Coss Ear2
lakbima.lk
COSS Ear 1

මහින්දට විශිෂ්ට ජයක්

පළාත් පාලන ආයතන 340ක් වෙනුවෙන් පැවැති මැතිවරණයේදී ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ අද (11) සවස වනවිට නිකුත් කරන ලද ප්‍රතිඵල අනුව පළාත් පාලන ආයතන 222ක බලය හිමිකර ගනිමින් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තේය. 
අද (11) සවස වන විට නිකුත් කළ ප්‍රතිඵලය අනුව ඡන්ද 43,120,25ක් ලබා ගෙන මන්ත්‍රී ධුර තුන්දහසකට ආසන්න සංඛ්‍යාවක් ලබාගෙන ඇත. පළාත් පාලන ආයතන  41ක  බලය  හිමිකර ගෙන සිටින එක්සත් ජාතික පක්ෂය ඡන්ද 3,174,278 ලබාගෙන මන්ත්‍රීධුර දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් ලබාගෙන තිබිණි. 
උතුරු නැගෙනහිර පමණක් තරග කළ ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය පළාත් පාලන ආයතන 32ක බලය හිමිකරගනු ලැබිය. ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත් පාලන ආයතන 5ක් ජයගත් අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය 4ක හිමිකර ගැනීමට සමත්විය. 
පළාත් පාලන මැතිවරණය ඉකුත් 10 දා පෙ.ව. 7.00 සිට සවස 4.00 දක්වා නව මැතිවරණ ක්‍රමයකට අනුව පැවැත්විණි. මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කෙරුණේ අද (11) අලුයම් කාලයේ සිටය. නව මැතිවරණ ක්‍රමය හේතුවෙන් ඡන්ද ගණන් කිරීමේදී හා ප්‍රතිඵල නිකුත් කිරීමේදී ඇතිවූ තාක්ෂණික දුර්වලතා හේතුවෙන් ප්‍රතිඵල නිකුත් වීම බොහෝ කාලයක් ප්‍රමාද විය. 
නිකුත් කරන ලද  ප්‍රතිඵල අනුව බදුල්ල ප්‍රදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය සම ආසන හිමිකර ගෙන තිබූ අතර කුරුණෑගල මහ නගර  සභාව තුළ ශ්‍රී ලංකා ‍පොදුජව පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය සම ආසන හිමිකර ගෙන තිබිණි. අම්පාර නින්දවූර් ප්‍රාදේශීය සභාව තුළ එක්සත් ජාතික පක්ෂය හා සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය සම ආසන හිමිකර ගත් අතර තංගල්ල නගර සභාව තුළ එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ සම ආසන හිමිකර ගත්තේය. මාවනැල්ල ප්‍රාදේශීය සභාව තුළද ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය සම ආසන හිමිකර ගෙන තිබිණි. 
 
ලසන්ත වීරකුලසූරිය / ගයාත්‍රි ගීගනආරච්චි
IMAGE

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 1297

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 732

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 2851

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 3900

කසාද බැඳලා දරුවොත් ඉන්න ඇය මේ කතාව කාටවත් කියන එකක් නැහැ

IMAGE 2018 Feb 18 12:57
අද වන තුරු කාටවත් නොකී රස රහසක් මගේ ජීවිතය තුළත් තියෙනවා. ඇත්තටම ඒ රහස මම ඇර තව එක්කෙනයි දන්නේ....
Views - 6935

ලංකාවේ සුපිරි ධනවතාගේ කෝටි 16 මෝටර් රිය

IMAGE 2018 Feb 18 12:00
2015 ජනාධිපතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ බොහෝ දේ කතාබහ කෙරුණි. මිල අධික ලැම්බ්‍රෝගිනි මෝටර් රථද ඒ...
Views - 6137

Please publish modules in offcanvas position.