Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube
lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල් යන ආකාරයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් රජයට අප්‍රසාදය පළ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව   තීරණය කර ඇත. පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතාට මුලින්ම සිය විරෝධය ලිඛිතව පළ කිරීමට තීරණය කර ඇති කොමිෂන් සභාව එයද සාර්ථක නොවන්නේ නම් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටද සිය අප්‍රසාදය පළ කර යැවීමට තීරණය කර තිබේ.
ජාතික මැතිවරණ කොමිෂන් සභාව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ මූලාසනයෙන් ඉකුත් සතියේ රැස්වූ අතර එහිදී මෙම තීරණය ගෙන ඇත.
පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල් යාම නිසා මැතිවරණ කොමිෂන් සභාව මෙම අප්‍රසාදය පළ කිරීමට තීරණය කර තිබේ.

ලසන්ත වීරකුලසූරිය

අද (20) මධ්‍යම රාත්‍රියෙන් ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය වැඩ වර්ජනය කල් තැබූ බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් ලක්බිම ඔන්ලයින් වෙත කීය.

එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ තම සන්ධානයේ නියෝජිතවරුන් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹි බවය.

මෙම වැඩවර්ජනයට පාදක වූ දුම්රිය නිලධාරීන් සම්බන්ධ වැටුප් විෂමතාවය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කොට සති දෙකක් තුළ විසදුමක් ලබා දෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පොරොන්දු වූ බව ද ඔහු වැඩිදුරටත් කීය.

 

එස්.ටී.පී. සිල්වා

දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටි සහ දුම්රිය මාර්ගය හරහා ගමන් කරමින් සිටි පුද්ගලයන් එකසිය අසූවක් මේ වසර තුළ දුම්රියේ ගැටී මරණයට පත්වී  ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව මගින් නිකුත් කරන ලද නිවේදනයකින් දැක්වේ. එහි වැඩිදුරටත් සඳහන් වනුයේ ඒ අනතුරින් විසි හතර දෙනෙකු දුම්රිය මාර්ගයේ සෙල්ෆි ඡායාරූප ගනිමින් සිටිය දී දුම්රියේ ගැටී මරණයට පත්ව ඇති බවකි.

මේ හේතුවෙන් දුම්රිය මාර්ගයේ ගමන් කරන්නවුන්ට එරෙහි නීතිය ඉදිරියේ දී දැඩිව ක්‍රියාත්මක කරන බව දුම්රිය ගමනා ගමන අධිකාරිවරයා පවසයි.

අද (20) මධ්‍යම රාත්‍රියෙන් ඇරඹීමට නියමිත වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය සේවාව අඩාල වුවහොත් එය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය දැඩි පියවර වුව ගැනීමට සිදුවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
ඔහු මේ බව පවසන ලද්දේ අද (20) පාර්ලිමේන්තුවේ දී කළ දුම්රිය වැඩවර්ජනය පිළිබඳ කරුණු පැහැදිළි කිරීමකදීය.
අද (20) දුම්රිය වර්ජනයට හේතු වී ඇත්තේ වැටුප් ප්‍රශ්නයක්. ඒ සම්බන්ධයෙන් ආදාල ආයතන හා එක්ව අප විධිමත් ලෙස කටයුතු ‍කොට තිබෙනවා. මේ වර්ජනය සිදුකරන්නේ අපි එවැනි විධිමත් ක්‍රියා මාර්ග ගෙන ඇති පසුබිමකයි. කෙසේ හෝ මෙවැනි වැඩවර්ජන මගින් ජනතාව දැඩි පීඩාවකට පත්වීම වලක්වන්න බැහැ. එනිසා මගී ජනතාව පීඩාවට පත් නොකොට සේවයට වාර්තා කරන මෙන් අප දුම්රිය වෘත්තීය සමිති වලින් කාරුණිකව ඉල්ලා සිටිනවා. එසේ නොකළ හොත් අඛණ්ඩ දුම්රිය සේවාවක් පවත්වාගෙන යාම සඳහා දැඩි පියවර ගැනීමට අපට සිදුවෙනවා. අමාත්‍යවරයා කීය.

 

එස්.ටී.පී. සිල්වා

මේ මොහොතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනඒමේ අවශ්‍යතාවක් නොමැති බවට මල්වතු අස්ගිරි අනුනානයක හිමිවරු ප්‍රමුඛ කාරකසංඝ සභාවේ භික්ෂුන් වහන්සේ කිහිපනමක් අතර කථිකාවක් ඇතිවී ඇති නමුදු එය මල්වතුපාර්ශවයේ මහනාහිමි ප්‍රමුඛ කාරක සංඝ සභාවේ ඒකමතික තීරණය නොවන බව මල්වතුපාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියෝ පැවසූහ.

අදාළ සාකච්ඡාවට මල්වතු හා අස්ගිරි මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමසහභාගී නොවු අතර මල්වතු පාර්ශවය නියෝජනය කරමින් ඊට සහභාගී වූයේ තමන්වහන්සේ හා ශ්‍රී දළදා මාලිගාවේ තේවාව භාර තිබ්බටුවාවේ මේධංකර හිමි පමණක් බවද උන්වහන්සේ කීහ.

ව්‍යවස්ථාව සම්බන්ධ මල්වතු පාර්ශවයේ නිල තීරණයක් ප්‍රකාශයට පත්කරන්නේ මහනාහිමි මේ පිළිබඳ දැනුවත් කිරීමෙන් පසුව බවත් මෙම සාකච්ඡාවේ තීන්දු මල්වතු පාර්ශවයේ නිල තීන්දුවක් ලෙස  හැදින්වීම වැරදි බවත් අනුනාහිමියෝ අවධාරණය කළහ.

අදාළ සාකච්ඡාව පවත්වන බව මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම දැනුවත් බවත් එහි අවසන් තීන්දුව මහනාහිමිවරු විසින් තවදුරටත් කරුණු අධ්‍යයනය කිරීමෙන් පසුව සිදුකරන බවත් අනුනාහිමියෝ අවධාරණය කළහ.

අදාළ තීන්දුව මහනාහිමි අනුමත කරන තුරු එය මල්වතු පාර්ශවයේ තීන්දුවක් ලෙස සැලකීම නිවැරදි නොවන බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

මේ පිළිබඳව මල්වතු මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අදහස දැන ගත හැක්කේ උන්වහන්සේ මෙරටට වැඩම කිරීමෙන් පසුව බවත් අදාළ සාකච්ඡාවෙන් පසු තමන් වහන්සේ කළේ ව්‍යවස්ථාව සම්බන්ධව තමන් වහන්සේගේ මතය පළ කිරීම බවත් විමලධම්ම හිමියෝ කීහ.

නුවර නදීක දයා බණ්ඩාර

 

කොළඹ - නුවර මහා මාර්ගයේ කඩවත පොලිසිය සහ බෝධිය අද්දර ජල නලයක් පුපුරා යාම හේතුවෙන් කඩවත, කිරිබත්ගොඩ, පුෂ්පාරාමපාර, ගනේමුල්ල පාර, රාගම පාර, ගෝණහේන පාර ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම මේ වන විට අත්හිටුවා ඇත.

මාර්ගයේ මෙම ජල නලය පුපුරායාම හේතුවෙන් මහනුවර සිට කොළඹ දෙසට පැමිණෙන මංතීරුවක් අවහිර වී ඇති අතර අද (20) පෙරවරුවේ සිට කඩවත සිට මහනුවර දෙසට දැඩි රථවාහන තදබදයක් දක්නට ලැබිණි.

මෙම ජල සැපයුම යතා තත්ත්වයට පත් කිරීමට පැය කිහිපයක් ගතවනු ඇතැයි ජාතික ජලාප්‍රවාහන මණ්ඩලය කියයි.

 

ඒ.ජී.රේණුකා

දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් අද (20) මධ්‍යම රාත්‍රියෙන් ආරම්භ කිරීමට නියමිත වැඩ වර්ජනය එපරිද්දෙන්ම ක්‍රියාත්මක වීමට බොහෝ දුරට ඉඩ කඩ ඇතැයි දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් ලක්බිම ඔන්ලයින් වෙත කීය.

දුම්රිය සේවාවේ ශ්‍රේණි කිහිපයක පවත්නා වැටුප් විෂමතාවය දුරලන ලෙසට රජය දුන් පොරොන්දු මේ දක්වා ඉටුවී නොමැති වීම මත මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වන බව ඔහු වැඩිදුරටත් කීය.

මේ අනුව දුම්රිය රියැදුරු, නියාමක, ස්ථානාධිපති, දුම්රිය පාලක සහ දුම්රිය අධීක්ෂණ කළමනාකාර යන ශ්‍රේණි වල නියුතු නිලධාරීන් මෙම වැඩවර්ජනට එක්වනු ඇතැයි හෙතෙම කීය.

මෙය අද (20) මධ්‍යම රාත්‍රියෙන් ආරම්භ කරනුයේ ‍මීට පෙර පැවැති දුම්රිය වර්ජනයේ දී කාර්යාල සේවකයන්ට සහ සෙසු දුම්රිය මගීන්ට ඇතිවූ අපහසුතාව මෙවර ඇති නොවීමට යැයි ද පැවසූ ඔහු මෙම වැඩවර්ජනය ඇරඹීමත් සමඟ දුම්රිය සේවය මුළුමනින්ම ඇනහිටිනු ඇතැයි ද පැවසීය.

දමයන්ති ගමගේ

 

සයිටම් වෛද්‍ය ආයතනය මූලික කරගත් ගැටලු පිළිබඳ රජයේ ස්ථාවරය, ජනාධිපතිවරයා ලබන සඳුදා (23) දින ප්‍රකාශයට පත්කරනු ඇති බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19) සඳහන් කළේය.
සයිටම් ආයතනය නොවසා වෙනත් ඕනෑම ආකාරයක විසඳුමකට රජය සූදානම් බවත් කිරිඇල්ල මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියේය.
සයිටම් ප්‍රශ්නය මුල්කරගනිමින් එම ගැටලුව විසඳාලීමට ගන්නා පියවර කුමක්දැයි ස්ථාවර නියෝග යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විමසූ පැනයකට පිළිතුරු දෙමින් කිරිඇල්ල මහතා මේ බව සඳහන් කළේය.
සයිටම් සිසුන්ට අසාධාරණයක් නොවන ලෙස මෙම ප්‍රශ්නය විසඳිමට රජය බලා‍පොරොත්තු වන බවද අමාත්‍යවරයා මෙහිදී පැවැසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.
අදාළ පාර්ශ්ව සමග පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස පහත දැක්වෙන විසඳුම් හය රජය යෝජනා කර ඇති අතර ඒවා ක්‍රියාත්මක කිරීමටද පියවර ගෙන තිබේ.
සයිටම් ආයතනයට සිසුන් ඇතුළත් කර ගැනීම වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නැවැත්වීම. මෙය දැනටමත් ක්‍රියාත්මක කර ඇත.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් ප්‍රකාශයට පත් කර ඇති අවම ප්‍රමිතීන් පිළිබඳව නිර්ණායකයන් අදාළ පාර්ශ්වකරුවන් සමග ඇති වූ එකඟතාවයන් මත නෛතික නියෝගයන් ලෙස රජයේ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කිරීම. මෙම කාර්යයේ බොහෝ කටයුතු අවසන් වී ඇත.

පැතුම් වික්‍රමරත්න/ ප්‍රසාදිකා ජයවර්ධන

මහ බැංකු බැඳුම්කර කොමිසමේ සාක්ෂිකාරියක වූ ඊස්ට් වෙස්ට් ‍ප්‍රොපටීස් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරියක වූ අනිකා විජේසූරිය මහත්මියට එල්ල වී ඇති මරණ තර්ජන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබේ. බැඳුම්කර වංචා විමර්ශන ජනාධිපති කොමිසමේ නියෝගයකට අනුව මෙම පරීක්ෂණ සිදුවේ.
එජාප උප නායක හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු ඔහුගේ පවු‍ලේ අය පදිංචි මොනෑක් සුපිරි නිවාස සංකීර්ණයේ පිහිටි නිවස රුපියල් මිලියන 116ක් ගෙවා මිලදී ගත්තේ රවි කරුණානායක මහතාගේ බිරිඳ හා පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් බව අනිකා විජේසූරිය සාක්ෂි දෙමින් කොමිසමේදී හෙළිකර තිබුණි.
ඇය කොමිසමට සාක්ෂි දීමෙන් පසු ඇගේ සහෝදරය විජිත විජේසූරියට හා ඇයට රජයේ දේශපාලනඥයකුගේ සමීපතම අයෙකුගෙන් මරණ තර්ජන එල්ලව ඇති බවත් ඒ නිසා ඇගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් රටින් බැහැරව යන්නේ යැයි දන්වා ඇති බවත් අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා ඉකුත්දා කොමිසමේදී හෙළි කළේය.

ජයසූරිය උඩුකුඹුර

දිවයිනේ ප්‍රදේශ බොහෝමයකට ඇසුණු ශබ්දය හා දර්ශනය වූ එළිය උල්කාෂ්මයක් පිපිරී යාමෙන් ඇති වූවක් යැයි කොළඹ විශ්වවිද්‍යාලයේ තාරක විද්‍යා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවැසීය.
මෙම උල්කාෂ්මය පුපුරා වැටුණ ස්ථානය නිශ්චිතවම දැනගැනීමට නොහැකි වූවත් එය බටහිර සිට නැගෙනහිර දෙසට ගමන් කරමින් තිබියදී ‍පොළොව මට්ටමේ සිට කිලෝමීටර 190 තරම් ඉහළ අහසේදී පුපුරා ගොස් ඇති බව පෙනී යන්නේ යැයි මහාචාර්යවරයා කීය.
උල්කාෂ්මය පුපුරා යන හඬ ප්‍රබලව ඇසී තිබුණේ දකුණු පළාතට වුවද නුවරඑළිය, කොළඹ, ගාල්ල, මාතර ආදී ප්‍රදේශ බොහෝමයකට එහි ශබ්දය ඇසී තිබූ අතර එළිය දර්ශනය වී ඇතැයිද ඒ මහතා කීය.
පෙරේදා (18) රාත්‍රී 8.30ත් 9.30ත් අතර කාලය තුළ මෙම ශබ්දය ඇසී තිබිණි. මේ උල්කාෂ්මය වැටුණු ස්ථානය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ කරමින් සිටින බවත්, පිළිස්සුණු ගස්කොළන් හෝ යම් හඳුනාගත නොහැකි ද්‍රව්‍ය ආදිය දුටුවහොත් දැනුම් දෙන ලෙස ඉල්ලා සිටින බවත්, මහාචාර්ය චන්දන ජයරත්න මහතා කීය.
මධ්‍යම ප්‍රමාණයේ උල්කාෂ්මයක් වන මෙහි කොටස් ඇතැම් විට හමුනොවීමටද ඉඩ ඇති බවත් මහාචාර්යවරයා පැවැසීය.

ගයාත්‍රි ගීගනආරච්චි

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඇතමුන් ජනතාව නොමග යවමින් සිටින බව ඔබතුමන්ලා චෝදනා කළා. එහෙත් ජනතාව නොමග යවන්නේ කවුරුන්ද? මෙම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මල්වතු මහනාහිමියන් ප්‍රකාශයක් කළා යැයි සඳහන් කරමින්, නාහිමියන්ගේ ඡායාරූපයද සහිතව සියලුම පුවත්පත් සහ අනෙකුත් මාධ්‍යවල ප්‍රවෘත්ති පළකර තිබෙන බව මම අද උදේ දුටුවා.ඒ පිළිබදව විමසීමට මම මල්වතු මහනාහිමියන් සම්බන්ධ කර ගත් අවස්ථාවේ දී, එවැනි ප්‍රකාශයක් කිරීමට තබා තමන් වහන්සේ මේ දිනවල දිවයිනේවත් නොමැති බව නාහිමියන් වහන්සේ මා සමග පවසා සිටියා. එසේ නම් එවැනි ප්‍රවෘත්තියක් හෝ ඡායාරූපයක් මාධ්‍ය තුළ පළවන්නේ කෙසේද?
අග්‍රාමාතය රනිල් වික්‍රමසිංහ මහතා අද (19)දින පළවු සිංහල ඉංග්‍රීසි පුවත්පත්වල ප්‍රධාන සිරස්තල දක්වමින් එසේ චෝදනාකළේ යෝජිත නව ආණ්ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලය ඇතුලූ ආයතන තුනක් විසින් සිදුකළ සමීක්‍ෂණයේ වාර්තාව පිළිගැන්වීමේ අවස්ථාවට එක්වෙමිනි. එය පැවැත්වෙන ලද්දේ පාර්ලිම්න්තු සංකීර්ණයේ දීය.
එහිදි වැඩිදුරටත් අදහස් පළකල අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් අප තවම ජනතා අදහස් ලබා ගනිමින් සිටිනවා. ව්‍යවස්ථාව සැකසීමේ කටයුතු ඉදිරියට සිදුකරගෙන යාම පිළිබදව අප එළඹෙන සතියේ දී විවාදයක් පැවැත්වීමටත් සූදානම්. එම විවාදයෙන් පසුව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මහජනතාවගෙන් අදහස් විමසන අවස්ථාවේ දී ව්‍යවස්ථාව පිළිබදව අදහස් ඇතුළත් අද මේ ලබාදුන් වාර්තාවත් අපි ප්‍රයෝජනයට ගන්නවා. යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබදව මෙවැනි වාර්තාවක්  ලබාදීම පිළිබදව මා ඔබට ස්තුතිවන්ත වනවා.
මීට පෙර අවස්ථාවක ද මල්වතු මහනාහිමියන් වහන්සේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් උන්වහන්සේගේ මතය ඉතා හොදින් හෙළිකර තිබුණා. තවමත් ව්‍යවස්ථාවක් නිර්මාණය කර නොමැති බවත්, එය පවතින්නේ සාකච්ඡා මට්ටමේ බවත්, මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාත් මමත් පවසන අදහස් පිළිගන්නා බවත් මහ නාහිමියන් එහිදී පවසා තිබුණා.
නමුත් මෙම ප්‍රවෘත්තිය දැකීමෙන් පසු මම මහ නාහිමියන් සම්බන්ධ කර ගැනීමට කල්පනා කළා. සත්‍යය තත්වය මට අවබෝධ වුණේ එවිටයි. එම ප්‍රවෘත්ති සාකච්ඡාව කැදවූයේ මහනුවර දියවඩන නිලමේ නම්, එම ප්‍රවෘත්තිය සමග පළකළ යුත්තේ දියවඩන නිලමේගේ ඡායාරූපය මිස මල්වතු මහනාහිමියන්ගේ ඡායාරූපය නොවේ. ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් දියඩවන නිලමේ තුමාගෙන් විමසීමටත් මම බලාපොරොත්තු වෙනවා.

මල්වතු මහනාහිමියන් පක්ෂව හෝ විපක්ෂව අදහසක් පළකරනවා නම් එය ඔබේ මාධ්‍ය තුළ පළකිරීමේ කිසිදු වරදක් නැහැ. නමුත් උන් වහන්සේ එවැනි ප්‍රකාශයක් නොකර, දිවයිනේවත් නොමැති අවස්ථාවක මෙවැනි අසත්‍ය ප්‍රවෘත්තියක් පළකරන්නේ ඇයි දැයි මම මේ රටේ ජනමාධ්‍ය ආයතවලින් විමසීමට කැමතියි.

මාධ්‍ය ආයතන කැඳවා ඒ ආයතනවල මාධ්‍යවේදීන් ඉදිරිපිට මේ පිළිබඳව විමසන විට ඒ වෙනුවෙන් ඔබ ලබාදෙන පිළිතුර කුමක්ද? කිසිවෙකුත් සෘජු පිළිතුරක් ලබාදුන්නේ නැහැ. ඔබට හැකි නම්, මගේ මෙම ප්‍රශ්න කිරීම අද දහවල් වන විට ඔබේ මාධ්‍ය තුළ පළ කරන්න යැයි මම ඉල්ලා සිටිනවා.

මේ සම්බන්ධයෙන් මගේ ප්‍රකාශය ඔබ පුවත්පත් ආයතන පළ කරන්නේ පළමු පිටුවේ ද, නැතිනම් අවසන් පිටුවේ ද? යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වෙනත් පාර්ශ්වයන්ගේ අදහස් ඔබ ප්‍රචාරය කරනවා නම් රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස ඒ සම්බන්ධයෙන් මගේ අදහසත් පළ කිරීමට ඔබ මාධ්‍ය මගින් ඉඩ ලබාදිය යුතුයි.

මල්වතු මහනාහිමියන් රටේ වැඩ නොසිටින අවස්ථාවකත් ඔබ මෙවැනි අසත්‍ය ප්‍රවෘත්තියක්, ප්‍රධාන පුවතක් ලෙස පළ කළා නම් රට තුළ සිටින මගේ අදහසත් ඔබ ආයතනය තුළ පළ කළ යුත්තේ ප්‍රධාන පුවතක් ලෙස නොවේ ද? මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී මා දැක්වූ අදහස් ගුවන් විදුලි සහ රූපවාහිනී නාළිකාවලත් විකෘති කිරීමකින් තොරව පළ කරන බවට ඔබට පොරොන්දු විය හැකිද?

ජනතාව අපට වරමක් ලබා දී තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ මාධ්‍ය මගින් ජනතාව නොමඟ යවමින් ඔබ සිදු කරන මාධ්‍ය සෙල්ලම කුමක්ද?රාජපක්‍ෂ රෙජීමයට කාලයක් පුරා කඩේ ගිය මාධ්‍ය ආයතනවලින් මම ඉල්ලා සිටින්නේ මේ සෙල්ලම නතර කරන ලෙසයි.

මෙවැනි අසත්‍ය ප්‍රචාරයක් පළ කළේ මන්දැයි මේ මොහොතේ ඔබ මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් විමසා දැනුම් දෙන්නේ නම් ඊට මේ මොහොතේම පිළිතුරු ලබාදීමටත් මා සූදානම් යැයි පැවසු අග්‍රාමාත්‍යවරයා එවිට ඔබ මාධ්‍ය ආයතනවලට එයත් පළ කිරීමට හැකියාව තිබෙනවා යැයිද කීය.

එස්.ටි.පි. සිල්වා

 

Page 2 of 132

IMAGE

තමන්ද නොදැනුවත්ම ‘නිල් චිත්‍රපටය‘ක රඟපෑ කතක්

IMAGE 2017 Oct 23 15:15
‘කාන්චනා ඔයාගෙන් සීරියස් කාරණයක් අහන්න තියෙනවා කමක් නැත්ද්?‘ කිසිවෙකු නිවසේ නොමැති විටෙක...
Views - 102

වයිට්නිං ක‍්‍රීම්වලින් ඇත්තටම සුදු වෙනවද?

IMAGE 2017 Oct 23 11:55
අද කාලෙ තමන්ගේ සමේ පැහැය ගැන උනන්දු වෙන්නෙ කාන්තාවන් විතරක් නෙවෙයි. පිරිමි අයත් සුදු හෝ...
Views - 156

කලාකරුවන්ගේ පවුල් අවුල් ප්‍රසිද්ධ වෙන්නේ මේ නිසයි

IMAGE 2017 Oct 23 11:30
වේදිකාව ටෙලි නාට්‍ය සහ සිනමාව තුළ තම රංගන කුසලතා පළකළ ඇය “ මද්දහන ” ටෙලි නාට්‍යයේ...
Views - 240

බත් පත බෙදාගන්නට මට සිටියේ ඔබ පමණි

IMAGE 2017 Oct 19 20:52
මිනිසත් බව ලැබිමට තමන් රැස් කළ කුසල් හේතුවන බව බෞද්ධ ඉගැන්වීමේ සඳහන් වේ. ආත්ම ගණනක්...
Views - 1875

සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට ලිංගික 'ස්ප්‍රේ' විදලා

IMAGE 2017 Oct 19 10:56
දඹුල්ල ප්‍රදේශයේ පාසලක අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට එම...
Views - 3059

සරණාගත කඳවුරු වල කතුන් ලිංගික අතවර වලට

IMAGE 2017 Oct 18 13:35
ආපදා තත්වයන් යටතේ අවතැන්වන කාන්තාවන් හා ගැහැණු දරුවන්ට අනාරක්ෂිතම ස්ථානයක් වන්නේ සරණාගත...
Views - 2100

Please publish modules in offcanvas position.