරගෙන ඇත.

සැකකරුවන්ද, ඇමෝනියා තොගය සහ ඒවා ප්‍රවාහනයට යොදා ගත් ලොරිය රේගු දෙපාර්තමේන්තුවට බාර දීමට මුන්දලම පොලීසියේ නිලධාරීන් කටයුතු කර ඇත.

උඩප්පුව නාවුක හමුදා අණු කණ්ඩයේ නිලධාරීන්ගේ සහාය ඇතිව මුන්දලම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් ඒකනායක,උඩප්පුව පොලිස් මුරපොලේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගුණතිලක,පොලිස් කොස්තාපල්වරුන් වන 76224 සිල්වා,69324 සුසන්ත,සහ 78486 මොහොමඩ් යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත.

ජුඩ් සමන්ත

ජගත් මානව හිමිකම් කොමසාරිස් සහිඩ් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව අද (22) දින ජිනීවාහි ජගත් මානව හිමිකම් කවුන්සිලය 34 වන සැසිවාරයේදී සාකච්ඡාවට ගැනීමට නියමිතය.
මෙහිදී ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය මෙම යෝජනාවලිය සඳහා සමුළුවේදී කිසිදු විරෝධතාවක් එල්ල නොකරනු ඇති බවත් ඒ අනුව එම යෝජනාව ඒකමතිකව සම්මත වනු ඇති බවටත් තානාපති ආරංචිමාර්ග අනාවැකි පළ කරයි.

පැතුම් වික්‍රමරත්න

රුසියානු ජනාධිපති විලැඩ්මිර් පුටින් මහතාගේ විශේෂ නිල ආරාධනයක් පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (22) රුසියාව බලා පිටත්ව ගියේය.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෙකුට රුසියාවේ සංචාරයක් සඳහා නිල ආරාධනයක් හිමිවන්නේ දශක හතරකට පසුව වන අතර, 1974දී එවකට අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගෙන් පසුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකු රුසියාවේ නිල සංචාරයක නිරතවන පළමු අවස්ථාව මෙයයි.
ශ්‍රී ලංකාවට සුවිශේෂී වාසි අත්වන ආර්ථික, වෙළෙඳ, සංචාරක, විද්‍යා හා තාක්ෂණික අධ්‍යාපනික හා සංස්කෘතික යන ක්‍ෂේත්‍රවලට අදාළ ගිවිසුම් කිහිපයකටද ජනාධිපතිවරයාගේ මෙම සංචාරයට සමගාමීව අත්සන් තැබිමට නියමිතය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රුසියානු ජනාධිපතිවරයා අතර පැවැත්වෙන නිල සාකච්ඡාවලදීද දෙරටේ සබඳතා ශක්තිමත්ව ඉදිරියට ගෙනයාම පිළිබඳ කරුණු රැසක් සාකච්ඡා කෙරෙනු ඇත.
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 60ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සවයකටද ජනාධිපතිවරයා මෙම සංචාරය තුළදී සහභාගි වන අතර දෙරට අතර වෙළෙඳ හා ව්‍යාපාරික සබඳතාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා රුසියා ව්‍යාපාරික සංසදය විසින් සංවිධානය කරන ව්‍යාපාරික හමුවකටද ජනාධිපතිවරයා සහභාගිවීමට නියමිතය.
ශ්‍රී ලංකාව සහ සෝවියට් රුසියාව අතර සබඳතා ඇරඹෙන්නේ 1956 වසරේදීය. අද වන විට දෙරට අතර ප්‍රශස්ථ ආර්ථික සබඳතාවක් පවතින අතර ශ්‍රී ලංකාවේ තේ අපනයනයෙන් සියයට 17ක පමණ වෙළෙඳ‍පොළ දායකත්වයක් රුසියාව සපයයි.

පානුක රාජපක්ෂ

යුද අපරාධ පිළිබඳ සොයා බැලීමට කිසිසේත්ම හයිබ්‍රිඩ් අධිකරණයක් පිහිටුවන්නේ නැති අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කිසිවක් රට තුළ නොකරන බවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (21) ප්‍රකාශ කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ශ්‍රී ලාංකීය අධිකරණ යාන්ත්‍රණයක් පමණක් ස්ථාපිත කරනා බවද අගමැතිවරයා කීවේය. ජාත්‍යන්තර අපරාධ අධිකරණයකට රජය එකඟ නොවන බවත්, දකුණු ආසියානු කලාපයේ රටවල ප්‍රතිපත්තිය වන්නේද එය බවත් අගමැති වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ස්ථාවර නියෝග 23/2 යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය. රජය විසින් ව්‍යවස්ථාවට පටහැනිව විදේශීය විනිසුරුවරුන් හා නීතිවේදීන් සහිත හයිබ්‍රිඩ් අධිකරණයක් ඇති කර රණවිරුවන් දඩයම් කිරීමට යෝජනාවක් සම්මත කර තිබේදැයි මන්ත්‍රීවරයා විමසා සිටියේය.
ඊට පිළිතුරු දුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකා රජය සහ අනෙකුත් රජයන් ඉදිරිපත් කළ යෝජනාවට අනුව ක්‍රියා කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සහ මහ ‍ලේකම් බැන් කි මූන් මහතා ඒකාබද්ධ ප්‍රකාශයක් කරමින් එකඟ වුණා. එහි තිබෙනවා මහ ‍ලේකම්වරයා සඳහන් කළා කියා යුද්ධ කා‍ලේ මානව හිමිකම් නීතිය උල්ලංඝනය කිරීම ගැන විභාග කළ යුතුය කියලා.
ලංකා ආණ්ඩුව ඒ ගැන විභාග කරන්න එකඟ වූ බවත් එහි සඳහන් කර තිබෙනවා. එදා තමයි පළමු වරට එවැන්නක් සඳහන් වුණේ. රටේ ඒකීය භාවය හා ස්වාධීනත්වය නැති කර විදේශ නඩුකරුවන්ගෙන් නඩු අසන්න අප එකඟ වී හෝ එවන් යෝජනාවකට සහය දී හෝ නෑ. එවැන්නකට අප හවුල් වෙලාත් නැහැ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ප්‍රශංසා කර තිබෙනවා අපේ ආණ්ඩුව දහනව වැනි ව්‍යවස්ථාව සම්මත කර ජාතික සංහිඳියා ඇති කිරීමට ගෙන ඇති පියවරයන් පිළිබඳව. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කිරීමට ගෙන ඇති පියවරයන් ගැනත් දැනුම්වත් කළා.
අතීතයේ වූ නීතිය උල්ලංඝනය කිරීම ගැන විභාග කරන අය ස්වාධීන විය යුතු බව ඔවුන් කියා තිබෙනවා. ඒවා ගැන අපට ප්‍රශ්නයක් වන්නේ නැහැ. එල්.ටී.ටී.ඊ.ය විසින් මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳවත් විභාග කළ යුතු බව කියා තිබෙනවා. විදේශ නඩුකාරවරු පත් කිරීම පිළිබඳව කියා නැහැ.
අධිකරණ යාන්ත්‍රණය පිහිටුවීම පිළිබඳව අප කළ යෝජනාව ඒ අය පිළිගත්තා. ඒ අපේ ව්‍යවස්ථාවට පිටින් නොවෙයි. ඊට අනුකූලව සිදු කිරීම සඳහායි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්ගේ 2009 වාර්තාවේ කියා තිබෙනවා ජාත්‍යන්තර අපරාධ උසාවියට එකතු වීම සහ මිශ්‍ර උසාවියක් ගැන. ඒ අය කී එකකටවත් අපි එකඟ වෙන්නේ නැහැ. 2009ක් පසුගිය ආණ්ඩුවේ නියෝජිතයන් නිව්යෝර්ක් හිදී එකඟ වුණා යුද අපරාධවලට නඩු දානවා කියලා.
ඒ නඩු දැමීම යටතේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇදගෙන ගිහින් හිරේ දැම්මා. ඉන් පසුව ජී.එල්. පීරිස් 2014 දී ජිනීවා ගිහින් කිව්වා මූතූර් සහ ත්‍රිකුණාමලයේ සිදුවීම් විභාග කර නඩු දානවා කියලා.
ජාත්‍යන්තර අපරාධ අධිකරණයකට අප එකඟ වන්නේ නැහැ. ශ්‍රී ලාංකීය අධිකරණ යාන්ත්‍රණයක් තමයි ව්‍යවස්ථාව යටතේ ක්‍රියාත්මක කරන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අප පත් කර ගත යුත්තේ ශ්‍රී ලාංකීය විනිසුරුවරුයි. නිරීක්ෂකයන්ගේ,
විශේෂඥයන්ගේ සහය ලබා ගන්න අප කැමතියි. අපි කවදාවත් දරුස්මාන් කමිටුවට එකඟ වුණෙ හෝ පත් කළේ නැහැ. නිව්යෝර්ක් ගිහින් දරුස්මාන්  කමිටුව පත් කළේ කොහොමද කියා අපි දන්නවා. අපි ඒ ලිපි ‍ලේඛන ප්‍රසිද්ධ කරනවා.
රටේ ව්‍යවස්ථාව අපි උල්ලංඝනය කරන්නේ නැහැ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළින් එය ගේන්නෙත් නැහැ. අනෙක නව ව්‍යවස්ථාව ජනමත විචාරණයකට යනවා. අපි මිශ්‍ර අධිකරණයක් පිහිටුවන්නේත් නැහැ ව්‍යවස්ථාව උල්ලංඝණය කරන්නේ නැහැ.

ලසන්ත වීරකුලසූරිය, පැතුම් වික්‍රමරත්න

හම්බන්තොට වරාය චීන ආයෝජකයන්ට පැවැරීම සම්බන්ධව ෙනෙතික පසුබිම සොයා බැලීම සඳහා කැබිනට් අනුකමිටුවක් පත්කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම අනුකමිටුව පත්කර ඇති බව කැබිනට් මණ්ඩල ආරංචිමාර්ග පැවැසීය.
හම්බන්තොට වරාය චීන ආයෝජකයන්ට පැවැරීම පිළිබඳ රජයේ ගිවිසුම් පත්‍රය අද (21) පෙරවරුවේ රැස් වූ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී කැබිනට් මණ්ඩලයේ විශේෂ අනුමැතිය මත මෙම අනුකමිටුව පත්කර ඇත.
වරාය අධිකාරියේ හා වරාය අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයකම කරුණු සලකා බලා ජාතික වශයෙන් රටට වැදගත් වන හා රටේ දේපළ ආරක්ෂා වන ආකාරයට මේ පිළිබඳව තින්දුවක් ගැනීමට අදාළ අනු කමිටුවට පවරා තිබේ.

පානුක රාජපක්ෂ

ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා පාසල් 7000 සංවර්ධනය කිරීමට තෝරාගෙන තිබුණද, ඇතැම් පළාත් සභා දේශපාලන බලවතුන්ගේ හා අධ්‍යාපන නිලධාරීන්ගේ දුර්වල ක්‍රියාකලාප හේතුවෙන් ඇතැම් ව්‍යාපෘති තවමත් ආරම්භ කිරීමට නොහැකි වී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ හැකි විගස ලබා ගැනීම ජනතා අපේක්ෂාව වන බැවින්, ඒවා කාර්යක්ෂමව හා ඵලදායීව ක්‍රියාත්මක කිරීමට දේශපාලන බලධාරීන් හා රාජ්‍ය නිලධාරීන් බැඳී සිටින බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
එබැවින් එම අධ්‍යාපන බලධාරීන්ගේ හා දේශපාලන බලවතුන්ගේ දුර්වල ක්‍රියාකලාප සම්බන්ධයෙන් තමන් බලවත් අප්‍රසාදය පළ කරන බවත් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ගයාත්‍රි ගීගනආරච්චි

ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ ඩෙංගු මදුරුවා බෝ වී ඇත්තේ ළිං ආශ්‍රිතව බැවින් මදුරු ඝනත්ව විශාල ලෙස ඉහළ යාමට මෙය හේතුවක් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පැවැසීය.
ඉවතලන ‍පොල්කටු, යෝගට් කෝප්ප හා හිස් බඳුන්වලට වැහි වතුර එකතු වීම හේතුවෙන් මතෛක් කාලයක් මදුරුවන් බෝ වූ නමුත් මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම කින්නියා ප්‍රදේශයේ දී වෙනස් වී ඇතැයි හෙතෙම අවධාරණය කළේය.
කින්නියා ප්‍රදේශයේ මදුරුවන් මර්දනය කිරීම සඳහා වෙනත් ප්‍රදේශවලින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා කීට විද්‍යා සහකරුවන් කණ්ඩායම් යැවූ බවත් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂයෙන් පුහුණුව ලැබූ වෛද්‍ය කණ්ඩායම් කීපයක්ම ත්‍රිකුණාමලයට හා කින්නියා ප්‍රදේශවලට යවා ඇතැයිද වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පැවැසීය.

ශ්‍රියානි විජේසිංහ

පොදු දේපළ පනත යටතේ චෝදනා එල්ලවී ඇති සැකකාර විමල් වීරවංශ මහතා කළ ඇප ඉල්ලීම් ප්‍රතික්‍ෂේප කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදී ඇති නියෝග නීත්‍යනුකූල නියෝග බවට නිගමනය කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විමල් වීරවංශ මහතා විසින් ඇප ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර තිබූ ප්‍රතිශෝධන අයැදුම් පත ගාස්තු රහිතව නිශ්ප්‍රභ කළේය.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් පසුගිය ජනවාරි 10 වැනිදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ තමාව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කළ බවත් ඇප ලබාදෙන ලෙසට අවස්ථා දෙකකදී කළ ඉල්ලීම් කොටුව මහේස්ත්‍රාත්වරිය විසින් ප්‍රතික්‍ෂේප කළ බවත් විමල් වීරවංශ මහතා මහාධිකරණයට පෙන්වා දී තිබුණි. සිය නීතිඥවරුන් කළ කරුණු දැක්වීම් නොසලකා හැර මහේස්ත්‍රාත්වරිය විසින් ඇප ප්‍රතික්‍ෂේප කරමින් ලබාදුන් නියෝග නීත්‍යනුකූල නොවන නියෝගයක් වන බැවින් එම නියෝග අවලංගු කොට තමන්ට ඇප ලබාදෙන ලෙස විමල් වීරවංශ මහතා මහාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණි.
පෙත්සම්කාර පාර්ශ්වයේ හා නීතිපතිවරයා වෙනුවෙන් කළ කරුණු දැක්වීම් සලකා බලමින් ඒ සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වූ මහාධිකරණ විනිසුරුවරයා සිය නියෝගය නිකුත් කරමින් වැඩිදුරටත් පෙන්වා දුන්නේ සැකකාර පෙත්සම්කාර විමල් වීරවංශ විසින් සිය පෙත්සමේ දක්වා ඇති පරිදි ඔහුට ඇප ලබා නොදීමේදී කොටුව මහේස්ත්‍රාත්වරිය විසින් අගතිගාමි ඇසුරින් කටයුතු කර නොමැති බව තම අධිකරණයට පෙනී යන බවයි.

නිශාන්ති රාමනායක - කොළඹ අධිකරණ

IMAGE

සමහරු සල්ලි මත්තේ නැහෙද්දී තාත්තා වින්දනය සොයමින්...

IMAGE 2017 Mar 26 14:43
සිංහල වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය විජයග්‍රහණය කළ චරිතාංග නළුවකු වශයෙන් ජයලත් මනෝරත්නයන්...
Views - 3484

රන්ජන් එක්ක ගත්ත මංගල ඡායාරූපය නිසා මට ප්‍රශ්න පිට...

IMAGE 2017 Mar 26 14:30
ජනප්‍රිය නළු නිළියන් දෙ‍පොළක් වූ රන්ජන් රාමනායක සහ අනූෂා දමයන්ති පෙනී සිටි මංගල ඡායාරූපය...
Views - 2136

හෘද රෝගීන් අනියම් සබඳතා පවත්වන්නේ බලාගෙනයි!

IMAGE 2017 Mar 24 13:39
හදවත් රෝග ලක්ෂණ ඇත්තවුන් සහ හදවත් රෝග වැළදුන පුද්ගලයන් තුළ තම ලිංගික ජීවිතය සම්බන්ධයෙන්...
Views - 4361

ගම්පහ ටියුෂන් පෙම්වතුන්ගේ roomshare පොළකට ගියෙමු

IMAGE 2017 Mar 24 10:45
තිර‍යකින් බෙදා වෙන් කරන ලද එකම ලැඟුම්හල් කාමරය ගම්පහ ටියුෂන් අධ්‍යාපනයේ යෙදෙන පෙම්වතුන්...
Views - 3731

රජිනිකාන්ත් යාපන සහ වවුනියා සංචාරයක

IMAGE 2017 Mar 23 16:40
උතුරේ ජනතාව වෙනුවෙන් ඉදිකරන ලද 150 කින් යුත් නව නිවාස ව්‍යාපෘති දෙකක් විවෘත කිරීම පිණිස දකුණු...
Views - 2136

කූඹියෙක් කෑවත් මැරෙන්න පුළුවන්?

IMAGE 2017 Mar 22 16:01
කුහුඹුවකු කෑම හඳුන්වන්නේ ඉතා සුළු සිදුවීමක් ලෙසයි. නමුත් කුහුඹුවකු කෑ පසු වුව සම කැසීමට අමතරව...
Views - 4136

Please publish modules in offcanvas position.