Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

උතුරුමැද පළාත් සභාවේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් එහි පළාත් වාරිමාර්ග ඉඩම් ග්‍රාම සංවර්ධන හා කාන්තා කටයුතු ඇමැති එම්.බි. සේමසිංහ මහතාද එම ධුරයෙන් ඉවත්වීමට සූදානම් වුවත් ඔහුට ඉවත් නොවන ලෙස ඒකාබද්ධ විපක්ෂය දැනුම් දී ඇතැයි පළාත් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ‍ලේකම් දුමින්ද දිසානායක යන මහත්වරුන් විසින් උතුරු මැද පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස, සහ පළාත් සභා පිළිබඳ අමාත්‍ය  කේ.එච්. නන්දසේන මහතා ඇමැති ධුරයෙන් ඉවත් කිරීම නිසා ඇති වූ උතුරු මැද පළාත් සභා අර්බුදය පිළිබඳව  ඉකුත්දා (12) රාත්‍රියේ හිටපු ජනාදිපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ බල මණ්ඩලය උතුරුමැද පළාත් සභා මන්ත්‍රීවරු සහ ඇමැතිවරු සමග විජේරාම නිවසේදී පැවැති සාකච්ඡාවේදී මේ බැව් අනාවරණය විය.
පළාත් සභාවේ වැඩි බහුතරයක මන්ත්‍රීවරුන්  මේ සඳහා සහභාගි වී සිට ඇති අතර උතුරුමැද පළාත් සභාව තුළ විටින් විට පරමාධිපත්‍ය බිඳ වැටෙන කරුණු සිදු වූ බව එහිදී බොහෝ මන්ත්‍රීවරුන් හිටපු ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ. එම රැස්වීමේදී උතුරු මැද පළාත් වාරි මාර්ග, ඉඩම්, ග්‍රාම සංවර්ධන, කාන්තා කටයුතු අමාත්‍ය  එච්.බි. සේමසිංහ මහතා එම අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට සූදානම් බව දැන් වූ පසු ඒකාබද්ධ විපක්ෂයේ බහුතරයක් ඉල්ලා ඇත්තේ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් නොවන ලෙසයි. පළාත් සභාවේ කටයුතු සුපුරුදු පරිදි කරගෙන යන ලෙස එහිදී සියලුම දෙනා අමාත්‍යවරයාට උපදෙස් ලබා දී තිබේ.
 
බුද්ධි මහේෂ් විජේසූරිය - අනුරාධපුර
 

මධ්‍යම පළාත් සභාවේ මේ වනවිට බහුතර බලය හිමි තම පක්ෂයට මහ ඇමැති ධුරය දෙන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රීවරු ලිඛිතව ඉල්ලීමක් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට ඊයේ (14) භාරදී ඇත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කිරීම සඳහා මධ්‍යම පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු ඉහත ඉල්ලීම භාරදී තිබේ.
මහනුවර, මාත‍ලේ හා නුවරඑළිය යන දිස්ත්‍රික්ක ඇතුළත් මධ්‍යම පළාත් සභාවේ මුළු සභික ධුර සංඛ්‍යාව 58කි. වර්ෂ 2015 ජනවාරි 8 දායින් පසු එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිව තිබූ මන්ත්‍රී ධුර 40න් ද්‍රවිඩ මන්ත්‍රීවරුන් හයදෙනා සහ පළාත් සභා මන්ත්‍රී ආර්.ජී. සමරනායක මහතා එක්සත් ජාතික පක්ෂය සමග කටයුතු කිරීම හේතුවෙන් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම 33 දක්වා පහත වැටී තිබිණි. ඊට අමතරව අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සමග මේ වන විට පළාත් සභා මන්ත්‍රීවරු 9 දෙනකු ස්වාධීන වීමත් සමග පාලන බලය හිමි එක්සත් ජනතා නිහස් සන්ධානයේ ආසන සංඛ්‍යාව 24 තෙක් පහත වැටී ඇත. මධ්‍යම පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම 25කි.
පවතින වත්මන් තත්ත්වය යටතේ සභික ධුර 25 හිමිකර ගනිමින් මධ්‍යම පළාත් සභාවේ බහුතර කණ්ඩායම ලෙස පෙනී සිටීමට එක්සත් ජාතික පක්ෂයට හැකිවී ඇතැයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම පෙන්වා දෙයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස මධ්‍යම පළාත් සභාව නියෝජනය කරන මුළු මන්ත්‍රී සංඛ්‍යාව මේ වන විට 24ක්ව පවතී.
මේ තත්ත්වය යටතේ බහුතර මන්ත්‍රී ධුර සංඛ්‍යාව හිමි එක්සත් ජාතික පක්ෂයට මධ්‍යම පළාත් සභාවේ මහ ඇමැති ධුරය දෙන ලෙස වන ඉල්ලීම අග්‍රාමාත්‍යවරයාට යොමු කිරීම සඳහා සභානායක අමාත්‍ය 
ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට භාරදුන් බව මධ්‍යම පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ප්‍රකාශ කළහ.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මධ්‍යම පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම සඳහන් කර සිටියේ වසර දෙකකට අධික කාලයක් වත්මන් මහ ඇමැතිවරයාට තම කණ්ඩායම සහයෝගය දුන්නද ප්‍රධාන අමාත්‍යවරයා දිගින් දිගටම ක්‍රියා කරන්නේ තම තනි මතයට බවය.
ඉහත සියලු කරුණු සැලකිල්ලට ගෙන මධ්‍යම පළාත් සභාවේ බහුතර බලය හිමි එක්සත් ජාතික පක්ෂයට මහ ඇමැති ධුරය දෙන ලෙස අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටීමට තීරණය කළේ යැයිද එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම වැඩිදුරටත් පැවැසූහ.
 
ලසන්ත වීරකුලසූරිය/ගයාත්‍රි ගීගනආරච්චි

සයිබර් ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මෙරට  සියලුම පරිගණක භාවිත කරන්නන්ගෙන් ඉල්ලා සිටී. පෙරේදා (13) පෙරවරුවේ ලෝකයේ රටවල් 99ක, පරිගණක ආයතන හා සම්බන්ධ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල විය.
මින් වැඩිම බලපෑම රුසියාවට එල්ල වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කළ අතර ලොව ප්‍රබල රටවල් ලෙස සැලකෙන ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, චීනය, යන රටවලට සහ ස්පාඤ්ඤය සහ ඉතාලිය යන රටවලටද මෙහි බලපෑම එල්ලවිය.
කෙසේ වෙතත් අදාළ සයිබර් ප්‍රහාරයෙන් මෙරට පරිගණක පද්ධතිවලට කිසිදු බලපෑමක් එල්ල නොවුණු බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කළේය.
එහෙත් මෙවැනි තත්ත්වයක් ඉදිරියේදී ඇති වුවහොත් ඉන් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස එම සංසදය ඉල්ලීිමක් කරයි. 
 
පැතුම් වික්‍රමරත්න{jcomments on}
 

මියගිය 79 හැවිරිදි අයෙකුගේ අවසන් කටයුතු සිදු කිරීමට සොහොන වෙත රැගෙන යමින් සිටියදී අතරමග බඹර ප්‍රහාරයක් එල්ල වීම නිසා දේහය සහිත පෙට්ටිය බිම දමා දිවගිය පිරිසෙන් අට දෙනෙකු බඹර ප්‍රහාරයට ලක්ව ගලහ හා පේරාදෙණිය රෝහල්වලට ඇතුළත් කොට තිබේ.
ගම්‍පොළ පුපුරැස්ස, ලෙවලන් වත්තේ පදිංචි පිරිසක් මෙම අකරතැබ්බයට මුහුණ පා තිබේ.
අවමංගල්‍ය කටයුතු සිදු කිරීමට රැගෙන යාමේදී මග දෙපස පත්තු කළ රතිඤ්ඤාවලට  මෙම බඹරුන් ඇවිස්සී පිරිසට පන්න පන්නා ප්‍රහාර එල්ල කර තබේ.
බඹර ප්‍රහාරයෙන් බේරීම සඳහා මිනිය වළ දැමීමට  කපා තිබූ වළ තුළට සිව්දෙනෙකු පැන ඇති අතර ඔවුන්ට විශාල ලෙස බඹර ප්‍රහාර එල්ලවීමෙන් ඔවුන්ද රෝහල්ගත  පිරිස අතර වේ.
මේ අතර සිටි දස හැවිරිදි ළමයෙකු සහ හතළිස් හැවිරිදි අයෙකු ගලහ රෝහලෙන් පේරාදෙණිය රෝහල වෙත යවා තිබේ.
සිද්ධියෙන් පැය දෙකකට පමණ පසු සවස ඇඳිරි වැටීගෙන එන විට පන්දම් දල්වාගෙන ගොස් මග දමා තිබූ මිනී පෙට්ටිය  භූමදානය කොට ඇත.
බඹර ප්‍රහාරයට සියල්ලන් පැන ගිය මුත් පිරිස නැවත පැමිණෙන විට මියගිය පුද්ගලයාට හිතවත්ව සිටි බල්ලෙකු පිරිස පැමිණෙන තුරු පෙට්ටිය අසලට වී මිනිය ආරක්ෂා කරමින් සිටින අයුරු පිරිස දැකීමෙන් විමතියට පත්ව තිබේ. 
කෙසේ නමුත් කඳුකරයේ බඹර ව්‍යාප්තිය වැඩිවීමෙන් සාමාන්‍ය ජන ජීවිතයට දැඩි තර්ජනයක් එල්ල වී ඇති අතර මීට පෙරද මේ ආකාරයෙන්ම නාවලපිටිය ප්‍රදේශයේ වත්තක පිරිසක් මිනියක් වළ දැමීමට ගොස් බඹර ප්‍රහාරයකට ලක් වීම නිසා එම මිනියද මග දමා දිව යාමට   ඔවුන්ට සිදු වී තිබුණි.
 
එස්.ඩී. රාජනායක - ගම්‍පොළ

පිළියන්දල නගරයේදී ඉකුත් දා ‍පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින්ට වෙඩි තැබිමට සැකකරුවන්  පැමිණි යතුරු පැදිය දෙල්ගොඩ ප්‍රදේශයෙන් මිල දී ගැනීමට පැමිණි පුද්ගලයින් දෙදෙනා හඳුනා ගැනීමට ‍පොලීිසිය මහජනතාවගෙන් තොරතුරු ඉල්ලා සිටින අතර සාර්ථක තොරතුරක් ලබා දෙන අයෙකුට විශේෂ මුදල් මුදල් ත්‍යාගයක් දෙන බව ද ‍පොලිස් මුලස්ථානය පවසයි.
ඉකුත් 09 දා පිළියන්දල නගරයේදී ‍පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින්ට යතුරුපැදියකින් පැමිණි පිරිසක්  විසින් වෙඩි තැබූ අතර එහිදී ‍පොලිස් නිලධාරියෙකු මරණයට පත්ව තවත් ‍පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ කුඩා ළමුන් ඇතුළු සිවිල් පුද්ගලයින් සිව් දෙනෙකු බරපතළ තුවාල ලැබිය. 
මෙහිදී සැකකරුවන් පැමිණි යතුරු පැදිය 10 දා  මහරගම ප්‍රදේශයේ දමා ගොස් තිබියදී ‍පොලීිසියට හමු වූ අතර ඒ ඔස්සේ කළ විමර්ශනවලදී යතුරුපැදිය වෙඩි තැබූ දිනම පුද්ගලයින් දෙදෙනෙක් විසින්  දෙල්ගොඩ ප්‍රදේශයෙන් මිලදී ගත් එකක් බවට තොරතුරු අනාවරණය වි ඇත. එම යතුරුපැදිය මිලදී ගැනීමට පැමිණි පුද්ගලයින් දෙදෙනාගේ හැඩරුව ඔස්සේ ‍පොලීිසිය විසින් නිර්මාණය කරන ලද ඡායාරූප දෙකක් අනුව මෙම සැකකරුවන් සොයා විමර්ශන සිදු කරන ‍පොලීිසිය මොවුන් දෙදෙනා හඳුනා ගැනීමට මහජනතාවගේන් තොරතුරු ඉල්ලා සිටියි.
 පළමු ඡායාරූපය- 
වයස අවුරුදු 30 -35 ත් අතර අඩි 05 අඟල් 03 ක් පමණ උස කළු පැහැති කෙට්ටු සිරුරකින් හෙබි මුහුණ තරමක් දිගටි පුද්ගලයෙකි. මොහුගේ එක් පාදයක කිසියම් ආබාධයක් පවතින අතර තරමක් කොර ගසන ස්භාවයක් පෙන්නුම් කෙරේ.
දෙවැනි ඡායාරූපය-වයස අවුරුදු 38 -42 ත් අතර අඩි 05 අඟල් 06 ක් පමණ උස සුදු පැහැති සාමාන්‍ය මහත සිරුරකින් හෙබි අයෙකි.
මෙම චිත්‍රවල සඳහන් පුද්ගලයින්ට සමාන හැඩරුව හා සමාන ලක්ෂණ ඇති පුද්ගලයන් සම්බන්ධ තොරතුරු ඇතොත් ‍පොලිස් අධිකාරි - නුගේගොඩ ‍පොලිස් කොට්ඨාශය 071-8591641 /011-2852555 හෝ අධ්‍යක්ෂ කොළඹ අපරාධ කොට්ඨාශය 071-8591727 /011-2662323 /011-2685151 යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස ‍පොලීිසිය ඉල්ලා සිටියි. 
එමෙන්ම සාර්ථක තොරතුරක් ලබා දෙන අයෙකුට ‍පොලිස්පති පුජිත ජයසුන්දර මහතා විසින්  විශේෂ මුදල් ත්‍යාගයක් ලබා දිමටද කටයුතු කර තිබේ.
 
ශානිකා මාධවී පීරිස්{jcomments on}

වත්මන් රජයෙන් තමන්ට නිසි සැලකීමක් නොලැබුණහොත් දේශපාලනයෙන් ඉවත් වන බව කොළොන්නාවේ ජන රැළියකදී පවසා සිටි සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ඊයේ රාත්‍රියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබේ.

එම හමුව සිදුව ඇත්තේ පසුගිය 8දා අභාවප්‍රාප්ත වූ මහින්ද රාජපක්ෂ මහතාගේ බාල නැගණිය වන ගාන්ධිනි රාජපක්ෂ රණවක මහත්මියගේ නුගේගොඩ ඇඹුල්දෙනියේ පිහිටි නිවසේ ඇගේ හත් දවසේ මතක බණ අවස්ථාවේදීය.

එහිදී එම නිවසට පැමිණි සේනසිංහ මහතා රාජපක්ෂ පවුලේ සාමාජිකයන් විසින් සුහද ලෙසින් පිළිගත් අතර ඔහු එම මතක බණ අවසන්වී බොහෝ වේලාවක් එම නිවසේ රැඳී සිටි බව වාර්තා වේ.

කෙසේ හෝ තමන් දේශපාලනයෙන් ඉවත් වන බව කී සේනාසිංහ මහතා තමන් විපක්ෂය හා සම්බන්ධ නොවන බවද කොළොන්නාවේදී පවසා තිබිණ.

දමයන්ති ගමගේ

පසුගිය 9 වැනිදා කොස්ගොඩ බොරළුකැටිය ප්‍රදේශයේ දී මවක් (38) සහ මස 06ක  බිළිදෙකු කපා කොටා ඝාතනය කරන ලද සිද්ධියේ ප්‍රධාන සැකකරු අද (14) පස්වරුවේ කොස්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.  මොරටුව ප්‍රදේශයේ සැගවී සිටිද්දි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අත්අඩංගුවට ගැනීමට අම්බලන්ගොඩ පොලිසියේ නිල සුනඛ අංශයේ සහය ලබාගෙන තිබේ.

මෙම සැකකරු ජ්‍යොතීර්වේදියකු යැයි කියනු ලැබේ.

අනුර ලියනගේ - හබරාදුව{jcomments on}

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර ඇත.

කොට්ටාව දෙස සිට මාතර දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් ඉදිරියෙන් ගමන් කල කන්ටේනර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

මෙම අනතුරෙන් තුවල ලැබූ වෑන් රථයේ රියදුරු සහ සෙසු කාන්තාව මේ වන විට කළුතර නාගෙඩ රෝහලේ ප්‍රතිකාර ලබයි.

රියදුරුට නින්ද යාම මෙම අනතුරට හේතුවී ඇති බව පොලිසිය කියයි.

ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන ඇමැතිවරු කිහිපදෙනෙකු මේ දිනවල විශේෂ සාකච්ඡා පවත්වමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එළඹෙන සැප්තැම්බර් මාසය වන විට ජාතික ආණ්ඩුවේ ගිවිසගත් වසර දෙකක කාලය අවසන් වන බැවින් එදිනට හෝ එදිනට පෙර ආණ්ඩුවෙන් ඉවත්වීම පිළිබඳව මෙම සාකච්ඡා පැවැත්වේ. 
මෙම ඇමැතිවරු තම තීරණය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුණගැසී සාකච්ඡා කිරීමටද නියමිතව ඇත. කෙසේ වෙතත් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් ඇමැතිවරු පිරිසක් එළඹෙන සැප්තැම්බර් මාසයෙන් පසුවද ජාතික ආණ්ඩුව තුළ සිටිමින් ඉදිරියටත් ආණ්ඩුව සමග කටයුතු කිරීමටද තීරණය කර තිබේ.
 
පානුක රාජපක්ෂ

හෘද රෝගීන් සඳහා දෙන ඇඩිරිනලීන් (Adrenalin) තොගයක් පසුගිය අප්‍රේල් මාසයේදී කල් ඉකුත්වීම හේතුවෙන් රජයට සිදුව ඇති පාඩුව මිලියන 6ක් යැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ආරංචි මාර්ග සඳහන් කරයි. 
මෙසේ ලක්ෂයකට අධික එන්නත් තොගයක් කල් ඉකුත් වී ඇති බවද පැවසෙන අතර ඒවායේ ජීව කාලය මාස 24ක් ලෙස සඳහන් වුවද රජයේ වෛද්‍ය සැපයුම් අංශය වෙත ලැබෙන විට එහි ජීව කාලය මාස 12කින් අඩුවී තිබූ බවද පැවසේ.
කල් ඉකුත් වීමට ආසන්න ඖෂධ විශාල තොගයක් මේ වන විටත් සැපයුම් අංශයේ ගබඩා වල රඳවා ඇතැයිද ඒවා කල් ඉකුත් වීම හේතුවෙන් රජයට සිදුවන පාඩුව අති විශාල බවද දැන ගන්නට ලැබි ඇත. 
 
ශ්‍රියානි විජේසිංහ

රාගම නාරන්ගොඩපාළුවේනිවසක අභිරහස් ලෙස මිය යන ලදුව පසුගිය 10දා රාගම පොලිසිය විසින් සොයා ගැනුණු 78 හැවිරිදි විතානආරච්චිගේ ඇසිලින් මහත්මියගේ මරණය දූෂණය කිරීමකින් පසු ගෙල සිර කොට ඝාතනය කිරීමක් බව රාගම රෝහලේ අධිකරණ වෛද්‍ය ගංගානි දංගහවත්ත මහත්මිය විසින් මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත වාර්තා කර ඇත.

මියගිය ඇසිලින් මහත්මිය තම වයෝවෘද්ධ ස්වාමි පුරුෂයා සහ අවිවාහක පුතු සමඟ එම නිවසේ පදිංචිව සිටි ඇති අතර ඇගේ මරණය පිළිබඳව පසුගිය 10දා උදේ පොලිසියට දැනුම් දී ඇත්තේ ඇගේ පුතු විසිනි.

රාගම පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

ප්‍රසංග පෙරේරා - ජා ඇළ

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2754

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2547

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4040

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4583

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5393

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3226

Please publish modules in offcanvas position.

X

Right Click

No right click