Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube

lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්   

පෙට් යන්ත්‍රය තවම නෑ ; මුදල් එකතු කිරීමට හේතු වූ දරුවාත් මිය යයි

පෙට් ස්කෑන් යන්ත්‍රය මිලදී ගැනීම සඳහා මුදල් එකතු කර මාස 16ක් ගත වුවද මේ වන තෙක් එය මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු නොකිරීම බලවත් අසාධාරණයක් බව එය මිලදී ගැනීමට මුදල් එකතු කිරීමට මූලික වූ එම්. මොහොමඩ් මහතා සඳහන් කරයි. 
ඔහු මේ බව සඳහන් කළේ දරුණු පිළිකා රෝගයකින් පෙළුණු ඔහුගේ පුතුගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වූ මාධ්‍යවේදීන් පිරිසක් සමග කළ සාකච්ඡාවකදීය. 
මොහොමඩ් මහතාගේ පුතු එම්. උමෙයිඩ් මහතා පෙරේදා (11) රාත්‍රියේදී කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය. 
දරුණු පිළිකා රෝගයකින් පෙළුණු තම පුතු මිය යෑමට පෙර පෙට් ස්කෑන් යන්ත්‍රය මහරගම අපේක්ෂා රෝහ‍ලේ ස්ථාපිත කිරීම දැකීම එකම බලා‍පොරොත්තුව වුවද එය ඉටුකර ගැනීමට නොහැකි වීම බලවත් කනගාටුවක් බව මොහොමඩ් මහතා සඳහන් කරයි. 
තම පුතුට වැළඳුණ දරුණු පිළිකා රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා වසර හතරක් පුරා පෙට් ස්කෑන් පරීක්ෂණ  දහයක් සිදු කළ අතර ඒ සියලුම පරීක්ෂණ පෞද්ගලික අංශයෙන් කළ බවත් එක් පරීක්ෂණයක් සඳහා ලක්ෂ එකහමාරක මුදලක් වැය වූ බවත් මොහොමඩ් මහතා සඳහන් කරයි.
දුප්පත් පිළිකා රෝගීන්ට මෙතරම්  මුදලක් වැය කිරීමට නොහැකි බැවින් අපේක්ෂා රෝහලට “ පෙට් ස්කෑන්” යන්ත්‍රයක් මිල දී ගැනීම සඳහා කටයුතු කරන්නැයි තම පුතු රෝගී වී සිටිය දී තමාට කළ යෝජනාවකට අනුව මෙම අරමුදල ආරම්භ  කළ බව මොහොමඩ් මහතා පැවැසීය. 
“පෙට් ස්කෑන්” යන්ත්‍රය මිලදී ගැනීම සඳහා මොහොමඩ් මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කළ කදීජා පදනම අරමුදල් ආරම්භ කළ අතර ඒ සඳහා මාධ්‍ය මගින් කළ ප්‍රචාරයට අනුව මාස තුනක් තුළ ලංකා බැංකු ගිණුමට කෝටි 25කට අධික මුදලක් රැස් කර ගැනීමට හැකි වූ බවද හෙතෙම පවසා සිටියි. 
පෙට් ස්කෑන් යන්ත්‍රය මිලදී ගැනීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් අප සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාගෙන් විමසීමට උත්සහ කළ ද  එය ව්‍යර්ථ විය.
 
ශ්‍රියානි විජේසිංහ 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

අද කාලේ කඨින පිංකම් අස්සේ 'බෝතල් පාටි'ත් දානවා

IMAGE 2017 Sep 22 15:40
කඨින චීවර මාසයක් ළඟ ළඟම එයි. බෞද්ධයන්ට සිදුකළ හැකි අට මහ කුසල් අතරින් මුල්ම කුසලය වන කඨින චීවර...
Views - 660

16 වියැති සිසුවිය බස් නැවතුමේ දී හෘදයාබාධයකින් මියයයි

IMAGE 2017 Sep 22 11:12
තම දූ පුතුන් පාසල් ගොස් යළි නිවසට පැමිණෙන තුරු දෙමාපියන් සිටිනුයේ දැඩි විමසිල්ලකින් බව...
Views - 2522

සුමති සම්මාන හිමිකරගත් කලා ලොවේ දිදුළන තරු

IMAGE 2017 Sep 21 12:27
ජාතියේ මහා කලා මංගල්‍යය හෙවත් සුමති සම්මාන උළෙල 20 දා  ප.ව. 6.30ට කොළඹ නෙළුම් ‍පොකුණ රඟහ‍ලේදී 22...
Views - 3297

'සවුදං ජෙමා' ගේ ඇත්තම තොරතුරු මෙන්න

IMAGE 2017 Sep 21 11:42
පසුගිය දා අන්තර්ජාලයේ අගනුවර ආපන ශාලාවක ඇති 'බුෆේ' එකක් පිළිබඳ දැන්වීමක් පළ විය. ඒ 'බුෆේ'...
Views - 2428

කුස තුළ දරුවන් නොමරා අපට බාර දෙන්න

IMAGE 2017 Sep 21 09:43
“අපි මේ ලෝකේ වැඩියෙන්ම ආදරය කරන්නේ අම්මටයි. අපට අසනීපයක් හැදුණාම, වේදනාවක් දැනුණාම, අපි...
Views - 1329

හෙළ කලා අඹරේ රජ ඔටුණු පැළඳේ

IMAGE 2017 Sep 21 00:50
පුංචි තිරයේ අසිරිමත් මහා කලා මංගල්‍යය හෙවත් සුමති සම්මාන උළෙල (20) කොළඹ, නෙළුම් ‍පොකුණ...
Views - 5714

Please publish modules in offcanvas position.