Coss Ear2
lakbima.lk
COSS Ear 1

එජාපය තනි ආණ්ඩුවකට සූදානම්

එක්සත් ජාතික පෙරමුණේ තනි ආණ්ඩුවක් පිහිටු වීමට එක්සත් ජාතික පක්ෂය ඊයේ (12) තීරණය කර තිබේ.
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සහ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතර කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදී පෙරේදා (11) රාත‍්‍රී පැවති සාකච්ජාවෙන් අනතුරුව  ජනපති සහ අගමැති සහභාගි වූ මෙම සාකච්ජාවට කථානායක කරු ජයසූරිය මහතාද කැඳවා තිබූ අතර  ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙනයාමට හැකියාවක් නැතිනම් තනි ආණ්ඩුවක් හදන ලෙස එක්සත් ජාතික පක්‍ෂ මැති ඇමැතිවරුන් ඉල්ලන බව ඉහත හමුවේදී අග‍්‍රාමාත්‍යවරයා ජනපතිට දැනුම් දී ඇත.
ඒ අනුව ජනපති හමු වීමෙන් පසුව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික  පෙරමුණේ හවුල්කාර පක්‍ෂ නායකයින් සමග ද සාකච්ජා  කර ඇති අතර ඉන් අනතුරුව එක්සත් ජාතික පෙරමුණේ තනි රජය පිහිටු වීමට ඊයේ තීරණය කර තිබේ.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 43 (3) පරිච්ජේදයේ නව අග‍්‍රාමාත්‍යවරයෙක් පත්වන ආකාරය පහත ආකාරයට දක්වා ඇත. එනම්,
”පාර්ලිමේන්තුවේ යම්කිසි මන්ත‍්‍රීවරයෙකු කෙරෙහි පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම පමණින් ඇතැයි ජනාධිපතිවරයා කල්පනා කෙරේද ජනාධිපතිවරයා විසින් ඒ මන්ත‍්‍රීවරයා අග‍්‍රාමාත්‍ය ධුරයට පත්කළ යුත්තේය යනුවෙනි.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජේදාස රාජපක්‍ෂ මහතා නොසලකා හැරිය විට ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ මන්ත‍්‍රීවරයාද සමග එක්සත් ජාතික පක්ෂයට 107ක් හිමිව පවතින අතර  පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට අවශ්‍ය වන්නේ මන්ත‍්‍රී ආසන 113ක් වේ.
මේ පසුබිම යටතේ ලබන බ‍්‍රහස්පතින්දා (15* හවස් වරුව වන විට එක්සත් ජාතික පෙරමුණේ තනි ආණ්ඩුව පිහිටුවීමට අදාළ බහුතර මන්ත‍්‍රී සංඛ්‍යාව ජනපතිට ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා පැවැසීය.
මේ අතර ද්‍රවිඩ ජාතික සන්ධානය නව රජයට එක්වීමට එකඟතාවය පළ කළත් අමාත්‍ය ධුර කිසිවක් භාර නොගන්නා බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා සඳහන් කරයි.

ලසන්ත වීරකුලසූරිය,ගයාති‍්‍ර ගීගනආරච්චි

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 4005

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 2651

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3728

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 2242

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 7445

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 4596

Please publish modules in offcanvas position.