Coss Ear2
lakbima.lk
COSS Ear 1

ජාතික ආණ්ඩුව 2020 තෙක් එජාපයෙන් තීරණයක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික ආණ්ඩුව වසර 2020 වන තෙක් පවත්වාගෙන යෑමට අද (11) තීරණය කර තිබේ. 
ජාතික ආණ්ඩුවේ ප්‍රධානතම පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය විසින් මෙම තීරණය ගෙන ඇති අතර අදාළ තීරණය එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ සිටින පක්ෂවල නායකයන්ට ද දැනුම් දී ඇත. මෙම තීරණය ආණ්ඩුවේ අනෙකුත් පක්ෂ නායකයන්ට දැනුම් දීමට නියමිතය. 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉහත තීරණය දැනුම් දීම සඳහා අද (11) සන්ධ්‍යාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී තිබේ. 
මහ නගර සභා, නගර සභා, සහ ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨයන් සමග අරලිය ගහ මන්දිරයේදී අද (11) දහවල් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික ආණ්ඩුව වසර 2020 වන තෙක් පවත්වාගෙන යැම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨයන් එහිදී එකඟතාව පළ කර තිබේ. 
පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලවලින් ජාතික ආණ්ඩුවට  ලබා දී තිබෙන පණිවුඩ කෙරෙහි දැඩි අවධානය යොමු කර ඉදිරි දින කිහිපයේදී වෙනස්කම් කිරීම සඳහා ප්‍රබල  තීරණ කිහිපයක් ගැනීමටද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවේදී තීරණය වී ඇත. 
ජීවන වියදම, විරැකියාව, දූෂණ වංචාවලට එරෙහිව පියවර ගැනීම ආදී කරුණු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.
 
ලසන්ත වීරකුලසූරිය / ගයාත්‍රි ගීගනආරච්චි
IMAGE

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 1292

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 729

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 2850

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 3896

කසාද බැඳලා දරුවොත් ඉන්න ඇය මේ කතාව කාටවත් කියන එකක් නැහැ

IMAGE 2018 Feb 18 12:57
අද වන තුරු කාටවත් නොකී රස රහසක් මගේ ජීවිතය තුළත් තියෙනවා. ඇත්තටම ඒ රහස මම ඇර තව එක්කෙනයි දන්නේ....
Views - 6933

ලංකාවේ සුපිරි ධනවතාගේ කෝටි 16 මෝටර් රිය

IMAGE 2018 Feb 18 12:00
2015 ජනාධිපතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ බොහෝ දේ කතාබහ කෙරුණි. මිල අධික ලැම්බ්‍රෝගිනි මෝටර් රථද ඒ...
Views - 6136

Please publish modules in offcanvas position.