lakbima.lk
2017-01-16 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.148.09 , විකුණුම් මිල රු.151.84 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.177.44 , විකුණුම් මිල රු.183.57 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.156.31 , විකුණුම් මිල රු.162.31 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.145.62 , විකුණුම් මිල රු.151.44 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.04 , විකුණුම් මිල රු.116.49 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.109.83 , විකුණුම් මිල රු.114.78 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.103.16 , විකුණුම් මිල රු.106.97 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2905 , විකුණුම් මිල රු.1.3395 |

ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය නව මැතිවරණ ක්‍රමයට අනුව පැවැත්වීමට පක්ෂ නායකයන් බහුතරයේ එකඟතාවයෙන් තීරණය වූ බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කරයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පැවැති පක්ෂනායක හමුවකදී මේ බව තීරණය කර ඇත.පැරණි ක්‍රමයට අනුව (සමානුපාතික) මැතිවරණය පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන් විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත. ඒ අනුව මැතිවරණය සීමානිර්ණය කමිටුවේ අඩුපාඩු සකස් කර නව ක්‍රමයට පැවැත්වීමට තීරණය කර තිබේ.
එසේම සියලු දෙනාගේ අත්සනින් යුත් කොට්ඨාස සීමා නිර්ණය වාර්තාව එළැඹෙන 17 වන දින පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාට ලබාදීමට සීමා නිර්ණය අභියාචනා විමර්ශන කමිටු සභාපති අශෝක පීරිස් මහතා එකඟ වූ බවද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
කොට්ඨාස ක්‍රමයට මැතිවරණය පැවැත්වීම පිළිබඳවත් පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය වැඩිකිරීම පිළිබඳවත්
මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව පක්ෂනායක රැස්වීම පිළිබඳ නිවේදනයක් නිකුත් කරන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටී.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සියලු දේශපාලන පක්ෂවලට පිළිගත හැකි අන්තර් කාලීන විධිවිධාන හා අවශ්‍ය නීතිමය කටයුතු සඳහා ලබන 23 පසුව යළි රැස්වීමට පක්ෂ නායකයන් තීරණය කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.
 
ප්‍රෙමිලා ධර්මසිරි

දඹුල්ල-බකමුණ මාර්ගයේ අගුනුවල්පලැස්ස හන්දිය අසලදී යතුරුපැදියක් හා ත්‍රි රෝද රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් කල 20 හැවිරිදි ගුවන් හමුදා සෙබලෙකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා දඹුල්ල මුලික රෝහලට ඇතුලත් කර ඇත. මියගොස් ඇත්තේ බිබිල,දිය කොබල පදිංචි මියුරු මදුසංඛ රණසිංහ යන අයයි.
පලාලි කදවුරේ සිට නිවාඩුවට නිවසට පැමිණ කැකිරාව,හිරිපිටියාගම නැදෑ නිවසකට යමින් සිටියදී අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.ගුවන් හමුදා සෙබලා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇත.අනතුරින් ත්‍රි රෝද රථයේ රියදුරු හා ඔහුගේ පස් හැවිරිදි දරුවා රෝහල් ගත කර ඇත.දඹුල්ල පොලිසිය පරීක්ෂණ සිදු කරයි.
 
දඹුල්ල-අමිල ගමආරච්චි
 

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයට ඉහලින් වු පෞද්ගලික ඉඩමක අද (09) පස්වරු 2.45 ට පමණ හටගත් ගින්නකින් එම ඉඩමේ අක්කර පහක පමණ භූමි ප්‍රමාණයක් ගිණි ගෙන විනාශ වි ඇති බව හැටන් පොලිසිය පවසා සිටී. එම ඉඩමෙන් පැතිර ගිය ගින්න හැටන් ශ්‍රී පාද විද්‍යාලයට අයිති ඉඩමේ කොටසක්ද ගින්නෙන් විනාශ වි තිබේ. පැතිර යමින් තිබු ගින්න හැටන් දික්ඔය නගර සභාවේ ගිණි නිවන ඒකකයේ නිළධාරින් විසින් දැඩි පරිශ්‍රමයක් දරා පාලනය කරනු ලැබු අතර පවතින කාළගුණ තත්ත්වයත් සමග ඉලූක් සහිත එම ඉඩමේ ගින්න සීඝ්‍රයෙන් පැතිර ගිය බව පොලිසිය පැවසීය. කිසියම් පිරිසක් රක්ෂිතයට ගිණි තබන්නට ඇති බවට පොලිසිය සැකකරණවා.


හැටන් රංජිත් රාජපක‍ෂ

උසස් පෙළ කලා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානයට පත් මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ රධිනි ඉන්දීවරි ගවරම්මන දැරියට උපහාර පීදිමේ උත්සවයක් ඊයේ (09) මහනුවර උසස් බාලිකා විද්‍යාලයේදී පැවැත්විණි.

විද්‍යාලයේ දැරියන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම උපහාර පිදීමේ උත්සවය පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් පී.බී.විජයරත්න මහතා, මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක මහතා, මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.ඩබ්.විජයරත්න මහතා මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ විදුහල්පති මල්කාන්ති අබේගුණසේකර මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී විය.

නදීක දයා බණ්ඩාර - මහනුවර

අයථා ලෙස මුදල් යොදවා ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් යෝෂිත රාජපක්ෂගේ මිත්තණියක් වන ඩේසි ෆොරස්ට් යන අයව ඇප මත මුදා හැර ඇත.

මහියංගණය ප්‍රදේශයේ නිදැල්ලේ සිටින ගවයන් මරා මොටර් රථයේ සිට අලෙවි කිරීම සදහා පැමිණි පිරිසක් අලවතුගොඩ පොලීසිය මගින් අද (09) අත්අඩංගුවට ගෙන තිබේ.

මහියංගණය හා ඒ අවට ප්‍රදේශවල මහා මාර්ග අසල පාලු ස්ථානවල සිටින ගවයන් අල්ලා මරා, මෝටර් රථයේ පසුපස තබා ගෙන අකුරණ ප්‍රදේශයේදී අලෙවි කිරීමේ ජාවාරම මෙවුන් කලක සිට සිදුකර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය.

පොලීසියට ලද තොරතුරුක් මත මෝටර් රථය සමග සැකකරුවන් තිදෙනෙකු අලෙවි කිරීම සදහා සූදානම් කර තිබු ගවයෙකු සමග අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

නදීක දයා බණ්ඩාර - මහනුවර‍

පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද (09) පෙරවරුවේ රාජගිරියේ පිහිටි මැතිවරණ කාර්යාලයට පැමිණියේය.
එහිදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මුණගැසී විනාඩි 20 ක් පමණ මැතිවරණය නොපැවැත්වීම සම්බන්ධව සාකච්ඡා කිරීමෙන් අනතුරුව මැතිවරණ කාර්යාලයෙන් පිටතට පැමිණි අයුරු. හිටපු පළාත් සභා මන්ත්‍රී රේණුක පෙරේරා මහතා ද එක්ව සිටියේය.



සටහන හා ඡායාරූප - නිමල්සිරි එදිරිසිංහ

ශ්‍රී ලංකාව හා ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තය අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරලීම සඳහා උපරිම කැපවීමෙන් කටයුතු කරන බවත් එම කටයුතු සඳහා දෙපාර්ශ්වයේම සහභාගිත්වයෙන් යුත් කමිටුවක් පිහිටුවීමට සැලසුම් කර ඇති බවත් ආන්ද්‍රා ප්‍රදේශ් මහ ඇමැති චන්ද්‍ර බාබු නායිදු මහතා ඊයේ (08) සඳහන් කළේය.
ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් ලෙස ස්ථාපිත කරලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමත්ව ඇති බවත් ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාව නිවැරදි මගක ගමන් කරන බවත් ඊයේ (08) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ආන්ද්‍රා ප්‍රදේශ් මහා අමාත්‍යවරයා සඳහන් කළේය.
සංචාරක කර්මාන්තය, කෘෂිකර්මාන්තය ආදී ක්‍ෂේත්‍ර හරහා ඉතා ඉහළ ප්‍රගතියක් අත්පත් කර ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාව සතු බවත් එම ක්‍ෂේත්‍ර සඳහා ආයෝජන කරලීමට ආන්ද්‍රා ප්‍රදේශ ව්‍යාපාරික ප්‍රජාව සැලසුම් කරනු ඇති බවත් මෙහිදී චන්ද්‍ර බාබු නායිදු මහතා  පැවැසීය.
ඉන්දියාවහා ශ්‍රී ලංකාව ‍පොදු ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් දෙරට අතර වෙළෙඳ හා ආර්ථික සබඳතා ශක්තිමත් කරලීම ඉතා වැදගත් බවත් නායිදු මහතා මෙහිදී සඳහන් කළේය.
ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තය දියුණු කරලීමට භාවිතා කළ උපක්‍රම හා ඊට අදාළ දැනුම ශ්‍රී ලංකා රජය සමග බෙදා හදා ගැනීමට තමා සූදානම් බවද නායිදු මහතා මෙහිදී සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ නව සංවර්ධන වැඩපිළිවෙළ අගය කරන බවත් විශේෂයෙන්ම අධ්‍යාපන හා සෞඛ්‍ය ක්‍ෂේත්‍රවල ලබා ඇති ඉහළ ප්‍රගතිය ප්‍රශංසාවට ලක් කළ යුතු බවත් මෙහිදී නායිදු මහතා සඳහන් කළේය.

පැතුම් වික්‍රමරත්න

හම්බන්තොට ජනතාවගේ පාරම්පරික ඉඩම් අක්කර 15,000ක් සහ වරාය චීන සමාගමකට පවරා දීමට එරෙහිව එහි ජනතාව කළ විරෝධයට ආණ්ඩුව විසින් පෙරේදා (07) එල්ල කළ මි‍ලේච්ඡ ප්‍රහාරය සහ අමානුෂික ප්‍රහාරය ජනතා විමුක්ති පෙරමුණ දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවැසීය.
එහි ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් පවරා ගැනීම සහ වරාය කුණු කොල්ලයට විකිණීම ආණ්ඩුව විසින් දැන් වහාම නතර කළ යුතු බවට ආණ්ඩුවට දැඩිව අවධාරණය කරන අතර ආණ්ඩුව එසේ නොකරන්නේ නම් දහස් ගණන් ජනතාව සමග ඒකාබද්ධව සිය පක්ෂය ජනතාවගේ සැබෑ උරුමය ආරක්ෂා කිරීම වෙනුවෙන් කොන්දේසි විරහිතවම මැදිහත් වන බවට ආණ්ඩුවට සහතික කරන බවද ඒ මහතා පැවැසීය.
කිසිඳු පක්ෂ භේදයකින් තොරව හම්බන්තොට ජනතාව ආණ්ඩුවේ මෙම ඉඩම් විකිණීමේ ක්‍රියාවලියට එරෙහිව වීදී බැස්ස බවත්, එහිදී හමුදාව, ‍පොලීසිය සහ ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ මැර ගෝලබාලයන් යොදවා එම ජනතාව මර්දනය කිරීමට, ඔවුන්ට ප්‍රහාර එල්ල කිරීමට ආණ්ඩුව කටයුතු කළ බවටත් චෝදනා කළ ඒ මහතා ජනතාවට පහර දීමෙන්, තර්ජනය කිරීමෙන් මෙම සටන කිසිසේත් යටපත් කළ නොහැකි බවත් හෙට දිනයේ දී සිය දහස් ගණන් ජනතාව සමගින් මෙම ආණ්ඩුව එරෙහිව ජනතාව පෙළ ගැසෙන බවත් ඊයේ (08) පැලවත්ත එම පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී පැවැසීය.
රාජපක්ෂ පාලනය තුළ මිරිජ්ජවිල කර්මාන්ත පුරයට, මත්තල ගුවන් තොටුපළට අක්කර 11,000ක් බලහත්කාරයෙන් පවරා ගත් බවත්, එදා රාජපක්ෂලා කරන ලද දෙය අද රනිල් මෛත්‍රී හවුල් ආණ්ඩුව විසින් කරන බවත්, තමන්ගේ පාරම්පරික ඉඩම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අරගල කිරීමට ජනතාවට වගකීමක් තිබෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
ආණ්ඩුවට අවුරුදු දෙකක් පිරෙනවිට කළයුතුව තිබුණේ යහපාලනයේ සැබෑ හැකියාව පෙන්වීම බවත් එහෙත් ආණ්ඩුව හම්බන්තොට අමානුෂික ප්‍රහාරය මගින් පෙන්වා සිටියේ ඊනියා යහපාලනයේ සැබෑ නිරුවත යැයිද පැවැසූ ඒ මහතා බලහත්කාරයෙන් ඉඩම් පවරාගෙන ඒවා කුණු කොල්ලයට විකුණා ඒ අයිතිය වෙනුවෙන් පාරට බහින ජනතාවට ගල්මුල් ප්‍රහාර දෙන එක, ‍පොලීසිය ලවා ප්‍රහාර දෙන එක, කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූල නොවන බවත් සිය පක්ෂය මෙම මි‍ලේච්ඡ ප්‍රහාරය හෙළා දකින අතරම මේ විකිණීම හා පවරා ගැනීම වහාම නතර කරන ලෙසට ආණ්ඩුවට බල කර සිටින බවත් කීය.

පද්මිණි මාතරගේ

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අද (09) දින බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.
2016 වර්ෂයේ ජූලි මාසයේ පැවති ජනමත විචාරණයෙන් අනතුරුව අග්‍රාමාත්‍ය  තෙරේසා  මේ ගේ නව ආණ්ඩුව  බිහිවීමෙන් පසුව මෙරට ඉහළ පෙළේ නියෝජිතයෙකු බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව  මෙය ලෙස සැලකෙන බව අමාත්‍යාංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීම මෙම සංචාරයේ අරමුණ වී ඇත.
මංගල සමරවීර අමාත්‍යවරයාගේ මෙම සංචාරයේදී බ්‍රිතාන්‍යයේ විදේශ හා ‍පොදු රාජ්‍ය මණ්ඩලයීය කටයුතු පිළිබඳ ‍ලේකම් බොරිස් ජොන්සන් ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිතයින් සමග සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බව විදේශ  කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සඳහා ඇති  අවස්ථා පිළිබඳව සොයා බැලීම මෙන්ම මෙරට වත්මන් තත්ත්වය පිළිබඳවද මෙහිදී  විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් බ්‍රිතාන්‍ය නියෝජිතයින් දැනුවත් කිරීමට නියමිතය.

පැතුම් වික්‍රමරත්න

තමන් සමග එක්ව කවුරුත් අලුත් ආණ්ඩු හැදීමට අවශ්‍ය නැති බවත් ඒ සියලු දෙනා රට මුහුණදී සිටින සැබෑ තත්ත්වය වටහාගෙන පවතින ආණ්ඩුවම ඉදිරියට ගෙන යාම සඳහා එකතුවිය යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (08) අවධාරණය කළේය.
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්ව ගෙවුණු දෙවර්ෂ පූර්ණය සහ තෙවසරක ඇරඹුම නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති තිරසර යුගයක තෙවසර ඇරඹුම උත්සවය අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පැවැසීය.
අද සමහරු මේ ආණ්ඩුව පෙරළීමට සිහින දකින බවත් නමුත් කිසිම අවස්ථාවක ඒ සිහින සැබෑ නොවන බවත් ජනාධිපතිවරයා පැවැසීය. තවත් වසර 4කින් තිබෙන මැතිවරණ ගැන හෝ එදාට ජනතාවට ලබාදෙන සහන ගැන කතා නොකර අද දවසේ රට වෙනුවෙන් හා රටේ ජනතාව වෙනුවෙන් කළයුතු යුතුකම් ඉටුකිරීමට සියලු දෙනා එකතුවිය යුතු බවත් ඒ මහතා පැවැසීය.
කෝටි නම ලක්ෂයකට අධික ණයබරිත භාවයක් රටට උරුමකර දෙමින් ගෙනගිය “සැලෝලයිට්” සංවර්ධනයේ අමිහිරි ඵල අද රටේ ජනතාවට මුහුණදීමට සිදුවී ඇති බව පැවැසූ ජනාධිපතිවරයා ඒ සැබෑ තත්ත්වය වටහාගෙන රටට ගැළපෙන හා ඔරොත්තු දෙන සැබෑ සංවර්ධනයකට, දියුණුවකට පියනැගීමට සියලු දෙනා අධිෂ්ඨාන කරගත යුතු බවද පැවැසීය.
ජනාධිපති ධුරයේ තවත් වසර දෙකක් ගතකිරීමට තිබියදී මේ තිබෙන ආර්ථික අර්බුදවලට සහ ජාත්‍යන්තර බලපෑම්වලට බියේ ජනාධිපතිවරණයක් පවත්වා එදා ඔවුන් පැනගිය බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
නමුත් ඒ සියලු ආර්ථික අභියෝග ජයගෙන ජාත්‍යන්තර සහයෝගය හා සියලු විදේශීය ආධාර උපකාර රටට ලබාගෙන මේ රට ගොඩනගන බවද මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
ජනමාධ්‍යයටද ගෙවුණු වසර දෙක තුළ සුවිශේෂී නිදහසක් වත්මන් රජය විසින් උරුමකරදුන් බව පැවැසූ ජනාධිපතිවරයා ඒ නිදහස රටේ යහපත හා ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් යොදවනු ඇතැයි තමා බලා‍පොරොත්තු වන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවැසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ මැති ඇමැතිවරුන් රැසක් මීට සහභාගි වී සිටියහ.

පානුක රාජපක්ෂ

ලක්බිම ගොසිප්

වයස 169 ක අයෙක් ලංකාවේ ?

IMAGE 2017 Jan 05 13:45
වැඩිහිටි හැඳුනුම්පතේ දෝෂයෙන් වයස අවුරුදු 169ක් වූ අයෙකු ගලහ දෙල්තොට ප්‍රදේශයේ ජීවත් වන බව...
Views - 2541

‍පෝරකයට නියමවූවෙක් උපාධියක් ලබයි

IMAGE 2017 Jan 05 10:00
මරණීය දණ්ඩනය නියමවූවෙකු මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට  අද (05) ශ්‍රාස්තවේදී උපාධිධාරියෙකු ලෙස...
Views - 3445

බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයාට ගෙදරයන්න සැලැස් වූ ලාංකිකයා

IMAGE 2017 Jan 04 12:14
එක්දහස් අටසිය දහඅටේ උඩරට ගිවිසුම ප්‍රකාර රටේ පාලනය හා ස්වාමීත්වය කොන්දේසි සහිතව භාරගත්...
Views - 3316

ලංකාවේ දේශපාලන වේදිකාවට ආ හිට්ලර්ගේ සිහින මෝටර් රිය

IMAGE 2017 Jan 04 11:15
මලලසේකර ශබ්දකෝෂයේ Bettle යන වදනට සපයා ඇති සරල සිංහල තේරුම වනුයේ 'කුරුමිණියා' යන්නයි. එහෙත්...
Views - 3925

9 වරක් විවාහවී 99 වසරක් ජීවත් වූ හොලිවුඩ් නිළි “සා සා...

IMAGE 2017 Jan 04 09:58
හොලිවුඩ් චිත්‍රපට හා ටෙලි නාට්‍ය හැටක රඟපෑ රූමත් නිළි සා සා ගේබර් ජනප්‍රිය වූයේ සිනමාවේ හා...
Views - 4567

සෝරත ‍පොඩිනමගේ චරිතය සාමණේර භික්ෂුවට අපහාසයක් - හෑගොඩ...

IMAGE 2017 Jan 04 09:03
දෙරණ නාලිකාවේ විකාශය වන සිඳු ටෙලිනාට්‍යයේ ජනප්‍රියතාවයට ප්‍රධානතම හේතුව සාමණේර චරිතයයි....
Views - 9781

Please publish modules in offcanvas position.