Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

විහාරස්ථානයේදි ඡන්ද ගණන් කරන්න එපා

ඉදිරිපළාත් පාලන ඡන්දයේදී ඡන්ද ගණන් කිරීමද අදාළ ඡන්ද මධ්‍යස්ථානයේදීම සිදුකරන බැවින් එය වසර 13 ක් තිස්සේ නොකඩවා පවත්වා ගෙන අප විහාරස්ථානයේ ආගමික වත් පිළිවෙත්වලට බාධාවක් විය හැකි බැවින් ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නැයි පල්‍ලේගෙදර ශ්‍රී සුමන විහාරාධිපති ශාස්ත්‍රපති ඉහලවත්තේ ගුණවංශ නායක හිමියන් රත්නපුර සහකාර මැතිවරණ කොමසාරිස්වරයා වෙත පෙරේදා (10) ලිඛිත පැමිණිල්ලක් කර ඇත.
උන්වහන්සේ මෙහිදී පවසා සිටියේ මා පාන්දර 4ට අවදි වී රාත්‍රී 10 වන තෙක් අසල්වාසී පින්වතුන්ගේද සහභාගිත්වයෙන් කාලසටනකට අනුව පිරිත් දේශනා බෝධි පූජා දේව පූජා ආදී ආගමික වැඩසටහන් රාශියක් නොකඩවා චාරිත්‍රයක් ලෙස සිදුකරමින් එන බවයි. මෙයට පෙර මෙම ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථාන ලෙස භාවිත කළ පාස‍ලේ ඇති අඩුපාඩු නිසා අප විහාරස්ථානය ඒ සඳහා ලබා දෙන්නැයි කළ ඉල්ලීමට අනුව ශ්‍රී සුමන විහාරස්ථානය ලබා දුන්නා. මේ වන විට මෙහි  මැතිවරණ පහකදී ඡන්ද මධ්‍යස්ථානය ලෙස භාවිත කරනවා. ඡන්ද මධ්‍යස්ථානය භාරව එන නිලධාරීන්ද ආරක්ෂාවට  එන ‍පොලිස් නිලධාරීන්ද මෙම විහාරස්ථානයට විශාල කැමැත්තක් දක්වන්නේ අප ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සලසන ලෙසයි. එළඹෙන මැතිවරණයේදීද ඡන්ද මධ්‍යස්ථානය ලෙස මෙම විහාරස්ථානය ලබා දීමේ අකමැත්තක් නෑ. ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් ද ලබා දිය හැකියි. නමුත් ඒ සියල්ල සිදුවිය යුත්තේ මෙම විහාරස්ථානයේ වත් පිළිවෙත්වලට අනුකූලවයි. පැමිණෙන සියලු නිලධාරීන් මෙහිදී ගතයුත්තේ නිර්මාංශ ආහාර වන අතර මත්පැන් භාවිතයද සම්පූර්ණයෙන් තහනම්. එය මා ‍පොලිස් ස්ථානාධිපතිතුමාටද දැන්වූවා. නමුත් ඡන්දය ගණන් කිරීම වෙනත් ස්ථානයකදී සිදුකරන මෙන් සහකාර මැතිවරණ කොමසාරිස්තුමාගෙන් ලිඛිතව ඉල්ලා සිටියා. 

සුනිල් පියතිලක - රත්නපුර

IMAGE

බාර් තහනමට එරෙහිව උසාවි ගිය සමනලී කියන කතාව

IMAGE 2018 Jan 22 13:49
කාන්තාවන්ට මත්පැන් මිලට ගැනීම සහ අලෙවි කිරීම සඳහා වාරණයක් මෙරට නීතියේ පවතින බව බොහෝ අය...
Views - 1393

දෙහිඅත්තකණ්ඩියේ ජන්ද බලය මන්දො කරන හේනානිගල කැකුළි

IMAGE 2018 Jan 22 12:40
ලබන දහ වැනිදා පැවැත්වෙන පළාත් පාලන ඡන්දයේදී දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාව මෙරට මැතිවරණ...
Views - 879

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ විස්මිත පොත් දොරට වැඩුමක්!

IMAGE 2018 Jan 22 10:33
පොත් දොරට වැඩීමේ උත්සව අප බොහෝ දෙනෙකුට හොඳින් ‍හුරුපුරුදුය. ප්‍රසිද්ධ දේශනාගාර සහ ශාලාවල,...
Views - 665

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 3144

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙයි

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 2735

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 3038

Please publish modules in offcanvas position.

X

Right Click

No right click