lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්   

සමෘද්ධි කපන්නේ නෑ - ජනපති

President Maithripala Sirisena4

සමෘද්ධි සහානාධාරය කිසි සේත්ම කප්පාදු නොකරන බව ජනාධිපතිවරයා අවධාරණය කරයි. සුදුසුකම් සපුරා ඇති සියළුම සමෘද්ධි ලාභීන්ට කිසිම අඩුකිරීමකින් තොරව සමෘද්ධි සහානාධාරය ලබාදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ අද ඇඹිලිපිටියේ පැවැති ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයකදීය.

 

රජය සමෘද්ධි ප‍්‍රතිලාභය කපාදැමීමට සූදානම් වන බවට විවිධ දේශපාලන උසිගැන්වීම් සිදු කෙරෙන අතර එහි කිසිදු සත්‍යතාවයක් නොමැති බව පැවසූ ජනාධිපතිවරයා වත්මන් රජය සෑමවිටම ප‍්‍රතිපත්තිමය තීන්දු තීරණවලට එැළැඹෙන්නේ පොදු ජනතාවගේ යහපත උදෙසා බවද කියා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ රටේ ගොවි ජනතාවට ඔවුන්ගේ ආර්ථිකය සවිමත් කර ගැනීමට මෙන්ම ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා කෘෂිකර්මාන්තය තුළ නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට රජය අපේක්ෂා කරන බවයි.

දේශීය එළවළු සහ පළතුරු සඳහා විදේශීය වෙළෙඳපොළ අවස්ථා වැඩිදියුණු කරමින් ඒ තුළින් ජාතික ආර්ථිකය මෙන්ම ගොවි ආර්ථිකය ශක්තිමත් කර ගැනීමේ හැකියාව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙරට කෘෂිකර්මාන්තය නව්‍යකරණයට ලක් කරමින් තරුණ පරපුර ඊට ආකර්ශණය කිරීමේ වැඩපිළිවෙළක් ද කි‍්‍රයාවට නැංවීමට රජය සැළසුම් කර තිබෙන බව කියා සිටියේය.

ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කිරීම පිළිබඳවද අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ එම කටයුතු ප‍්‍රමාදයකින් තොරව ඉටුකරදීම රාජ්‍ය නිලධාරින්ගේ වගකීම වන අතර එහිදී කිසිදු විටක දේශපාලන හා පක්ෂ බේදයක් සැළකිල්ලට නොගත යුතු බවයි.

ඉතිහාසයේ ලොව පුරා මහා අරගල සිදුවූයේ ඉඩම් අයිතිය මුල් කර ගනිමින් බව සිහිපත් කළ ජනාධිපතිවරයා සෑම ශී‍්‍ර ලාංකිකයෙකුටම තමන්ට කියා ඉඩමක හිමිකම හා නිවසක උරුමය හිමිකරදීමේ වගකීම ඉටුකිරීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බවද කියා සිටියේය.

මහවැලි ජනපදිකයින් වෙත ඉඩම් ඔප්පු ලක්ෂයක් බෙදාදීමේ ජාතික වැඩසටහන යටතේ වලව කලාපයේ ගොවි ජනතාවට ඉඩම් හිමිකම්පත‍්‍ර පන්දහසක් ලබාදීම මෙහිදී සිදු කෙරුණු අතර එය සංකේතවත් කරමින් ගොවීන්ට ඉඩම් හිමිකම් පත‍්‍ර ප‍්‍රදානය ජනාධිපතිවරයා අතින් සිදු විය.

අමාත්‍යවරුන්වන මහින්ද අමරවීර, තලතා අතුකෝරාල, නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, කරුණාරත්න පරණවිතාන යන මහත්වරුන් ඇතුළු පළාතේ දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය නිළධාරීහූ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

කලා ලොවේ ‘මිස්ටර් හොඳ හිත’ හදිසි අනතුරකින් රෝහලේ

IMAGE 2017 Aug 17 11:20
අපේ කලා කරුවන් අතර විවිධ කරුණු සම්බන්ධයෙන් විශේෂත්වයක් දක්වන කලා කරුවෝ සිටිති. ඒ අතරින් සිනමා...
Views - 716

දේවභක්තියක් නැතත් යකඩ කොකු වලින් එල්ලෙන්න පුළුවන්!

IMAGE 2017 Aug 16 16:24
ශරීරයේ විවිධ ස්ථාන වලට ගසන ලද යකඩ කොකු වලින් එල්ලී කිසිදු වේදනාවකින් තොරව ඇතැම්විට සතුටින්...
Views - 833

හම්බන්තොට වරායේ තාත්තාත් මං බාප්පාත් මං

IMAGE 2017 Aug 16 11:43
කීර්තිමත් දේශීය ව්‍යාපාරිකයකු වන ආරියශීල වික්‍රමනායක සමුද්‍රිය කටයුතු පිළිබඳ...
Views - 3941

සිඳූ නිසා මලීට අසාධාරණයක් වුණේ නැහැ

IMAGE 2017 Aug 16 07:52
මලී ටෙලි නාට්‍යයේ මලී ලෙසින් අසීමිත ජනතා ආකර්ශණයට පත් සමාධි ආරුණචායා මලී - 3, සිඳු ටෙලි...
Views - 2352

මත්පැන් ‘තිත්ත කරන’ පෙත්ත අතුරුදන්?

IMAGE 2017 Aug 15 17:23
මත්පැන් පානයට ඇබ්බැහිවූවන් ඉන් මුදවාලීම පිණිස නිෂ්පාදනය කොට ඇති ඖෂධ වර්ගයක් මේ දිනවල...
Views - 1579

කාලගුණ විද්‍යාඥයන් සුනාමි ගැන දන්නෙ කොහොමද? (Voice cut)

IMAGE 2017 Aug 15 13:00
සුනාමි ඇතිවීම, එහි බලපෑම, දුර ප්‍රමාණය ආදිය පිළිබඳව සමීක්ෂණ‍ සිදුකොට ඇත්තේ සාගර...
Views - 833

Please publish modules in offcanvas position.