lakbima.lk
2017-04-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.4400 , විකුණුම් මිල රු.154.2400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.193.4600 , විකුණුම් මිල රු.200.0200 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.5000, විකුණුම් මිල රු.168.6800 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.150.3500 , විකුණුම් මිල රු.156.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.6100 , විකුණුම් මිල රු.113.9700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.3600 , විකුණුම් මිල රු.116.3700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.3000 , විකුණුම් මිල රු.111.2300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3472, විකුණුම් මිල රු.1.3983 |

ශ්‍රී ලංකාවට යළි ජී.එස්.පී. බදු සහනය ලබාදීමට එරෙහිව යුරෝපා පාර්ලිමේන්තු කණ්ඩායමක් ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධව අද (27) දින එම පාර්ලිමේන්තුවේ විවාදයක් හා ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතව ඇත.
අද (27) දින යුරෝපා පාර්ලිමේන්තු සැසිවාරයේ මූලික අදියරේදී මෙම විවාදය හා ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති බවද තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් මෙම ඡන්ද විමසුමට පෙර යුරෝපා පාර්ලිමේන්තුවේ සාමාජිකයන් කීපදෙනකුම හමුවී සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් ඊයේ (26) දින පියවර ගෙන ඇත.
විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රධාන නියෝජිත පිරිසක් මෙසේ ඊයේ (26) දින යුරෝපා පාර්ලිමේන්තු නියෝජිතයන් සමග සාකච්ඡා පවත්වා ඇති අතර විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ මේ වනවිට පවතින වාතාවරණය පිළිබඳව එම යුරෝපා පාර්ලිමේන්තුව දැනුවත් කිරීම මෙම සාකච්ඡාවල අරමුණ වී ඇත. ශ්‍රී ලංකාවට ජී.එස්.පී. බදු සහනය ලබාදීම සම්බන්ධව විරෝධය දක්වන යුරෝපා පාර්ලිමේන්තු නියෝජිතයන් වෙත කරුණු පැහැදිලි කර ඔවුන්ගේ සහය හා විශ්වාසය දිනා ගැනීමට කටයුතු කරන බව හර්ෂ ද සිල්වා මහතා මෙම සාකච්ඡාවලින් අනතුරුව ජාත්‍යන්තර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකාවට යළි ජී.එස්.පී. බදු සහනය ලබාදීම හෝ නොදීම පිළිබඳ යුරෝපා සංගමයේ අවසන් තීරණයන් ලබන මැයි මස 15 දින නිකුත් කිරීමට නියමිතය.

මේ දිනවල පවත්නා අධික උෂ්ණත්වය හේතු කර ගෙන පානීය ජල බෝතල් වලට ඇති ඉල්ලුම ඉහළ යාම මත ලියාපදිංචි වෙළඳ නම් සහිත පානීය ජල බෝතල් වෙනත් කණ්ඩායම් විසින් කූට ලෙස නැවත පුරවා වෙළඳපලට ඉදිරිපත් කිරීමේ ජාවාරමක් ලක්බිම ඔන් ලයින් වෙත වාර්තා වෙයි; මෙය සිදුවන්නේ ලියාපදිංචි වෙළඳ නම් සහිත පානීය ජල බෝතල් වැඩිපුර අලෙවි වන හෝටල්, අවන්හල් ආදියෙන් ඉවතලන හිස් පානීය ජල බෝතල් එම වෙළඳ ලාංජන ඇතුලත් ලේබල් සහිතවම තැරැව් කරුවන් මගින් ලබා ගැනීමෙනි. පසුව ඒවා ජලයෙන් පුරවා ඉතා සූක්ෂම ලෙස පෙර පරිදිම මුද්‍රා තබනු ලැබේ. ඒ සඳහා‍ ගෘහස්ථ මට්ටමේ මූඩි මුද්‍රා තබන යන්ත්‍ර ද භාවිතා කෙරේ. විදුලියෙන් ක්‍රියාකරන අතේ ගෙන යාහැකි මෙබඳු කුඩා යන්ත්‍ර ද  මෙරට ඇතැයි කියනු ලැබේ. ඒ කෙසේ හෝ යමකුට බාහිරින් හඳුනා ගත නොහැකි අන්දමින් මෙලෙස නැවත පුරවා සූක්ෂම ලෙස මුද්‍රා තබන ලද මෙම පානීය ජලබෝතල් එම ලියාපදිංචි වෙළඳ නාම සහිත නිෂ්පාදන ලෙසින්ම ව්‍යාජ ලෙස යළි වෙළඳපලට ඉදිරිපත් කෙරේ. එහෙත් බොහෝවිට මේවා වැඩිපුරම අගනුවර ප්‍රදේශයේ සංචාරක වෙළෙන්දන් මගින් පාරිභෝගිකයන් අතට පත්වන බව වාර්තා වී ඇත.

මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් කළ විමසුමක දී එහි ප්‍රකාශකයකු පවසා සිටියේ මෙම පානීය ජල බෝතල් වල ද්‍රව්‍යමය ප්‍රමිතිය පිළිබඳව මිස ඒවායේ අන්තර්ගතය පිළිබඳ විමසීමට නීතිමය බලය ඇත්තේ සෞඛ්‍ය නිලධාරීන් හට බවය. ඒ සම්බන්ධයෙන් අදාල සෞඛ්‍ය අංශ විමසීමේ දී දැන ගත හැකි වූයේ සෑම පානීය ජල බෝතල් නිෂ්පාදකයකුම සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ලියා පදිංචි වීම අනිවාර්ය කොට ඇති බවය. එහි දී එම ජල බෝතල් නිෂ්පාදනය සම්බන්ධ සෑම අංශයක් කෙරෙහිම අවධානය යොමු කොට එහි ප්‍රමිතිය පිළිබඳව සැලකිලිමත්වන බැවින් එසේ ලියාපදිංචියක් නොමැති කිසිවකු හෝ මෙලෙස පානීය ජල බෝතල් සැකසීම 1980 අංක 26 දරන ආහාර පනත යටතේ ඒ තැනැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පත් කළ හැකි වරදක් බවද එම ප්‍රකාශකයා කීය.

කෙසේ හෝ මෙසේ නැවත පුරවන ලද ජල බෝතල් හඳුනා ගත හැකි පහසුම ක්‍රමය ඒවායේ මූඩිය ආවරණය කොට ඇති මුද්‍රාවෙහි එම පානීය ජල බෝතල් වලට අදාල වෙළඳ නාමය මුද්‍රණය නොකොට හිස්ව තිබීම බව එක් පානීය ජල බෝතල් නිෂ්පාදකයෙක් කීය. නමුත් පසුව අපට දැන ගත හැකි වූයේ රජයේ ලියාපදිංචි වී ඇති ඇතැම් නිශ්පාදකයන්ගේ පානීය ජල බෝතල්  වල පවා මූඩිය වසා ඇති දැවටුමේ කිසිවක් මූද්‍රණය නොවී හිස්ව තිබීම මෙම කූට පානීය ජල බෝතල් ජාවාරම්කරුවන්ට  මහත් වාසියක් වී ඇති බවකි.

එමෙන්ම එලෙස බෝතල් මූඩිය ආවරණය කෙරෙන මුද්‍රාවේ එහි වෙළඳ නාමය සටහන් විය යුතු බවට නීතියක් නැතැයි ද අපට මෙහි දී දැන ගත හැකි විය.

 

සහන් සංකල්ප සිල්වා

සන්නද්ධව වාහනවලින් පැමිණි කණ්ඩායම් දෙකක් ගම්‍පොළ ‍පොලිස් බල ප්‍රදේශයේ ස්ථාන දෙකකදී පෙරේදා (25) රාත්‍රී 27 හැවිරිදි හා 40 හැවිරිදි පුද්ගලයන් දෙදෙනකු පැහැරගෙන ගොස් ඇත.
මෙයින් එක් අයකු ගම්‍පොළපුපුරැස්ස රජතලාව ප්‍රදේශයේදී සිවු දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සුදු පැහැති කැබ් රථයකින් පැමිණ පැහැරගෙන ගියැයි ගලහා ‍පොලීසිය වෙත ඔහුගේ බිරිඳ වන සුධර්මා ගලප්පත්ති පැමිණිල්ලක් සිදුකොට ඇති අතර පුද්ගලික බස්රථ කොන්දොස්තරවරයකු වන 27 හැවිරිදි ඕෂධ පියුමංග ජයසූරිය නමැති අය ගම්‍පොළලංගම බස් නැවතුමේදී පැහැරගෙන ගිය බව ගම්‍පොළ ‍පොලීසිය වෙත පැමිණිල්ලක් සිදුකොට ඇත.
අවිවාහකයකු වන මොහු නිල් පැහැති වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් පැහැරගෙන ගොස් ඇත.
මොවුන් දෙදෙනා එකම ප්‍රදේශයේ අයවලුන් වන අතර රජතලාව හා පන්විලතැන්න යන ගම්මාන වල කිලෝමීටර් 2ක පමණ දුරකින් නිවෙස් පිහිටා ඇත.
පැහැරගත් සාමිල්‍ලේ ගෙදර රත්නායක නමැති 40 හැවිරිදි තිදරු පියකු වන මොහු ඥාති සොහොයුරකු සමග නිවසේ මිදු‍ලේ සිටියදී රාත්‍රී 8ට පමණ පැහැරගෙන ගොස් ඇති බව සිදුකළ පැමිණිල්‍ලේ දැක්වේ.
වෘත්තියෙන් ස්වයං රැකියාවල නිරත මොහු පැහැර ගැනීම සඳහා තිදෙනකු නිවසට පැමිණි බවත් එයින් දෙදෙනකු අතේ ගිනි අවි තිබූ බවත් අනෙකා රත්නායකගේ කමිස කොලරයෙන් අල්ලා අපි ‍පොලීසියෙන් කටඋත්තරයක් ගන්න තියෙනවා යමන් අපෙන් එක්ක කියා රැගෙන ගිය බවත් එම සිදුවීම දුටු සාමිල්‍ලේ ගෙරද නිශාන්ත උදය කුමාර පවසයි.
තව අයකු කැබ් රථය අසල යමක් අතේ තියාගෙන සිටි බව පවසන මොහු මේ බව නිවස තුළ සිටි රත්නායකගේ බිරිඳට පැවැසීමට යන විට එම කැබ් රථය රත්නායකද රැගෙන වේගයෙන් පලා ගිය බව ඔහු සඳහන් කරයි.
පැහැරගත් ඕෂධ ගම්‍පොල නුවර පුද්ගලික බස් රථයක කොන්දොස්තරවරයකු ලෙස සේවය කොට යළි නිවසට ඒමේදී ගම්‍පොල සිට පුපුරැසස දක්වා පැමිණීමට නියමිත රාත්‍රී අවසන් බසය සඳහා පැමිණ සිටියදී රාත්‍රී 8.25ට පමණ ‍පොලිස් ඇඳුම් ඇඳගත් කණ්ඩායමක් මොහු නිල්පාට වෑන් රථයට බලහත්කාරයෙන් නංවා පලා ගොස් තිබේ.
දිවයිනේ ‍පොලිස් ස්ථාන ගණනාවකින් සොයා බැලීම් සිදුකර ඇතත් එවැනි පුද්ගලයකු රැගෙන නොආ බව අනාවරණය වී තිබේ.
පුපුරැස්ස රජතලාව ප්‍රදේශයට ගම්‍පොල නගරයේ සිට කිලෝමීටර් 17ක් පමණ ඇති අතර පැහැරගත් රත්නායකගේ පරීක්ෂණ කටයුතු මේ වන විටත් පුපුරැස්ස ‍පොලීසිය මගින් අරඹා තිබුණි.
පැහැර ගැනීමෙන් පැය 5කට පමණ පසු එම ස්ථනයට පැමිණි පරීක්ෂණයට අදාළ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපති චන්දන නිශාන්ත මහතා මුලින්ම සිදුකළේ ජීප් රථයෙන්වත් නොබැස මාධ්‍යවේදීන්ට බැණ වැදී ඔවුන් පන්නා දැමීමට කටයුතු කිරීමයි.
මේ පිළිබඳව ගලහ ‍පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් විමසීමේදී ඔහු දොස් නගමින් ඡායාරූප හා වීඩියෝ ගැනීමට නොහැකි ලෙස කැමරා කාචවලට විදුලි පන්දම දල්වා අල්ලාගෙන සිටි අතර සිද්ධියට එතන රැස්වූ ප්‍රදේශයේ තරුණයන් විරෝධය දක්වා ප්‍රකාශ කර සිටියේ අපට අපේ නැති වුණ කෙනා හොයාගන්න මාධ්‍යවේදීන්ගේ සහය අවශ්‍ය වන බවයි. එහෙනම් උන්ට කියා පරීක්ෂණ කර ගනිල්ලා කිවූ ‍පොලිස් ස්ථානාධිපති නිශාන්ත මහතා කැමරාවලට විදුලි පන්දම් එල්ල කරගෙන ඉදිරියට ගොස් නැවත හරවා නැවතත් විදුලි පන්දම දල්වා කැමරාවලට එල්ල කොට පුපුරැස්ස ‍පොලිස් ස්ථානාධිපති මනෝරංජන මහතාද රැගෙන එම ස්ථානයෙන් ඉවත් වීය.
මෙම පැහැර ගැනීම පිළිබඳව මධ්‍යම පළාත් ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති ලලිත් ජයසිංහ, ගම්‍පොල කොට්ඨාස භාර ‍පොලිස් අධිකාරි ජගත් ඥානසේන යන  මහත්වරුන්ගේ උපදෙස් මත ගම්‍පොල ‍පොලිස් ස්ථානාධිපති ප්‍ර.‍පො.ප. උපාලි යාපා, පුපුරැස්ස ‍පොලිස් ස්ථානාධිපති ‍පො.ප. මනෝරංජන යන මහත්වරුන්ගෙන් සමන්විත ‍පොලිස් කණ්ඩායම් 2ක් පරීක්ෂණ සඳහා යොදවා ඇත.

එස්.ඩී. රාජනායක - ගම්‍පොළ

ඉන්දීය සාගරයේ ආර්ථික, වෙළෙඳ, සමාජයීය හා මූල්‍ය කේන්ද්‍රස්ථානයක් ලෙස වර්ධනය වීමේ ශ්‍රී ලාංකේය අපේක්ෂාවන් සඳහා පූර්ණ සහය ලබාදෙමින් බලගතු ශ්‍රී ලංකාවක් නිර්මාණය කරලීම උදෙසා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් යහපාලන සම්මුතිවාදී ආණ්ඩුව ගෙන යනු ලබන වැඩපිළිවෙළ වෙනුවෙන් උපරිම දායකත්වය ලබාදෙන බව  ඉන්දීය - ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරුන් අතර පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවන්හිදී අවධාරණය කෙරිණි.
ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර 26 වනදා දහවල් නවදිල්ලි නුවර හයිද්‍රබාද් මන්දිරයේදී පැවැති සාකච්ඡාවන් හිදී අග්‍රාමාත්‍යවරු දෙපළ අවධාරණය කළේ කලාපීය සාමය සහ ආරක්ෂාව සහ ඉන්දීය සාගර ආචාර ධර්ම හා නිදහස් නාවුක ගමනාගමනය සහතික කරලීම උදෙසා නිරතුරුවම කැපවෙන බවය.
2017 ජනවාරියේ පැවැති රයිසිනා සංවාදයේදී ජපාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය ෂුසුකෙ තකෙඉ මහතා අවධාරණය කළාක් මෙන් ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය සාගර කලාපීය රටවල් වෙනුවෙන් ජපානය සහ ඉන්දියාව එක්ව සහය ලබාදීමේ වැඩපිළිවෙළ අනුව ශ්‍රී ලංකාවට සුවිශේෂී සහයක් ලබාදීමේ වැඩ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බවද මේ සාකච්ඡාවේදී අවධාරණය කෙරිණි.

ඉන්දු - ශ්‍රී ලංකා මිත්‍රත්වය ඉහළ හා සමීප තලයකින් පවත්වාගෙන යෑම උදෙසා වික්‍රමසිංහ මහතා සිදුකරන මෙහෙවර අගය කළ නරේන්ද්‍ර මෝදි මහා ලබන මැයි මාසයේ ලංකාවේ සංචාරය සඳහා එක්වීමේ උනන්දුවෙන් පසුවන බවද ප්‍රකාශ කළේය.
කළමනාකරණය, තොරතුරු තාක්ෂණය හා ඉංජිනේරු යන විෂයයන් පිළිබඳ උසස් අධ්‍යාපන ආයතන හා විශ්වවිද්‍යාල ශ්‍රී ලංකාවේ පිහිටුවීම සඳහා සහය ලබාදෙන ලෙස වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.
ඉන්දීය ආධාර යටතේ වර්තමානයෙහි ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතීන්ගේ ප්‍රගතිය පිළිබඳවද මේ සාකච්ඡාවේදී අවධානය යොමුකෙරිණි.ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලිත් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ‍ලේකම් සමන් ඒකනායක සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගීෂ්වර යන මහත්ම මහත්මීහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ අවස්ථාවට එක්වූහ.

කුණු ඉවත් කිරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනය ජනතාව මර්දනය කරන නීති රීති ක්‍රියාත්මක කරන ගැසට් නිවේදනයක් බවත් එයට ජනතා විමුක්ති පෙරමුණ පැහැදිලිවම විරුද්ධ බව එම පක්ෂයේ ප්‍රචාරක ‍ලේකම් විජිත හේරත් මහතා පවසයි.
මෙම ගැසට් නිවේදනය දින 10 ක් ඇතුළත පාර්ලිමේන්තුවේ සම්මත කරගත  යුතුව ඇති බැවින් අද (26) පක්ෂ නායකයන්ගේ රැස්වීමක් පැවැත්වූ බවත්, ජනාධිපතිවරයා විසින් නිකුත් කළ මෙම ගැසට් නිවේදනය 28 වෙනිදා පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීම සඳහා මෙම හදිසි පාර්ලිමේන්තුව මෙසේ කැඳවා තිබෙන බවද ඒ මහතා කීය.
කසළ ඉවත් කිරීම සඳහා ආණ්ඩුවට විධිමත් වැඩපිළිවෙළක් නොමැති හෙයින් දැන් තැන් තැන්වල කුණු දමමින් පවතින බවද පෙන්වා දුන් ඒ මහතා මේ හේතුවෙන් දැවැන්ත ජනතා විරෝධයක් මතුවී තිබෙන බවද කීය.
එසේ මතුවන ජනතා විරෝධය මර්දනය කිරීමට මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන බවද සඳහන් කළ ඒ මහතා ආණ්ඩුව උත්සාහ දරන්නේ ජනතාව මත බලහත්කාරය පාවිච්චි කොට එය ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරීමක් යයිද චෝදනා කළේය.
ජනතාව මර්දනය කරන නීති රීති ක්‍රියාත්මක කරන මෙම ගැසට් නිවේදනයට සිය පක්ෂය පැහැදිලි ලෙසම විරෝධය පළකරන බවද පැලවත්ත එම පක්ෂ මූලස්ථානයේදී අද (26) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

පද්මිණී මාතරගේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උරුමක්කාරයන් පක්ෂය තුළම කරුමක්කාරයන් බවට පත්කිරීමේ සැලැස්ම ගැන තම පක්ෂයේ විරෝධය, කනගාටුව ප්‍රකාශ කරන බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.
ඒ මහතා මෙම අදහස් පැවැසුවේ බොරැල්ල ඇන්. ඇම්. පෙරේරා කේන්ද්‍රයේ ඊයේ (26) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි. මැයි දිනය සැමරීමට පැය 72 ක් තිබියදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨයන්ගේ නිර්මාතෘවරුන් කිහිප දෙනෙක් වන ටී. බි. තෙන්නකෝන් මහතාගේ පුත්‍රයා වූ ජනක තෙන්නකෝන් වේදනාකාරී ලෙස පක්ෂයෙන් නෙරපා හැරි බවත් ඒ මහතා පැවැසීය. මේ තීන්දුව අගෝස්තු මාසයේ 18 වෙනිදා මැතිවරණයට පැය 72 ක් තිබියදී පක්ෂයේ සහ සන්ධානයේ ‍ලේකම්වරු නෙරපා හැරීමට සමාන බවත් ඒ මහතා පැවැසීය. එමෙන්ම මෙම මෙහෙයුම් සිරිකොත අවශ්‍යතාව අනුව සිදුවන බව ඔවුන්ගේ අනුප්‍රාප්තිකයන් දිහා බැලුවම පෙනෙන බවත් ඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ප්‍රසාදිකා ජයවර්ධන

එක්සත් ජාතික පක්ෂ ජාතික මැයි දින රැලියේ සංවිධාන කටයුතු සඳහා කිසිදු රාජ්‍ය දේපළක්, රජයට අයත් සම්පත් හෝ රාජ්‍ය නිලධාරින් කිසිවෙක් යොදා නොගන්නා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී ඇත.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස්වලට අනුව මැයි දිනයට අදාළව ආසන මට්ටමෙන් කෙරෙන ප්‍රචාරක කටයුතු කිසිවක් සඳහා  රාජ්‍ය දේපළ, රාජ්‍ය සම්පත් යොදා ගැනීම සපුරා තහනම් වේ. එසේම ඉදිකිරීම් කටයුතු ප්‍රචාරණ කටයුතු වෙනුවෙන්ද රාජ්‍ය දේ‍පොළ භාවිත කිරීම තහනම් වේ.
එක්සත් ජාතික පක්ෂ මැයි පෙළපාලිය හා රැළිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කැම්බල් පිටියේදී පැවැත්වෙන්නේ දිනන ජනතාවගේ මැයි දිනය යන තේමා පාඨය යටතේය.
එක්සත් ජාතික පක්ෂ රාජ්‍ය හා පෞද්ගලික අංශ නියෝජනය කරන වෘත්තීය සමිති, ජාතික යොවුන් පෙරමුණ, එක්සත් ලක් වනිතා සංවිධානය, වෘත්තීයවේදීන්ගේ සංවිධාන, බහුජන බලවේග යන සංවිධාන 100 ට අධික සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් කොළඹ කැම්බල් පිටියේදී පැවැත්වීම විශේෂත්වයක් බව සන්නිවේදන බළකා අධ්‍යක්ෂ ජනරාල් සුදත් චන්ද්‍රසේකර මහතා ප්‍රකාශ කළේය.
කැම්බල් පිටියේ පැවැත්වෙන මැයි දින රැලියට ලක්ෂ එකහමාරක ජනතාවක් සහභාගි කර ගැනීමට කටයුතු කළද එය ලක්ෂ 3 ඉක්මවනු ඇති බවත් කොළඹ නගරයේ වැඩිම ජන සහභාගිත්වයකින් පැවැත්වෙන මැයි දින රැලිය මෙය වන බවත් සුදත් චන්ද්‍රසේකර මහතා වැඩිදුරටත් කීවේය.

ලසන්ත වීරකුලසූරිය

කැලෑවට වල් වැදී විනාශ වෙන ත්‍රිකුණාමලය තෙල් ටැංකි කෞතුක වස්තු බවට පත්වීමට ඉඩ නොදී ඉන්දියාවට එම තෙල් ටැංකි බදු දීම රජයේ තීන්දුව බවත් එය කිසිවිටකත් තෙල් ටැංකි විකිණීමක් නොවන බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (26) පැවැසීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පැවැසීය.
ඇතැම් රාජ්‍ය දේපළ පසුගිය රජය විසින් විදේශිකයින්ට සින්නක්කරව ලබාදුන්නත් හම්බන්තොට වරාය ඇතුළු රජයේ මුදලින් ගොඩගැනීමට නොහැකි ව්‍යාපෘති විදේශීය රටවල් සමග එකඟතාවයන් ඇති කරගෙන දියුණු කිරීම වත්මන් රජයේ සැලැස්ම බවද රාජිත සේනාරත්න මහතා පැවැසීය.
ත්‍රීකුණාමල තෙල් ටැංකි අතීතයේ එක්සත් ජාතික පක්ෂයේ රජය විසින් ඇමෙරිකාවට ලබාදීමට උත්සහ කිරීමේදී සිරිමාවෝ මැතිනිය එම තෙල් ටැංකි ඇමෙරිකාවට නොදී අසල්වැසි ඉන්දියාවට දෙන ලෙසට කරන ලද ප්‍රකාශද රාජිත සේනාරත්න මහතා මෙහිදී සිහිපත් කළේය. අද එම තෙල් ටැංකි වත්මන් රජය ඉන්දියාවට බදු දීමට යාමේදී දේශපාලන අරමුණු මත තෙල් වෘත්තීය සමිතියක් වැඩ වර්ජනයක් කළ බවද පැවැසීය.
මේ අතර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික ව්‍යාපෘතිවලදී සහයෝගිතාව දැක්වීම පිළිබඳව වන අවබෝධතා ගිවිසුම සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඊයේ (26) පැවැසීය. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ගයන්ත කරුණාතිලක මහතා මෙම අදහස් පැවැසීය. මෙම ගිවිසුම මූලික එකඟතා මත ඇති කරගන්නා අවබෝධතා ගිවිසුමක් පමණක් බවත් ඉන්පසු විධිමත් අධ්‍යාපනයක් තිබූ පසු මීට අදාළ ෙනෙතික ගිවිසුම් අත්සන් තබන බවත් ඒ මහතා පැවැසීය.
වෙළෙඳ, සංස්කෘතික, ආර්ථික වැනි අංශ 10ක් නියෝජනය වන පරිදි අදාළ ෙනෙතික ගිවිසුම් අත්සන් තබන බව මෙහිදී අදහස් දැක්වූ රාජිත සේනාරත්න මහතා පැවැසීය. එකී ෙනෙතික ගිවිසුම් අත්සන් තැබිමට පෙර ඊට අදාළ අමාත්‍යාංශ හා ආයතනවලින් විධිමත් අධ්‍යාපනයක් සිදුකර කැබිනට් මණ්ඩලයට යෝජනා ඉදිරිපත් කළ යුතු බවද රාජිත සේනාරත්න මහතා පැවැසීය.

පානුක රාජපක්ෂ

ලංකා විදුලිබල මණ්ඩලෙය් සභාපති අනුර විජේපාල මහතා අද සිය ධූරෙයන් ඉල්ලා අස්වී ඇති අතර විදුලි බල මණ්ඩලයේ වැඩ බලන සභාපති වශෙයන් ඩබිලිව්.බී.ගනේගල මහතා පත් කර ඇත.

විදුලිබල කේෂ්ත්‍රයේ විසිපස් වසරක අත්දැකීම් ඇති විදුලි ඉංජිනේරුවෙකු වන අනුර විජේපාල මහතා මීට පෙර විදුලිබල මණ්ඩලයේ උප සභාපති පදවිය දරා ඇති අතර විදුලි ඉංජිනේරු කේෂ්ත්‍රයේ තනතුරු කිහිපයක්ම දරන්නෙකි.

මීට පෙරද විදුලි බල මණ්ඩලයේ සභාපති පදවිය දරා ඇති ගනේගල මහතා පරිපාලන කේෂ්ත්‍රයේ ප්‍රවීණයකු වන අතර මීට පෙර ජනමාධ්‍ය, ඛණිජ තෙල් හා ඛණිජ සම්පත්, නිවාස හා පොදු කටයුතු යන අමාත්‍යංශ වල ලේකම් පදවිය දරා ඇත.

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම තෙත් බිම් පාරිසරික පද්ධතියක් වන මුතුරාජවෙල අභය භූමි සීමාව තුළට කොළඹ නගරයේ කැළි කසල බැහැර කිරීම මුල් කොට සිදුවන පාරිසරික, සෞඛ්‍ය ඇතුළු බරපතල හානිදායක තත්වයන්ගෙන් ජනතාව මූදාගැනීම මුල් කොට ගත් විශේෂ එළිමහන් දේව මෙහෙයක් මීට සූළු මොහොතකට පෙර පමුණුගම බෝපිටියේ කුඥාවත්ත ප්‍රදේශයේ එම කසල රඳවන පිවිසුම් මාර්ග අදදරදී පැවැත්වුණි.

බෝපිටිය මීසම් පාලක ආනන්ද විතානගේ පියතුමා විසින් මෙහෙයවන ලද මේ දේව මෙහෙය සඳහා ප්‍රදේශයේ කිතුණු බැතිමත්හු විශාල පිරිසක් සහභාගී වූහ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පරිසර අමාත්‍ය ධූරය හොබවන අතරේම මෙවන් බරපතල පාරිසරික අපරාධයක් සැළසුම් කිරීම එතුමන් අපකිර්තියට පත් කිරීම සඳහා යහපාලන රජයේ තවත් පාර්ශවයක් විසින් දියත් කරන ලද කුමන්ත්‍රණයක් බව මෙහි රැස්ව සිටි බොහෝ දෙනෙකුගේම අදහස විය.

ජනතාවට අතිශය පිඩාකාරී මෙම පාරිසරික අපරාධය මුල්කොට තවත් අධ්‍යාත්මික පියවර කිහිපයක් ගැනීමට අපේක්ෂා කරන බව ආනන්ද විතානගේ පියතුමා ලක්බිම ඔන් ලයින් වෙත කීය.


ප්‍රසංග පෙරේරා - ජා ඇළ

නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරක් මත වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ සිලාවතුර පොලීසියේ නිලධාරීන් පිරිසක් එක්ව අද (26) සිදු කළ සෝදිසි කිරීමකදී අනවසරයෙන් ලොකු ළූණු බීජ පැකට් 942 ක් (එක් පැකට්ටුවක බර ග්‍රෑම් 500) ප්‍රවාහනය කළ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම බීජ පැකට් තොගය සිලාවතුර, කොක්කුපඩයාන් ප්‍රදේශයේදීජීප් රථයකින් සහ වෑන් රථයක් මගින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර, එම බීජ පැකට් තොගය අනවසරයෙන් මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියා‍වේ සිට මෙරටට රැගෙන එන්නට ඇතැයි සැක කෙරේ. අත්අඩංගුවට ගත් පුද්ගලයින්, වාහන සහ බීජ පැකට් තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා සිලාවතුර පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

Page 3 of 107

IMAGE

මහින්දානන්දට දී.මූ දියණියට යළි මංගල සීනු

IMAGE 2017 Apr 28 11:18
පසුගිය රජය සමයේ ක්‍රීඩා ඇමති ධූරය හෙබවූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  මහතා අද (28)...
Views - 9076

FB WhatsApp Twitter තහනම් වෙයි

IMAGE 2017 Apr 27 12:11
ෆේස් බුක්, වට්ස් අප්,ට්විටර්, ඇතුළු සමාජ ජාල 22 ක් තහනම් කිරීමට ඉන්දියාවේ ජම්බුකාශ්මීර...
Views - 1360

තිස්නව හැවිරිදි ජනපති අපේක්ෂක ගේ බිරිඳට හැට හතරයි

IMAGE 2017 Apr 27 11:21
ප්‍රංශයේ  ජනාධිපති වරණයේ දෙවන වටයට තේරී පත් වී සිටින එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) මේ වන...
Views - 4192

අප රටේ විසූ අප්‍රකට සුනඛ වීරයකුගේ කතාව

IMAGE 2017 Apr 27 09:20
වීරයන් ගැන අපි කොතෙකුත් කතා අහලා, කතා කරලා ඇති, නමුත් ඒ මිනිස් වීරයන් ගැන, ඒ වගේම සැබෑ වීරයන්...
Views - 2890

රූපලාවන්‍ය සැත්කම් ඇබ්බැහියාවට මුල්වන රෝගය අපේ රටේත්!

IMAGE 2017 Apr 26 11:36
රූපලාවන්‍ය සැත්කම් සියයක් මගින් තම රූප සොබාව පවත්වාගෙන යාම නිසා ‘මිනිස් බෝනික්කිය’ යන...
Views - 3262

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 4155

Please publish modules in offcanvas position.