Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

මම හැමදාම ජනාධිපතිකමේ ඉන්නේ නැහැ

තම නිල කාලය පිළිබඳමත විමසුමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීම පිළිබඳ කිසිවෙකු කලබල විය යුතු නැති අතරශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන  ඕනෑම තීරණයක් ඉතා ගෞරවයෙන් යුතුව පිළිගෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හිස නමා හෙට නොව අද වුවත් ජනාධිපති ධූරයෙන් නික්ම යාමට තමා සූදානම් බව ජනාධිපතිතුමා පවසයි.

තමා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත විමසුමක් සිදු කළේ තමාට ජනාධිපති ධූරයේ රැදී සිටීමට තිබෙන වසර ගණන පිළිබඳ නොව  19වන ව්‍යවස්ථා සංශෝධනය සමග වර්තමාන ජනාධිපතිවරයාගේ නිල කාලය පිළිබඳසමාජය තුළ මත දෙකක් ඉදිරිපත්වී තිබීම නිසා බව ද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.

තමා ජනාධිපති ධූරයේ සැමදා රැදී සිටීමට පැමිණි අයෙක් නොවන බව පැවසූ ජනාධිපතිතුමා එහෙත් තමන් රට වෙනුවෙන් දකින සිහිනයක් වන ජාතික සංහිඳයාව ශක්තිමත්  වූ මෙන්ම සියලූ ජන කොටස් සහෝදරත්වයෙන් ජීවත්වන ලොව පිළිගත් රාජ්‍යයක් ලෙස ශ‍්‍රී ලංකා මාතෘ භූමිය ඔසවා තැබීමේ සිහිනය වෙනුවෙන් තනතුරු තිබුණත් නැතත් සැමදා කැපවන බව ද අවධාරණය කළේය.

මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සදහා ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් දිවයින පුරා සංවිධානය කර තිබෙන  ජනහමු මාලාවේ මාතර දිස්ති‍්‍රක් පළමු ජන හමුව මෙලෙස අකුරැස්සේදී අතිවිශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

හොඳප‍්‍රාදේශීය සභාවක් හා හොඳපළාත් සභාවක් තුළින් අනාගතයේ හොඳආණ්ඩුවක් සැදීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය මෙහෙයවන බව ද පැවසූ ජනාධිපතිතුමා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස එහි සදාකාලිකව රැදී සිටීමටවත්තමන්ගෙන් පසු තම දරුවෙකුට එම පුටුව සූදානම් කිරීමටවත් කටයුතු නොකරන අතර එහි නායකත්වය දරනු ඇත්තේ ඉදිරියේදී මෙම තේරී පත්වන තරුණ නියෝජිතයින්ට බව ද සඳහන් කළේය.

එමෙන්ම තමන්ට කිසිදු අවස්ථාවක පෞද්ගලික න්‍යාය පත‍්‍රයක් නොමැති අතර ඇත්තේ රට සහ රටේ අනාගතය වෙනුවෙන් න්‍යාය පත‍්‍රයක් බව සඳහන් කළ ජනාධිපතිතුමා ඒ තුළ වඩාත් ජනතාවාදී සහ මානවවාදී දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් කැපවන බව ද අවධාරණය කළේය.

උතුරේ හමුදා කඳවුරු ඉවත්කරන බවට රජයට නැගෙන චෝදනා පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ යුද්ධය කළ සහ යුද්ධය දිනූ රටක අද යුධ හමුදා මූලස්ථානයක් නොමැති අතර යුද හමුදා මූලස්ථානය තිබූ අක්කර 06ක භූමිය ෂැංගි‍්‍රල්ලා සමාගමට ඔප්පුවකින් පවරා දුන්නේ තම රජය නොව පසුගිය රජයම බවයි.

එක්සත් ජාතික පක්ෂය,පොදුජන පෙරමුණ,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළුදේශපාලන පක්ෂවල ප‍්‍රබල කි‍්‍රයාකාරීන් රැසක් මෙහිදී ජනාධිපතිතුමාට සහය පළ කරමින් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට එක්වීම ද විශේෂත්වයක් විය.

ප‍්‍රදේශයේ මහා සංඝරත්නය ද,අමාත්‍යවරුන් වන සුසිල් පේ‍්‍රමජයන්ත,චන්දිම වීරක්කොඩි,රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන,දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා,හිටපු ප‍්‍රධාන අමාත්‍ය එච්.ජී. සිරිසේන,පළාත් අමාත්‍ය චන්දිම රාසපුත‍්‍ර,හේමාල් ගුණසේකර යන මහත්වරුන් ඇතුළුමහජන නියෝජිතයින් රැසක් මෙම ජන හමුවට එක්ව සිටියහ.

IMAGE

බාර් තහනමට එරෙහිව උසාවි ගිය සමනලී කියන කතාව

IMAGE 2018 Jan 22 13:49
කාන්තාවන්ට මත්පැන් මිලට ගැනීම සහ අලෙවි කිරීම සඳහා වාරණයක් මෙරට නීතියේ පවතින බව බොහෝ අය...
Views - 1378

දෙහිඅත්තකණ්ඩියේ ජන්ද බලය මන්දො කරන හේනානිගල කැකුළි

IMAGE 2018 Jan 22 12:40
ලබන දහ වැනිදා පැවැත්වෙන පළාත් පාලන ඡන්දයේදී දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාව මෙරට මැතිවරණ...
Views - 872

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ විස්මිත පොත් දොරට වැඩුමක්!

IMAGE 2018 Jan 22 10:33
පොත් දොරට වැඩීමේ උත්සව අප බොහෝ දෙනෙකුට හොඳින් ‍හුරුපුරුදුය. ප්‍රසිද්ධ දේශනාගාර සහ ශාලාවල,...
Views - 664

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 3140

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙයි

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 2732

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 3026

Please publish modules in offcanvas position.

X

Right Click

No right click