Coss Ear2
lakbima.lk
COSS Ear 1

දුම්රියේ ගැටුණු මොටෝ රිය ත්‍රිරෝද රථයක ගැටී අයෙක් මරුට

අද (13) පෙරවරු 07.30 ට පමණ කඳාන පොලිස් වසමේ හුනුපෝරණුව දුම්රිය හරස් මාර්ගයේ දී මෝටර් රථයක් දුම්රියේ ගැටී අනතුරුව එම මෝටර් රථය අසල තිබූ ත්‍රිරෝද රථයක ගැටීමෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රාගම රෝහලට ඇතුල් කර ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ එම මෝටර් රථයේ ගමන් ගත් කදිරානේ මාක් ඇන්තනි සුමිත් නමැත්තෙකි. රිය පැදවූ බව කියන ආණමඩුවේ චමින්ද ප්‍රේමතිලක සහ ත්‍රිරෝද රථය පැදවූ බව කියන රාගම ආනියා කන්දේ කසුන් නාමල් යන අය මෙසේ තුවාල ලබා ඇත.

මෙම සිද්ධිය දුටුවන් පවසනුයේ පුත්තලමේ සිට ගල්කිස්ස බලා ධාවනය වන කාර්යාල දුම්රිය පැමිණෙන අවස්ථාවේ එම ගේට්ටුවෙහි රතුපැහැති අනතුරු සංඥා එළි දැල්වෙමින් සහ අනතුරු සංඥා සීනු හැඬවෙමින් තිබූ බවය. ඒ අවස්ථාවේ දී දුම්රිය පාර හා සමාන්තරව වැටුණු මාර්ගය ඔස්සේ පැමිණි මෝටර් රථය දුම්රිය එම හරස් ගේට්ටුවට ළංවත්ම අනතුරු සංඥා නොතකා දුම්රිය පාර හරහා ධාවනය කිරීමෙන් මෙම අනතුර සිදුවූ බව පවසන ප්‍රදේශවාසීහු ඒ මොහොතේ එම මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් ද ඒ හේතුවෙන් අනතුරට පත් වූ බව කියා සිටිති.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඳාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.





ප්‍රසංග පෙරේරා - ජා ඇල{jcomments on}

 

 

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 1390

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 770

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 4289

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2458

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 4496

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 5676

Please publish modules in offcanvas position.