lakbima.lk
2017-02-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.68 , විකුණුම් මිල රු.153.44 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.67 , විකුණුම් මිල රු.192.00 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.38 , විකුණුම් මිල රු.163.41 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.84 , විකුණුම් මිල රු.153.73 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.24 , විකුණුම් මිල රු.117.71 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.80 , විකුණුම් මිල රු.118.86 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.104.86 , විකුණුම් මිල රු.108.71 | ජපන් යෙන් ගැනුම් මිල රු.1.3121 , විකුණුම් මිල රු.1.3617 |

පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පිඨයේ පළමුවන වසරේ සිසුන්ට නවකවදය දිෙමි සිද්ධියක් සම්බන්ධයෙන් එම පිඨයේ දෙවන වසරේ සිසුන් පහළොස් දෙනෙකු අද (20) අලූයම පේරාදෙණීය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන මහනුවර අතිරේක මහේස්ත‍්‍රාත් රංගනි ගමගේ මහත්මිය හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම සිසුන් මාර්තු මස 02 වන දින දක්වා රක්ෂීත බන්ධනාගාර ගත කිරිමට නියෝග කළාය.
පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ දෙවන වසරේ සිසුන් පිරිසක් හිඳගල මෙගොඩකලූගමුව ප‍්‍රදේශයේ නිවසක් කුළියට ගෙන එහි රැදි සිටිමින් මෙම සිසුන්ට නවකවදය දී ඇත. කෘෂිකර්ම පිඨයේ දෙවන වසරේ සිසුන් පළමු වසරේ සිසුන් රවටා ඉතා ශූක්ෂම ලෙස ත‍්‍රිරෝද රථවල නංවාගෙන එම නිවසට ගෙනැවිත් තිෙබි. ඉන්පසු දෙවන වසරේ සිසුන් විසින් ඉතා අමානුෂික ලෙස පළමු වසරේ සිසුන් නිරුවත් කර නවක වදය දි ඇති බව පොලිසිය සිදුකළ පරීක්ෂණ වලදි අනාවරණය වි තිබේ.
මෙම සිසුන් පිරිසට නවක වදය දෙන බවට පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ විනයපාලකවරයා ඇතුලූ ආචාර්ය වරුන්ට දැනගන්නට ලැබි ඇති අතර ඔවුන් අද අලූයම ඒ බව දැනගත් අවස්ථාවේදිම එම නිවසට ගොස් සිද්ධිය පිළීබඳව තහවුරු කරගෙන පොලිසියට පැමිණීලි කර තිබේ.
මෙම අවස්ථාෙවි නවක වදයට ලක්වු සිසුන් 08 දෙනෙකු ප‍්‍රතිකාර ලබාගැනිම සඳහා පේරාදෙණීය රෝහලට ඇතුළත් කර තිබේ. විශ්වවිද්‍යාලය තුළදි සිසුන්ට නවක වදය දිමට ඇති අවස්ථා විශ්ව විද්‍යාල බලධාරින් විසින් අවහිර කර තිබිම නිසා සිසුන් මෙලෙස වෙනත් ස්ථාන වල නවකවදය දීමේ ක‍්‍රියාවලිය සිදුකරන බව විශ්වවිද්‍යාල ප‍්‍රකාශකයෙකු පැවසිය.
මෙම සිසුන් පහළොස් දෙනා අධීකරණයට ඉදිරිපත් කිරිමට පොලිසිය කටයුතු කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණීය පොලිසිය සහ විශ්ව විද්‍යාල බලධාරින් පරික්ෂණ පවත්වති.

ගයා වන්නිආරච්චි

ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට වෘත්තීකයන්ගේ ජාතික පෙරමුණ තීරණය කර ඇත.
ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා විවිධ ක්ෂේත්‍රයන්ගේ දක්ෂතාවන් ඇති පුද්ගලයින් හත් දෙනෙකුගෙන් සමන්විත මහජන කොමිෂන් සභාවක් පත් කර ඇතැයි එම පෙරමුණේ ‍ලේකම් කපිල පෙරේරා මහතා සඳහන් කරයි.
වත්මන් රජය විවිධ රටවල සමඟ ද්විපාර්ශ්වීය වෙළඳාම පිලිබඳ ගිවිසුම්වලට එළඹෙමින් සිටින අතර එමගින් රටට සිදුවන වාසි , අවාසි මොනවාද යන්න පිලිබඳව නොදන්නා බවද හෙතෙම පෙන්වාදේ.
නිසි සංවාදයකින් තොරව එළඹෙන පූර්ණ නිගමනයන් පිලිගැනීම අනුවන කමක් ලෙසද එය රටට දීර්ඝ කාලීන අවාසි සහගත තත්ත්වයන් උදා කරන්නක් විය හැකි බවද  එම පෙරමුණ පවසා සිටියි.
ජාත්‍යන්ත වෙළඳාම සම්බන්ධයෙන් රටක  ජාතික ප්‍රතිපත්යක් සකස් කර ගත් පසුව එම ප්‍රතිපත්තිය මත පිහිටා පමණක් ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම්වලට යොමු විය යුතුයැයි ද එය ලෝක සම්මතය යැයිද ‍ලේකම්වරයා සඳහන් කරයි.
ද්විපාර්ශ්වීය වෙළඳ ගිවිසුම් අත්සන් කිරීමට පෙර ජනතාවට වගකියනු ලබන අධිකාරියක් හරහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් හා රජයෙන් ඉල්ලීම් කලද එයට මේ වන තෙක් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් තම පෙරමුණ එම වගකීම රට වෙනුවෙනු ඉටු කිරීමට තීරණය කල බව කපිල මහතා සඳහන් කරයි.
කෙසේ නමුත් තම පෙරමුණ සකස් කිරීමට යන ජාතික ප්‍රතිපත්තිය පිළිබදව ජනාධිපතිවරයාව දැනුවත් කල අතර එයට ජනාධිපතිවරයාගෙන් යපහපත් ප්‍රතිචාරයක් ලැබුණු බවද පැවසේ.
ජාතික වෙළඳ ප්‍රතිපත්තිය සෑදීමේ මහජන කොමිෂන් සභාවේ පළමු හමුව ලබන 22 වන දින කොළඹ පදනම් ආයතනයේදී සවස 4.30ට සිදුවනු ඇත.

ශ්‍රියානි විජේසිංහ

රාජ්‍ය දේපල අවභාවිත කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ලබන මස 06 වනදා දක්වා තව දුරටත් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. 

ඒ, කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්නගේ නියෝගයකට අනුවයි. 

අදාළ චෝදනාව යටතේම මන්ත්‍රීවරයා සමඟම අත්අඩංගුවට ගෙන සිටි රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ඇප මත මුදා හැරීමට මෙහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළේය. 

ඒ අනුව රුපියල් පනස් දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හරින ලෙස නියෝග කර තිබුණි.

මැතිවරණ ක්‍රමයේ ගැටලු විසඳීම සඳහා ආණ්ඩුව කිසිදු පියවරක් අනුගමනය නොකරන බවත් ඒ අනුව පළාත් පාලන මැතිවරණය කල්දැමීමට ආණ්ඩුවට අවශ්‍යව ඇති බවක් පෙනෙන්නට ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක, අනුර කුමාර දිසානායක මහතා පවසයි.
නව පළාත් පාලන ඡන්ද ක්‍රමය යටතේ මැතිවරණ පැවැත්වුවහොත් බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එල්ල වනු ඇතැයි ද ජනතා විමුක්ති පෙරමුණ ඊට කිසිදු ලෙසකින් එකඟ නොවන්නේ යැයි ද පැලවත්ත බත්තරමුල්ලෙහි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී දිසානායක මහතා පැවැසීය. නව පළාත් පාලන ඡන්ද ක්‍රමය විකෘතියක් බවත් ජනතාවගේ කැමැත්ත සාධාරණ ලෙස පිළිබිඹු වෙන්නේ නැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා මෙහිදී පැවැසීය.
කඩිනමින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නම් මේ අවස්ථාවට පමණක් පැරණි ඡන්ද ක්‍රමය වලංගු වන පරිදි සංශෝධනයක් ගෙන ආ යුතු බවත් නැතිනම් මෙම පළාත් පාලන මැතිවරණය කවදා පැවැත්වේදැයි කිසිවෙකුට පැවැසිය නොහැකි බවත් අනුර දිසානායක මහතා මෙහිදී පැවැසීය.
මෙහිදී අදහස් දැක්වූ අනුර දිසානායක මහතා මෙහිදී මෙසේද පැවැසීය. මෙම අර්බුදයට තිබෙන එකම විසඳුම මේ වතාවේ ඡන්දය පැරණි ක්‍රමයට පැවැත්වීමයි. මෙම මැතිවරණ ක්‍රමය හරහා අපේ රටේ ද්වි පක්ෂ ක්‍රමයකට දොරටු විවෘත කරනවා. එම නිසා අනිවාර්යයෙන්ම අනෙකුත් පක්ෂවලට ප්‍රධාන පක්ෂ දෙක සමග සන්ධානගත වීමට බලකෙරෙනවා. යම් ඡන්ද ක්‍රමයක් මත දේශපාලන පක්ෂයක් දේශපාලනයෙන් පළවා හැරීම අනුමත කළ නොහැකියි. ජනතාවගේ අනුමැතිය නැත්නම් පත්වීම හෝ නොමැතිවීම සිදුවිය හැකියි. නමුත් ඡන්ද ක්‍රමයක් මත යම් පක්ෂයක් පළවා හැරීම යුක්ති සහගත තත්ත්වයක් නොවෙයි.

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේදී මේ වසරේ පැවැත්වෙන 14 වන එක්සත් ජාතීන්ගේ වෙසක්දින උළෙලට සහභාගිවීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු  අමාත්‍යාංශය පවසයි.
මැයි 12 වනදා සිට පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙල සහ ජාත්‍යන්තර බෞද්ධ සමුළුව සඳහා රටවල් රැසකට ආරාධනා කර ඇති බව අමාත්‍යාංශය පෙන්වා දේ.
ඒ සඳහා රටවල් 100කට ආසන්න සංඛ්‍යාවකින් බෞද්ධ හා බෞද්ධ සංවිධාන නියෝජනය කරමින් මහනායක හිමිවරුන් සංඝරාජ හිමිවරුන්, ජාත්‍යන්තර බෞද්ධ නායකයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු නියෝජිතයන් දහසකට අධික සංඛ්‍යාවක්  සහභාගිවීමට නියමිතය.
ඉන්දියාව, චීනය, ජපානය, තායිලන්තය,  කාම්බෝජය, වියට්නාමය, මියන්මාරය, ලාඕසය, භූතානය, ටිබෙටය ඇතුළු බුදුදහම පවතින රටවල් රැසක් ඊට ඇතුළත්ය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ජාත්‍යන්තර වෙසක් සැමරුම් දිනයක් 1999 වර්ෂයේදී ප්‍රකාශයට පත් කළේ එවකට මෙරට විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ලක්ෂ්මන් කදිරගාමර්ගේ යෝජනාවකට අනුවය.

පැතුම් වික්‍රමරත්න

මෙරටට ආනයනය කෙරෙන සහල් මුදා හැරීමට පෙර ශ්‍රී ලංකා රේගුව විසින් එහි ප්‍රමිතිය පරීක්ෂා කර බලන බැවින් විස සහිත සහල් මෙරටට ලැබිමේ අවදානමක් නැතැයි පාරිභෝගික අධිකාරිය පවසයි.
එහිදී ආනයනික සහල් මිනිස් ශරීරයට අහිතකර ද නැද්ද යන්න පිළිබඳව පරීක්ෂා කෙරෙන අතර සහල් වල හිතකර බව තහවුරු කිරීම සඳහා ආනයනික සමාගම් විසින් ශ්‍රී ලංකා අදාළ සහතිකපත් 4ක් ඉදිරිපත් කළ යුතුව ඇතැයි පාරිභෝගික අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා “ලක්බිම” කළ විමසීමකදී ප්‍රකාශ කළේය.
ඒ අනුව ආනයනය කෙරෙන සහල් වල සෞඛ්‍යරක්ෂිත බව සම්බන්ධයෙන් යම් ගැටලු සහගත තත්ත්වයක් එහිදී අනාවරණය වුවහොත් එම සහල් තොග මුදා නොහරින බව ද ඒ මහතා කීය.  ආනයනික සහල් මිනිස් ශරීරයට විෂ සහතික බවට ගොවිජන සම්මේලන විසින් ඉකුත් දා කර තිබූ චෝදනාව සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී හසිත තිලකරත්න මහතා ඒ බව පැවැසීය.

ගයාත්‍රි ගීගනආරච්චි

මේ රටේ ජනතාව විශාල වශයෙන් බදු මුදල් ගෙවා නිෂ්පාදනය කරන ලද ජාතික නිෂ්පාදනයක් වූ සහල් සඟවා තබා ගැනීමට මේ රටේ හතර පස් දෙනෙක් වූ මහා පරිමාණ වී මෝල් හිමියන්ට කිසිදු නීතිමය හෝ සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් එම නීති විරෝධි මංකොල්ලය නතර කිරීමට තම සංවිධාන සුදානම් බවත් රජයට ශක්තියක් නොමැති නම් ඒවා වැටලීමේ ෙනෙතිකමය බලය තමන්ට ලබාදෙන ලෙස සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා රජයට අවධාරණය කරයි.
ගොවියා, සිල්ලර වෙළෙන්දා, තොග වෙළෙන්දා, පාරිභෝගිකයා ආරක්ෂා කරන යාන්ත්‍රණයක් සලසනු යන මැයෙන් සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය ඇතුළු සංවිධාන හයක් ඒකාබද්ධව පෙරේදා 18 දින දඹුල්ල සියපත් හෝටලයේදී මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
මෙම මාධ්‍ය හමුව අමතා සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න, ‍ලේකම් ටී.ඩී. සරත්, සහල් පිටි කර්මාන්තකරුවන්ගේ එකමුතුව වෙනුවෙන් අරුණ කාන්ත බණ්ඩාර, ආපන ශාලා හිමියන්ගේ සංගමය වෙනුවෙන් අසේල සම්පත්, තොග හා සිල්ලර ව්‍යාපාරික සංගමය වෙනුවෙන් බන්දුල ජයමාන්න, සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් සංගම් එකමුතුව වෙනුවෙන් මුදිත පෙරේරා යන මහත්වරුන්ද අදහස් පළ කළහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් පළකළ නාමල් කරුණාරත්න මහතා,
ආණ්ඩුව දින අනූවක් ප්‍රමාදවී උපරිම සහල් මිලක් නියම කළා. ගොවීන් හා කුඩා පරිමාණ වී මෝල් හිමියන් සතුව වී තොග හෝ සහල් නැහැ. තවත් මාස හත අටකට ප්‍රමාණවත් වී තොග මහා පරිමාණ වී මෝල් හිමියන් සතුව තිබෙනවා. සහල් අර්බුදයට පිලියම් ලෙස රජය සහල් ආනයනය සඳහා මහා පරිමාණ වී මෝල් හිමියන් බවට අප සතුව සාක්ෂි තිබෙනවා. මහා පරිමාණ වී මෝල් හිමියන් වත්මන් වෙළෙඳ‍පොළේ පවතින මිල ගණන්වලට සහල් අලෙවි කිරීම තුළින් කිලෝවකින් රුපියල් 30ක පමණ අසීමිත අසාධාරණ ලාභයක් ලබනවා.
ලබන පෙබරවාරි මාසය දක්වා මේ රටේ පරිභෝජනය සඳහා අවශ්‍ය වී තොග මහා පරිමාණ වී හිමියන් සන්තකයේ තිබෙන බව මහා බැංකු සංඛ්‍යා ‍ලේඛන වාර්තා සඳහන් කරනවා. එම ආනයනික සහල් ප්‍රමිතියෙන් දුර්වලයි. ඒවා මිනිසුන් ආහාරයට ගැනීම ප්‍රතික්ෂ්ප කරනවා. එබැවින් සහල් ආනයනය වහාම නතර කරන ලෙස රජයට බල කරනවා. රජය හා මහ ජනතාව අපහසුතාවට ලක් නොකර මහා පරිමාණ වී මෝල් හිමියන් නැට්ටෙන් අල්ලන්නේ නැතිව බෙල්ලෙන් අල්ලන්න කියා මම අභියෝග කරනවා යැයිද පැවසීය.
මෙහිදී අදහස් පළකළ සහල් පිටි කර්මාන්තකරුවන්ගේ එකමුතුවේ අරුණකාන්ත බණ්ඩාර මහතා
රජය පසුගිය වකවානුවේ වී නිෂ්පාදනය දුර්වල කිරීම තුළ අමෙරිකාව රුසියාව ඇතුළු රටවල් තුළින් පාන් පිටි ආනයනය කිරීම තුළ ඒක පුද්ගල පාන් පිටි පරිභෝජනය වසරකට කිලෝ ග්‍රෑම් 35 සිට 80 දක්වා ඉහළ ගොස් ඇති බව පෙන්වා දුන් ඒ මහතා කියා සිටියේ ගොවියාට හා කුඩා පරිමාණ සහල් මෝල් හිමියන්ට සාධාරණයක් ඉටු කළ යුතු බවය.
ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසා සිටියේ වෙළෙඳ‍පොළේ සහල් පිළිබඳ කිසිදු ප්‍රමිතියක් නොමැති බවත් ආනයනික සහල්වලින් පිසින ලද ආහාර පාරිභෝගිකයා ප්‍රතික්‍ෂේප කරන බවත් එම සහල්වලට කිසියම් රසායනික ද්‍රව්‍යයක් එක්කර ඇති බැවින් වහාම පාරිභෝගික අධිකාරිය මේ පිළිබඳව සොයා බැලිය යුතු බවත්ය.
සමස්ත ලංකා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග හා සිල්ලර ව්‍යාපාරික සංගමයේ බන්දුල ජයමාන්න මහතා කියා සිටියේ රජයේ පාලන සහල් මිල සමග සහල් අලෙවි කළ නොහැකි බවය, නාඩු සහල් කිලෝවක් රුපියල් 78ට තොග ව්‍යාපාරිකයාට අලෙවි කර රුපියල් 80ක සිල්ලර මිලකට අලෙවි කරන්නේ කෙසේද කියාය. තොග හා සිල්ලර ව්‍යාපාරිකයා රජයට ගෙවිය යුතු බදු මුදල් සහල් කිලෝවකට අයකළ පසු කිසිදු ලාභ මුදලක් නොමැතිව සහල් අලෙවි කිරීමට සිදුව ඇති බැවින් බොහෝ ව්‍යාපාරිකයන්ට සහල් වෙළෙඳාමෙන් ඉවත්වීමට සිදුව ඇති බවය.
ආනයනික සහල් දේශීය සහල්වල මිලට වඩා අඩුවෙන් වෙළෙඳ‍පොළේ පැවතීම නිසා ඇතැම් සහල් නිෂ්පාදකයන් දේශීය සහල් ඇසුරුම්වල බහා ආනයනික සහල් කුඨ ලෙස විකිණීමේ ජාවාරමක්ද ක්‍රියාත්මක වී ඇතැයිද එබැවින් සියලුම සහල් වර්ග එකම මිල පරාසයක තබා මිල නියම කිරීමට රජය පියවර ගත යුතු බවද හෙතෙම අවධාරණය කළේය.

දඹුල්ල - අමිල ගමආරච්චි

කච්චතිව් දූපතේ වාර්ෂික දේව මංගලය සඳහා මෙවර ඉන්දීය බැතිමතුන් 5000කට අධික පිරිසක් සහභාගි වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
දේව මංගලය සඳහා සහභාගි වීමට බැතිමතුන් 5015 දෙනෙකු මේ ව නවිටත් ලියාපදිංචි වී ඇති බව  සංවිධායකයන් පෙන්වා ඇත.
මෙවර කච්චතිව් දූපතේ වාර්ෂික දේව මංගල්‍යය මාර්තු මස 11 සහ 12 යන දිනවල පැවැත්වීමට නියමිතය.
පසුගිය වසරේ දේව මංගල්‍යය පෙබරවාරි මස 20 සහ 21 යන දිනවල පැවැත්වුණු අතර ඒ සඳහා ඉන්දීය බැතිමතුන් 3249 දෙනෙකු සහභාගි වී තිබේ.
මෙවර කච්චතිව් දූපත බලා පිටත්ව යන ඉන්දීය බැතිමතුන් ප්‍රවාහනය කිරීම සඳහා ඉන්දියාවේ සිට යාත්‍රා 147ක් යොදවා ඇත.

පැතුම් වික්‍රමරත්න

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය යන ව්‍යාජ සංගමය පිළිබඳව වහාම පරීක්ෂණ ආරම්භ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන බව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි. මෙම ව්‍යාජ සංගමය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය එච්.එම්.එම්. රූම් මහතාගේ චරිතය ඝාතනය කිරීම සඳහා ප්‍රවෘත්ති නිවේදනය සහ පුවත් පත් වාර්තා නිකුත් කර ඇතැයිද ඇමැතිවරයා පෙන්වා දේ.
මෙම ව්‍යාජ නිවේදන පිටුපස සිටින්නේ එක්තරා ඖෂධ සමාගමක් බවත් එම සමාගම මහරගම අපේක්ෂා රෝහ‍ලේ ඖෂධ සොරකම් කර අසරණ රෝගීන් මරා දැමූ ඖෂධ සමාගම බවද ඇමැතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.
එම සමාගම් හිමිකරු ‍පොලිස් අත්අඩංගුවට  ගෙන මාස 6ක කාලයක් රිමාන්ඩ් භාරයට පත්කළ බවත් පසුව ඔහු ඖෂධ ගෙන් වූ ඉන්දීය සමාගම ගැන සොයා බැලීමේදී ඔහු ලබා දී තිබූ ලිපිනයේ හිමිකරු වී ඇත්තේ මල් අලෙවිසල්කරුවෙකු බවද ‍පොලීසියට අනාවරණය කර ගැනීමට හැකි වී ඇතැයිද ඇමැතිවරයා මාධ්‍ය හමුවේදී පැවැසීය.
එම පුද්ගලයා තවත් පිළිකා ඖෂධයක් වෙනත් නමකින් මෙරටට ආනයනය කිරීම සඳහා සූදානම් වන බවට තමාට තොරතුරු ලැබුණේ යැයිද ඇමැතිවරයා මෙහිදී කීය.
එම පුද්ගලයා ජාතික ඖෂධ නියාමන අධිකාරියට අයැදුම්පතක්ද ඉදිරිපත් කර  බලපත්‍රයක්ද ලබා ගැනීමට කටයුතු කර තිබෙන බව ඇමැතිවරයා සඳහන් කරයි.

ශ්‍රියානි විජේසිංහ

බේරුවල කතෝලික බැතිමතුන් වාර්ෂිකව බහුදින යාත්‍රා මගින් ගොස් කරන ලද ආගමික කටයුත්තකදී අද (19) උදෑසන එක් බහුදින යාත්‍රාවක් අනතුරට පත් වී පුද්ගලයින් එකොළොස් දෙනෙකු මිය ගොස් 28 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

බේරුවල ලාරස් දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද (19) දිනට යෙදී තිබුණි. එහිදී කතෝලික බැතිමතුන් වාර්ෂිකව දේව ප්‍රතිමාව රැගෙන බෝට්ටු මගින් කළුතර සිරිකුරුස දේවස්ථානය කරා පැමිණ යළි බේරුවල ලාරස් දේවස්ථානය වෙත ගමන කරනු ලබයි.
අද (19) දින ද බහුදින යාත්‍රා 19කින් කතෝලික බැතිමතුන් දේව ප්‍රතිමාව රැගෙන බෝට්ටු පෙරහරේ යාමට පිටත්ව ඇත්තේ උදෑසන 9.30ට පමණය. ඔවුන් කළුතරට ගොස් ආපසු එමින් සිටියදී උදෑසන 10.00ට පමණ මෙම අනතුරට මුහුණ පා තිබේ. මෙම බහුදින යාත්‍රාවේ පුද්ගලියන් 35-40ක් අතර ප්‍රමාණයක් සිට ඇති අතර අනතුරට පත් වීමත් සමග සෙසු යාත්‍රාවල සිටි පුද්ගලයන් මොවුන් බේරා ගැනීමට උත්සාහ දරා තිබේ.

ඡායාරූප - තාරක දුෂ්යන්ත - කළුතර

වැඩ බලන නියෝජ්‍ය ‍පොලිස්පතිවරුන් ලෙස පසුගිය වසරේ මැයි මාසයේ සිට සේවයේ නිරතව සිටි ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරීවරුන් 08 දෙනෙකු ස්ථීර නියෝජ්‍ය ‍පොලිස්පතිවරුන් ලෙස ජාතික ‍පොලිස් කොමිසම විසින් පත්කර තිබේ.
රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානී ඩී.ජී.එන්. ජයවර්ධන, කොළඹ දිසාවේ ‍පොලිස් ප්‍රධානී එල්.එස්. පතිනායක, වන්නි දිසාවේ ‍පොලිස් ප්‍රධානී ටී.එම්.ඩබ්ලිව්.ඩී. පතිනායක, මඩකලපුව දිසාවේ ‍පොලිස් ප්‍රධානී ඩබ්ලිව්.ජේ. ජාගොඩආරච්චි, නුවරඑළිය දිසාවේ ‍පොලිස් ප්‍රධානී පී. මුණසිංහ යන නිලධාරීන් 05 දෙනා ඉකුත් වසරේ මාර්තු 31 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම තනතුරේ ස්ථීර සේවයේ පිහිටුවා ඇත. ජනපති ආරක්ෂක දිසාවේ එල්.එෆ්.ආර්.ජේ. සිල්වා, ‍පොලිස් ක්‍ෂේත්‍ර බළකා මූලස්ථාන ප්‍රධානී ජී.එස්. වල්ගම සහ මේ වනවිට ‍පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් සිටින එම්.එච්. මාර්ෂෝ යන නිලධාරීන් 2016 මැයි 10 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය ‍පොලිස්පති තනතුරේ ස්ථීර කර තිබේ.

ගයාන් කුමාර වීරසිංහ

IMAGE

පුංචි දියණියගේ ජීවිතය බේරා ගන්න මහ මග ටිකට් විකුණන...

IMAGE 2017 Feb 20 15:58
පුංචි තෙසංගා මේ වෙද්දී ඉන්නේ දැඩි ජීවිත අවදානම් තත්ත්වයක. ඇගේ අහිංසක සුරතල් ජීවිතය රැඳිල...
Views - 1371

සුදුසු කෙනෙක් ලැබුණොත් බඳිනවා - රන්ජන්

IMAGE 2017 Feb 20 09:45
අද වන විට අප රටේ ප්‍රබලතම දේශපාලන භූමිකාවක් ද හොබවන ජනකාන්ත නළු රන්ජන් රාමනායක මනාලයකු...
Views - 4933

නැගණිය සිනමාවට ගේන්න නිෂ්පාදිකාවක් වීමට සැරසෙන...

IMAGE 2017 Feb 19 21:53
තම නැගණිය ඉසබෙල් බොලිවුඩ් තරුවක් කිරීමට බලා‍පොරොත්තුවෙන් සිටින සුපිරි නිළි කැට්‍රිනා...
Views - 1720

ඇමැති කාර්යාලයේ බිත්තියේ තිබූ චිත්‍රය නිසා චිත්‍රපටයේ...

IMAGE 2017 Feb 19 21:46
අතීතයේ මෙරට නිපද වූ සූරයා වර්ගයේ චිත්‍රපට අතර සූරයන්ගෙත් සූරයා එදත් සූරයා, අදත් සූරයා, සූරයා...
Views - 1931

අපි දෙන්නා ගැන අනාගතය තීරණයක් ගනීවි

IMAGE 2017 Feb 19 15:03
එක අත්තේ වහන්නේ එක ජාතියේ කුරුල්ලෝ, අතුල, සමිතා, යුවළගේ දියණිය කවීන්ද්‍යා අධිකාරීත් නුවන්...
Views - 4910

වඩාත්ම දුක් වූ දවස මාධ්‍යයට කියන්න බැහැ

IMAGE 2017 Feb 19 14:47
සතුටයි දුකයි කියන හැඟීම් උපේක්ෂා නිර්වචනය කරන්නේ කෙසේද? කෙටියෙන් නිර්වචනය කරන්න අමාරුයි. අපේ...
Views - 2339

Please publish modules in offcanvas position.