Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

විනයක් ඇති පිරිසක් පළාත් පාලන ආයතන වලට තෝරා ගත යුතුයි!

රටේ සංවර්ධන වැඩපිළිවෙල කාර්යක්ෂම කර ගැනීමට විනයක් ඇති මහජන නියෝජිතයින් පිරිසක් මෙවර මැතිවරණයෙන් පළාත් පාලන ආයතන සඳහා තෝරා පත්කරගත යුතු බව ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (11) පස්වරුවේ හිඟුරක්ගොඩ ප‍්‍රදේශයේ පැවැති ජනහමුක් අමතමිනි.

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් හිඟුරක්ගොඩ ප‍්‍රාදේශීය සභාවට තරඟකරන අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මෙම ජන හමුව සංවිධානය කර තිබුණි.

ජන හමුව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ අපේ රටේ දේශපාලන සංස්කෘතියේ පවතින වැරදි නිවැරදි කරමින් වංචාවෙන් දූෂණයෙන් තොර ජනහිතකාමී ගමනකට මුල් පියවර තබන මෙම මැතිවරණයේ දී ජනතාව ඉතා වගකීමෙන් තම යුතුකම් ඉටුකළයුතු බවයි.

පළාත් පාලන ආයතන වෙත විනයක් ඇති නියෝජිතයින් පත්කරගත යුත්තේ ජාතික දේශපාලන නායකයින්ගේ ගමන් මගේ මූලාරම්භය එය නිසා බව පැවසූ ජනාධිපතිතුමා පළාත් පාලන ආයතන තුළ අවංක ජනහිතකාමී මහජන නියෝජිතයින් බිහිවීමත් සමඟ සමස්ථ දේශපාලන සංස්කෘතියම නිවැරදි ගමන් මඟකට අවතීරණ වන බව ද කියා සිටියේය.

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරි පත්වන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු මහජන නියෝජිතයෙකුට වැරදි කිරීමට තමා ඉඩ නොතබන බව අවධාරණය කළ ජනාධිපතිතුමා එම වගකීම පක්ෂයේ නායකයා ලෙස තමා භාරගන්නා බවද කියා සිටියේය.

මොරගස්වැව, උල්පත් වැව, ගිරිතලේ, උල්කටුපොත, හත්ගම්පත්තුව, සිරිකෙත, හිඟුරක්ගොඩ යන වසම්වල එක්සත් ජාතික පාක්ෂිකයින් රැසක් ද මෙහිදී ජනාධිපතිතුමාට සහය පළ කරමින් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය හා එක්වූහ.

ප‍්‍රදේශයේ මහා සංඝරත්නය සහ අන්‍යාගමික පුජකවරුන් ද මහජන නියෝජිතයින් සහ විශාල ජනතාවක් මෙම ජනහමුවට එක්ව සිටියහ.

IMAGE

බාර් තහනමට එරෙහිව උසාවි ගිය සමනලී කියන කතාව

IMAGE 2018 Jan 22 13:49
කාන්තාවන්ට මත්පැන් මිලට ගැනීම සහ අලෙවි කිරීම සඳහා වාරණයක් මෙරට නීතියේ පවතින බව බොහෝ අය...
Views - 1394

දෙහිඅත්තකණ්ඩියේ ජන්ද බලය මන්දො කරන හේනානිගල කැකුළි

IMAGE 2018 Jan 22 12:40
ලබන දහ වැනිදා පැවැත්වෙන පළාත් පාලන ඡන්දයේදී දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාව මෙරට මැතිවරණ...
Views - 879

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ විස්මිත පොත් දොරට වැඩුමක්!

IMAGE 2018 Jan 22 10:33
පොත් දොරට වැඩීමේ උත්සව අප බොහෝ දෙනෙකුට හොඳින් ‍හුරුපුරුදුය. ප්‍රසිද්ධ දේශනාගාර සහ ශාලාවල,...
Views - 665

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 3144

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙයි

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 2736

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 3038

Please publish modules in offcanvas position.

X

Right Click

No right click