Coss Ear2
lakbima.lk
COSS Ear 1

වෑන් රථයක් සහ ට්‍රැක්ටර් රථයක් ගැටීමෙන් ට්‍රැක්ටර් රථයේ ට්‍රේලරය පිටුපස ගමන් ගත් එක් අයෙක් තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර ඇත.
 
අද (18) දහවල් 12.15 ට පමණ මෙම අනතුර සිදුවි ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්ඔය වනරාජා ප්‍රදේශයේදිය.
 
තේ කර්මාන්ත ශාලාවට දලූ ප්‍රවහානය කළ ට්‍රැක්ටර් රථයක් තේ කර්මාන්ත ශාලාවේ සිට අපරික‍්ෂාකාරි ලෙස ප්‍රධාන මාර්ගය දෙසට ධාවනය කිරීමේදි ධාවනය වෙමින් තිබු වෑන් රථයේ ගැටි මෙම අනතුර සිදුවි ඇත.  
 
අනතුර පිළිබද හැටන් පොලීසිය පරීක්ෂණ පවත්වයි.
 
හැටන් රංජිත් රාජපක‍ෂ{jcomments on}
 

මේ වන විට අනතුරෙන් තුවාල ලැබූවන් සංඛ්‍යාව 28 දක්වා වැඩි වී ඇත. ඉන් 12ක් කළුබෝවිල රෝහලටද 9දෙනෙකු ශ්‍රී ලංකා ජාතික රෝහලටද ඇතුලත් කර තිබේ. 

මේ මෙහොතේ පවතින වැසි සහිත කාලගුණ තත්වය නිසා බේරාගැනීමේ ක්‍රියාන්විත වලට බාධා පැමිණ තිබේ. කෙසේ හෝ මෙම අයහපත් කාලකුණය නොතකා අපදා මෙහෙයුම් හා සහන කණ්ඩායම් ගොඩනැගිල්ලේ සුන්බුන් අතරේ විපතට පත් වූවන් ඇත් දැයි නිරික්ෂණය කරමින් සිටිති.

අපදා මෙහෙයුම් කණ්ඩායම් එම ක්‍රියාන්විත වල යෙදී සිටින අතර ගිලන් රථ කිහිපයක්ද සීරුවෙන් තබා ඇත.

-----------------------------

2017 May 18 11:18

වැල්ලවත්තේ සැවෝයි සිනමා ශාලාව අසල පිහිටි මහල් ගොඩනැගිල්ලක් කඩා වැටී ඇත. 

මේ වන විට ගාලු පාරේ වාහන ගමනා ගමනය තනි මං තීරුවකට සීමා කොට ඇති අතර සිද්ධිය වූ ස්ථානයට ගිනි නිවන රථ ගිලන් රථ ඇතුළු ආපදා සහන සේවා රථ පහසුවෙන් ළගා වීම සඳහා විශේෂ රථ වාහන සැලැස්මක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.

තුවල ලැබූ 12 දෙනෙක් කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත. මේ අතර තවත් හත් දෙනෙකු ජාතික රෝහලට යවා ඇත. මේ වන විට ශ්‍රී ලංකා ජාතික රෝහල තුළ හදීසි අවශ්‍යතා තත්වයක් ප්‍රකාශයට පත් කොට  රෝහල් කාර්ය මණ්ඩලය සීරුවෙන් තබා ඇත.

ගොඩනැගිල්ල තුල යම් පිරිසක් සිටිය හැකි බැවින් ඔවුන් ගලවා ගැනීමේ  මෙහෙයුම් ආරම්භ කොට ඇති අතර ඒ අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා තිබේ. මේ අතර යූධ හමුදා සහ පොලිස් විශේෂ කාර්ය බලකා කණ්ඩායම් ඒ ස්ථානයට ළගා වී ඇත.

මහල් සතකින් යුත් මෙම ගොඩනැගිල්ල වැල්ලවත්තේ සැවෝයි සිනමා ශාලාව අද්දර චාලිමන්ට් පාරේ පිහිටා ඇති අතර මෙය උත්සව සාද සඳහා යොදා ගන්නක් බවද පැවසේ.

ශ්‍රී ලංකාවට ජී එස් පී ප්ලස් සහනය ලබා දීම පිළිබඳ නිල ගැසට් නිවේදනය යුරෝපා පාර්ලිමේන්තුව මගින් අද නිකුත් කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකාවට ජී එස් පී ප්ලස් සහනය ලබා දීම පිණිස යුරෝපා පාර්ලිමේන්තුව ගත් තීරණය වලංගුභාවයට පත් වන්නේ මෙම ගැසට් නිවේදනය නිකුත් වීමෙන් පසුවය.

ශ්‍රී ලංකාවට මෙම සහනය ලබා දීමට කටයුතු කරමින් සිටියදී එය ක්‍රියාත්මක නොකරන ලෙසට යුරෝපා පාර්ලිමේන්තුවට කෙරුණු ඉල්ලීමක්ද පසු ගිය දිනවල ප්‍රතික්ෂේප විය.

දමයන්ති ගමගේ

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත ඊයේ (17) පස්වරුවේ දඹුල්ල යාපාගම ප්‍රදේශයේදී රෙදි කඩකින් ඔතා පේර ගසක් යට තබා සිටි අලුත් උපන් බිළිදෙකු සොයා ගත් දඹුල්ල පොලිසිය බිළිඳා බිහිකළ බවට සැකකෙරෙන 40 වියැති කාන්තාව අත්අඩංගුවට ගෙන දඹුල්ල මුලික රෝහලට ඇතුලත් කර තිබේ.

සැකකාර කාන්තාව දඹුල්ල ,කලෝගහඇල පදිංචි අවිවාහක කාන්තාවක බවත්, ඇය දඹුල්ල ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක රැකියාවක් කරමින් සිට ඇති බව පොලිසිය කියයි.

ඇය කොළඹ ප්‍රදේශයේ තරුණයෙකු සමග අනියම් ඇසුරකින් ගැබ් ගෙන ඇති බවත්, දරු ගැබක් ඇති බව  වසන් කිරීම සදහා දඹුල්ල ,යාපාගම ප්‍රදේශයේ මිතුරියකගේ නිවසේ තාවකාලිකව ලැගුම් ගෙන රැකියවට ගොස් ඇති අතර, මිතුරිය නිවසේ නොමැති අවස්ථවේ දරු ප්‍රසුතිය තමන් විසින්ම සිදු කරගෙන අළුත උපන් බිලිඳා රෙදි කඩකින් ඔතා පේර ගසක් අසල  තබා ඇති බව වාර්තා වී තිබේ.

මාර්ගයේ රුධිරය වාහනය වී තිබීම ගැන සැක සිතී අසල්වැසි කාන්තාවක් ඒ ආසන්නයේ නිවසක පදිංචිව සිටින වෛද්‍යවරියක දැනුවත් කර අවට  විපරම් කිරීමේදී බිළිඳා සොයා ගැනීමෙන් පසු පොලිසියට දැනුම්දී තිබේ.

ඒ අනුව කරන ලද විමර්ශනයේදී දරු ප්‍රසුතියෙන් පසු අධික ලෙස රුධිරය වාහනය වෙමින් කුලී නිවසේ සිටි කාන්තාව අත්අඩංගුවට ගෙන රෝහල් ගත කර තිබේ. ඇය විසින් පිරිමි දරු උපතක් සිදුකර ඇත.

බිළිඳා හා මවගේ සෞඛ්‍ය තත්වය යහපත් බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසිය.

දඹුල්ල පොලිසිය පරීක්ෂණ සිදු කරයි.

අශෝක එරමිණිගම්මන - දඹුල්ල

නාරම්මල මයුරපාද මධ්‍ය විද්‍යාලයේ ගුරුවරයකුට මැර ප්‍රහාරයක් එල්ල වීමට විරෝධය පාමින් එම විද්‍යාලයේ  ගුරු පිරිසක් අද (18) මිගමුව  - නාරම්මල මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වූහ.  විදුහල්පතිවරියගේ ක්‍රියා කලාපයට විරෝධය පා  පෙරේදා දින ගුරුවරුන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් එදින පාසල වසා දැමුණු අතර එදින  මයුරපාද මධ්‍ය විද්‍යාලයේ තාක්ෂණ විෂය උගන්වන ගුරුවරයා පාසලට පැමිණෙන අතර තුර මෙම මැර ප්‍රහාරයකට ලක් විය.

එම මැර ප්‍රහාරය විදුහල්පතිනියගේ අනු දැනුම  හා අනුබලය මත එල්ලවූ බවට උද්ඝෝෂකයෝ චෝදනා එල්ල කළහ.

කේ.ඒ.ජයසූරිය - පඬුවස්නුවර{jcomments on}

ඊයේ පස්වරුවේ අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය අන්තර් භික්ෂු බලමණ්ඩලය සහ වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු සාමාජිකන් දියත් කළ සයිටම් විරෝධී උද්ඝෝෂණයේ දී පොලීසිය සමඟ ඇතිවූ ගැටුම් හේතුවෙන් තුවාල ලද 21 දෙනෙකු ශ්‍රී ලංකා ජාතික රෝහලට ඇතුල් කර ඇති අතර ඔවුන්ගේ තත්වය බරපතල නොව බවත් අද ඉන් වැඩි පිරිසකට රෝහලින් පිටව යා හැකි බවත ශ්‍රී ලංකා ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම සයිටම් විරෝධී පෙළපාලිය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව දෙසට යාම සඳහා කොළඹ 2 යූනියන් පෙදෙස හරහා විහාර මහා දේවී උද්‍යානය අසලට පැමිනීමේදී පොලීසිය හා මෙම ගැටුම හට ගැනිණ. එහිදී උද්ඝෝෂකයන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර උද්ඝෝෂකයන් විහාර මහා දේවී උද්‍යානයට පිවිසුණ පසු පොලීසිය ඒ දෙසටද කදුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු දක්නට ලැබිණ.

මෙහිදී සරසවි සිසුන් මෙය රජය විසින් තස්ත්‍රවාදය කුළු ගන්වමින් ශිෂ්‍ය අයිතීන් අමු අමුවේ වළලා දැමීමට දරණ උත්සාහයක් ලෙස පොලිස් නිලධාරීන් හමුවේ කියා සිටියද පොලීසිය කියා සිටියේ මෙහි කිසිදු දේශපාලනයක් නොමැති බවත් මහජන සාමය සහ මහජනයාගේ දෛනික කටයුතු වලට බාධා වෙන පරිදි පෙළපාලි සහ උද්ඝෝෂණ පැවැත් වීම සම්බන්ධයෙන් 1979 අංක 15 දරණ අපරාධ නඩු විභාග සංග්‍රහ පනතට අනුව කොළඹ මහේස්ත්‍රාත්වරයා දුන් උසාවි නියෝගයක් ක්‍රියාත්මක කිරීමක් පමණක් බවය.

මෙහිදී සිසුන් පොලිසියට දිගින් දිගටම විරෝධතා එල්ල කළ අතර කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා එම විරෝධතා කරුවන් ඉදිරියේ එම උසාවි නියෝගයද කියවීය. මෙහිදී සිසුන් ත්‍රස්තවාදය භීෂණය මර්දනය වැනි චෝදනා නිරන්තරයෙන් එල්ල කළ අතර පොලීසිය නීතිය සාමය මහජන ආරක්ෂාව ගැන කියමින් ඔවුන්ට පිළිතුරු දෙනු දක්නට ලැබුණි.

මේ අතර කොළඹ විහාර මහා දේවී උද්‍යානයට එල්ල කළ කඳුළු ගෑස් නිසා උද්‍යාන තුළ සිටි සාමාන්‍ය ජනතාවද පිඩාවට ලක්වූ බව පෙනෙන්නට තිබූණි.

මෙම කඳුළු ගෑස් ප්‍රහාර වලට ලක් වූ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුද සෙසු නිලධාරීන්ගේ සහයෝගයෙන් කැරළි මර්දන රථ වෙතට කැඳවාගෙන යනු දක්නට ලැබිණ.

කෙසේ හෝ මෙම උද්ඝෝෂණය හේතුවෙන් ඊයේ පස්වරුවේ කෙළඹ නගරයේ ස්ථාන බොහොමයක දැඩි රථ වාහාන තදබදයක් ඇතී වී තිබුණි.

මෙම උද්ඝෝෂණයට නායකත්වය දුන් සිසුන් අත්අඩංගුවට ගැනීම පිණිස පොලීසය තව දුරටත් පරීක්ෂණ මෙහෙය වයි.

දමයන්ති ගමගේ{jcomments on}

මැ‍ලේරියා රෝගය සඳහා රුධිර පරීක්ෂා කරගැනීමට ජනතාව නොපැමිණීම හේතුවෙන් නැවත එම රෝගය හිස එසවීමේ බරපතළ අවදානමක් මතුව ඇතැයි මැ‍ලේරියා මර්දන වැඩ සටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.
මැ‍ලේරියාව නැවත හිස එසව්වහොත් ඩෙංගු මෙන් නොව ලක්ෂ ගණනින් පුද්ගලයන් රෝගයට ගොඳුරු වීම වැළැක්විය නොහැකි බව හෙතෙම පෙන්වාදේ.
මේ අවදානම් තත්ත්වය මතුව ඇත්තේ රුධිය පරික්ෂා කරන මුවාවෙන් එච්අයිවී වෛරසය ශරීර ගත කිරීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වෙන බව සඳහන් කරමින්  පසුගිය දා අන්තර්ජාලය හරහා පැතිර ගිය අසත්‍ය ප්‍රචාරය හේතුවෙන් රුධිර පරික්ෂා කර ගැනීමට පුද්ගලයන් යොමු නොවීම යැයි වෛද්‍ය හේරත් මහතා සඳහන් කළේය.
වසර 2012 සිට මෙරටින් මැ‍ලේරියා රෝගියෙකු හමු නොවූ නමුත් මැ‍ලේරියා රෝගය පැතිර පවතින රටවල්වල සිට පැමිණෙන පුද්ගලයන් රෝගයට ගොඳුරුව ඇති බව කරන ලද පර්යේෂණයන් තුලින් තහවුරු වූ බවත් එම පුද්ගලයන් හඳුනා ගෙන ප්‍රතිකාර ලබා දීම මගින් රෝගය පැතිර යාම වළක්වා ගැනීමට හැකි වූ බව අධ්‍යක්ෂවරයා පෙන්වාදේ.
අප රට තුළ රෝගය බෝකරන පර‍පෝෂිතයා නොසිටියද රෝග කාරක මදුරුවා සිටින බැවින් මැ‍ලේරියාව පැතිර පැවති රටක සිට  පැමිණෙන පුද්ගලයන් මැ‍ලේරියා රෝග ලක්ෂණ පෙන්වයි නම් ඔවුන්ගේ රුධිර පටල පරීක්ෂා කිරීම අනිවාර්යයෙන්ම සිදු කරන බව වෛද්‍ය හේරත් මහතා පැවැසීය.

ශ්‍රියානි විජේසිංහ{jcomments on}

මීරිගම බණ්ඩාරනායක අනුබද්ධ මහා විදුහ‍ලේ සිසු දරුවන් පිරිසක් අද (17) උදෑසන ආහාරය ගෙන පාස‍ලේ ජල කරාමයෙන් අත් සෝදා ගැනීමෙන් අනතුරුව තදබල ලෙස අත්ල කැසීමට ලක්වීම නිසා සිසුන් 29 දෙනකු මීරිගම රෝහලට ඇතුළත් කර ඇත.
රෝහල්ගත කළ සිසුන් රෝහලෙන් අද (17) සවස් වන විට ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර සිසු දරුවන් කිහිප දෙනකු  අද පස්වරු වනතුරු රෝහල්ගතව සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම විදුහ‍ලේ පාසල් දරුවන් සඳහා පානීය ජලය ලබාගනු ලබන්නේ ජලාපවහන මණ්ඩලයට අයත් පාසල් අසල මාර්ගයේ තිබෙන ජල නළ පද්ධතියෙන් බවත් මෙම තත්ත්වය ඇතිවීමට හේතුව එම ජලයේ දෝෂ තත්ත්වයක්දැයි යන්න විමර්ශනය කරන බවත් මිනුවන්ගොඩ කලාප අධ්‍යක්ෂ මල්ලවආරච්චි මහතා 'ලක්බිම'ට පැවැසීය.

ආරියපාල වීදාගම - රංජිත් රෝහණ - මීරිගම

මම 1977 සිට දේශපාලනය කරනවා. දශක ගණනක් දේශපාලනයෙන් හොඳට තෙම්පරාදු වෙච්ච මිනිහෙක් මම. මට ජය පරාජය දුක සැප දෙක හොදට පුරුදුයි. මේක දරුණු දේශපාලන පළිගැනීමක් යැයි උතුරු මැද පළාත් සභාවේ හිටපු පළාත් වාරිමාර්ග, ඉඩම්, ග‍්‍රාම සංවර්ධන, කාන්තා කටයුතු අමාත්‍ය එච්.බී සේමසිංහ මහතා පැවැසුවේය.
අමාත්‍යධුරය අහිමිවීම සම්බන්ධයෙන් ‘ලක්බිම’ හිටපු අමාත්‍ය එච්.බී සේමසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා මේ බව කියා සිටි අතර තවදුරටත් ‘ලක්බිම’ට කතා කළ හිටපු අමාත්‍යවරයා.
‘‘මගේ අමාත්‍යධූරය අයින් කරලා කියලා උදේ අටට විතර දැනගත්තේ. මට කිසිම ප‍්‍රශ්නයක් නෑ. මම හිටියේ මහින්ද රාජපක්ෂ
හිටපු ජනාධිපතිතුමා සමග. මගේ තනතුර අයින් කළා කියලා මම කාටවත් දොස් කියන්නේ නෑ. දේශපාලනයේ හැටි ඔහොම
තමයි.
ඊයේ අපිත් එක්ක එකට ඉඳලා තනතුරු තාන්න මාන්න දෙනවා කිවුවම ඒ මිනිස්සු වෙනස් වුණාට මම කවදාවත් වෙනස් වෙන්නේ නෑ. මම 1977 සිට දේශපාලනයෙන් හොඳට තෙම්පරාදු වෙච්ච මිනිහෙක් මට ජය පරාජය දුක සැප දෙක හොඳට පුරුදුයි. මම දිනුවා, පැරදුනා, පාර්ලිමේන්තුවේ  හිටියා. ඇමැතිකම් දැරුවා, ඇමැතිකම් නැති වුණා, පළාත් සභාවේ හිටියා ඇමැතිකම් දැරුවා නැතිවුණා.  ඕක තමයි දේශපාලනයේ හැටි. නමුත් අද රටේ ජනතාව ඉල්ලන්නේ මොකක්ද ඒක අපි ජනතාවට දෙන්න  ඕන. ජනතා පරමාධිපත්‍යයට ගරු කරන්න  ඕන. අපි කරන්නේ ඒ දේ තමයි.
මට දූෂණ වංචා චෝදනා නෑ. මට කිසිම දේශපාලනඥයෙක්, ඇමැතිවරයෙක්, රාජ්‍ය නිලධාරීයෙක්, සමාජයේ ජනතාව කවදාවත් ඇඟිල්ලක් දික්කරලා වැරදි කියලා නෑ. ඒක මට දේශපාලන ජීවිතයේ ලොකු සතුටක්. ඉදිරියේදී මීට වැඩිය දේවල්වලට මුහුණ දෙන්න වෙයි.
නමුත් තනතුරු තාන්න මාන්න බලාපොරොත්තුවෙන් කිසිම වෙලාවක ප‍්‍රතිපත්ති පාවලා දෙන්නෑ. මම හැමදාම ඉන්නේ මහින්ද
රාජපක්ෂ මැතිතුමා එක්ක. මේක දේශපාලන පළිගැනීමක්. මාව තනතුරෙන් ඉවත්කරා කියලා තවම මට නීත්‍යානුකූලව දන්වා නැතැයි හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසුවේය.

අනුරාධපුර - බුද්ධික මහේෂ් විජේසූරිය

උතුරු මැද පළාත් සභාවේ මන්ත්‍රීවරුන් 17 ක් ගෙන ගිය විරෝධතාවට දායකත්වය සැපයූ උතුරු මැද පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් වාරිමාර්ග, ඉඩම්, ග්‍රාම සංවර්ධන, කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය එච්. බි. සේමසිංහ හා උතුරු මැද පළාත් කෘෂිකර්ම, කෘෂි නිෂ්පාදන අලෙවි, සත්ව නිෂ්පාදන, සත්ව, සෞඛ්‍ය, ධීවර සහ නිවාස කටයුතු අමාත්‍ය ආර්. එම්. පී. බි. රත්නායක යන මහත්වරු එම තනතුරුවලින් අද (17) සිට ඉවත් කර තිබේ.
ඒ අනුව සේමසිංහ මහතාගේ අමාත්‍ය ධුරය පළාත් සභා මන්ත්‍රී සරත් ඉලංගසිංහ මහතාටද, රත්නායක මහතාගේ අමාත්‍ය ධුරය ‍පොළොන්නරුව දිස්ත්‍රික් ආණ්ඩු පක්ෂ පළාත් සභා මන්ත්‍රී සම්පත් ශ්‍රී නිලන්ත මහතා වෙතද ලබාදී ඇත.
මොවුන් දෙදෙනාම අද (17) උතුරු මැද ආණ්ඩුකාර පී. බි. දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.
හිටපු අමාත්‍ය කේ. එච්. නන්දසේන මහතා ඇමැති ධුරයෙන් ඉවත් කිරීමත් සමග බල කැරැල්ල ආරම්භ වූ අතර උතුරු මැද පළාත් සභාවේ බලය ඇල්ලීමේ සටනට සහභාගී වූ මන්ත්‍රීවරුන් 17 දෙනා අතර සිටි ප්‍රබලයන් දෙදෙනකු වන සුසිල් ගුණරත්න මහතා ඊයේ (16) දිනයේ ප්‍රවාහන අමාත්‍ය ධුරයේ දිවුරුම් දීම හා අද (17) සරත් ඉලංගසිංහ මහතා පළාත් වාරිමාර්ග අමාත්‍ය ධුරයේ දිවුරුම් දීම හා සම්පත් ශ්‍රී නිලන්ත මහතා කෘෂිකර්ම අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමත් සමගම කැරැල්‍ලේ බලය හීනවන අන්දමක්ද දක්නට ලැබේ.
ඉකුත් 15 වනදා දහවල් උතුරු මැද ප්‍රධාන අමාත්‍ය ධුරය හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රන්ජිත් මහතාට නැවත මහ ඇමැති ධුරය ලබාදෙන්නැයි ඉල්ලමින් ආණ්ඩුකාර පී. බි. දිසානායක මහතාට ඉදිරිපත් කළ පෙත්සමට හා දිවුරුම් ප්‍රකාශයන්ට සරත් ඉලංගසිංහ මහතා අත්සන් කර තිබූ අතර ආණ්ඩුකාරවරයා හමුවීමට ගිය මන්ත්‍රීවරුන් 17 දෙනා අතරේ පෙරමුණ ගෙන සිටීම විශේෂත්වයකි.

අනුරාධපුර - බුද්ධික මහේෂ් විජේසූරිය

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයකු නොවූ හා එක්සත් ජාතික පක්ෂ ජාතික මන්ත්‍රී ධුර ‍ලේඛනයේ නම සඳහන්ව නොසිටි පුද්ගලයකු වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කිරීම අභියෝගයට ලක් කරමින් නීතිඥ අජිත් ප්‍රසන්න මහතා විසින් ගොනුකර තිබූ පෙත්සම සලකා බැලීම සඳහා ලබන ජූලි 12 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) දින නියම කළේය.
වෙනත් පක්ෂයකින් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වී පරාජයට පත්වූ අයකුද වන සරත් ෆොන්සේකා මහතා එලෙස පාර්ලිමේන්තුවට පත්කිරීම මගින් එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවත් එමෙන්ම එමගින් රටේ ජනතාවගේ සර්වජන ඡන්ද අයිතිය හා ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් පෙත්සම්කාර නීතිඥවරයා සිය පෙත්සම මගින් අධිකරණයට පෙන්වා දී තිබුණි.
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, එම පක්ෂයේ මහ ‍ලේකම් කබිර් හසීම් අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් ගොනුකර තිබූ එම පෙත්සම අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, සිසිර ද ආබෘෘ හා නලින් පෙරේරා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී කැඳවිණි.

නිශාන්ති රාමනායක - කොළඹ අධිකරණ{jcomments on}

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 4005

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 2651

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3728

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 2242

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 7445

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 4596

Please publish modules in offcanvas position.